Watch Trailer

Fireheart (2022) Sinhala Subtitles | තම සිහිනය පසුපස හබා යන ජෝර්ජියා [සිංහල උපසිරැසි]

සුභ දවසක් හැමෝටම! මේක තමයි මගේ දෙවන උපසිරැසි ගැන්වීම.මගේ පළමු උපසිරැසි ගැන්වීම තමයි Nezha (2019) චිත්‍රපටය. ඒකෙන් සෑහෙන කාලෙකට පස්සෙ තමයි මම ආයෙත් උපසිරැසියක් අරන් එන්නෙ. හොදයි චිත්‍රපටයේ නම තමයි Fireheart. චිත්‍රපටය අධ්‍යක්ෂනය කිරීම සදහා Laurent Zeitoun සහ Theodore Ty යන අධ්‍යක්ෂකවරුත් සහභාගී තියෙ…

සුභ දවසක් හැමෝටම! මේක තමයි මගේ දෙවන උපසිරැසි ගැන්වීම.මගේ පළමු උපසිරැසි ගැන්වීම තමයි Nezha (2019) චිත්‍රපටය. ඒකෙන් සෑහෙන කාලෙකට පස්සෙ තමයි මම ආයෙත් උපසිරැසියක් අරන් එන්නෙ.

හොදයි චිත්‍රපටයේ නම තමයි Fireheart. චිත්‍රපටය අධ්‍යක්ෂනය කිරීම සදහා Laurent Zeitoun සහ Theodore Ty යන අධ්‍යක්ෂකවරුත් සහභාගී තියෙනවා.චිත්‍රපටය Imdb දර්ශකයේ 6.2 අගයක් ලබා ගැනීමටත් Rotten Tomatoes හි 50% අගයක් ලබා ගැනීමටත් සමත්වෙලා තියෙනව. Box office අතින් $5.8 Million උපයාගැනීමට හැකිවෙලා තියෙනව.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
දහසය හැවිරිදි ජෝර්ජියා නෝලන් සිහින දකින්නේ ලොව ප්‍රථම කාන්තා ගිනි නිවන භටයා වීමටයි. අද්භූත ගිනි තැබීම්කරුවෙකු බ්‍රෝඩ්වේ ගිනි තැබීමට පටන් ගත් විට, නිව් යෝර්ක්හි ගිනි නිවන භටයන් අතුරුදහන් වීමට පටන් ගනී. නිව් යෝර්ක් නගරාධිපති ජෝර්ජියාවේ පියා ෂෝන්ට විශ්‍රාම යාමෙන් ඉවත් වී අතුරුදහන් වූවන් පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීමට කැඳවයි. තම පියාට උදව් කිරීමට සහ ඇගේ නගරය බේරා ගැනීමට මංමුලා සහගතව සිටින ජෝර්ජියා “ජෝ” නම් තරුණයෙකු ලෙස වෙස්වලාගෙන ගිනි තැබීම නැවැත්වීමට උත්සාහ කරන ගිනි නිවන භටයින් කුඩා කණ්ඩායමක් සමඟ එකතු වේ.

කතාව තුලින් තම සිහින හැබෑ කරගන්න වැඩ කරන විදිය ගැන ලොකු කතාවක් කියල දෙනව. ජෝර්ජියා තම පියාට උදව් කරන්නෙ කොහොමද? ඇය තම සිහිනය හැබෑ කර ගනීද? ඔය ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නනම් ෆිලුම බලන්නම වෙනව.ඒ වගේම මේකෙන් හොද ආදර්ශයකුත් ලෝකයට ලබා දෙනව.

එහෙනම් කතාව බලලම ඉන්නකෝ….කතාව බලල Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.

ජය වේවා…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,382 downloadsDownload Fireheart.2022-1.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-02-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුස්

Subtitles

2,382 downloadsDownload Subtitles55 KB

9 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි චතුස් ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. Chathus

      Thank you

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    සෑහෙන කාලෙකින් සබ් එකක් අරන් ඇවිල්ල තියෙන්නේ.
    දිගටම ඇනිමේෂන් දෙමු. :)

    1. Chathus

    2. Chathus

  3. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Ruchira

    Thanks for the sub!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Lasitha

    Thanks for the sub