කට්ටියට මාව මතකයිද දන්නෙත් නෑ. කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරි උනා මගේ හැම වැඩක්ම වගේ අවුල් උන නිසා. රස්සාවේ වැඩ ඉහටත් උඩින්. ඒවා ගෙදර ගෙනල්ලත් කරන්න උන නිසා උතුර දකුණත් මාරු වෙලා හිටියේ. මුලින්ම මං බයිස්කෝප් ඇඩ්මින් එකෙන් සමාව ඉල්ලනවා උපසිරැසි පරක්කු උනාට. බාර ගත්ත උපසිරැසි කෑම වලට සමාන කලොත් ඒවා…

කට්ටියට මාව මතකයිද දන්නෙත් නෑ. කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරි උනා මගේ හැම වැඩක්ම වගේ අවුල් උන නිසා. රස්සාවේ වැඩ ඉහටත් උඩින්. ඒවා ගෙදර ගෙනල්ලත් කරන්න උන නිසා උතුර දකුණත් මාරු වෙලා හිටියේ. මුලින්ම මං බයිස්කෝප් ඇඩ්මින් එකෙන් සමාව ඉල්ලනවා උපසිරැසි පරක්කු උනාට. බාර ගත්ත උපසිරැසි කෑම වලට සමාන කලොත් ඒවා පිළුන් වෙලා ගොඩක් කල්. දැන් ඉතිං එක එක උපසිරැසි එළියට දාන්න ඕන. මොනා උනත් ඇඩ්මින් එකේ අය මං ගැන තියල තියන විශ්වාසයට මං අවංකවම ගරු කරනවා. විශේෂයෙන්ම මාව තේරුම් ගන්න එකට.
හරි ඔන්න එහෙනම් මේක මගේ එකොළොස්වන උපසිරැසිය. මේක මට කරන්න කියලා යෝජනා කරපු හසන්ත අයියට මං මුලින්ම ස්තූතිවන්ත වෙනවා. මේ කතාව නම් ඉංග්‍රීසි එකක් නෙමෙයි. මේක නොර්වේ භාෂාවෙන් තමයි තියෙන්නේ. ඉංග්‍රීසි ඇරෙන්න පිට භාෂාවකින් මං මුලින්ම උපසිරැසි දෙන චිත්‍රපටයත් මේක තමයි. අවුලක් නෑනේ ඉතිං සිංහලෙන් යටින් දානවනේ. නේද?
කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේක ඇත්ත සිද්ධි පදනම් කරගෙන හදපු කතාවක්. 1204 අවුරුද්දේ දී නොර්වේ පාලනය කලේ හෝකොන් ස්වෙයාර්සන් (Benjamin Helstad) කියල රජ කෙනෙක්. මේ රජතුමාට සහය දුන්න මිනිස්සු කට්ටිය හඳුන්වන්නේ බිර්කබනර්ලා කියලයි. ස්වෙයා රජතුමා නිඩාරෝස් කියන ප්‍රදේශයේ ඉඳලා නොර්වේ රට පාලනය කරද්දී, බග්ලර්ලා කියන සතුරන් කට්ටියක් නොර්වේ අල්ලන්න ඩෙන්මාර්ක් රටේ උදව් අරං එනවා. බග්ලර්ලා නැගෙනහිර නොර්වේ අල්ල ගත්තට පස්සේ මුළු රටම අල්ලගන්න බලාගෙන සිවිල් යුද්ධයක් නොර්වේ රට ඇතුලේ නිර්මාණය කරනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට ස්වෙයා රජතුමාව වසදීලා මරණවනවා.
දැන් තමයි ගේම පටන් ගන්නේ. හිටපු රජා මැරුණම තවත් රජෙක්ව ඕනනේ. ඉතිං ඔටුන්න බලන් ඉන්න අය අතරේ රජතුමාට වස දුන්න ගිසල් (Pål Sverre Valheim Hagen) කියලා රජ පවුලට අයිති කපටි මිනිහෙකුයි, ඉංග් (Thorbjørn Harr) කියලා එයාගේ හොඳ සහෝදරයයි, ඒ වගේම ඔටුන්නේ නියම අයිතිය තියන රජ පවුලේ අන්තිම පුරුක වන හෝකොන් හෝකොන්සන් කියලා චූටි බබෙකුයි ඉන්නවා. චූටි බබා නම් මේ මුකුත් දන්නේ නෑනේ. ඉතිං ගිසල් බලන්නේ තමන්ගේ සහෝදරයාව ගොනාට අන්දලා හෝකොන් බබාව මරලා ස්වෙයා රජතුමාගෙ දුවව කසාද බැඳලා නොර්වේ වල රජා වෙන්න. මේකට අර මං කලින් කියපු බග්ලර්ලත් උදව් කරනවා.
රජ බබාව මේ කපටි මිනීමරුවන්ගෙන් බේරාගෙන හරි වයසට ආවම එයාට රජකම ගන්න උදව් කරන ස්ජවාල්ඩ් (Jakob Oftebro) සහ ටෝස්ටීන් (Kristofer Hivju) කියන වීරයෝ දෙන්නෙක් වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඇත්තටම මේ වීරයෝ දෙන්නා තමන්ගේ ජීවිත පරදුවට තියලා රජ බබාව බේරගන්න කරන දේවල් නම් හරිම පුදුමයි. කතාවේ මුල ඉඳලා අග වෙනකම්ම ක්‍රියාදාම ගතියක් පෙන්නුම් කරන නිසා ගොඩක් අය ආසාවෙන් බලාවි කියලා මං විශ්වාස කරනවා.
මේ චිත්‍රපටයේ IMDb අගය 6.1ක් වෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nils Gaup කියල කෙනෙක්. මේ අවුරුද්දේ ජූනි 16 තිරගත කරපු මේ චිත්‍රපටය විනාඩි 99ක් පුරාවට දිවයනවා. තව පුංචි දෙයක්. මේ චිත්‍රපටය ඉන්ටර්නෙට් එකේ The Last King (2016) නමින්ම හොයන්න. Birkebeinerne (2016) නමින් එන චිත්‍රපට කොපි ඩවුන්ලෝඩ් කරන්න එපා. හරි එහෙනම්, තවත් චිත්‍රපටයක් අරං මං සතියකින් විතර එන්නම්. එතකන් මේක බලන්නකෝ. බලන්න සතියක් ගන්න එපා හරිද? ලොල්.
හැමෝටම ජය වේවා.!!!
Due to copyright issues, we do not provide any torrent link.
the.last.king.2016.bdrip.x264-wide
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
10,300 downloadsDownload The-Last-King-2016.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
29 comments
Sisila Prasad
Rumesh Nilantha Jayaweera.
෴෴බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීමට.෴෴
Udara Damith B/K
බොහොමත්ම ස්තුතියි.....
Lushan Kuruppu
ජය වේවා...!!!
Ravin
Thanks for the Sub
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Bobby
Thank you very much
Rakitha Ranathunga
ස්තූතියි සහෝදරයා සබ් එකට
නිෂූ
welcome back !
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
wooobox.net
සබ් එකට ස්තුතියි...:)
emn
බොහොමත්ම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavindu
thanks saho sabata. elaga eakata sathiyak ganna eapo
Sajith Anthony
බොහෝම ස්තුතියි උපසිරසියට
ජයෙන් ජයම වේවා...!!Sanath Indika
thx broo
haritha prabuddha
thankx
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...අසිත
elama saho thanks
meka denakam hitiyeරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mithun
Thank bro ....
mindika
thanks !!!!!!!!!!!
dilup
Elma
malith
Ela ela
MudithaDissanayaka
thanks brooo
masa 3kata passe ayeth awa ubalawa balala yannaLasa_Sadaru
ela
nilanka
thanks....
Advertisement

සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
ජයවේවා!!!