” අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ…..? දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි මේ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ…..? මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ…..? රජ සැප විඳිනට රජ දරුවන් හට නුඹලා…

” අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ…..?

දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ…..?
මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ…..?

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතින් මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ…..?
මොන රජ දරුවද පැලකට වැඩියේ…..? “

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Sand Storm (2016) සිහින අහිමි ලන්දූ ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මේ උත්සාහය කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මුත් ලෝක ඉතිහාසයේ නමක් රැන්දූ විශිෂ්ට සිනමා සිත්තම් කීපයකටම උපසිරැසි රැගෙන ඒමටයි. දෙබස් අඩුවෙන් තිබුනත්, ඒවාටත් උපසිරැසි නිර්මාණය කලේ කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගව ගිය මෙවන් විශිෂ්ට නිර්මාණ නැවතත් සිනමාලෝලීන්ගේ මතකයට රැගෙන ආ යුතු වූ නිසාවෙන්මයි. හොඳ සිනමා නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නේ නෑ…. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියන්නෙ ඒ නිසයි. මේ උත්සාහය කාලයේ වැලි තලා අතරේ මැකී ගිය එවන් විශිෂ්ට සිනමා සිත්තමකට නැවත පන දීමටයි.

මම මෙහෙම පටන් ගන්නම්. ඔය උඩින් දාල තියෙන පද පේලි ටික ජීවිතේ කවදා කොතැනකදී හෝ ඔබත් මමත් අපි හැම දෙනාම අහල ඇති. ඒ කියවෙන කටුක වූත් අමිහිරි වූත් සමාජ අසාධාරණයේ සත්‍යය ඔබේත් මගේත් හිත් පාරවන්න ඇති. කම්පාවට පත් කරන්න ඇති. ලේ කෝප කරවන්නට ඇති. හැබැයි මම එකම එක පුංචි ප්‍රශ්නයක් අහන්නම්, ඒ පද පෙලෙන් කියවෙන ඒ සමාජ අසාධාරණය වෙනස් කරන්න ඔබත් මමත් මේ ලෝකෙට මොනවද කරල තියෙන්නේ….? මේ ලෝකෙ අසුන්දර වෙන්නේ වැරදි කරන මිනිස්සු නිසා නෙමෙයි, ඒ වැරදි දැක දැකත් අහක බලාගෙන නිහඬව ඉන්න මිනිස්සු නිසයි…. අතීතයේ සිදුවූයේත් එයයි, වර්තමානයේ සිදු වන්නේද එයයි, නමුත් අනාගතයේ….? අතීතය වර්තමානය අපට වෙනස් කල නොහැකි උවත් අනාගතය රැදී ඇත්තේ අපේ දෑත් මතයි….. ඒ සමාජ අසාධාරණය එරෙහිව මේ සිනමා සිත්තම නිර්මාණය වන්නේ 1927 වසරේදීයි. එදා පටන් පුරා දශක 9කට අධික කාලයක් පුරාවටම අපි තවමත් එතනමයි නේද….? එදා ඔවුන් දැකපු ඒ සමාජ අසාධාරණයත්, සැමදා රැවටෙන වහල් පීඩිත පංතියත්, ඔවුන් රවටා සුර සැප විඳින්නා වූ පාලක පංතියත්, ඔවුන්ටම ආ වඩන්නා ඔවුන් වෙනුවෙන් පිල් බෙදී එකිනෙකා මරා ගන්නා වූ අසරණ වහල් පංතියත් කිසිදු වෙනසකින් තොරවම අදටත් ජීවමානයි නේද….? පාලකයින් හැමදාමත් ඒ අසාධාරණයටඑරෙහිව හඬක් නගන්නාවුන්ව යකඩ සපත්තුවෙන් පාගා මර්ධනය කලා නේද….? ඔව්, ඒ සමාජ අසාධාරණය මිනිසුන්ට වටහා දීමට උත්සාහ කල මේ සිනමා සිනමා සිත්තමට සිදු වූයේත් එයමයි…. මංගල දර්ශන වාරයෙන් පසුව මේ සිනමා සිත්තම මුහුණදුන් වාරණයන්, සංස්කරණයන්, බාධාවන් මෙතකැයි කිව නොහැකියි. මේ සිනමා සිත්තම ලොවට හඬගා පවසන්නා වූ ඒ අමිහිරි වූ කටුක සත්‍යය හමුවේ ගැලවී වැටුන සිය සුදෝ සුදු පට පිළී සලු නිසා ලොවක් ඉදිරියේ නිරුවත් වූවන්ට අවශ්‍ය වූයේ ඒ සත්‍යය මේ ලොවින් සඟවා ලීමටයි. ඒ අනුව විවිධ වාරණයන්ට තහනම් නියෝගයන්ට ලක්වූ මේ සිනමා සිත්තම මෑතක් වනතුරුම සලකුණේ ලොවට අහිමිව කාලයේ වැලි තලයෙන් වැසී සැඟව ගිය තවත් එක් අමිල නිර්මාණයක් වශයෙනුයි. ගතවූ දශක 9ක කාලයක් පුරාවටම සිනමාලෝලීන් හා තාක්ෂණ ශිල්පීන් විශාල පිරිසක් විසින් මේ සිනමා සිත්තමේ සම්පූර්ණ පිටපතකට නැවත පණ දීමේ උත්සාහයන් කීපයක්ම දරනු ලැබිණ.

පසුව 2008 වසරේදී බුවනෝර්ස් අයර්ස්හිදී කාලයාගේ ඇවෑමෙන් ලොවට අමතකව ගොස් දැඩි සේ විනාශයට පත් වූ මේ සිනමා සිත්තමේ සම්පූර්ණ මුල් පිටපතක් අහම්බයකින් මෙන් සිනමාලෝලියෙකුගේ නෙත ගැටෙනවා. එයින් පසු ආර්ජන්ටිනාවෙන්ද හමුවූ තවත් පිටපතකද ආධාරයෙන් ඉතාමත් සංකීර්ණ මෙන්ම වෙහෙසකර වූද සංරක්ෂණ ක්‍රියාවලීන් ගණනාවකට පසුව මේ සිනමා සිත්තමේ 95%ක් පමණ සම්පූර්ණ වූ පිටපතක් 2010 වසරේදී ජර්මනියේදී තිර ගත කෙරෙනවා. පසුව යුනෙස්කෝව මගින් අනාගතය උදෙසා සංරක්ෂණ කර තැබිම වෙනුවෙන් තෝරාගත් සිනමා පට අතුරින් මුලින්ම තෝරාගත් සිනමා සිත්තම වූයේත් මේ සිනමා පටයයි. ඒ විතරක්ම නෙමෙයි මේ අපූරු සිනමා සිත්තම Imdb වර්ගීකරණයට අනුව 8.3ක් ලබා ගනිමින් එහි හොඳම සිනමා සිත්තම් 250 අතුරින් 109 වන ස්ථානය වෙන් කර ගෙන ඇතුවාක් පමණක්ම නෙවෙයි rotten Tomatoes වර්ගීකරනයේ දිනා ගෙන ඇති අගය 99%ක්. ඒ වගේම මේ සිනමා සිත්තම ලොව වටා සිනමා සම්මාන උළෙලවල් හිදී සෑහෙන වතාවක් සම්මානයට පාත්‍ර වෙලත් තියෙනවා. මේ සිනමා සිත්තම සැලකෙන්නේ එදා මෙදා තුර ඉතිහාසයේ නිර්මාණය වූ විශිෂ්ටතම සිනමා සිත්තමක් හැටියටයි. දැන් හිතාගන්න පුලුවන්නෙ මේක කොහොම සිනමා සිත්තමක්ද කියලා. වාසනාවන්තයෝ නරඹත්වා කියල තමයි ඉතිං කියන්න වෙන්නෙ.

මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. මේ සිනමා සිත්තමේ තියෙන්නේ 19වෙනි ශත වර්ෂයේ සිටියවුන් විසින් අනාගතයේදී ලෝකය මෙසේ වේ යැයි සිතින් මවා ගත් ආකාරයි. මේ සිනමා සිත්තම ජර්මානු රෙයිෂ්මාර්ක් මිලියන 5ක දැවැන්ත පිරිවැයක් දරමින් පුරා මාස 17කට අධික කාලයක් පුරාවට නලු නිළියන් සිය ගනණක් යොදා ගනිමින් ඒ යුගයේ හැටියට අති දියුණු දෘෂ්‍ය ප්‍රයෝග භාවිතා කරමින් නිර්මාණය වූ අති දැවැන්ත නිර්මාණයක් වූවා. පුලුවන්නම් මේ සිනමා සිත්තම හදවතින් පමණක් නොනැවතී ඔලුවෙනුත් රසවිඳින්න. ඔබට වෙනස්ම සිනමා රසවින්දනයක් උරුම කර ගැනීමට වාසනාව ලැබේවි. වාසනාවන්තයෝ නරඹත්වා…..

” හිස සහ දෑත් අතරේ සිටින්නා වූ මැදිහත්කරුවා විය යුත්තේ හදවතයි… “

පුලුවන්නම් මේ සිනමා සිත්තම රසවිඳින අතරේ මේ කියමනේ තේරුම හොයා ගන්න උත්සාහ කරන්න…

කාලයේ වැලි තලයෙන් වැසී ගිය තවත් මෙවැනිම වූ විශිෂ්ට සිනමා පටයක උපසිරැසියක් සමගින් ළගදීම නැවත හමු වෙමු….!

ඔබට ජය….!

ප.ලි
( මේ සිනමා සිත්තම විවිධ යුග වලදී විවිධාකාරයේ සංස්කරණයන්ගෙන් යුක්තව විවිධාකාරයේ ධාවන කාලයන්ගෙන් යුත් පිටපත් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අතුරින් දැනට පවත්නා සම්පූර්ණ පිටපත මිනිත්තු 153ක ධාවන කාලයකින් යුක්තයි. මේ උපසිරැසිය සකස් කර ඇත්තේ මිනිත්තු 153ක ධාවන කාලයකින් යුත් ඒ සම්පූර්ණ පිටපතටයි. මේ සිනමා සිත්තම සම්පූර්ණයෙන්ම විඳ ගැනීමට නම් ඒ සම්පූර්ණ පිටපතම ගන්න සැලකිලිමත් වෙන්න. නැත්නම් විවිධ වාරණයන් නිසා කපා හැරීමට ලක්වූ ඉතාමත් වැදගත් කොටස් රසවිඳින්නට ඔබට මග හැරී යාවි. )

සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,016 downloadsDownload METROPOLIS-1927.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,016 downloadsDownload Subtitles35 KB

45 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    මේක නියම වැඩක් සහෝදරය.. සමහරවිට උඹට කමෙන්ට්ස් වැටෙන්නෙ නැති වෙයි. මහන්සි වෙන එකාව අගය කරන්න අපේ මිනිස්සුන්ට එච්චර හුරු නැති නිසා. හැබැයි උඹ හිතේ සතුටින්නම් මේක කරන්නෙ, කමෙන්ට්ස් නැති වුණාට අතෑරල දාන්න එපා. සබ් කරන ගොඩක් වුන් දැන් සබ් කරන්නෙ අනිත් කෙනා තමන්ව අගයයි කියල හිතාගෙන නෙවෙයි, තමන්ගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන්.

    "හිස සහ දෑත අතරේ සිටිය යුතු මැදිහත්කරුවා හදවතයි" කියන කාරණාව අවාසනාවට ලංකාවෙ මිනිස්සුන්ට පොදු නෑ. ජය වේවා මිත්‍රයා..!

    1. හසිත මධුෂාන්

      කමෙන්ට් බලාගෙන සබ් කලා නං මේක නතර කරල දැං සෑහෙන කාලයක් ගත වෙලා ගිහින්.....
      කවදා හෝ අපේ රටටත් ඉර පායයිනේ.... ඒ වෙන තුරු අපි අපේ කොටස ඉටු කරමු. වතුර බිංදුව බිංදුව එකතු වෙලා තමයි දවසක මහ විශාල ගංගාවක් හැදෙන්නෙ කියලා මම මතක් කරල දෙන්න ඕනෙ නෑනෙ සහෝ....
      බලාපොරොත්තු අප ජීවත් කරාවි....!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. supun55

    Eka patta wedak

  5. Hashan M. Priyadarshana

    තැන්ක් යූ සහෝ මේ වගේ පරණ ෆිල්ම්වලට සිංහල සබ් දෙනවට...
    ජය වේවා.!

  6. usvip

    thanx bro

  7. gayan4

    බොහොම ස්තූතියි සහෝ. ඉතාමත් වටින වැඩක්. උපසිරැසි ලබා දෙන අනෙක් සියළු සහෝදරයින්ටද ස්තූතිවන්ත වෙනවා. බයිස්කෝප් වෙබ් අඩවියේ නිහඬ සේවය අති විශිෂ්ටයි.. ජය....

  8. danushkanuwan87

    supiri wadak bro.digatama karagena yanna..godaak pin

  9. James DC

    මං හිතන්නෙ බයිස්කෝප් වෙබ් අඩවියේ මෙවැනි උපසිරසි දෙන කෙනෙකුට දැන් ඉන්නෙ ඔයා විතරයි සහෝ. මාත් කාලයක් මෙවැනි චිත්‍රපට වලට සබ් දුන්නා, ඒත් දැන් සබ් හදන එක සම්පූර්ණෙන්ම නවත්තලා දාලා තියෙන්නෙ. ඉතිං සහෝ ඔයා මේ කරන නිහඞ සේවය අගය කරනවා. මං මීට කාලෙකට කලින් රස විඳපු, ඒත් තවමත් සිංහල උපසිරසි ගන්වා නැති විශිෂ්ට චිත්‍රපට කිහිපයක් පහලින් කමෙන්ට් කරනවා සහෝ. පුළුවන් නම් සබ් හදන්න උත්සහයක් දරන්න. ජය !
    Double Indemnity (1944)
    Paper Moon (1973)
    Network (1976)
    True Romance (1993)
    21 Grams (2003)
    Little Miss Sunshine (2006)
    Primal Fear (1996)
    Sling Blade (1996)
    Dog Day Afternoon (1975)
    M (1931)
    Big Fish (2003)
    Jacob's Ladder (1990)

    1. Krishan NiShalya

    2. හසිත මධුෂාන්

      සෑහෙනම කාලෙකින් James Dc සහෝගෙ වදනක් දැක්කෙ. සබ් කරන එක නතර කරපු එක නම් අපරාදයක්. මමත් සහෝගෙ හොද රසිකයෙක් තමයි. ඔය ලිස්ට් එකෙන් කීපයක් විතරයි මමත් බලලා තියෙන්නෙ. ලැබෙන කාල වෙලාවත් එක්ක බලලා කරන්නම් සහෝ....

  10. Ayesh Prashan

    Thank You Sub Ekata NIYAMA WADAK

  11. ceylowood

    බොහොම ස්තූතියි ඔබට

  12. Tharaka

    thanks...................

  13. indika75

    thanks..

    1. adss_1998

      Thanks bro. සුපිරි වැඩක්..

  14. Navodani Thilini Sasanika

    මේ වගේ ‌කවුරුත් ‌නොකරන විදියෙ වටිනා චිත්‍රපටියක් ලබාදුන්නට ‌ගොඩක් ස්තූතියි...!!

  15. Dewadithya

    Thanks for Sub!

    1. Ranga lakshan

      උපසිරැසිය ස්තූතියි සහෝ. ඉදිරියටත් මෙවැනි විරල සිනමා සිත්තම් තිලිණ කරන්න. ඔබට ජය

  16. Geethi

    උපසිරැසියට ස්තුතියි. සුබපැතුම්!

  17. Bandara76

    මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවේ....බොහොම ස්තූතියි සහෝ

    1. හසිත මධුෂාන්

      මේ ෆිල්ම් එක තියෙන්නෙ කියවලා රසවිඳින්න නෙමෙයි. ඔලුවෙන් හදවතින් විදගන්නයි.....

  18. Wicki

    මෙවැනි විරල සිනමා සිත්තමක් තිළින කලාට බොහොම ස්තූතියි. හැකිනම් සිටිසන් කේන් එකටත් උප සිරස දෙන්න . ලොකු දෙයක් ....

    1. හසිත මධුෂාන්

      සිටිසන් කේන් සබ් එක දැන් සෑහෙන දෙනෙක් ඉල්ලලා තියෙන එකක්. සබ් එක දෙන්නම්. මේ දවස් වල කාල වෙලාව සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා. ඉක්මනින්ම දෙන්නම්....

  19. @1912

    Samahara t.v.series wala download button ekak pennane natthe ay? Man tablet eken log wena nisada

    1. හසිත මධුෂාන්

      ගැටලුව කියලා contactඇට්baiscopelkඩොට්com එකට මේල් එකක් දාන්න.

  20. sehanvihanga

    The Goebbels Experiment, mekata sub dennako.

    1. හසිත මධුෂාන්

      ගොබෙල්ස්ගෙ ඩයරිය....
      මටත් මගඇරිල තිබුන හොද කතාවක් සහෝ....
      පුලුවන් ඉක්මනින්ම සබ් එකක් හදන්නම්....

  21. සචින් කෙවින්

    පරණ සුපිරි බඩු අරන් වරෙන් බොක්ක. සුබ පැතුම් ❤️

  22. Yasindu shehan

    mekata sinhala sub ekak danakal balan hitiye,
    Thanx bro

  23. Priyantha Dayakeerthi

    හසිත මධුශාන් සොයුර,
    ඔබගේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට ස්තුතියි! හැකිනම් ඉදිරියේදී "ලොව මහා සිනමාකරු" ලෙස විරුදාවලිය ලත් ඇල්ෆඩ් හිච්කොක් ශ්‍රීමතානන්ගේ The Man Who Knew (1956) සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් යොජානා කර සිටින්නෙමි. (මම මේ යෝජනාව කළේ, වර්තමානයේ මෙම වෙබ් එකේ එවැනි සිනමාපටවලට උපසිරසි කරනා කෙනෙකුට සිටින්නේ ඔබ පමණක් වන නිසා) ස්තුතියි!

    1. හසිත මධුෂාන්

      The man who knew too much (1956) ගැන වෙන්න ඕනෙ ඔය කියන්නෙ. අනිවාර්යයෙන්ම මම උත්සාහ කරන්නම් සහෝ. මම බලලම කියන්නං කොහොමද කියලා...

  24. jagannatha

    බොහො ම ස්තූතියි, මේ සලරැව හඳුන්වා දුන්නාට හා උපැසිරැසි හෙළ බසට නඟා දුන්නාට.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. jagath55

    Thanks

  27. suchroxx

    Thanks Bro

  28. AsithaDilruwan

    මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  29. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති marjorie prime (2017) ekatath sub dennako

    1. හසිත මධුෂාන්

      වෙනස්ම විදියෙ ෆිල්ම් එකක් වගේ නේද සහෝ...?
      මම බලලම කියන්නම් කොහොමද කියලා...

  30. usvip

    thanx bro. good work . keep it up.

  31. Waruna Kamalawansha

    මේකනම් අසමසමයි..... බොහෝම ස්තූතියි මේ සුපිරිය සිංහලෙන් ගෙනාවාට...

  32. sameeradj77

    tanx

  33. priyasad_yasas

    Tnx broo

  34. මෙතුන්

    Metropolis (2006) ජපන් ඇනිම් එක හැකි ඉක්මනින් අවශ්‍යයි.