ඔන්න අද නම් අරගෙන ආවේ ලස්සනම ලස්සන ආදර කතාවක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර විසින් උඩින්ම ඔසවා තැබූ චිත්‍රපටයක්. වරක් නැරඹූ ප්‍රේක්ෂකයන් නැවත නැවත ගෙන්වා ගැනීමේ හැකියාව ඇති චිත්‍රපට අතරින් මුල් තැනක් හිමි කරගන්නට හැකියාව ලද චිත්‍රපටයක්. (තෙලංගානා ප්‍රාන්තයේ වැඩි පිරිසක් මේ චිත්‍රපටය 10 වතාවකට වඩා නරඹා ඇති බ…

ඔන්න අද නම් අරගෙන ආවේ ලස්සනම ලස්සන ආදර කතාවක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර විසින් උඩින්ම ඔසවා තැබූ චිත්‍රපටයක්. වරක් නැරඹූ ප්‍රේක්ෂකයන් නැවත නැවත ගෙන්වා ගැනීමේ හැකියාව ඇති චිත්‍රපට අතරින් මුල් තැනක් හිමි කරගන්නට හැකියාව ලද චිත්‍රපටයක්. (තෙලංගානා ප්‍රාන්තයේ වැඩි පිරිසක් මේ චිත්‍රපටය 10 වතාවකට වඩා නරඹා ඇති බවටයි වාර්තා වෙන්නේ) ඒ වගේම අඩු වියදමින් කළ චිත්‍රපට අතරින් “බාහුබලී” ලෙසත් මෙම චිත්‍රපටය හඳුන්වනවා. IMDb දර්ශකයේ දැනට 7.9 ක අගයක් ලැබී තිබෙනවා. මුල ඉඳන් අවසන් වෙනකල් කිසිම කම්මැළි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. තෙළිඟු රසිකයෙක් නම් අනිවාර්යයෙන් බැලිය යුතු චිත්‍රපටයක්.
ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Varun Tej (වරුන් ලෙස) සහ Sai Pallavi (භානුමතී ලෙස). මලයාලම් චිත්‍රපටි බලන අය දන්නවා සායි පල්ලවී කියන්නේ කවුද කියලා. අපූරු රංගන හැකියාවක් ඇති මේ සුරූපී නිළියගේ තෙළිගු සිනමා දිවියේ ආගමනය වෙන්නෙත් මෙම චිත්‍රපටයෙන්. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Shekhar Kammula. Dil Raju සහ Shirish නිෂ්පාදනයක්. මේ චිත්‍රපටය මෙතරම් ජනප්‍රිය වෙන්න සංගීතයත් බොහෝ සෙයින් බලපා තිබෙනවා. ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙන නිසා ඒවත් මගෑරගන්න එපා.
කතාව දෙසට හැරුණොත්, වරුන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ. එයාගේ අයියා (රාජු) සහ මල්ලි(බුජ්ජි) එක්ක. භානුමතී නැත්නම් භානු ජීවත් වෙන්නේ ඉන්දියාවේ ලස්සන ගම්මානයක. පොඩි කාලෙදිම අම්මා නැති වුන නිසා තාත්තගේ උණුහුමේ හැදී වැඩුනු මෙයාගේ ලඟින්ම හිටියේ එයාගේ අක්කා රේණුකා. වරුන් එයාගේ අයියට මනමාළියක් හොයන අතරේ දැනගන්න ලැබෙනවා රේණුකා ගැන. අයියා ඉස්සෙල්ලා ගිහිල්ලා පස්සේ වරුන්ටත් කතා කරනවා රේණුකා ගැන අදහසක් ගන්න. ඒ එනකොට මෙයාව එක්කන් එන්න යන්නේ දඟකාර භානුමතී. එක්කන් යන අතරේ වරුන් කියන කතා භානුට එච්චර අල්ලන්නේ නෑ. එතනදී වරුන් ගැන පොඩි තරහක් ඇති කර ගන්නවා. ඊට පස්සේ වරුන්ට හරි හරි ඇබැද්දි වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ දඟකාර කෙල්ලගේ වැඩ නිසා. ඔය විදිහට මේ දෙන්නාගේ කතාව ලස්සනට ගලාගෙන යනවා.
ආදර කතාවක් කිසිම බාධාවක් නැතුව කවදාවත් අවසන් වෙන්නේ නෑ නේද? එහෙනම් මේ ආදරයට ඇතිවන බාධාව මොකක්ද? මේ දෙන්නාට එක් වෙන්න හැකියාව ලැබෙයිද? ඒවා ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ. අවසාන වශයෙන් මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න හසා අයියටත් ගොඩක් ස්තූතියි කියන්න ඕන.
පසු සටහන
මේ චිත්‍රපටයට ඇවිල්ලා තිබ්බ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව එතරම් සාර්ථක එකක් නෙවෙයි. ගොඩක් අඩුපාඩු තිබ්බ එකක්. ඒ වුනාට චිත්‍රපටියට තිබ්බ ආසාව නිසාම ඒ උපසිරැසි ගොනුවෙන් වැඩේ පටන්ගත්තා. සමහර තැන් අසා ලිවීමත් කරන්න වුන නිසා චිත්‍රපටය ගේන්න නම් ටිකක් කල් ගියා. සින්දු ටිකේ නම් ඉංග්‍රීසි පරිවර්ථනයක් අන්තර්ජාලයෙන් හොයාගෙන පරිවර්ථනය කරා. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. හොඳ උපසිරැසියක් ආවම අප්ඩේට් එකක් දාන්නම්.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
32,946 downloadsDownload Fidaa-2017.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
62 comments
කසුන් නුවන්ත
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
තරිඳු රසාංග
බොහොම ස්තුතියි මචං සබ් එකට,ෆිලුම බාගෙන ගොඩක් කල් බලාගෙන හිටියේ අපෙන් සබ් එකක් එනකල්.ඉඩක් ලැබුණු ගමන් බලන්න ඕනේ.උඹ කරන දේ ගැන වටිනාකමක් තියෙන බහුතරයක් එවුන් ගැන හිතලා දිගටම සබ් දෙමු,ජය!
මධුක
ෆිල්ම් එක බාගන්න link එකක් දෙන්නකෝ
Palitha de Silva
1337x
Palitha de Silva
බොහොම ස්තූතියි ..
Chami.S
Thanks..
Good Luck..කසුන්
කතා දෙකක් නෑ..මේ අවුරුද්දේ ආපු සුපිරිම lovestorya... එකපාරක්
බැලුවොත් ආයි බලනවා.... sure.. thankz mchnKulanjana Maduranga
niayamai…denakam unne...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඩොක් අයියා
ජය වේවා මල්ලියෝ
SPD
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
සුපිරි තෙලුගු ෆිලුමක් තියේ Arjun Reddy(2017) කියල.
පුලුවන්නම් සිංහල උපසිරසියක් කරලා දාන්න.
ඒකට සබක් නැති එක නම් බයිස්කෝප් සයිට් එකේ තෙලුගු කැටගරියට ලොකු අඩුවක් ශිරාවටම.
අහවල් සයිට් එකේ උන්ට කලින් කරලා දාන්න.
නැත්තම් එකටත් අනං මනං කතා කියයි.
ජයෙන් ජයම වේවා...!!!දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශසිත් සහෝ.
ජයෙන් ජය.සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Anupa
Sub ekata tnx bro..pattama....aye dekak ne..bn.
Anupa
Ay oyala telugu moves valata aduven sub karannw bn.
Gimmantha
aduwen sub karanawa neveyi,munge telegu danna un na,mokada english sub enne nane telegu wala.
mun me parakku wela denne wena sites wala timeline ussala munge wage daanawa.
amu horu inne meeke.
wisheshayen meeeke sub daapu ekaa.Samitha
pala keriya yanna keri ktha kiyannethuwa wena site walin ussala danawa nm tho hukannethuwa ewagenma ganin methanata awe puk gahannada deyak karama age karapan mahansi wela sub eka dunnama aragena film ekath balala keri kama pennanana epa methana
shasith sandaruwan
මේ සියල්ලට පිළිතුරු ලබන අවුරුද්දේදි ලැබේවි. එතකන් ඉවසලා ඉන්න.
Anuradha Deshan
machan [gimantha] sub eka dunnane kohoma hari .. uba sub ekath aran film ekath balala mahansiyen sub eka hadala dunna kenata boruwata bainna epa bn.. ubata ewaye ada penawanam uba sub ekak hadaganin .
Sanjaya
ptta,,,..... Thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ashan
Thanks mchn
gayan
niyamai bro jayawewa...
udayana
sub eka download karanna be. not found kiyala enawa
Tharaka Lahiru
tnq
Kalum
Thank you bro
safan
නියමයි thanxx broo
Jayasanka
Lassana movie ekak
ahinsapiyumali
Sub ekata thanks sahoo... film 1 patta.. balapu film walin pattama lassana film 1k..
Anuradha Deshan
machan [gimantha] sub eka dunnane kohoma hari .. uba sub ekath aran film ekath balala mahansiyen sub eka hadala dunna kenata boruwata bainna epa bn.. ubata ewaye ada penawanam uba sub ekak hadaganin .
Madushanka
thank you sahoo.....
malith
Ela ela
Sgysgamage
Tnxxxxxx
TharakaWAS
Thanks...
S Herath
Behevinma Sthuthiy..
chiro
supiri wadak sahooo thnx sub ekata
amchaminda1996
super movie
avishka360
sub ekta thanks
Darshana Ruwan
Fatta
gayanmagee
thanks
Daham_imansha
Thanks bro
nadeesh Dilshan
Thank you
Mahesh..test
SUb ekata thanks bro, digatama wade karan yanna sakthiya labewa b.s
ssandaruwam
Thanks bro
Ashan wijekoon
Thanks a lot!!!
:)dileep_udara
Thanks bro
Shehan@97
පට්ට ෆිල්ම් එක මචං...
chathurya pabodaka de silva
අනිවා
Shehan@97
Nuvvostanante nenoddantana (2005) තෙලිගු ෆිල්ම් එකටත් සබ් එක හදලා දියන්කෝ බොක්ක..
Isurubale
KKikore toke bolbo movie ekata sinhala subtitles danna. Bengali movies vala sub dannadda
Xxxxx
Thanks brother
නිමල් දිසානායක
ශසිත්
සුන්දර ෆිල්ම් එකක්.
මනහර සබ්ස්!
ස්තුතියි!!SangeethRox
Thank you
muditha gayan
Thankzzzzzzzz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!