” අපිට අත් අල්ල ගන්න බැරුව ඇති, ඒත් අපි ඇවිදන් යමු… අපිට හැබෑ කර ගන්න බැරුව ඇති, ඒත් අපි හීන දකිමු… අපිට හිනා වෙන්න බැරුව ඇති, ඒත් අපි අඩන් නැතුව ඉමු… අපිට අපේ වෙන්න බැරුව ඇති, ඒත් අපි එහෙම වෙන්න ප්‍රාර්තනා කරමු… “ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Never Look Away (2018) […]

” අපිට අත් අල්ල ගන්න බැරුව ඇති,
ඒත් අපි ඇවිදන් යමු…
අපිට හැබෑ කර ගන්න බැරුව ඇති,
ඒත් අපි හීන දකිමු…
අපිට හිනා වෙන්න බැරුව ඇති,
ඒත් අපි අඩන් නැතුව ඉමු…
අපිට අපේ වෙන්න බැරුව ඇති,
ඒත් අපි එහෙම වෙන්න ප්‍රාර්තනා කරමු… “
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Never Look Away (2018) සිත්තරා අහිමි සිතුවම්… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
මේ වතාවේ උපසිරැසියක් කරන්න තෝර ගත්තේ මටත් හරිම අහඹු විදියට බලන්න ලැබුන කොරියානු සිනමා සිත්තමකටයි. මම මෙහෙම අහන්නම්කෝ, 2006 අවුරුද්දෙදි තිරගත උන ලොව පුරා සිනමා ලෝලීන් ආදරයෙන් මත් කරපු Keanu Reeves සහ Sandra Bullock රඟපාපු ” The Lake House ” ෆිල්ම් එක බලල තියෙන්නෙ කවුද? දැනගෙන හිටියද ඒක ඇත්තටම කොරියානු ෆිල්ම් එකක රීමේක් එකක් බව…? මාමත් බොහොම මෑතකදී ඒ බව දැනගත්තෙ මුහුණු පොතේ තිබුන සටහනකිනුයි. ඒ විතරක්ම නෙමෙයි ඒ කොරියානු සිනමා සිත්තම ලොව පුරා සිනමා ලෝලී ආදරණීය හදවත් විසින් මොන තරම් තදින් වැළඳ ගත්තාද කියනවා නං හොලිවුඩයේ විතරක්ම නෙමෙයි අසල්වැසි ඉන්දියාවේදී පවා නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වනවා. රී මේක් එක එහෙම නං ඔරිජිනල් එකේ රහ කොහොම ඇද්ද…? ඒ කොහොම උනත් ඒ රී මේක් එකද, නැත්තං ඔරිජිනල් එකද වඩාත් හොඳම කියලා තෝරා බේරා ගැනීම මම මේ ලිපිය කියවන ආදරණීය හදවත් හිමි ඔබටම බාර කරනවා…
සෙයුන් හයූන් කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වීමේ සිහිනය අත ඇරල දාලා ඉදිකිරීම් වැඩ බිමක රස්සාවක් කරන්න ආපු තරුණයෙක්. දවසක් දා එයාගෙ තැපැල් පෙට්ටියට අහම්බෙන් වගේ අලුත් අවුරුදු සුබ පැතුම්පතක් ලැබෙනවා. හැබැයි හරිම පුදුම විදියට ඒකෙන් සුබ පතල තිබුනේ තව අවුරුදු දෙකකින් අනාගෙතේදි උදාවෙන්න තියෙන අවුරුද්දකටයි… එහෙමත් වෙන්න පුලුවන්ද…? දිනේ වැරදිලාවත්ද…? නැත්තං ඒක ඇත්තටම අනාගතෙන් එවපු සුබ පැතුම්පතක්ද…? IMDb දර්ශකයේ 7.6ක් වගේම rotten tomatoes දර්ශකයේ 89%ක් ලබා ගත්තු මේ සිනමා සිත්තම රසනොවිඳි දෑසක් කුමට…? මම මේ සිනමා සිත්තමේ කතාව වැඩිය නොකියා ඉන්නම්, මොකද මම හැමදාමත් කියනවා වගේම මේකත් නරඹලා මිස කියවලා රසවිඳිය නොහැකි හරි ආදරණීය සිනමා සිත්තමක්ම වන නිසා… තිරගත වෙලා තියෙන අවුරුද්ද පරණයි කියලා නං හිතන්න එපා. මොකද ආදරය කවදාවත්ම වයසට යන්නෙ නෑනෙ. අනික ” ඕල්ඩ් ඊස් ගෝල්ඩ් ” නේ… The Lake House දැනටමත් බලල තියෙන අය නං දැනටමත් රහ දන්නව ඇතිනේ… එහෙම නැති අය වගේම කොරියන් ෆිල්ම් නොබලන අයත් මේක මග ඇර ගන්න නං එපා. ඔබට මග ඇරෙන්නේ සිනමා ලෝකයේ නිර්මාණය උන හරි ආදරනීයම සිනමා සිත්තමකුයි…
සුන්දර ජර්මානු සිනමා සිත්තමක උපසිරැසියක් සමඟින් නැවත හමුවෙමු…!
ඔබට ජය….!
ප.ලි
සබ් කරන්න මග ඇරුන අලුත්, පරන, භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් එහෙම තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්.
ස්තූතියි…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,236 downloadsDownload Il-Mare-2000.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
54 comments
jagannatha
anuja tharinda
සබ එකට තැන්ක්ස් අයියේ....
එනකන් බලන් හිටිය ෆිල්ම් එකක්.දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ දෙමු.මගේ රික්වෙස්ට් එකක් තියෙනවා.
ghost in the shell 1995 animi eka.හසිත මධුෂාන්
මම ඇනිමි නං හරිම අඩුවෙන් බලල තියෙන්නේ. බලලම කියන්නම් කොහොමද කියලා...
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
* Premonition
* Primer
මේ දෙකටත් සබ් දෙන්න පුළුවන් නම් :)
ජය වේවා.!Hashan M. Priyadarshana
තව K-Pax
හසිත මධුෂාන්
premonition-2007 සබ්එක නම් දීලයි තියෙන්නේ. අනිත්දෙකම සුපිරි සයි ෆයි දෙකක්. වෙලාවක් ලැබුන ගමන්ම දෙන්නම්. අමතක වෙලා එහෙම නෑ....
Deshani
Thank you
Krishan NiShalya
Thank you Bro...
sub dei kiyala hithuwema ne
next midnight in paris ekata oneGOOD LUCK ! ♥
හසිත මධුෂාන්
ලිස්ට් එකට දාගෙන නං ඉන්නව. ඒත් කෝ ඉතිං වෙලාව...?
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dhanura46
Supiriyak....Thanks Hasitha malli
හසිත මධුෂාන්
මේ ධනුර අයියද...?
indika75
thanks..
Dinu
Thanks apata me sub denawata...
Moonlight love korian drama eke sinhala sub denna puluwanda.. plz...Dinesh
Thank you
Anonymous
Thank you sub ekata hoya hoya hitapu sub ekaka....❤️❤️❤️thanx
හසිත මධුෂාන්
ටීවී සීරීස් නම් බැලෙනවා හරිම අඩුයි... පොරොන්දු වෙන්න නම් අමාරුයි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
PramothC
Yemin (2019) කට්ටියම එකතු වෙලා පුලුවන්නම් මේකට සබ් කරන්නකො
හසිත මධුෂාන්
තුර්කි ටීවී සීරීස් එකක් නේද? ටීවී සීරීස් නම් බැලෙන්නෙ හරිම අඩුවෙන් තමයි...
malithmadhushan45
ස්තුතියි හසිත අයියේ සබ් එකට 50 ගහමු ඉක්මනටම
හසිත මධුෂාන්
මේ යන විදියට නං ඒකට තව සෑහෙනම කාලයක් ගත වෙයි වගේ....
Anonymous
Omoni(mother) කියලා koriyan film ekak tibba ,godak ලස්සනයි ,mn කොරියාවේ hall ekakkin baluwe ,පුළුවන් nam eka dennA,thanks
හසිත මධුෂාන්
සමාවෙන්න, මට මේ ෆිල්ම් එක මොකද්ද කියලා හරියටම හොයා ගන්න බැරි උනා. පුලුවන් කමක් තියෙනව නං ෆිල්ම් හරියටම මේ ෆිල්ම් එක මොකද්ද කියලා හොයා ගන්න පුලුවන් ලින්ක් එකක් පහලින් තියෙන මේල් එකට එවන්න.
hasitha.m.sky ඇට් ජී මේල් ඩොට් කොම්
kanishka
තෑන්ක්ස් හසිත.තව කොරියන් ඒව දෙන්න.
Geethi
Thank you for the subtitle
Dulmi Sapna
Maundy Thursday (2006)
Architecture 101 (2012)
More Than Blue (2009)
Temptation of Wolves (2004)
Pained (2011)
Oasis
Love Phobia 2006හසිත මධුෂාන්
මේ ලිස්ට් එකෙන් එකක්වත් බලල නෑ. අද හෙටම බලලා කියන්නම්..
Kavindu
the lighthouse (2019) sub ekath denna heki nam'''
හසිත මධුෂාන්
වෙනස්ම විදියේ ෆිල්ම් එකක්. දැනටමත් වෙන වෙබ් අඩවියකින් මේකට සිංහල සබ් එකක් දීල තියෙනව නේද සහෝ...?
HMK MAX
Be with you 2018 Korean movie eke sub ekath dennakoooo
හසිත මධුෂාන්
මේකට සබ් එක දීල තියෙනව නේද සහෝ...?
Sandamali
Thank You Hasitha
Geethi
Thank you.
Dewadithya
Thanks for sub!
Vimu ashi
ෆිල්ම් එකක් නෙමේ ...The moon embarrassing the sun එකට සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ....
හසිත මධුෂාන්
එපිසෝඩ් 22ක් තියෙන සීරීස් එකක් නේද? තවම එකම ටීවී සීරීස් එකකටවත් සබ් කලේ නැත්තෙ සබ් කරන්න ලැබෙන වෙලාව හරිම අඩු නිසයි. ඉස්සරහදි බලමු. කතාව නම් හොඳයි වගේ...
Anonymous
This is a Heart Touching movie.you have done nice work. Really appreciate...
Anonymous
thank you so much
Shamal manojan
Silence 2016
Casino 1995යන චිත්‍රපට දෙකට උපසිරැසි දෙන්න පුලුවන්ද සහෝ.
Please.....
හසිත මධුෂාන්
අනිවාර්යයෙන්ම උත්සාහ කරනව සහෝ, Casino එකට සබ් එකක් කරන එක මගෙ ඩ්‍රීම් එකක්, කාලය තමයි හැමදේකටම හරස් වෙලා තියෙන්නෙ සහෝ...
jagath55
Thanks
sasanka
thanks foer the sub
joint security area ekatat sub eka dennaහසිත මධුෂාන්
උතුරු දකුණු කොරියා සීතල යුද්දෙ ගැන නේද සහෝ...?
මම බලලම කියන්නම්කෝ...
Geethi
ස්තුතියි
Zagros 2017
Bul bul can sing 2018
No 2012
Machuca 2004
Before the rains 2007
About Elly 2009
The Syrian Bride 2004
Naal 2018
Dhananjoy 2017
Trishna 2011
Provoked 2006
මේවටත් සබ් දෙන්නකෝ.හසිත මධුෂාන්
ටික දවසක් පහු වෙලයි මේ කමෙන්ට් එක දැක්කේ. අපි හුග දෙනෙකුට මග ඇරිලා තියෙන ලස්සනම සිනමා සිත්තම් එකතුවක්. මමත් මේ ලිස්ට් එකේ තියෙන ඒවා තවම බලන ගමන්. බලලම රිප්ලයි එකක් දාන්නම් කියල හිතන් හිටපු නිසයි පරක්කු උනේ...
බොහොමත්ම ස්තූතියි මේ වගේ මග ඇරුන විශිෂ්ට සිනමා සිත්තම් ආයිමත් අපේ මතකයට අරගෙන එනවට, කාර්යබහුලත්වය නිසාවෙන් මේ දවස් වල උපසිරැසියක් හදන්න වෙලාවක් හොයා ගන්න අමාරු උනත් ඉඩක් ලැබුන ගමන්ම මේ අතරින් කීපයකට හෝ සබ් හදන්නම්...
ආයිමත් බොහොම ස්තූතියි...!
Anonymous
mm balapu lassanama film ekk. Thanks sub ekt.
Dark lord
Casino 1995 film 1t sub karanwad
හසිත මධුෂාන්
අනිවාර්යයෙන්ම සහෝ, ළගදීම කරනවා.....
Dilshan
My sassy girl 2008 English film ekt sub denn puluwand
හසිත මධුෂාන්
ඒකට සබ් එකක් දීල තියෙනවනෙ සහෝ....
Krishani
Thank you ️
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Il Mare (2000) AKA Siworae Sinhala Subtitles | පෙනෙන නොපෙනෙන දුරක ඉදන් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Il-Mare-2000.jpg)
මේ සලරුව ද පෙර ඔබ විසින් ලබාදුන් ඒවා මෙන් ම අපූර්ව චමත්කාරයක් අප තුළ දනවන බවට කවර නම් සැකයෙක් ද? ඔබ විසින් අපගේ රස වින්දනය උදෙසා වගුළ බුද්ධිමය ශ්‍රමයට තුති පිදීම හැර අපට කළහැකි වෙනත් දෙයක් නොමැතිවීම ගැන කණගාටු වෙමු. මේ අගනා කෘතීන් වින්දනය කිරීමෙන් අපතුළ දැනවෙන ප්‍රහර්ෂයේ පමණට ඔබට ආයුරාරෝග්‍ය සම්පත්හි වෘද්ධිය සැලසේවා !