ගොඩ කාලෙකට පස්සේ තමයි මේ උපසිරසක් අරගෙන එන්නේ, ඒ තමයි Glass Onion: A Knives Out Mystery කියන ෆිල්ම් ඒක. ෆිල්ම් ඒක අයත් වෙන්නේ Comedy / Crime / Drama / Mystery / Thriller කියන ගණයට. මේක ඉතින් ගිය වසරේ දෙසැම්බර් මාසේ නිකුත් උන එකක් ගොඩක් අය දැනටමත් බලල ඇති බලපු නැති අය බලන්න. මේ ෆිල්ම් ඒකෙ […]

ගොඩ කාලෙකට පස්සේ තමයි මේ උපසිරසක් අරගෙන එන්නේ, ඒ තමයි Glass Onion: A Knives Out Mystery කියන ෆිල්ම් ඒක. ෆිල්ම් ඒක අයත් වෙන්නේ Comedy / Crime / Drama / Mystery / Thriller කියන ගණයට. මේක ඉතින් ගිය වසරේ දෙසැම්බර් මාසේ නිකුත් උන එකක් ගොඩක් අය දැනටමත් බලල ඇති බලපු නැති අය බලන්න.
මේ ෆිල්ම් ඒකෙ පලවෙනි කතාව 2019 වසරේ නිකුත් කල Knives Out 2019. ඒක ෆිල්ම් ඒකනම් ඉතින් සුපිරියටම හිට් උන එකක් ගොඩක් අය බලලා තියෙනවා මං හිතන්නේ. මේ අරගෙන එන්නේ ඒකෙ දෙවෙනි කොටස. ඉතින් මේකයි ඒකයි අතර කිසිම සම්බන්දයක් නැ පලවෙනි ඒක බලපු නැති කෙනෙක්ට උනත් මේක බලන්න පුළුවන්. ඒත් මම නම් හිතන්නේ නැ පලවෙනි ඒක බලපු නැති කෙනෙක් නැතුව ඇති මොකද ඒ තරමටම පලවෙනි ෆිල්ම් ඒක හිට් වුනා. ඒ නිසාම තමයි මේකේ දෙවෙනි කොටසක් ගහන්න තීරණය කරලියට ආවේ.
පලවෙනි කොටසටත් මම උපසිරස කරපු නිසා මේකත් මම ම බාර ගත්තා, හිතන තරම් ලේසි උනේ නැ වැඩේ මොකද පලවෙනි ෆිල්ම් ඒක කරන කාලේ කැම්පස් ලයිෆ් එකේනේ හිටියේ, ඊට පස්සේ ඉතින් රස්සවක් එහෙම සෙට් වෙලා, පරස්තාවකුත් කරගන්න වුනා. මේ වැඩේ කෙරෙන තැනටම තල්ලු කරලා පස්සෙන් හිටියේ විමා අයියා තමයි හැමදාමත් වගේ ගුටි කාපු නැති ඒක විතරයි ඉතින් වීම අයියගෙන්. විමා අයියට එකට සම්පුර්ණ ස්තුතිය යන්න ඕනේ, ඒ වගේම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු උනාට මේකට උපසිරස දෙන්න. කොහොමොන් කොහොම හරි වීම අයියට පොරොන්දු උන විදියට වැඩේ අහවර කරා.
මේ ෆිල්ම ඒකත් පලවෙනි ෆිල්ම් ඒක වගේම ගිය වසරේ තිබ්බ Oscar සම්මාන උළෙලේ Best Adapted Screenplay කියන සම්මානයට යෝජනා උනා නමුත් ඉතින් win කරන්න නම් අවස්ථාවක් හම්බුනේ නැ. ගොඩක් අයනම් කියන්නේ පලවෙනි ඒක තරම් සාර්ථක වෙන්න මේකට බැරි උනා කියලා. නමුත් ඉතින් කුතු හලන් බලන්න හොඳ ෆිල්ම් එකක් තමයි මේක.
ඉන්න නළු නිලියෝ සෙට් එකත් සුපිරි ආයි කතා දෙකක් නැ රංගනය පැත්තෙන් නම්. කතාව ගැන මුකුත් නොකිය ඉන්නම් මොකද මේක Sherlock Holmes ටයිප් ඒකෙ ෆිල්ම් එකක් නිසා බලන කෙනාට කුතු හලය කියන දේ තියෙන්නත් ඕනෙනේ, ලිපි ලියන හැකියාව දැන් පොඩ්ඩක් අඩුයි මොකද මේ සැහෙන කලෙකෙඉන් එකක් ලියන්නේ.
රස්ස්වයි පරස්තාවයි දෙකම බේරාගෙන විමා අයියගෙන් ගුටිත් නොකා 😊 😊 ඉස්සරහට තව උපසිරස කරන්න උත්සහ කරනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරන්නව ෆිල්ම් ඒක බලල අභිරහස විසඳන්න කියලා. ගිහින් එන්නම්.
ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
14,644 downloadsDownload Glass-Onion-A-Knives-Out-Mystery-2022.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
- #2022
- #Daniel Craig
- #Editor's Pick
- #Edward Norton
- #Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Sub
- #Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles
- #Glass Onion: A Knives Out Mystery Sinhala Sub
- #Glass Onion: A Knives Out Mystery Sinhala Subtitles
- #Kate Hudson
- #Knives Out
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Rian Johnson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #You Decide
- #උපසිරැසි
- #මලිත් මධුශාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
15 comments
Naveen Mbr
යුරාන් ධනුක (දනුවා)
නියමයි මලියා කාලෙකින් ඇවිත්. උපසිරසියට බොහෝම ස්තූතියි.
Anonymous
තැන්ක්ස් මචෝ
සබ් වැටෙනකන් බලන් හිටපු ෆිලුමක්Kantha_DLA
ගොඩක්ම ස්තූතියි මලිත් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
chamara
thank you
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Naveen Vidusha
supiriyak sagoo
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
Thank you
Dilum
ස්තූතියි සහෝදරයා ❤ ජය
Naveen
උපසිරසියට තුති
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝ!