Watch Trailer

For a Few Dollars More (1965) | තිළිණ දඩය [සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍රපටිය බටහිර ගොපළු චිත්‍රපට එහෙමත් නැත්නම් Cow boy films/ westerns කියලා හඳුන්වන වර්ගයට අයිති එකක්. මේක අශ්වයෝ පිටේ හා ගල් අගුරු කෝච්චි වලින් ගමන් යන, හරි හමන් නීතියක් තිබුනේ නැති පශ්චාත් ඇමෙරිකානු සිවිල් යුධ සමය අලළා කියවෙන කථාවක්. ඒ ගැන චිත්‍රපටියෙම මේ විදියට කියනවා. “ජිවිතයට අගයක් නැති තැ…

For a Few Dollars More (1965)මේ චිත්‍රපටිය බටහිර ගොපළු චිත්‍රපට එහෙමත් නැත්නම් Cow boy films/ westerns කියලා හඳුන්වන වර්ගයට අයිති එකක්. මේක අශ්වයෝ පිටේ හා ගල් අගුරු කෝච්චි වලින් ගමන් යන, හරි හමන් නීතියක් තිබුනේ නැති පශ්චාත් ඇමෙරිකානු සිවිල් යුධ සමය අලළා කියවෙන කථාවක්.

ඒ ගැන චිත්‍රපටියෙම මේ විදියට කියනවා. “ජිවිතයට අගයක් නැති තැන, මරණයට මිළක් තිබිණිˌ මිනිස් දඩයක්කරුවන් බිහි වූයේ ඒ නිසාය” එගම දඩයම පස්සේ ලුහු බැඳ යන දඩයක්කාරයන් දෙන්නෙක් ගැන කතාවක් තමයි මේ චිත්‍රපටයේ දිගහැරෙන්නේ. දඩයක්කරුවන් මේ ගොදුර ලුහු බඳින්නේ එකම අරමුණකින්ද නැතිනම් වෙනස් අරමුණු දෙකකින්ද යන්න චිත්‍රපටය අවසානයේදී බලා ගන්න පුළුවන්.

Sergio Leone කියන අධ්‍යක්ෂවරයා 1965 වගේ ඈත කාලයකදී පණ පොවපු මේ චිත්‍රපටය අදත් රේටින්ග්ස් වල ඉහළින් වැජඹෙන්නේ ඇයි කියලා චිත්‍රපටය බලලම ඔයාලත් හිතන්න. හිතල කොමෙන්ටුවක් දමල අනෙක් අයටත් කියන්න.

පසු සටහන :-

මේ අධ්‍යක්ෂවරයාගෙම A first full of Dollarsˌ The good bad and ugly කියන චිත්‍රපට දෙක සහ මෙම චිත්‍රපටය යන ත්‍රිත්වය The 03 great westerns යනුවෙන් හදුන්වනවා. ඒ වගේම සිනමාකරණය ගැන ඉගෙන ගන්න අයට පැනරෝමා (Panorama) දර්ශන ගැන උගන්වන්න The good bad and ugly චිත්‍රපටය උපකාර කරගන්නවා කියලා මම අහල තියෙනවා.

ඒ වගේම නැගී එන තරැවක් වුනු Clint Eastwood සුපිරි තරුවක් කරන්න මේ චිත්‍රපට ත්‍රිත්වය සුපිරි දායකත්වයක් දැක්වූවා කියන එක තමයි සිනමා ලෝලීන්ගේ හා විචාරකයින්ගේ අදහස.

තවත් දෙයක් කියන්න තියෙනවා. ඒ මෙම චිත්‍රපටයට දාපු සිංහල නම ගත්තේ කොහොමද කියලා. අසූවේ දශකයේ “චිත්‍ර මිත්‍ර” කියන චිත්‍ර කතා පත්තරේට ඇන්ටන් බී. පෙරේරා කියන චිත්‍ර ශිල්පියා මෙම චිත්‍රපටය චිත්‍ර කතාවක් ලෙස ඉදිරිපත් කළා. එම චිත්‍ර කතාවට ඔහු දීල තිබුන නම තමයි “තිළිණ දඩයම”. එම චිත්‍ර කතාව කපල මගේ ඥාතියකු විසින් සකස්කරපු පොතක් ඊට දශකයකට විතර පසු ගැටවර වියේ හිටපු මට දකින්න ලැබෙනවා. මම ගොපළු චිත්‍රපට වෙත ආශක්ත වෙන්නේ ඒ චිත්‍ර කතාව තුළින් ඇති වන පෙළඹවීම හරහායි. ඉතින් එතුමාට උපහාරයක් වශයෙන් මේ චිත්‍රපටයටත් “තිළිණ දඩයම” කියලම නම තබනවා.

For a Few Dollars More (1965) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

f009c86331be3ba00e95cf720af17d79e557e852

1.1 GB කොපිය මෙතනින් බාගන්න

22957f2df0a815a69dfc0b145761964803054a40 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,175 downloadsDownload For-a-Few-Dollars-More-1965.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලාලිත ගුණරත්න සහ තිරන්ති උඩකුඹුර” සොහොයුරාට සහ සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,175 downloadsDownload Subtitles72 KB

52 comments

  1. yasas

    ade maxxama akak 1 st sub aka wage thx digatama denna

  2. was

    Top 250 #109 හ්හ් ලෝකේ 109 ට හොදම එක, පට්ට පතුරු මේකේ අනිත් සබ් නොදීපු එකත් සබ් දෙන්න A first full of Dollars එකටත්

    1. Laalitha

      sure saho....

  3. quik

    thanks

  4. naleen

    mamath banwa palamu sub akata dennatama thxz

  5. amilatk

    jayen jaya!!!

  6. geeth

    all the best meyke anith film akath denna :)

  7. upali

    ela ela ela

  8. tharanga

    බොහොම පින් මචං

  9. I-Prasad Prematunge

    නියමයි මචං! මගේ තාත්තා ගොඩක් ආසයි මේ ෆිල්ම් තුනට :) ජීවත්වෙලා ඉන්නකම්ම මට කිව්වා මේ එක හොයාගෙන බලන්න කියලා :) ගුඩ් බෑඩ් ඇන්ඩ් අග්ලි තමා අපි දෙන්නා එකට බලපු අන්තිම ෆිල්ම් එක. මේවට සබ් දෙනවට තැන්කූ බයිස්කෝප්! සිනමාව හදාරන අයට ඔබලා කරන්නෙ ලොකු සේවයක්!

  10. HarshA LahirU

    පට්ටපතුරු Cow boy film එකක්දිලා තියෙන්නෙ ජය.......

  11. ganidu

    තැන්ක්ස් වේවා!

  12. venura

    ade maxxama akak :)

  13. kalinga

    පළමු වැඩේට දෙන්නටම සුභ පැතුම්,! මේකේ ඉතුරු උන අනෙක් කතාවටත් සබ් දෙමු

  14. mihin ලංකා

    ලෝකේ හොදම එකක් සබ් එක්ක දුන්න එකට පින්

  15. waruna

    thnxQ

  16. ccnp

    Thanks

  17. “චූටී මල්ලි”

    එල එල
    250න් එකක් නිසා
    ලෙසටම ඇති ෆිලිම් එක
    තවත් සහෝදරියක් එකතුවෙලානෙ
    අපිට, දිගටම දෙමු සබ්
    ඔබලාට ජය...........

  18. kalana

    mey wage patta awa denawata oyalata godak thnxxxxxxxxxxxxxxxx

  19. lalith

    Not 'first full of dollars', It should be 'fist full of dollars'

    1. Laalitha

      Yes it should be Fist full of dollars. Hope admins will correct the typo.

  20. සචිත උදාර

    ෆිල්ම් තුනම තියෙනවා. මේ ෆිල්ම් එකට උපසිරැස ලබා දුන්නු එකට බොහොම ස්තූතියි.

  21. sura

    niyamai machan meka honda film ekak e wagema meke ena music eka hamoma ahala thiyena ekak mama hithana widiyata film eka nobaluwath music eka wadi denek ahala thiyenawa

  22. sarath

    lot of thanks i like this movie.

  23. නලින්

    ස්තුතියි දෙසොයුරන්ට

    ජය වේවා!

  24. saman

    ඩීමන් ආනන්ද ශිල්පියා "තවත් එක් ඩොලර් කීපයක්" කියල මේකෙන් කතාවක් ලිව්වා

  25. t.p.chathuranga

    jaya weva........
    A first full of Dollars 1tath denna.

  26. රොයිලි

    බොහොම ස්තූතියි ඔබ දෙන්නාටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය෴෴ :P :P

  27. viraj

    Patta film ekak ne

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට ඔබ දෙපලට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  29. kattz

    උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි.....

  30. සශින්ද්‍ර

    නියමම කතාවක් ගෙනැල්ල නේ
    එල එල පට්ට කතාවක්
    අනිවා බලන්න ඕනේ මේක නම් අමුතුම පහරක්
    බොහොම පින් සබ් එකට මචෝ

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. sd

    niyama film ekak

  33. piyasiri

    Mama kemathima cow boy film eka upa sirasi dunnata godak pin siththara chithra katha paththarayata A.p.leelarathna chithra cilpiya me kathawa sellan salli namin chithra kathawak lesa palakala.

  34. charlie

    thanks

  35. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  36. w a thilak

    මේක බාන්න ගෝඞාක්ප්‍රමාද වුනා.කොහෝමවුනත් අද බානවා.

  37. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  38. VIRAJ

    ela ela

  39. Indika

    දෙන්නටම බොහොම ස්තූතියි .....෴

  40. Suresh

    Maxxx wedak >>>>

  41. අසිත

    elama saho thanks

  42. Waruna Kamalawansha

    මේ පුසිරි ත්‍රිත්වය සිංහලෙන් ගෙනාවාට ස්තූතියි

  43. Waruna Kamalawansha

    මේ සුපිරි ත්‍රිත්වය සිංහලෙන් ගොනාවාට බොහෝම ස්තූතියි

  44. LSM HUSKAA

    දෙන්නටම බොහොම ස්තූතියි

  45. Waruna Kamalawansha

    සුපිරි එකතුවක්.... බොහෝම ස්තූතියි උපසිරැසියට....

  46. Kalanacosta

    thanks ........

  47. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  48. Ravidu Ishan

    සබ්එකට Tnx mchn ✌️✌️ ජය!!

  49. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.