Watch Trailer

Backrooms (2026) Sinhala Subtitles | වැරදි ස්ථානවල නොසිටීමට ඔබ ප්‍රවේශම් වන්න! [සිංහල උපසිරැසි]

Backrooms (2026) Sinhala Subtitles ආයුබෝවන් යාළුවෝ හැමොටම. මේ දවස්වල අතිශය ජනප්‍රිය උන ෆිල්ම් එකක් ඩිජිටල් රිලීස් උන ගමන් ඔන්න ඔයාලට අරගෙන ආවා. ඇත්තටම මේ අවුරුද්ද හොරර් ෆෑන්ස්ලටනම් සුපිරි අවුරුද්දක්. මොකද හැමදාම එකම තේමාවෙන් බැහැර වෙලා වෙනස්ම විදියේ හොරර් තේමාවන් රැගත් හොඳ නිර්මාණ කීපයක්ම මේ අවුරුද…

Backrooms (2026) Sinhala Subtitles

ආයුබෝවන් යාළුවෝ හැමොටම. මේ දවස්වල අතිශය ජනප්‍රිය උන ෆිල්ම් එකක් ඩිජිටල් රිලීස් උන ගමන් ඔන්න ඔයාලට අරගෙන ආවා. ඇත්තටම මේ අවුරුද්ද හොරර් ෆෑන්ස්ලටනම් සුපිරි අවුරුද්දක්. මොකද හැමදාම එකම තේමාවෙන් බැහැර වෙලා වෙනස්ම විදියේ හොරර් තේමාවන් රැගත් හොඳ නිර්මාණ කීපයක්ම මේ අවුරුද්දේ නිකුත් උනා. ඒ වගේම මේ නිර්මාණ ඉතා හොඳ ආදායම් වාර්තා ලබාගන්න සමත් උනා කියලත් මතක් කරන්න ඕන. අන්න ඒ වගේ ඉතා හොඳ බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත්ත ඒ වගේම වෙනස් ආකාරයේ සිනමාපටයක් විදියට Backrooms හඳුන්වන්න පුළුවන්. මේක ඇමරිකාවේ සිනමාශාලාවලට නිකුත් උනේ පසුගිය මැයි මාසේ 29 වෙනිදා වගේම ඒ වගේම ෆිල්ම් එකේ ඩිජිටල් පිටපත් නිකුත් උනේ අද  බවත් කියන්න ඕන.

ලොව ප්‍රකට YouTube ක්‍රියාකාරිකයෙකු වන Kane Parsons කියන තරුණයා 2022 වසරෙදී අපූරූ වැඩක් කරනවා. ඒ අන්තර්ජාලයේ දැකපු ඡායාරූපයක් පදනම් කරගෙන මෙයා Backrooms කියලා කොටස් 24කින් සමන්විත වෙබ් කතාමාලාවක් යූටියුබ් එකට එක් කරනවා. නොහිතපු විදියට මේ සීරීස් එකට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දි 2023 වසරෙදි A24, Chernin Entertainment,21 Laps Entertainment සහ Atomic Monster ආයතන එකතුව මේ ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිකුත් කරන බවටත් Kane Parsons විසින්ම එහි අධ්‍යක්ෂණ කටයුතු කරන බවටත් නිවේදනය කරනවා. ඒ අනුව 2025 වසරේ ජූනි මස කැනඩාවේදී මෙහි රූගත කිරීම් ආරම්භ කල අතර අගෝස්තු මාසය වන විට රූගත කිරීම් අවසන් කිරීමට මොවුන්ට හැකිවෙනවා. ඒ වගේම 2026 මැයි 29 සිට තිරගත කිරීම් ආරම්භ කල මෙම සිනමාපටය නොසිතු විරූ අයුරින් රසික ප්‍රතිචාර ලබාගනිමින් මේ වසරේ දැනට දෙවනුවට වැඩිම ආදායමක් ලබාගත් Horror සිනමාපටය බවට පත්වන්නේ Kane Parsonsව ලොව ජනප්‍රියම අධ්‍යක්ෂකවරයෙක් බවට පත්කරමින්. එමෙන්ම ඩොලර් මිලියන 10ක පිරිවැයකින් නිෂ්පාදනය වී ඩොලර් මිලියන 350කට වඩා ආදායමක් ලබාගනිමින් එදාමෙදා තුර A24 ආයතනයෙන් නිෂ්පාදිත චිත්‍රපටයක් ලබාගත් ඉහළම ආදායම ලබාගැනීමට Backrooms සිනමාපටය සමත්වීමත් විශේෂත්වයක්.

ක්ලාක් කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්න හීන දැකපු නමුත් දැන් ගෘහ භාණ්ඩ වෙළඳ සැලක් පවත්වගෙන යන කෙනෙක්. මෙයාගේ බිරිඳත් මෙයාව ගෙදරින් එළවන නිසා මෙයා දැන් තමන්ගේ වෙළඳ සැලේම බිම් මහලෙම තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම තියෙන ප්‍රශ්න කන්දරාව නිසා ක්ලාක් පුළුවන් හැම වෙලාවෙම මේරී කියන මනෝ චිකිස්තකවරියව හම්බෙනවා. දවසක් මෙයාට අහම්බෙන් ඉතාම පුදුම සහගත දෙයක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි තමන්ගේ වෙළඳ සැලේ බිම් මහලේ එක බිත්තියක යම් තැනකින් කිසිම දොරක් නැතුව ඒ හරහා වෙනත් ස්ථානයකට යන්න පුළුවන් කියලා. ඉතිං ක්ලාක් තමන්ගේ වෙළඳ සහයිකාවයි එයාගේ පෙම්වතායි එක්ක මේ ස්ථානය ගවේශණය කරන්න ඇතුලු වෙන්නේ මේ ස්ථානයේ තිබෙන භයානක කම නොදැනයි.

Backrooms මේ වෙද්දි 7.0ක IMDb අගයක් සහ 87%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් සමත් වෙලා තිබෙනවා වගේම ප්‍රධාන චරිත වලට සුපිරි නළු Chiwetel Ejiofor සහ Renate Reinsve එකතු වෙනවා. ඊට අමතරව Lukita Maxwell, Finn Bennett සහ Mark Duplass සහය රංගන ශිල්පීන් ලෙස එකතු වෙනවා. එහෙනම් මට මේ උපසිරසිය බාරදුන්න රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් සමුගන්නවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජය වේවා!  

Backrooms (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,318 downloadsDownload Backrooms-2026.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Backrooms Sinhala Subtitles

Subtitles

2,318 downloadsDownload Subtitles31 KB

5 comments

  1. Anonymous

    එනකම් බලන් හිටපු එකක් මේක… digital release එක් ආව ගමන්, මෙහෙම තමන්ගෙ කාලය වටිනා කාලය කැප කරගෙන හොඳම ගුණාත්මකභාවයෙන් මෙච්චර ඉක්න්මන්ට sub ගේනවට හදවතින්ම ආදරෙයී. බොහොම ස්තූතියි සහෝ! ♥️

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  4. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

  5. Manahara

    මේකෙ තැනක සිංහලෙන් “ආයුබෝවන්” කියලා කියනවා. මේ සිංහල Subtitle එකේ ඒක දාලා නෑ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.