Watch Trailer

The Dive (2023) Sinhala Subtitles | පාලු සයුරු පතුළක සිරවී ! [සිංහල උපසිරසි]

මාස ගානකට පස්සෙ ආයෙත් සබ් එකක් උස්සන් ආවා.. මම කලින් සබ් කරපු Fall (2022) ගොඩක් අය බලන්න ඇති කියලා හිතනවා. බලපු අයට නම් මතක ඇති ඒකේ යාලුවෝ දෙන්නෙක් පාලු පළාතක අඩි 2,000 ක් උස කුළුනක් නඟින්න ගිහින් ඒ කුළුන මුදුනේ කොටු වෙනවා.. (Fall ෆිල්ම් එකේ දෙවෙනි කොටසක් එනවා කියලත් ආරංචියක් තියෙනවා)… ඉතින් අද ගෙන…

මාස ගානකට පස්සෙ ආයෙත් සබ් එකක් උස්සන් ආවා.. මම කලින් සබ් කරපු Fall (2022) ගොඩක් අය බලන්න ඇති කියලා හිතනවා. බලපු අයට නම් මතක ඇති ඒකේ යාලුවෝ දෙන්නෙක් පාලු පළාතක අඩි 2,000 ක් උස කුළුනක් නඟින්න ගිහින් ඒ කුළුන මුදුනේ කොටු වෙනවා.. (Fall ෆිල්ම් එකේ දෙවෙනි කොටසක් එනවා කියලත් ආරංචියක් තියෙනවා)… ඉතින් අද ගෙනාපු මේ The Dive (2023) එ‌කේ වෙන්නෙ ඒකේ අනිත් පැත්ත. ඒ නිසාමදෝ මන්දා මේකෙ ට්‍රේලර් එක දැක්ක ගමන් මට හිත ගියා ෆිල්ම් එකට..

ඩෲ සහ මේයි කියන සහෝදරියෝ දෙන්නා යනවා පාලු පළාතක තියෙන මුහුදු වෙරළක කිමිදෙන්න. නවීනතම කිමිදුම් උපකරණත් අරගෙනයි මෙයාලා යන්නේ.. ඉතින් මෙයාලා කිමිදෙමින් ඉන්න අතරතුරේ වෙරළට උඩින් තියෙන ගල් කන්දක් කඩා වැටිලා මේයිගෙ කකුල උඩට වැටෙන ලොකු ගලක් හින්දා මීටර් 28ක් විතර ගැඹුරින් මේයිව හිරවෙනවා. ඉතින් මේ වෙච්ච අනතුරින් ජීවිත බේරගන්න මේ දෙන්නා ගහන ගේම් එක ගැන තමයි මිනිත්තු 90 ක් පුරාවට ෆිල්ම් එකේ තියෙන්නේ.. හුස්ම ගන්න වාතය පවා ටැංකි වලින් සපය ගන්න වෙන මුහුද යට හිර වුනාම තියෙන භයානකකම, ජීවිත අවදානම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. Survival/Thriller ෆිල්ම්ස් බලන්න කැමති මං වගේ අයට නම් මේක අනිවා බලන්න කියලා මං රෙකමන්ඩ් කරනවා. Fall (2022) ඒකේ වගේම මේකෙත් අන්තිමේදි දුක්ඛාන්තයක් වෙයිද සුඛාන්තයක් වෙයිද කියලා ඔයාලම බලන්න එහෙනම්. කතාව ගැන මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ මොකද තව කියන්න ගියොත් මුළු කතාවම කියන්න වෙනවනේ.

ජර්මන් ෆිල්ම් එකක් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුනේ මේ මාසෙ 21 වෙනිදා ජර්මනියෙදි.. හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනේ මේ මාසෙ 25 වෙනිදා..මේ වෙද්දි IMDB අගය 5.6 ක් සහ Rotten Tomatoes අගය 70%ක් ලැබිලා තියෙනවා.. ඒ වගේම මේක Breaking Surface (2020) කියන Swedish ෆිල්ම් එකේ රීමේක් එකක්. අධ්‍යක්ෂණය Maximilian Erlenwein විසින් සහ Louisa Krause,Sophie Lowe කියන දෙන්නා තමයි රංගනයෙන් දායක වෙන්නේ..

කිමිදීම සම්බන්ධ අලුත් දේවල් ගොඩක් මටත් ඉගෙනගන්න පුළුවන් වුනා මේක බලන්න ගිහින්. පුළුවන් හැම තැනකම ඒ දේවල් ගැන ඔයාලටත් ඉගෙන ගන්න පොඩි සටහනක් දාලා ඇති.. මේක මගේ 94 වෙනි උපසිරසිය. දැන් නම් එන්න එන්නම සබ් කරන්න තියෙන වෙලාව නැති වීගෙන යන්නේ.. ගොඩක් දුරට 100 වෙනි උපසිරසිය මගේ අවසාන උපසිරසිය වෙන්න ඉඩ තියෙනවා.. අපි පස්සෙ බලමු ඉතින් ඒ ගැන.. කොහොමත් මේ යන විදිහට 100 ගහන්න තව අවුරුදු දෙකක්වත් යයි ව‌ගේ.. එහෙනම් මට ෆිල්ම් එක වෙන් කරලා දීපු විමා අයියටත් ස්තූතියි කියන ගමන් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ගිහින් එන්නම් !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,042 downloadsDownload The-Dive-2023.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor RankSILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

6,042 downloadsDownload Subtitles20 KB

12 comments

  1. BeMax

    Thanks brother..

  2. BeMax

    Thanks brother..

  3. Buddhika Lakmal

    ඔය‍ාලා හින්ද තමයි බ්‍රෝ අපි ෆිල්ම් එකක් වුනත් ආතල් එකේ බලන්නේ..... පුලුවන් වෙලාවට සබ් එකක් ගේමු මචං...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සොහාන් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Shamal Manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. හැකිනම් 100 වෙනි සබ් එකට කලින් The Fly 2 - 1989 චිත්‍රපටයට උපසිරැසිය දෙන්න සහෝ.

  6. SUB ZERO

    අනේ යාලුවනේ Tom Clancys Jack Ryan S04 වලට සබ් දෙන්නකෝ.... plzzz

  7. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දැං තමයි ෆිල්ම් එක බලන්න හදන්නෙ. ජයවේවා!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. බණ්ඩා

    thanks හොදේ

  10. Dewadithya

    Thanks for Sub!

  11. Nishan

    Thanx bro

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..