Watch Trailer

Free Guy (2021) Sinhala Subtitles | නිදහස් නගරයේ නිදහස වෙනුවෙන් [සිංහල උපසිරසි]

බොහෝ දෙනෙක් පුන පුනා බලාගෙන හිටපු කතාවකට උපසිරැසි දෙන්න තමයි මේ සූදානම. ගොඩක් අය ලිපිය කියවලා නොදන්න දෙයක් තියෙනවනං අවබෝධයක් ලබාගන්නවනං හොඳයි මොකද කිව්වොත් ගේම් නොගහන අය චිත්‍රපට බලනවා වගේ ගේම් ගහන සමහර අයත් කතාවේ බාවිතා වෙන සමහර කෙටි යෙදුම් වගේ දේවල් ගැන වැඩිමනක් අවබෝධයක් නැති නිසා කතාවේ සමහර තැන්…

බොහෝ දෙනෙක් පුන පුනා බලාගෙන හිටපු කතාවකට උපසිරැසි දෙන්න තමයි මේ සූදානම. ගොඩක් අය ලිපිය කියවලා නොදන්න දෙයක් තියෙනවනං අවබෝධයක් ලබාගන්නවනං හොඳයි මොකද කිව්වොත් ගේම් නොගහන අය චිත්‍රපට බලනවා වගේ ගේම් ගහන සමහර අයත් කතාවේ බාවිතා වෙන සමහර කෙටි යෙදුම් වගේ දේවල් ගැන වැඩිමනක් අවබෝධයක් නැති නිසා කතාවේ සමහර තැන් නොතේරී යන්න පුළුවන් කම තියෙන්න පුළුවන්. එ් වගේම සමහර අයට කතාව එකපාරක් බලපු ගමන්ම කතාවේ සමහර වැදගත් තැන් නොතේරෙනවා වෙන්නත් පුළුවන්. ඒ තැන් උපසිරැසිය ඇතුලේම පැහැදිලි වෙන්න තේරුම් දීලා ඇති.

මුලින්ම කතාව ගැන කිව්වොත්, ප්‍රධාන චරිතය විදියට ගැනෙන්නේ Guy කියලා කෙනෙක්. මේ කෙනාට ගයි කියලා නම දීලා තියෙන්නේ එයා කතාවේ ප්‍රධාන චරිතය වුනත් කතාවට මූලික වෙන ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවේ කිසිම වැදගම්මකට නැති චරිතයක් නිසා. ගයි කියන වචනයේම තේරුම පිරිමි කෙනෙක් හඳුන්වන්න ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වෙන සර්වනාම පදයක්. ඒ වගේම යාලුවා කියන අර්ථය ඇති විදියටත් මේ වචනය බාවිතා වෙනවා. ඉතිං සිංහලෙන් කොල්ලා, හාදයා, යාලුවා වගේ වචන වලින් හඳුන්වන්න පුළුවන් මේ කොලු ප්‍රධාන චරිතය අපි GTA වගේ ගේම් වලදී පාරේ වාහන වලින් හප්පගෙන යන, කම්මැලි හිතුනු වෙලාවට හතර වටේට වෙඩි තියලා මරලා දාන ජාතියේ වැදගැම්මකට නැති චරිතයක්. ඉතිං ගොඩක් වීඩියෝ ක්‍රීඩා කරන අය මේ වගේ චරිත උන්නත් දාහයි මලත් දාහයි ගාණට දාලා තමයි අදාල ක්‍රීඩාව සිද්ධ කරගෙන යන්නේ. ඉතිං මේ කතාව හදලා තියෙන්නේ වීඩියෝ ක්‍රිඩාව කරන ක්‍රීඩකයෙක් මූලික කරගෙන නෙමෙයි. හැබැයි එහෙම හදපු චිත්‍රපටයක් තමයි Ready Player One කියන්නේ. මේක තරමක් Tron චිත්‍රපටයත් Ready Player One චිත්‍රපටයත් එකට එකතුවුනු ගුණාංග තියෙන මේ කතාවටම කියලා ආවේණික වෙනස්ම විදියේ ලොකු කොටසක් අලුතෙන්ම එකතුවුනු නිර්මාණයක්. ඉතිං මුලින් සඳහන් කරන්න ගියේ මේ කතාවට දෘශ්ඨිකෝණයට අරගෙන තියෙන්නේ ලොකු වීඩියෝ ක්‍රීඩාවක ක්‍රීඩා නොකර චරිත (NPC = Non Playing Character) ඒ ලෝකය තුල ගත කරන ජීවිතය මොන වගේද කියන එක වගේම, ඒ වීඩියෝ ක්‍රීඩාව තුල ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ එයාලා දකින්නේ මොන විදියටද? ක්‍රීඩකයෝ නිසා එයාලගේ ජීවිතය මොන වගේ ජීවිතයක් ද? කියන කාරණා ගැනයි.

ඉතිං මේ කාරණා අනුව චිත්‍රපටයක් ගොඩනගන්න ඕනේ නිසා ගයි කියන NPC චරිතය කෘතීම බුද්ධියක්, ඒ කියන්නේ (AI = Artificial Intelligence) විදියට තමයි කතාව තුල හඳුන්වන්නේ. දැනට ලෝකේ ගොඩක් පරිගණක ක්‍රීඩා වල ඉහල මට්ටමෙන් කෘතීම බුද්ධිය බාවිතා වෙන නිසා මේ චිත්‍රපටය වීඩියෝ ක්‍රීඩා පිලිබඳ හසල දැනුමක් තියෙන අයට අමුතු සංකල්පයක් වෙන එකක් නෑ. ඉතිං මේ කෘතිම බුද්ධිය නිර්මාණය වෙන්නේ මිලී රස්ක් සහ කීස් කියන මෘදුකාංග ඉංජිනේරු වරයෝ දෙන්නා නිසා. මේ දෙන්නා Life Itself කියලා අපේ ලෝකය වගේම ලෝකයක් පරිගණකයක් තුන නිර්මාණය කරනවා. මේ ලෝකය තුල ඉන්න මිනිස්සු ඉපදිලා වයසට ගිහිල්ලා ලෝකේ තියෙන අලුත් දේවල් ඉගෙනගෙන, තමුන්ට කියලා සහකාරයෝ, සහකාරියෝ හොයාගෙන ආදරෙන් බැඳිලා පවුල් ජීවිත ගත කරන, සාමාජීය ජීවිත ගත කරන ආකාරයට හදපු ක්‍රීඩාවක් තමයි මේක. මේ වගේ ගේම් වලට කියන්නේ Fish Bowl ක්‍රීඩා කියලා. ඒකට හේතුව තමයි අපි මාලු ටැංකියක් ගෙනාවා කියලා මාලු එක්ක සෙල්ලං කරන්න බෑනේ. අපි මාලු ටැංකියක් එක්ක කරන්නේ ඒක දිහා බලාගෙන උන් එහේ මෙහේ ගිහිල්ලා උන්ගේ වැඩක් කරගෙ ඉන්න දිහා බලාගෙන ඉන්න එක විතරයි. ඉතිං මේ ගේම් එකෙත් එයාලගේ වැඩකිඩ චිත්‍රපටයක් ඇතුලේ ඇවිදගෙන ගිහින් චරිත වලට බාධාවක් නොවී ඒවා නිරීක්ශණය කරන්න පුළුවන් විදියට හදලා තියෙන නිසා තමයි එහෙම කියන්නේ.

ඉතිං මේ ගේම් හැදුවා කියලා නිකංම රිලීස් කරන්නත් බෑ. ඒවා ටිකක් අමාරු වැඩ. හොඳවැයින් ගේම් එකක් හැදුවා කියන්නේ ඉතිං ඒ වගේ ඒවා ප්‍රසිද්ද කරලා බෙදා හරින්න, ඒවා වෙනුවෙන් ඇඩ් හදලා වියදම් කරලා ප්‍රචාරයක් දෙන්න, ඒවා විකුණන ඒවා පිලිවෙලකට විකුණන්න, හොරකම් වගේ දේවල් නතර කරලා නීතිමය රාමුවක් ඇතුලේ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතිං මේ වගේ දේවල් නිසා ඒ වෙනුවෙන්ම වෙන්වුනු පරිගණක ක්‍රීඩා සමාගම් තියෙනවා. ඉතිං මේ වගේ සමාගමක් තමයි Soonami කියන්නේ. මේ සමාගමේ අයිතිකාරයා ඇන්ට්වන් කියන මනුස්සයට මිලී සහ කීස් දෙන්නා තමුන් හදපු ක්‍රීඩාව බාරදෙනවා මේක විකිණීමේ සහ ප්‍රචාරණ වැඩ කටයුතු වල වැඩ සිද්ධ කරන්න. ඉතිං කොහොම වුනත් බාරගත්තු එක ප්‍රචාරය කරලා විකුණනවද නැද්ද කියන එක බාරවෙන්නේ ඇන්ට්වන්ට. ඉතිං එහෙම බාර දුන්නට පස්සේ එයාට පුළුවන් ඒක විකුණන්නේ නැතුව ඉන්නත්. ඒ වගේම බාරදීමත් සමග එයාලට මුදලකුත් ලැබෙනවා. මේ නිසා මේ ක්‍රීඩාව වෙන සමාගමකට විකිණීම කරන්න අයිතියත් ගොඩක් ගණුදෙනු වලදී මෘදුකාංග රචකයන්ට අහිමි වෙනවා. ඉතිං මේ කතාවේදීත් ඇන්ට්වන් මේ ක්‍රිඩාව ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාගෙන ඒක ප්‍රකාශ කරන්නේ නැතිව, Free City කියන නමින් අලුත් ක්‍රීඩාවක් නිර්මාණය කරනවා. මේ ක්‍රිඩාවේ වැඩිදියුණු කිරීම් වගේ දේවල් වලට Life Itself කියන ක්‍රීඩාව හදන්න උදව් කරපු කීස් කියන කෙනාවත් ඇන්ට්වන් විසින් තමුන්ගේ සමාගමට බඳවා ගන්නවා. නමුත් මිලීට Free City ක්‍රීඩාව දැක්කට පස්සේ දැනෙන්න ගන්නවා එයාලා හදපු Life Itself ක්‍රීඩාවේ කෘතීම බුද්ධය පාවිච්චි කරලා තමයි මෙයාලා මේ Free City ක්‍රීඩාව හදලා තියෙන්නේ කියලා. ඒ නිසා එයා ඇන්ට්වන්ට විරුද්ධව නඩු ප්‍රකාශ කරනවා. ඒත් නඩුවක් දිනන්න තමුන්ට මෙහෙම දෙයක් දැනෙනවා කියලා විතරක් උසාවියට ඉදිරිපත් කරලා නඩුවක් දිනන්න බෑ. ඒකට පැහැදිලි සාක්ශි ඉදිරිපත් කරන්න වෙනවා.

ඉතිං කලින් කිව්වා වගේ සමාගමක් මෘදුකාංගයක ප්‍රකාශන අයිතිය ලබාගත්තා කියන්නේ ඒ සමාගමට හැකියාව තියෙන්නේ ඒ මෘදුකාංගයේ විකිණීම සහ ප්‍රචාරය සම්බන්ධයෙන් කටයුතු කිරීම පමණයි. ඒ වගේම ඒ මෘදුකාංගය විකුණුවට පස්සේ ලැබෙන මුදලින් ප්‍රතිශකයක් ප්‍රකාශණ අයිතිය ලබාගැනීමේදී කර්තෘ සහ ප්‍රකාශකයින් අතර ඇතිකරගත් පූර්ව එකඟතාවක් අනුව ගෙවන්න සිද්ධ වෙනවා. මේකට තමයි රෝයලිට් එක එහෙම නැතිනම් කර්තෘ බාගය කියලා කියන්නේ. හැබැයි ප්‍රකාශකයින්ට අයිතියක් නෑ කර්තෘ විසින් ලබාදුන්නු මෘදුකාගයේ කිසිම කොටසක් හෝ මුලු මෘදුකාංගයම, ප්‍රකාශක සමාගම තුල වෙනත් නිර්මාණ කිරීමට හෝ වෙනත් සමාගමක් තුල නිර්මාණ කිරීම සඳහා කර්තෘට නොදන්වා ලබාදීමක් සිදු කරන්න. එහෙම කරන්න බැරි වෙන්න නීති ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා තමයි Software Licensing මෘදුකාංග බලපත්‍රගත කිරීම කියන්නේ. ඉතිං මෙතනදී ඇන්ට්වන් විසින් ප්‍රකාශණ අයිතිය ලබාගත් Life Itself ක්‍රීඩාව ප්‍රකාශණයට පත් කිරීමක් නොකර කර්තෘ වරුන්ට හොරා ඒ ක්‍රීඩාව පාදක කරගෙන Free City කියලා ක්‍රීඩාවක් නිර්මාණය කරනවා. ඉතිං මෙතනදී ඕනෑම පරිගණක ක්‍රීඩාවක සරලව බැලුවොත් මූලික විදියට කොටස් දෙකක් බෙදන්න පුළුවන්. ඒ තමයි මතුපිට පේන කොටස සහ මතුපිට පෙනෙන කොටස් පාලනය කරන තාර්කික කොටස. ඉතිං මෙතනදී මතුපිට පේන කොටසට කියන්නේ Build එක කියලා. මේ බිල්ඩ් එක තමයි ගස්කොලන්, ඉන්න මිනිස්සු වගේ අය අපිට පේන්නේ. මේ වගේ අයට වෙඩි තිබ්බොත් මැරෙනවද? බෝම්බ වගේ ඒවට බිල්ඩින් කුඩු වෙනවද නැද්ද? මැරෙන්න පුළුවන් මොන වගේ දේවල් වලින්ද? තරඟය දිනන්නේ මොන වගේ දේවල් කලොත්ද? වගේ දේවල් තීරණය කරන්නේ තාර්කික කොටසින්. ඉතිං කතාවේ ඉන්න මිලී මුලදී හිතන්නේ මේ ඇහැට පේන බිල්ඩ් එක කියන කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තාර්කික කොටස පාදක කරගෙන ඇන්ට්වන් විසින් Free City කියන ක්‍රීඩාව නිර්මාණය කලා කියලා. ඉතිං මෙතනදී සිද්ධ වෙන්නේ Fish Bowl ගණයේ ක්‍රීඩාවක් Interactive ගණයේ ක්‍රීඩාවක් වන වෙඩි තැබීමේ ක්‍රිඩාවක් විදියට නිර්මාණය කරපු එක.

ඉතිං මේක උසාවියේදී ඔප්පු කරන්න සාක්ශි හොයාගෙන මිලී විසින් ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩාව ඇතුලට වෙලා හෝඩුවාන් හොයන අතරේ තමයි, ගයි කියන NPC චරිතයට මැයව හමුවෙන්නේ. මෙතනදී මුලදී කවුරුවත් දන්නේ නෑ ගයි කියන්නේ NPC කෙනෙක් කියලා. කවුරුත් හිතන්නේ අති දක්ශ හැකර් කෙනෙක් NPC කෙනෙකුගේ හැඩරුව අරගෙන ගේම් එකට ඇතුලත් වෙලා ඉන්නවා කියලා. ඉතිං පසුව මේ ගයි මිලීගේ චරිතය වෙන MolotovGirl කියන චරිතය සමග ආදරෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔහු ප්‍රචන්ඩත්වයට අකමැති කෙනෙක්. ගයිට ඕනේ වෙනවා ගේම් එක ඇතුලේ ලෙවෙල් අප් වෙලා මේ කෙල්ලගේ හිත ගන්න. ඉතිං මේකට මෙයා ක්‍රීඩාව ඇතුලේ ලෙවෙල් අප් වෙන අතරේ ලෝකය පුරාම මෙයා ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙනවා. ඒ ප්‍රසිද්ධියට පත්වෙන්නේ ලෙවෙල් අප් වෙන්න හැම කෙනෙක්ම නරක දේවල් කරන අතරේ මෙයා නරක වැඩ කරන අයව නතර කරලා, හොර මැරකම් නතර කරලා ඒවායින් ලෙවෙල් අප්වෙන එකයි. ඉතිං මේ වගේ ගහමරාගන්න හදපු ක්‍රීඩාවක් ඇතුලේ කවුරු වුනත් ඒ විදියට හැසිරෙනවා කියන්නේ කාගේත් ඇස් එයා වෙතට යොමු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ගයි බොහෝම දක්ශ විදියට ක්‍රීඩා කරන නිසා තමයි මේ ප්‍රසිද්ධියට තවත් හේතුවක් වෙන්නේ.

ඉතිං මිලීට තමුන්ගේ නඩුව දිනන්න පුළුවන් වේවිද? ගයිට මොනවයින් මොනවා වේවි ද? මේ හැම දෙයක්ම දැනගන්න කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

33,809 downloadsDownload Free.Guy_.2021.zip134 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

33,809 downloadsDownload Subtitles134 KB

72 comments

  1. නිර්මාල් විමුක්ති

    Sub ekata thanks aiye...

  2. Sioa

    Sub එක දෙන්නෙ කොයි වෙලාවෙද කියල බලන් හිටියෙ. බොහොම ස්තූතියි

  3. Sipa

    Sub එක දෙන්නෙ කොයි වෙලාවෙද කියල බලන් හිටියෙ. බොහොම ස්තූතියි

  4. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...

  5. Gihan

    සබට තුති සහෝ ........
    ජය.......

  6. Pramod

    Thanks bro sub ekata jaya vewa.

  7. Kushan

    Sub akta thanks

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Nobody

    Tnx saho sub ekata film eka apu dwse idan balan hitiye kawada sub eka ewida kiyala

  10. Anonymous

    Uda wisthare spoiler alert ekka danna.

  11. Kalanacosta

    Thank you!!!

  12. Anuja Lakshitha

    thanks sub ekata

  13. Dhanushka

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. indika 75

    thanks..

  15. සංජන චමෝද්

    ලිපිය සුපිරියක්. 🤗
    ඒ වගේම,

    උපසිරැසියටත් ස්තූතියි

    අයියෙ. 🤪

  16. Nilush Angana

    Sub ekata thanx

  17. HARITH MANJITHA

    enakan hitie kollo thanks

  18. Anonymous

    Tnx bro...Good Luck...

  19. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  20. Anonymous

    එලකිරි සුපිරිකිරි

  21. Lakshansilva18

    thanks for subtitles

  22. ලව්ලි බෝයි

    සබ් එකට ස්තූතියි බ්‍රෝ.... ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් බලාගෙන හිටියෙ ඇගිලි ගැන ගැන. හැබැයි රිලීස් උනාට පස්සෙත් බ්ලූ රේ කොපිය එනකම් ඩවුන්ලෝඩ් කරේ නෑ. දැන් ඉතින් බලන්න තියෙන්නෙ.. ජය වේවා... සබ් එක සුපිරියට ඇති කියල හිතනවා.

  23. Rush

    Ela

  24. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  25. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  26. Anonymous

    Thanks Brother

  27. Pramukmili

    Thanxx bro....

  28. D.Chamara

    bohoma sthuthi ..

  29. Tharuka

    ❤️well done bro

  30. Anonymous

    Superb..

  31. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. susitha Sewmina

      Thanks for subtitle

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  33. Anonymous

    Thanks for the subtitles

  34. Naveen

    උපසිරසියට තුති

  35. Anonymous

    Thanks

  36. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  37. Sujith

    Tnx

  38. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!

  39. damith

    thanks bro. jaya wewa....!!!

  40. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  41. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  42. Dan

    Thank You ...

  43. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  44. kukula

    mama canux bro man waradi karayek kiyala mn piligannawa eth mama kolloghl na

  45. mindika

    Thanks !!!

  46. අසේල

    වැඩ්ඩෙක් මහත්තයෝ.. ඔයා

  47. Shaveen De Mel

    Thank You very much <3

  48. Malith Samarawickrama

    Thanks bro sub ekata

  49. Anonymous

    Hitman's Wife's Bodyguard eka BR walata update karanne nadda; dan godak kal idan balan inne. Aduma gane dala thiyena WebRip ekawath hariyata nahane

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments