Watch Trailer

The Revenant (2015) with Sinhala Subtitles | නොමැරෙන මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම මම හිතන්නේ මේ ඔයාල එක්ක මේ විදිහට හමු වෙන්නේ මාස පහකට විතර පස්සෙයි. හොඳයි එහෙනම් ඔන්න වසරේ හැමෝම සම්මාන ගැන කතා කරන කාලයටත් අපි ඇවිදින්, කාලය ගෙවිලා ගියා දැනුනෙවත් නැහැ නේද ? කොහොමින් කොහොම හරි මම මේ ගේන්නේ හදන්නේ ඔස්කා සම්මාන උළෙල ගැන කතා කරනකොට අන්තර්ජාලයේ වැඩියෙන්ම කතා බහට එහෙමත් න…


කොහොමද හැමෝටම මම හිතන්නේ මේ ඔයාල එක්ක මේ විදිහට හමු වෙන්නේ මාස පහකට විතර පස්සෙයි.  හොඳයි එහෙනම් ඔන්න වසරේ හැමෝම සම්මාන ගැන කතා කරන කාලයටත් අපි ඇවිදින්, කාලය ගෙවිලා ගියා දැනුනෙවත් නැහැ නේද ? කොහොමින් කොහොම හරි මම මේ ගේන්නේ හදන්නේ ඔස්කා සම්මාන උළෙල ගැන කතා කරනකොට අන්තර්ජාලයේ වැඩියෙන්ම කතා බහට එහෙමත් නැත්නම් ආන්දෝලනයට ලක්වුණා කාරණාවක් ආයේ මතක් කරන්න.

ලියනාඩෝ ඩි කැප්රියෝ ඔස්කා සම්මානයක් වෙනුවෙන් තවත් මොනවාද කල යුත්තේ ? ඔන්න ඕකයි ප්‍රශ්නය, මෙතෙක් What’s Eating Gilbert Grape (1993), The Aviator (2004), Blood Diamond (2006), The Wolf of Wall Street (2013) චිත්‍රපටි වෙනුවෙන් නිර්දේශ වුනත් එක්වතාවක් වත් සම්මානය ගෙදර ගෙනයන්න ඔහුට නොහැකි වුනා… මෙවර ඔහු මේ වලහෙක් සමඟ සටන් කරනවා, පණ පිටින් වලලෙනවා, සතුන් අමුවෙන් ආහාරයට ගන්නවා, අවසානයේ ද්වන්ද පොරෝ සටනක නිරත වෙනවා… ඉතින් මෙවර ඔහු වාසනාවන්ත වේවි ද?

ලියෝ විතරක් නෙමෙයි මෙහි අපි දන්නා හදුනනා චරිත ඉන්නේ, Tom Hardy, Domhnall Gleeson, Will Poulter, Paul Anderson වගේ අපි දන්නා බොහොම පිරිසක් තිරයේ චරිත මවන්න එක්කාසු වෙනවා. තිරයෙන් පිටුපසට හැරෙනවා නම් Alejandro González Iñárritu තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ. ඔහුව නොදැන ඉන්න හැටියක් නැහැ නේ පසුගිය වසරේ Birdman or (The Unexpected Virtue of Ignorance) (2014) එකක් හොඳම චිත්‍රපටය, හොඳම පිටපත වගේම හොඳම අධ්‍යක්ෂණයට සම්මාන වැඩ කාරයා ඔහු තමයි. 

ඉතින් ඔය හැමෝම එකතු වෙලා බොහොම අගේ ඇති සිනමා නිර්මාණයක් අපි වෙත ගෙන එන්න සමත් වෙලා තියනවා, චිත්‍රපටය බලාගෙන යනකොට දැනෙයි මේ සමහර දර්ශන කොහොම කැමරාගත කරා ද කියලා… ඒ හේතුව යොදාගෙන තියන කැමරා කෝණ, ආලෝකය භාවිතයට ගෙන තියෙන ආකාරය ඇති විශිෂ්ට වීම. මේ සියල්ල එක්ක පරිසරය මේ චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් වෙනුවෙන් පණ දෙන බව කිවයුතුමයි. ඒ වගේම මෙය සත්‍ය කතාවක් වීම නිසාවෙන්ම හිතෙනවා මේ මිනිහා ඇත්තටම කොහොම බේරෙන්න ඇතිද කියලත්…

IMDB 8.4 ක් අගයක් දිනාගෙන තියන මෙය මෙ වෙනකොට IMDB 250 අතරින් 180වෙනි තැන දිනගන්නත් සමත්වෙලා තියනව.  රෝටන් ටෝමාටෝ 84% අගයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. ධාවන කාලය මිනිත්තු 156. ඒ වගේම Adventure, Drama, Thriller, Western යන කාණ්ඩයන් තමයි මෙම සලරුව නියෝජනය කරන්නේ. ගොඩක් අනං මනං කියෙව්වා එකේ හැරෙමු කතාව පැත්තට.

1823 වගේ ඈත කාලයේ ඇමරිකාවේ උතුරු කොටසේ වනාන්තර ගත වුන හම් දඩයම්කරුවන් පිරිසක් ගැන තමයි මුලින් කතාව ඇදිලා යන්නේ, එක්වරම එල්ලවෙන රතු ඉන්දියානු ප්‍රහාරයක් එකක් ඔවුන්ට සිදුවෙනවා පසු බහින්න. ඔවුන්ගේ මග පෙන්වන්නා වෙන්නේ හියුගෝ ග්ලාස් (ලියෝගේ චරිතය), නමුත් එක්තරා අවස්තාවක දී ඔහු විශාල වලසෙකුගේ ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබනවා, පසුබැස යන හම් දඩයම්කරුවන්ගේ නායකයා ඔහු ෆිට්ස්ජෙරල්ඩ් සමඟ දමා යන්නේ තමුන්ගේ කණ්ඩායම තරම් වේගයෙන් නොවුනත් ඔහුව රැගෙන එන්න, ෆිට්ස්ජෙරල්ඩ්  බොහොම ලොකු ගණනක එක්ක කැමති වෙනවා වගේම, ග්ලාස්ගේ පුතා හා ජිම් නම් තවත් තරුණයෙක් ඔහු හා රැදෙනවා, නමුත් තන්හාවෙන් හා ඉරිසියාවෙන් පිරීගිය ෆිට්ස්ජෙරල්ඩ් ඔහු දමා යන්නේ ඔහුගේ ජිවිතයේ වටිනාම වස්තුව ඔහුගෙන් උදුරාගෙන…

කිසිසේත් පසුබට නොවනා ග්ලාස් තමුන්ගේ ගමන ආරම්භ කරනවා හිමෙන් වැසුන උතුරු වනයේ ෆිට්ස්ජෙරල්ඩ් ගෙන් පලිගැනීම වෙනුවෙන්, අතරමගදී ඉන්දියානුවන්, ප්‍රංශ දඩයම්කරුවන්, පරිසරය එකක් තමුන්ගේ දිවි ගලවා ගැනීම වෙනුවෙන් ඔහු ගෙනයන සටන ඇසට කදුලක් එක්කරනවා වගේම, අපෙගේ සිත් සතන් පවා ධෛර්යමත් කිසිමට සමත් වෙනවා. කලිනුත් කිව්වා වගේ මෙය සත්‍ය කතාවක් ඉතින් බලන්නකෝ මේ අමරණිය මිනිසාට තමුන්ගේ අරමුණ ඉටු කරගැනීමට හැකි වේවි  කියලා ? කවුරු ඔහුට උදව් කරාවි ද? මේ ඔක්කොම කුතුහලය රැදුන මිනිත්තු 156 තුල බලාගන්න හැකි වේවි ඔබට.

මේ වගේ සුපිරි ලිපියක් ලියන්න අපේ සයිට් එකේ වෙන කවුරුත් නැහැ. හැමෝම දන්නවනේ මේ ලිපියත් සමීර කරුණාරත්න මලයාගේ තවත් සුපිරි වැඩක්. එහෙනම් තවත් සුපිරි බටහිර පන්නයේ චිත්‍රපටයක් සමඟ හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…!

Jurassic World (2015) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

20,430 downloadsDownload The-Revenant-2015-BR.zip141 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

20,430 downloadsDownload Subtitles141 KB

104 comments

  1. gamage

    ela ela hasantha ayya. oya denawa nam super ekak thama, , , ehenam onna mama 01. . . jaya wewa

  2. Mayura

    දෙනකම් බලන් හිටියේ... ඉඩක් ලැබුනු හැටියෙම බලනවා

  3. මධුකප්‍රිය පෙරේරා

    නියමයි සහෝ කාලෙකට පස්සේ සුපිරිම ෆිලුමක් නොවෑ
    ගෙනල්ලා තියෙන්නේ.මේකේ br එනකම්ම ඉන්නවා..
    උපසිරසියට ස්තුතියි ඔබට ජය.

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Lahiru

    maxxa

  6. Nishadi Wickrama

    tnx

  7. Tharusha Dinujaya

    Thanxxxx aiya....,,,,,

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් හසා අයියා!
    ජය!!!!!!

  9. රවිඳු තේනබදු

    ආයෙ කතාවක් නෑ... අනිව බෑමක් තමා... ස්තූතියි සබට...

  10. නලින්

    ස්තුතියි සමිර සුපිරි ලිපියටත් සබ වෙනුවෙන් හසන්ත අයියටත්..

    මේවගේ සුපිරිම කථාවක් සුපිරි කොලිටියෙන්ම බලන්න එපැයි..

    ජය වේවා!

  11. rashmika

    thanks lot saho!!! hateful eight 1kt puluwnm sub 1k denna .. JAYA WEWA!!!

  12. විමා

    සබට බොහොම ස්තුතියි හසෝ
    සමීර සුපිරි ලිපිය මචං
    උබේ ලිපි සුපිරි කොරයි දැන් නම්
    උබ ඔය කියල තියන කැමරා කෝණ ටික තියන සීන් තියෙන්නෙ පැයක් විතර ගියාට පස්සෙනම් මටත් උබට වගේම ඒ ටික ක්ලික් වෙලා :D
    කතාවක් නැතුව ඕනෑම කෙනෙක්ට බලන්න ගන්න කියන්න පුළුවන් ෆිල්ම් එකක්
    කොපියත් එළමයි
    ෆිල්ම් බලන කෙනෙක් බැලිය යුතුම ෆිල්ම් එකක්
    ඒ වගේම ලියෝ අයියට ඔස්කා ලැබිය යුතුමයි මෙ පාරනම්
    වැඩකුත් නෑ නැත්නම්

  13. Kulanjana Maduranga

    patta filumak...aniwa bamak thama...thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
    SAMEERA sahotath thanks supiri lipiyak dunnata..........

  14. Sadu..

    බොහොම තුති සහෝ සබ් එකට.සුපිරි ෆිලුමක්.br රිප් එකක් එනකම් බලන් ඉන්න බැරි නිසාම බාන්න දැම්මා.අනික අපේ හේවා ලුනුවිලගේ අය්යා කිව්වා වීඩියෝ කොලිටියත් අවුලක් නැහැ කියලා.නැවත වතාවක් සබ් එකට තුති සහෝ....බුදුසරණය්!!!

  15. Lakma,

    ස්තුතියි සමිර

  16. waruna

    patta saho...enakan hitiye

  17. Sam

    maxxa sahooo...sub 1 thnksss..

  18. ආසිරි ප්‍රියන්ත

    සුපිරිම සුපිරි ෆිල්ම් එකක් කාලෙකින් සුපිරිම සුපිරි උපසර්සසි කරුවෙකුගෙන් කාලෙකින්.
    ෆිල්ම් ඒකනම් කියලම වැඩක් නෑ.
    එකදිගට පැය දෙකහමාරක් ෆිල්ම් එකක් බලනවයි කියන්නේ මටනම් අමාරු දෙයක් නෙවි, කරන්නම බැරි දෙයක්.
    ඒත් මේක ඒක හුස්මට බැලුවා.
    කියෝ ගේ අක්ටින්ග් නම් කියලම වැඩක් නෑ..
    මෙන්න ගති ෆිල්ම්..අනිවා ඔස්කා එකක් සුදුසුයි මේ පාරනම් පොරට.
    හැමෝම බලන්න, සුපිරිම ෆිල්ම් එකක්.
    ජය වේවා!!

  19. නිරෝෂ්

    බොහොමත්ම ස්තුතියි හසන්ත සහෝ ! ජයෙන් ජයම වේවා !

  20. nsuvin

    Patta film ekak. Thanx machan.

  21. indika

    තැන්ක්ස්........

  22. Saman Prasad [පූසා]

    අඩේ මේ වගේ ෆිලුමක් මෙහෙම බලලා වැඩක් නෑ අඩේ...
    ඉවසගෙන ඉඳලා කට්ට කාගෙන ඉඳලා Br ආපු ගමන් බලලා දානවා...
    අර කියන්නා වගේ මේ දවස් වල නෙට් එකේ කතා වෙන්නේ ලියෝගේ ඔස්කා ගැන තමා...
    මේ පාරවත් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    මට මේ මතක් වෙන්නෙ එක මහත් මහත්මයෙක් මේ ෆිලුම බලලා බුකියේ ග්රූප් එක්ක දාලා තිබ්බ එක වචනයක්...
    හෙහ්... ඒක දැක්කම ඉතින් මට හිතුනේ ඒ මහත්තයට මොකක් හරි ලෙඩක් ඇති කියලා... :D
    එහෙනම් සමීරගේ ලිපියටත් තුති කියන ගමන් හසා අයියටත් සබ් එකට තුති පුදනවා...
    ජය වේවා එහෙනම්...
    තවත් සබ් එකකින් හමුවෙමුකො චොකොලට් මාමේ... :P

  23. Sajith Anthony

    මේක නම් අනිවා බලන්නම ඕන ෆිල්ම් එකක්,
    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා...!!!

  24. chandana

    oya denne supiri films.thanks aiya

  25. venuak

    nice film

  26. ravindu

    patta sahoo!!!!!thanks sub ekta

  27. ප්‍රසාද් කන්දමුල්ල

    ''සබ් එකට '' බොහොම ස්තුතියි''''සහෝ.....

  28. Gihan

    ela Leo ge ekakne aniwa balanawa sub walata tnx

  29. sachith

    thanx yo

  30. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Kaveesha

    Thnkss

  32. Chanaka Hasitha Naveendra

    patta machan

  33. නිර්මාණි

    බොහොම ස්තූතියි අයියේ උපසිරසියට. ෆිල්ම් එක නම් සුපිරියි කියන්නෙ වචන නෑ කියන්න. බොහොම ස්තූතියි උපසිරසියට. අනිකත් ඉක්මනට ඕන. හෙ හේ

  34. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  35. යශෝධ

    ෆිලුම බාලා දවස් ගාණක් සබ දානකන් ඉවසන් ඉඳලා, හොරෙන්ම ඉල්ලගෙන ඒ සබ එක්කම බලලා, සෑහෙන දවසකට පස්සේ ආවේ කමෙන්ටුවක් දාලා යන්න. ගිය වසරේ බලපු සිනමා නිර්මාණ වලින් තදින්ම හිත ඇදගත්ත එකම චිත්‍රපටය මේක කියලා තමයි කියන්න තියෙන්නේ. හසාගේ සබක් නොවුනා නම් මේක මඟෑරෙන්න තිබුණා. සමීරගේ ලිපියටත් හසා අයියගේ සබටත් බොහොම ස්තූතියි කියනවා. මේ වසරත් සුපිරි නිර්මාණ වලින් පුරවන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයම වේවා..! එලස්ස්ස්....

  36. wiki

    Thanks......

  37. අබා

    බොහොම ස්තුතියි ...කාලෙකින් බලපු හොදම සරලුවක්.....ජයෙන් ජය සහෝ.....!!!!!

  38. Sudara N Jayaweera

    Thanks.. (Y)

  39. Asiri

    Br දෙනකන් ඉන්නව කියල හිතන් හිටියට ඉන්න බෑ සහෝ.ඔන්න එහෙනම් මමත් බාන්න දැම්ම.සබ් වලට බොහොම ස්තුතියි.

  40. Hemantha

    Thanks Brother. You have done great job.

  41. Chamara

    බොහොම ස්තූතියි..... නියම වැඩක්.....

  42. wajira

    pattama thama niyama filuma kalekin balapu

  43. Prasad Kandamulla

    බලන්න කලින් 'කමන්ටුවක්'' දැම්ම...නමුත් බැලුවට පස්සේ හිතුන ආයෙත් කමන්ටුවක්''දාන්න.
    මම කැමතිම නළුවෙක් නිසා..බලන්න කලින්ම මුල් කමන්ට් එක දැම්මේ..
    කාලෙකින් බලපු ඇඟට..දැනෙන ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි..
    රගපාණ්ඩ උනත්..නළුවෙකුට..එවැනි රගපෑමක්..කරන්න පුලුවන්ද කියල හිතෙනවා.
    අද ඉරිදා ''දිවයින'' පත්තරේ මේක ගැන පොඩි ලිපියක් තියෙනවා, 'මීවිත.. අතිරේකයේ,,
    මම දැන් ටිකකට කලින් එකත් කියවල ආවේ..
    ඒ ලිපියෙත් තියෙන්නේ.. ''කීපවතාවක්ම..ඔස්කාර් සම්මාන වලට නිර්දේශ උන, 'ඩිකැප්රියෝ' ට
    මේ වතාවෙවත් 'ඔස්කාර්' සම්මානයක් ලැබෙයි කියල තමයි කියන්නේ...
    ඒ ලිපියේ තිබුන විදිහට නම්..මේ ෆිලුම වෙනුවෙන් 'ඩිකැප්රියෝ',, ඔසකාර් සම්මාන උළෙලට පමණක් දෙවැනි වෙන
    ''ගෝල්ඩන් ග්ලෝබ්'' සම්මානය දිනාගෙන තියෙනවා...{2016.01.17. දිවයින ..මීවිත අතිරේකය}
    කොහොම උනත් කියන්න තියෙන්නේ මේක නම් පට්ටම ෆිල්ම් එකක්..කියලයි..
    මේකේ තියෙන පරිසර තත්වයන් යටතේ ,,මේ නළුව.. කොහොම රඟපෑමක්ද කලේ කියල හිතා ගන්ඩ වත් බැහැ...
    ඉතින් මේ වගේ පට්ට ෆිලුමකට ..''සබ්'' එක කරපු හසන්ත..සහෝව'' කොහොමද දෙවැනි තැනකට දාන්නේ...
    හසන්ත ''සහෝ'' ඔබට බොහොමත්ම ස්තුතියි..
    මම පුද්ගලිකව දරන මතයක් තමයි..ෆිල්ම් එකේ වටිනාකම වැඩි නම්, 'සබ්' එකේ වටිනාකමත් ඒ' හා සමානවම වැඩි වෙනවා කියන එක.
    මේ වගේ තව වටිනා ෆිල්ම් එකක් ඇරගෙන එන්න..''''''''''''''''''''''''ඔබට ජය වේවා'''''''''''''''''

  44. Dasun

    1st Thanx all.

    කොහොමද මේක baiscope link (1.37GB copy) කොපිය download කරන්නෙ.? HD Streaming බම්බුවක් එනවනෙ.

  45. Majeewa

    Thank Bro Good work

  46. Thisara

    :D onna hambuna oscar thanks bn

  47. Udara Rashmika

    Thankx mcn Brrip aka anakanma inna innawa apu gaman update karanna please

  48. sanjeewa

    thanks

  49. Sineth Wickramasinghe

    ජය වේවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ...... සහ අපේ හසන්ත සහෝට.
    තවත් සබ් කරන්න ශක්තිය ධෛර්යය වෙලාව වාසනාව ලැබේවා..

  50. kumara

    Thanks Bro !!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.