Garden of Words (2013) | වැස්ස සමඟ ඇති වූ බැඳීම. [සිංහල උපසිරසි සමඟ] ඉස්සෙල්ලම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරසි පරිවර්තනය. ඒක නිසා සිදුවන සියලු ආකාරයේ අතපසුවීම් හා වැරදීම් වලට කනගාටුව. එහෙම වැරැද්දක් තියෙනවනම් ඒකත් කමෙන්ට්ස් වල කියන්න අමතක කරන්න එපා. 🙂 The Garden of Words කියන්නෙ පසුගිය අවුරුද්දෙ ත…

Garden of Words

Garden of Words (2013) | වැස්ස සමඟ ඇති වූ බැඳීම. [සිංහල උපසිරසි සමඟ]

ඉස්සෙල්ලම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරසි පරිවර්තනය. ඒක නිසා සිදුවන සියලු ආකාරයේ අතපසුවීම් හා වැරදීම් වලට කනගාටුව. එහෙම වැරැද්දක් තියෙනවනම් ඒකත් කමෙන්ට්ස් වල කියන්න අමතක කරන්න එපා. 🙂 The Garden of Words කියන්නෙ පසුගිය අවුරුද්දෙ තිරගත වුණු ජපන් කෙටි චිත්‍රපටියක්. මේක Anime Film එකක්. විනාඩි 45ක විතර ධාවන කාලයක් තියෙන මේ චිත්‍රපටිය අවුරුදු විසිහතක් වයසැති කාන්තාවක් හා උසස් පාසල් ශිෂ්‍යයෙක්ගේ අපූරු හමුවීමක් ගැන කතාව කියනවා.

මේ දෙන්නම හමුවෙන්නෙ එක්තරා උද්‍යානයකදි. වැස්සට ගොඩක් ආදරේ කරන මේ දෙන්නා, වැසි දිනවලදි තමන්ගෙ අනිත් හැම වැඩේම අතපසු කරලා, ඒ කියන්නෙ මේ කාන්තාව එයාගේ රැකියාවත්, මේ ශිෂ්‍යයා එයාගේ පාසල් ගමනත් අතපසු කරලා, මේ උද්‍යානයට එන්නෙ ඒ අය ආදරය කරන මේ වැස්සෙ ඒ අයගෙම ලෝකෙක තනිවෙන්න. මේ පාසල් ශිෂ්‍යයා ඇත්තටම ඉගෙන ගන්න එච්චර කැමැත්තක් දක්වන කෙනෙක් නෙමෙයි. එයාගෙ හීනය කවදහරි සපතේරුවෙක්, එහෙම නැත්තම් සපත්තු මහන්නෙක් වෙන එක. කොහොම නමුත්, ටිකෙන් ටික කතාබහ කරන්න පටන් ගන්න මේ දෙන්නා, කාලයත් එක්ක තමන්ගෙ ජීවිතේ ගැන, තමන්ගෙ ප්‍රශ්න ගැනත් එකිනෙකා එක්ක කතාකරන්න පටන් ගන්නවා. ඒත්, වැසි කාලය හැමදාමත් පවතින්නෙ නෑ. ඒ කියන්නෙ, වැසි කාලෙ නිමාවත් එක්කම මේ දෙන්න අතර පවතින මේ අපූරු මිතුදමකට එහා ගිය අපූරු බැඳීමත් නැතිවෙලා යාවිද? ඇයගෙ ජීවිතේ තියෙන අනේක විධි ප්‍රශ්න, ඒ වගේම ඇය පෙළෙන ඒ අමුතු රෝගය, මේ දේවල් වලට ඔහුට පිළිතුරු සොයාදෙන්න හැකිවේද? මේ The Garden of Words ඔබට කියන අපූරු කතන්දරයයි.

despicable-me-minion-madness

Despicable Me Presents: Minion Madness (2010) | මිනියන්ලා…… [සිංහල උපසිරසි සමඟ]

චමිදේවා අයියා දුන්න අධමයා මමයි නොහොත් Despicable Me සහ අපෙ රෙහාන් මල්ලි විසින් ඔයාලට අරන් ආපු එහි අලුත් මෙහෙයුම (Despicable Me 02 ) බලපු ඔයාලා, වීමා දුන්නු Mini Movies තුනත් බැලුවනේ. ඉතින් මමත් YouTube පැත්තේ රවුමක් යද්දී තමයි තවත් Mini Movies තුනක් හොයාගත්තේ. මේවත් කලින් ඒවා වගේම මිනියන්ලාගේ පිස්සු වැඩ ටිකක් තියෙන ඒවා. එහෙනම් සමුගන්නවා. මේ දවස් වල වැඩ වල හිරවෙලා ඉන්න නිසා වෙනද වගේ අලුත් සබ් එකකින් ඉක්මනට හමුවෙමු කියලනම් කියන්න වෙන්නේ නෑ. ලැබෙන වෙලාව අනුව සබ් එකකින් හමුවෙමු.

Shazam mini

DC Showcase: Superman/Shazam!: The Return of Black Adam (2010) | සුපිරි මිනිසා/ශසෑම් වීරක්‍රියා. [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලට බලන්න ගෙනාවේ ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක වල 7.0/10 ගන්න සමත්වෙලා තියන, සුපිරි ඇනිමේෂන් එකක්. අපි දැන් කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

ඔයාලා ඔක්කොම දන්න සුපිරි මිනිසා, ආ අන්න එයත් මේකේ ඉන්නවා. තව කොමික් ගැන දන්න අය දන්නවා ඇති ශාසැම් කියලා සුපිරි වීරයෙක් ගැන. අන්න එයා ගැන තමයි මේකේ තියෙන්නේ. පොඩි කොල්ලෙක් ඉන්නවා අම්මයි තාත්තයි නැතිවෙච්ච. හැබැයි මේ ළමයා හරිම නිර්භීතයි. දවසක් පොඩි කලබලයක් වෙලාවේ මෙයාගේ අලුත් යාළුවෙක් මෙයාට ටෝකන් එකක්(කාසියක්)දෙනවා. ඒකෙන් පස්සේ මෙයාගේ ජීවිතය වෙනස් වෙනවා. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ. බලලා ගුණ අගුණ එහෙම කියන්න හොදේ. තවත් සලරුවකින් හමුවෙමු. ජය……………!!!

 

Garden of Words (2013)

1.03GB කොපිය මෙතනින් බාගන්න

81F1DD5A1A28AAD72B43156B25928DB7FB6AC8D6

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාන් වීරරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Despicable Me Presents: Minion Madness (2010)

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය මෙතනින් බාගන්න

79484E503774C66C01011D6499BC9474BDF0582C

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

DC Showcase: Superman/Shazam!: The Return of Black Adam (2010)

300 MB කොපිය මෙතනින් බාගන්න

907d48f359486fb597031c3bd7b254e73c50b0d6

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිරංග ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

1,260 downloadsDownload 3.Short_.movies.baiscopelk.zip31 KB

Subtitles

1,260 downloadsDownload Subtitles31 KB

32 comments

  1. wele

    thanks kollo niyamai lipiya kiyewwa banna damma film eka balalama visthara kiyannamko....................budu saranai

  2. Nisal lakshan

    ela ela animation dena eka watinawa

  3. Thisara Neo

    තුෂාන් වීරරත්න සහ චිරංග ශාන් සොයුරන්ට බොහොම ස්තූතියි තවත් ලස්සන කෙටි ඇනිමේෂන් දෙකක් දුන්නට

    1. Thisara Neo

      තුෂාන් සහෝව සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට

  4. datshana

    Fattai machan... thanks...

  5. kasun

    ela ela mchn

  6. sajeewa

    thanks digatama sub denna good job mchn

  7. Chathura Madusanka

    ela ela maru maru

  8. Emi

    Thank you

  9. “චූටී මල්ලි”

    දැනුයි තේරුනෙ මොකද්ද සීන් 1 කියලා
    3න් දෙනෙක් කෙටි පටි 3ක් කරලා එවල
    3ම 1ට දලා
    නිකන් පික්සු වගෙ නෙ
    සබ්වලට තුති
    ඔබලට ජය.........

  10. තුෂාන් වීරරත්න

    කමෙන්ට් කරපු, සබ් බාගනිපු හැම කෙනෙකුටම බොහොම ස්තූතියි. වැරදි අඩුපාඩුත් කියල යන්න අමතක කරන්න එපා. පළවෙනි සබ් එක නිසා වැරදිනම් කෙල කෝටියක් ඇති. ඒ ගැන සමාව භාජන දෙකක් විතර මාව දමනු මැනවි. :)

  11. chandima

    niyamai thaz sub akata thaz....

  12. Sanjaya

    Aluth Widihak/// Thank Saho...

  13. රොයිලි

    බොහොම ස්තූතියි තුන්දෙනාටම සිංහල උපසිරැසි වලට. ඒ වගේම තුෂාන් සහෝව සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. තුෂාන් වීරරත්න

      බොහොම ස්තූතියි රොයිලි අයියේ. :)

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමුව තුෂාන් සහෝගේ පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
    තිසර නියෝටත් ස්තුතියි මේකත් මඟ නොහැර ගෙනාව එකට,ජයවේවා.
    ඒ වගේම චිරංග සහෝටත් ස්තුතියි,ජයවේවා.

    1. තුෂාන් වීරරත්න

      බොහොම ස්තූතියි.. :)

  15. ශාන් විමුක්ති [විමා]

    තුෂාන් සහෝව සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
    තුෂාන් යනු තවත් හසන්ත කෙනෙක්ද? මට මතක හැටියට හසත් එකතු වෙලා තිබුනේ මුලින්ම කෙටි චිත්‍රපටයකට උපසිරසි ලබා දීලා තමයි. බලමු තුෂාන් යනු තවත් හසන්ත කෙනෙක්ද කියලා ;)

    ඒ වගේම තිසර සහෝ, ශාන් සහෝ දෙන්නටම බොහො.....ම ස්තුතියි
    මෙන්න බානවා! :D

    1. තුෂාන් වීරරත්න

      තවත් හසන්ත කෙනෙක් වීමනම් ලේසි පහසු නොවනු ඇත. ඒත් තවත් හසන්ත කෙනෙකු වීමේ මාර්ගයට පිවිසීමට හෝ යත්න දරමි. :)

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට. :)

    2. අසෙල්

      he heeeeeeeee
      ela kollo

  16. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  17. lakmal

    thx mchn................

  18. Thisara Buddhika (තිසර නියෝ)

    අදහස් දැක්වූ සැමටම තුති

  19. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  20. hashen

    niyamai sahoo

  21. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  22. Vishnuka

    Rendez-vouz 2015 Eketh garden of word wagemai meketh sub karamuda aiiye........

  23. sasanka sathyajith

    Thanks fo the sub

  24. Anonymous

    Thnx bro

    1. Ruth

      මේ සබ් වැඩ නෑනේ. ඉක්මනට හදන්න පීලීස්(විශේෂයෙන්ම The Garden of The Words )

  25. Anonymous

    ❤️❤️❤️❤️

  26. Ruth

    මේ සබ් වැඩ නෑනේ. ඉක්මනට හදන්න පීලීස්(විශේෂයෙන්ම The Garden of The Words )