Watch Trailer

Hachi: A Dog’s Tale (2009) | මනුස්සකම ඉගෙන ගන්න…[සිංහල උපසිරසි සමඟ]

I SEE HUMANS – BUT NO HUMANITY… හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න එහෙනම් මං අදත් ආවේ පුංචි පහේ තෑග්ගක් අරන්. කෙළින්ම කියනවනම් මේක බලු කතාවක්. අපේ පැරැන්නන් විශ්වාස කරනවා බල්ලන්ට මරණයේ හෙවණැලි, එහෙම නැත්තම් අවතාර එහෙම පේනවා කියලා. මේකෙදිත් ඒ වගේ අදහසක් දෙන්න හදලා තියනවා අනේමන්දා ඒකනම් ඉතින්. මේ කථාවේ කියව…

hachi 2009

I SEE HUMANS – BUT NO HUMANITY…

හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න එහෙනම් මං අදත් ආවේ පුංචි පහේ තෑග්ගක් අරන්. කෙළින්ම කියනවනම් මේක බලු කතාවක්. අපේ පැරැන්නන් විශ්වාස කරනවා බල්ලන්ට මරණයේ හෙවණැලි, එහෙම නැත්තම් අවතාර එහෙම පේනවා කියලා. මේකෙදිත් ඒ වගේ අදහසක් දෙන්න හදලා තියනවා අනේමන්දා ඒකනම් ඉතින්. මේ කථාවේ කියවෙන බලු යාලුවගේ අන්තිම ඡායාරුව තමා මේ තියෙන්නේ.

IMDB 8.2 ක අගයක් ගත්ත සංවේදී සහ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වෙච්ච සිනමාපටය ගැන පහළින් අපේ රොයිලි අයියා ඉතාම ලස්සන ලිපියක් ලියලා තියනවා මට අමුතුවෙන් කිසිම දෙයක් අකුරු කරන්න ඕනා නෑ. ලිපිය සර්ව සම්පුර්ණයි. හද සලිත වෙලා යන විදියටම ලියලා තියෙනවා හරි කොහොමින්හරි ඔන්න අපිත් එක්ක දිගු කාලයක් පුරා එකතුවෙලා හිටපු අයටනම් සමහරවිට මතක ඇති හරියටම අදට අවුරුද්දකට කලියෙන් පොඩි කොල්ලෙක් එකම දවසේ උපසිරසි දෙකක්ම ඇන්න ආවා. අදත් ඒ කාරණේම තමා ඉතින්. පොඩි එකා වගේ උන්නට දැන් ඉතින් 21 ඈ. ඊයේ දෙන්න හිටියට මේක ඊයේ දෙන්න බැරිව ගියා ඔන්න අද දුන්නා ඉතින් 😀 එහෙමනම් ආයේ දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. මනුසතාටද ඇතුළුව හැම සතෙකුටම හදවතින්ම අනුකම්පාව දයාව දක්වන්න ඒක තමා මනුස්සකමේ ඉහළම වටිනාකම. හැමෝටම ජයෙන් ජය!

මීට කලින් පළකළ ලිපිය.

මිනිස්සු වෙන අපි තවත් මිනිහෙක් කැත වැඩක් කළාම කියන්නේ බලු වැඩ කරන්න එපා කියලනෙ. ඒත් කවදාවත් හිතුවද අපි බල්ලන්ට කරන හිරිහැර අමතක කරලා අපි කරපු හොඳ වැඩ විතරක් බල්ලො හැමදාටම මතක තියා ගන්න බව? ජීවිත කාලයටම තම ස්වාමියට විශ්වාසයෙන් ඉන්න බව. ඒක හරියට තමුන්ට කරපු වැරදි වැල්ලේ ලියලා කරපු හොඳ ගල්වල කොටාගන්නවා වගේ. අන්න ඒවගේ බල්ලෙක් ගැන කියවෙන සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගුණු සංවේදී චිත්‍රපටයක් මම අද ඔයගොල්ලොන්ට අරගෙන ආවා. මේ ගැන මුලින්ම අපට දැනුම් දීපු අපේ හිතවතෙක් වන බූන්දි අඩවියේ Anjana Jayaweera ට විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕනා.

ජපානයේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරින් 1987 දී නිපදවුණු ජපන් චිත්‍රපටයක් වන Hachikō Monogatari අනුසාරයෙන් නිපදවූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ කවදත් සංවේදි චරිත වලට පණ පොවන දක්ෂ නළුවෙකු වන Richard Gere විසින්. එම ඇත්තම කතාව මෙතනින් ඔබට කියවිය හැකියි. ඒ වගේම මෙම කතාව ගැන ලියවු පොතට සෑහෙන සම්මාන තොගයකුත් ලැබී තිබෙනවා.

මෙහි කතාව පටන් ගන්නේ දුම්රියෙන් ප්‍රවාහනය කරමින් සිටින බලු පැටියෙක් තම ගමනාන්තය වන දුම්රිය ස්ථානයේදී එම කූඩුව සමඟ අනෙකුත් බඩු ලබාගන්නා පෝටර්වරයා අතින් මඟ ඇරෙනවා. ප්‍රවාහනය කළයුතු ලිපිනය ලියා ඇති පත්‍රිකාවද මේ වන විට ඉරී ගොසින්. මේ අතර මහාචාර්ය වරයකු වන පාකර් විල්සන් (Richard Gere) හට රැකියාව නිමවී ගෙදර එන විට මෙම බලුපැටියාව සම්බ වෙනවා. දුම්රිය ස්ථානාධිපති හට භාර දෙන්න හැදුවත් ඔහුගේ නොකමැත්ත මත ඔහුට පැටියාව ගෙදර රැගෙන යාමට සිදුවනවා. පසු දින ඔහුව නැවත භාර දීමට ගෙන ආවත් අයිතිකරුවෙක් මේ වන විටත් ඉදිරිපත් නොවී තිබෙන නිසා ආපහු නිවසටම රැගෙන යාමට සිදුවනවා. ඔහුගේ බිරිඳ මුලින් අකමැත්තක් දැක්වූවත් දුවගේ හා සැමියාගේ හැසීරීම් දැක ඇය එයට කැමැත්ත ලබා දෙනවා. දැනට ඔය ඇති. ඉතිරිය බාලම බලමු.

වැඩක් නෑ කියල හිතුනද. 8.1 / 10 අරගෙන පසුගිය සතිය තුල (චිත්‍රපටයයේ හොඳ කොපියක් නිකුත් වූ සතියේ) 834% ජනප්‍රියතාවයක් ලබා ගත්තා කිව්වොත්. ( Up 834% in popularity this week. 11/02/2010 ) බලනවට පාඩු වෙන එකක් නෑ නේ. හැබැයි දුකට ගොඩක් සංවේදි අය අපේ සුභාෂ් සොහොයුරා එක් ලිපියක් කිව්වා වගේ කඳුළු පුරවන්න බාල්දියකුත් ලෑස්ති කරගෙනම බලන්න ගන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Hachi: A Dog's Tale (2009) on IMDb

 

 

547 MB (BR)කොපිය මෙතනින් බාගන්න

8b5dd3626040ef7b6b4df4957b383be01ed545e7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,147 downloadsDownload Hachiko.A.Dogs_.Story_.2009.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,147 downloadsDownload Subtitles35 KB

107 comments

  1. Akila

    Thanks bro.

  2. chamila

    රොයිලියාගේ බලු කථාවක්... :D

  3. චමි.දේ.වා.

    මම මේක බුක්මාර්ක් කරගෙන හිටියේ වෙලාවක බාගන්න.තැන්කූ කිව්වා ටොරන්ට් එක දුන්නට.

  4. චම්පික

    මේ බල්ලගෙ ප්‍රථිමාවක් ජපානයේ ෂිබියා කියන ස්ටේෂන් එක ඉස්සරහ හදල තියෙනවා. ඒක හරි ජනප්‍රියයි. ඒ ස්ටේශන් එකට එන මිනිස්සු call කරල හම්බුවෙන්න එන්න කියන්නෙ හචිකො එක ඉස්සරහට එන්න කියල.

  5. මලිත්

    duka hitena balu katawak wagee,,,baalama balanna onee,,hee

  6. Anonymous

    thanks, hoya hoya hitiya film eka, tnx......!

  7. Chathu

    Great movie.....I love it...Thanks a lot...:) :)

  8. හසී

    පිං සිදුවේවා.....!!! බාමි....

  9. nishantha

    menna mewatati film kiyanne. ela niyamayi royli. ela film eka. thanks.

  10. sam

    meka podi idea ekak aluthen ena tv shows tikath me site 1ta dammoth hoda nadda.apita baganna

  11. Dinushka Udara | රොකියා

    Richard Gere කියන්නෙ දැනට Hollywood වලට ඉතුරුවෙලා ඉන්න යුගයක ගනනාවක් එක් කරපු නලුවෙක්. ඔහුගේ රංගනය ඔහු රංගපෑ අනෙක් චිත්‍රපට වල මෙන්ම මේ චිත්‍රපටයේත් මොනවට විදහාපායිද !

    ඒ වගේම Sarah Roemer කියන්නෙ තාම Hollywood වලට අලුත් උනත්, කෙටි කාලයකදී ඉතා ජනප්‍රිය වුනු නිලියක්.
    ඇය එක් තැනකදි සඳහන් කරලා තිබුනා Richard Gere වගේ පුද්ගලයෙක් සමග රඟපෑම ඇයට සිහිනයක් සැබෑ වීමක් වගේ කියලා.

    මමත් මේ ගැන ලිපියක් දාන්න හිටියෙ. කොහොම උනත් රොයිලි සහෝ මට වැඩිය හොඳින් හිත්ට වදින විදියට ලිපිය ලියල තියෙනව. පොඩි අයට සහ ලොකු අයට එකට ඉඳගෙන බලන්න උලුවන් ලස්සන ෆිල්ම් එකක්.

  12. kathu

    ම්ම්ම්ම්... ලස්සන film එකක් වගෙ.. බාලම බලමු. තැන්කූ වෙවා රොයිලි අයියා..

  13. asitha perera

    Ela film ekak vage......
    bami....

  14. anthr6x

    ඔය කතාව කියවල තියනව. ෆිල්ම් එක නොබල කොහොමද, මේ බානවා..

  15. බන්දුල විතානගේ

    Thank You

  16. Dushan

    thankx royly saho............ :-)

  17. Don

    මෙ වගේ බලු කතා වලට නම් මම ගොඩක් කැමතියි...

  18. රන්දික පෙරේරා

    ආ නව යුගයක නව දැක්මක්. ඇත්තටම බල්ලෙක්ගේ කළගුණ බල්ලන් ඇති කරන අය හොදින් දන්නවා. මමත් මීට කාලයකට ඉස්සර බලු පිස්සෙක්, බල්ලෝම තමයි ඇති කරන්නේ. ඇත්තටම සමහර මිනිසුන් ළඟ නැති ගෝඩාක් හොද ගති ගුණ ඔය බල්ලෝගාව තියනවා. ඒකට මම හිතන්නේ හැමෝම එකඟ වෙයි... ;)

    රොයිලියා දුන්නොත් මම හැමදාම කියන්නාවගේ හිත හිත ඉන්න දෙයක් නෑ. අනිවාර්යයෙන් බෑමක් තමයි තියෙන්නේ.
    බොහෝම ස්තූතී...!

    සමහර විට තව දවසකට දෙකකට මට මේ පැත්තේ එන්න පුළුවන් වෙයිද මංදා... :( කොහොම වුනත් හැමටම... :D

    ජය වේවා...!!!

  19. rK

    ela parak
    mara sanwedi kathayak.

    Ape nayakayath sanwedine
    :) :)
    eka nisa nobala kohomada

  20. චන්දික @ekicks...

    මං හොය හොය හිටපු චිත්‍රපටියක්. ගොඩක් ස්තුතියි රොයිලි අයියේ.......

  21. තුලන ප්‍රනාන්දු

    man meka dl kala
    godak kattiya kiwuwa sira kathawa kiyala
    balanna ona

  22. mahen

    ස්තූතියි දුක හිතෙන කතාවක් නිසා බාන්නම ඔන
    මමත් බාන්න දැම්මා

  23. රොයිලි

    @ Akila,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට :P

    @chamila,
    ඔය කිව්වෙ කතාවක් :P

    @චමි.දේ.වා.,
    ඔබතුමා ඉතින් බැලුවොත් බලන්නේ පට්ටම ෆිල්ම් නේ. මේකත් ඉක්මනින්ම බලහන් සහෝ. :P

  24. රොයිලි

    @ චම්පික,
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට. චිත්‍රපටය අවසානයේ ඒකයි ඔය බල්ලගෙ ඇත්තම ෆොටෝ එකකුයි පෙන්වනවා. ඒ කියන්නේ බල්ලා තාමත් ස්වාමියා එනකම් බලාගෙන ඉන්නවා. සහෝ ඉන්නෙ ජපානෙද?

    @ මලිත්,
    දුක හිතෙනවා කියලා අන්තිමට හී හී ගන්නේ. එහෙමද දුක හිතෙනකොට :P ස්තූතියි මචෝ කමෙන්ට් එකට.

    @ නිර්නාමික පෙබරවාරි 18th, 2010 at පෙ.ව. 9:34
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :D

  25. රොයිලි

    @ හසී,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට :D

    @ nishantha,
    :P

    @ sam,
    ඉස්සරහට බලමු මචෝ.

    @ Dinushka Udara | රොකියා,
    මෙන්න තවත් හොඳ විස්තරකුත් ලැබිලා තියෙන්නේ. අපරාදෙනේ ලියන්නනේ තිබ්බේ. අපායට ගියත් කලින් යන්න ඕනාලුනේ. :P උඹ ලිව්වනම් මට වඩා හොඳට ලියන්න ගියා අනිවා.

  26. රොයිලි

    @ kathu,
    අනිවා ලස්සන එකක්. බාලම බලන්නකෝ සහෝ. :P

    @asitha perera,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට :D

    @anthr6x,
    අහ් ඔයා එහෙනම් පොතුත් කියවනවා ඈ? හොඳා හොඳා එහෙම තමයි හැදෙන ළමයි. :P

    @ Dushan,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට :P

  27. රොයිලි

    @Don,
    එහෙනම් මේක ඔබ වෙනුවෙන්මයි. :P බාලම බලහන් මචෝ

    @ රන්දික පෙරේරා,
    ස්තූතියි සහෝදරයා කමෙන්ට් එකට. ඒක නෙවෙයි කොහෙද මේ දුවන්නේ. කොහෙ ගියත් කමක් නෑ ඉක්මනින් එනවා හොඳයි :P

    @ rK,
    පට්ට කතාව. දැන් ඔය වචනේ ඉස්සරහට පාවිච්චි කරන්නත් නිකන් මොකක්ද වගේ :P

  28. රොයිලි

    @චන්දික @ekicks...,
    ගොඩක් ම ස්තුතියි මචෝ කමෙන්ට් එකට.

    @තුලන ප්‍රනාන්දු,
    ඒකනේ නිකන් පැත්තකට කරලා තියන්න එපා. බලහන් බලහන් :P

    @mahen,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. අනිවා අනිවා බා ගන්න. :P

  29. dimuthu

    Thanks a lot bro....

  30. චම්පික

    @රොයිලි, නෑ මම දැන් ඉන්නෙ ලංකාවෙ. ඒත් කාලයක් ඔය කියන හරියෙම හිටියා.

  31. Anju

    ‍බොහොම ස්තූතියි. ‍ගොඩක් සංවේදී කතාවක්. හැමෝම අනිවාර්යෙන්ම බලන්න.

  32. danushan

    thankx macho. film 1 nam mara lassanai..........................................................

  33. Uraj Deemantha

    මගේ ඉන්න බල්ලෝ දෙන්නත් පුදුම හිතවත් ගෙදර හැමෝටම..... :) ඉස්සර මම පොඩි කාලේ, අපේ ගෙදර හිටිය බල්ලා, මම අසනීප වුනහම, ඇද ලගටම වෙලා ඉන්නවලු .....!!

  34. AL1717

    Ade Thanks Machan Mama Den Ma Baldiyak Genawa
    Neth Nam Adnakota Case Ekak Nisa.

    Thanks Thanks Mewage Film mama Atha Arinne ne.

  35. තුෂාර

    ම්.. මේකේ වෙන හොද කොපියක් නැද්ද? මේක පොඩි පොඩි ක්ලිප්ස් ගොඩාක්නේ. අනික ෆෝමැට් එකත් ටිකක් අවුල් නේද?

    මේක මම බලපු සංවේදීම කථාව!

  36. Dhanuka

    ela machan
    math asama film ekak thama meka
    bamu,bamu

  37. Dar[K]

    հოო աﻨll รεε

  38. නිශාන්ත

    හචි .. a real story about a real friend. tear comes to the eye. real friendship.

    thanks

  39. Lahiru

    atta tamai meka balala iwara karannat amarui. hondatama andenawa. samahara welawata balana eka natara karannat hitenawa duka wadi kamata.niyama film ekak.

  40. Anonymous

    Hachiko මේක මම බලපු සංවේදීම කථාවක

  41. Dhanuka

    meka nam niyama film ekak, mamath me vage film balanna godak asai. royly ithin dunnoth ekak eka niyamaine. thanks alot for you.
    thava me vage film thiyenawanam kiyyanna puluwanda?
    me thava ekak comment sinhalen type karanne kohomada?

  42. Anonymous

    mara katawa, balannama ona,

  43. අචින්ත

    ටොරන්ට් නැතුව රැපිඩ්ෂෙයාර්, මෙගාඅප්ලෝඩ්, මීඩියාෆයර් වගේ ලින්ක් එකක් නැද්ද?

  44. Madhu

    මගේ බලු පැටියා මේ ළගකදි මැරුණා. මට මේක බලන්න දුකයි. ඒ හින්දා බාන්න හිතෙන්නෙ නෑ. :(

  45. රොයිලි

    @ dimuthu,
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P

    @ චම්පික,
    අහා එල එල මචෝ. තියෙනවනම් ෆෝටෝ එකක් දාහන්කෝ කට්ටියටම බලන්න.

    @Anju,
    අනිවා ස්තූතියි අක්කියෝ කමෙන්ට් එකට.

    @danushan,
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට.

  46. රොයිලි

    @Uraj Deemantha,
    ඒකට කියන්න ඕනා එහෙනම් බලු කම නෙවෙයි මනුස්සකම කියලා නේද මචෝ?

    @ AL1717,
    අනිවා අනිවා එල එල සහෝ.

    @තුෂාර,
    ඒවා එකක් තෝරලා ගත්තහම් ඔක්කොම ටික ඇරෙනවා මචෝ. හොඳ කොපියක් බය වෙන්න එපා. :P

    @Dhanuka,
    එල එල සහෝ ස්තූතියි කමෙන්ට් එකට.

  47. රොයිලි

    @Dar[K],
    අනිවා අනිවා බලලත් කියහන්,

    @නිශාන්ත,
    +1

    @Lahiru,
    ඇත්තෙන්ම සහෝ :P

    @ නිර්නාමික පෙබරවාරි 26th, 2010 at ප.ව. 7:04,
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. පුළුවන්නම් නම් දාලා කමෙන්ට් කරන්න. :P

  48. රොයිලි

    @ Dhanuka Says:
    මාර්තු 1st, 2010 at ප.ව. 12:58 e
    සිංහලෙන් ලියන ලින්ක් එකනම් වාසල සහෝ දීලා තියෙනවා. ස්තූතියි මචෝ මේ පැත්තේ ආවට.

    @ නිර්නාමික මාර්තු 3rd, 2010 at පෙ.ව. 8:05,
    අනිවා අනිවා. :P

  49. රොයිලි

    @Madhu,
    හ්ම්ම්ම්ම් දුක හිතෙන කතාවක් නම් තමයි. හිතලා බලලා තීරණයක් ගන්න එක තමයි හොඳම දේ...

  50. කසුන්

    ගොඩාක් ලස්සන චිත්‍රපටියක්. බොහොම ස්තූතියි මේක ගැන දැම්මට.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.