MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයපවුලේ සැමටබලන්නශසිත් සඳරුවන් (සඳේ)සංගීතමයසිංහල උපසිරැසි

Fidaa (2017) Sinhala Subtitles | සැඟවුනු ආදරයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 151 votes.
Please wait...

ඔන්න අද නම් අරගෙන ආවේ ලස්සනම ලස්සන ආදර කතාවක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර විසින් උඩින්ම ඔසවා තැබූ චිත්‍රපටයක්. වරක් නැරඹූ ප්‍රේක්ෂකයන් නැවත නැවත ගෙන්වා ගැනීමේ හැකියාව ඇති චිත්‍රපට අතරින් මුල් තැනක් හිමි කරගන්නට හැකියාව ලද චිත්‍රපටයක්. (තෙලංගානා ප්‍රාන්තයේ වැඩි පිරිසක් මේ චිත්‍රපටය 10 වතාවකට වඩා නරඹා ඇති බවටයි වාර්තා වෙන්නේ) ඒ වගේම අඩු වියදමින් කළ චිත්‍රපට අතරින් “බාහුබලී” ලෙසත් මෙම චිත්‍රපටය හඳුන්වනවා. IMDb දර්ශකයේ දැනට 7.9 ක අගයක් ලැබී තිබෙනවා. මුල ඉඳන් අවසන් වෙනකල් කිසිම කම්මැළි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. තෙළිඟු රසිකයෙක් නම් අනිවාර්යයෙන් බැලිය යුතු චිත්‍රපටයක්.

ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Varun Tej (වරුන් ලෙස) සහ Sai Pallavi (භානුමතී ලෙස). මලයාලම් චිත්‍රපටි බලන අය දන්නවා සායි පල්ලවී කියන්නේ කවුද කියලා. අපූරු රංගන හැකියාවක් ඇති මේ සුරූපී නිළියගේ තෙළිගු සිනමා දිවියේ ආගමනය වෙන්නෙත් මෙම චිත්‍රපටයෙන්. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Shekhar Kammula. Dil Raju සහ Shirish නිෂ්පාදනයක්. මේ චිත්‍රපටය මෙතරම් ජනප්‍රිය වෙන්න සංගීතයත් බොහෝ සෙයින් බලපා තිබෙනවා. ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙන නිසා ඒවත් මගෑරගන්න එපා.

කතාව දෙසට හැරුණොත්, වරුන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ. එයාගේ අයියා (රාජු) සහ මල්ලි(බුජ්ජි) එක්ක. භානුමතී නැත්නම් භානු ජීවත් වෙන්නේ ඉන්දියාවේ ලස්සන ගම්මානයක. පොඩි කාලෙදිම අම්මා නැති වුන නිසා තාත්තගේ උණුහුමේ හැදී වැඩුනු මෙයාගේ ලඟින්ම හිටියේ එයාගේ අක්කා රේණුකා. වරුන් එයාගේ අයියට මනමාළියක් හොයන අතරේ දැනගන්න ලැබෙනවා රේණුකා ගැන. අයියා ඉස්සෙල්ලා ගිහිල්ලා පස්සේ වරුන්ටත් කතා කරනවා රේණුකා ගැන අදහසක් ගන්න. ඒ එනකොට මෙයාව එක්කන් එන්න යන්නේ දඟකාර භානුමතී. එක්කන් යන අතරේ වරුන් කියන කතා භානුට එච්චර අල්ලන්නේ නෑ. එතනදී වරුන් ගැන පොඩි තරහක් ඇති කර ගන්නවා. ඊට පස්සේ වරුන්ට හරි හරි ඇබැද්දි වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ දඟකාර කෙල්ලගේ වැඩ නිසා. ඔය විදිහට මේ දෙන්නාගේ කතාව ලස්සනට ගලා‍ගෙන යනවා.

ආදර කතාවක් කිසිම බාධාවක් නැතුව කවදාවත් අවසන් වෙන්නේ නෑ නේද? එහෙනම් මේ ආදරයට ඇතිවන බාධාව මොකක්ද? මේ දෙන්නාට එක් වෙන්න හැකියාව ලැබෙයිද? ඒවා ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ. අවසාන වශයෙන් මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න හසා අයියටත් ගොඩක් ස්තූතියි කියන්න ඕන.

පසු සටහන
මේ චිත්‍රපටයට ඇවිල්ලා තිබ්බ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව එතරම් සාර්ථක එකක් නෙවෙයි. ගොඩක් අඩුපාඩු තිබ්බ එකක්. ඒ වුනාට චිත්‍රපටියට තිබ්බ ආසාව නිසාම ඒ උපසිරැසි ගොනුවෙන් වැඩේ පටන්ගත්තා. සමහර තැන් අසා ලිවීමත් කරන්න වුන නිසා චිත්‍රපටය ගේන්න නම් ටිකක් කල් ගියා. සින්දු ටිකේ නම් ඉංග්‍රීසි පරිවර්ථනයක් අන්තර්ජාලයෙන් හොයාගෙන පරිවර්ථනය කරා. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. හොඳ උපසිරැසියක් ආවම අප්ඩේට් එකක් දාන්නම්.

 

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

 

Fidaa (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 31914 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

62 thoughts on “Fidaa (2017) Sinhala Subtitles | සැඟවුනු ආදරයක් [සිංහල උපසිරැසි සමඟ]

  • me zip file eke error ekk enwne extract krddi.?

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada karanawa

      Reply
  • Tv Hosting hizmeti ve ip kamera canlı yayın hizmetinde en uygun fiyat garantisi sunmaktadır.

    Reply
  • mithnil1986

    Thanks and good luck

    Reply
  • Manamantha movie eke sinhala sub dennako

    Reply
  • නිමල් දිසානායක

    ශසිත්
    සුන්දර ෆිල්ම් එකක්.
    මනහර සබ්ස්!
    ස්තුතියි!!

    Reply
  • KKikore toke bolbo movie ekata sinhala subtitles danna. Bengali movies vala sub dannadda

    Reply
  • Shehan@97

    Nuvvostanante nenoddantana (2005) තෙලිගු ෆිල්ම් එකටත් සබ් එක හදලා දියන්කෝ බොක්ක..

    Reply
  • Shehan@97

    පට්ට ෆිල්ම් එක මචං…

    Reply
    • chathurya pabodaka de silva

      අනිවා

      Reply
  • Ashan wijekoon

    Thanks a lot!!!
    🙂

    Reply
  • Mahesh..test

    SUb ekata thanks bro, digatama wade karan yanna sakthiya labewa b.s

    Reply
  • supiri wadak sahooo thnx sub ekata

    Reply
  • Madushanka

    thank you sahoo…..

    Reply
  • Anuradha Deshan

    machan [gimantha] sub eka dunnane kohoma hari .. uba sub ekath aran film ekath balala mahansiyen sub eka hadala dunna kenata boruwata bainna epa bn.. ubata ewaye ada penawanam uba sub ekak hadaganin .

    Reply
  • ahinsapiyumali

    Sub ekata thanks sahoo… film 1 patta.. balapu film walin pattama lassana film 1k..

    Reply
  • නියමයි thanxx broo

    Reply
  • sub eka download karanna be. not found kiyala enawa

    Reply
  • niyamai bro jayawewa…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ptta,,,….. Thanks saho

    Reply
  • Ay oyala telugu moves valata aduven sub karannw bn.

    Reply
    • aduwen sub karanawa neveyi,munge telegu danna un na,mokada english sub enne nane telegu wala.
      mun me parakku wela denne wena sites wala timeline ussala munge wage daanawa.
      amu horu inne meeke.
      wisheshayen meeeke sub daapu ekaa.

      Reply
      • pala keriya yanna keri ktha kiyannethuwa wena site walin ussala danawa nm tho hukannethuwa ewagenma ganin methanata awe puk gahannada deyak karama age karapan mahansi wela sub eka dunnama aragena film ekath balala keri kama pennanana epa methana

        Reply
      • මේ සියල්ලට පිළිතුරු ලබන අවුරුද්දේදි ලැබේවි. එතකන් ඉවසලා ඉන්න.

        Reply
      • Anuradha Deshan

        machan [gimantha] sub eka dunnane kohoma hari .. uba sub ekath aran film ekath balala mahansiyen sub eka hadala dunna kenata boruwata bainna epa bn.. ubata ewaye ada penawanam uba sub ekak hadaganin .

        Reply
  • Sub ekata tnx bro..pattama….aye dekak ne..bn.

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

    Reply
  • දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශසිත් සහෝ.
    ජයෙන් ජය.

    Reply

  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    සුපිරි තෙලුගු ෆිලුමක් තියේ Arjun Reddy(2017) කියල.
    පුලුවන්නම් සිංහල උපසිරසියක් කරලා දාන්න.
    ඒකට සබක් නැති එක නම් බයිස්කෝප් සයිට් එකේ තෙලුගු කැටගරියට ලොකු අඩුවක් ශිරාවටම.
    අහවල් සයිට් එකේ උන්ට කලින් කරලා දාන්න.
    නැත්තම් එකටත් අනං මනං කතා කියයි.
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • කසුන්

    කතා දෙකක් නෑ..මේ අවුරුද්දේ ආපු සුපිරිම lovestorya… එකපාරක්
    බැලුවොත් ආයි බලනවා…. sure.. thankz mchn

    Reply
  • මධුක

    ෆිල්ම් එක බාගන්න link එකක් දෙන්නකෝ

    Reply
  • බොහොම ස්තුතියි මචං සබ් එකට,ෆිලුම බාගෙන ගොඩක් කල් බලාගෙන හිටියේ අපෙන් සබ් එකක් එනකල්.ඉඩක් ලැබුණු ගමන් බලන්න ඕනේ.උඹ කරන දේ ගැන වටිනාකමක් තියෙන බහුතරයක් එවුන් ගැන හිතලා දිගටම සබ් දෙමු,ජය!

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

    Reply
  • Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *