“කන්නාඩික්කල්” ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ, අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම. ගුස්ති ශූරයන්ගේ බිම . ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම. ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ , ජීවිත කාලය ඇතුලත ගුස්ති අල්ලපු නැති කෙනෙක් මේ රටේ ඉඳපු නැති තරම්. ඇත්තෙන්ම හිටියේ නෑ. කන්න…

“කන්නාඩික්කල්”
ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ,
අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම.
ගුස්ති ශූරයන්ගේ බිම .
ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම.
ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ ,
ජීවිත කාලය ඇතුලත ගුස්ති අල්ලපු නැති කෙනෙක් මේ රටේ ඉඳපු නැති තරම්.
ඇත්තෙන්ම හිටියේ නෑ.
කන්නාඩික්කල් මැද තිබුන “මනයත්” ගුස්ති භූමියටරටේ සිව් දෙසින්ම ,
ගණන් කල නොහැකි තරම් විශාල සෙනඟක් ගුස්ති ඇල්ලීමට ඇවිත් තිබෙනවා.
හනුමාන් දෙවියන් නමදිමින්,
තෙල් ගැල් වූ , යකඩ මෙන් , ශක්තිමත් වූ ශරීරයත් සමඟ,
උඩු රැවුල කරකවමින්,
පුළුල් පපු තලයකින් යුතුව,
ගුස්ති බිමට පය තියනුයේ ඕනම දෙයක් කිරීමට සුදානමින්.
දීප්තිමත් දෑසෙන් බලන ඒ බැල්මම,
හිත ගොඩක් කලබල කරනවන සුළුයි.
ගුස්ති මෙයාලට විනෝද ක්‍රීඩාවක්
විතරක්ම නෙමෙයි.
ඔවුන්ගේ ජීවිතය.
ඒත් කාලය වෙනස් වෙලා ,
විනෝදය වෙනස් වෙලා ,
සිතුවිලි වෙනස් වෙලා ,
කැමති දේ වෙනස් වෙලා ,
හැම දෙයක්ම වෙනස් වෙලා.
ගුස්ති කියන්නේ , ඔලිම්පික් වලින් ඉන්දියාවට පදක්කම් ටිකක් දිනලා දෙන ක්‍රීඩාවක්ම විතරක් වෙලා.
ඒකත් උතුරු ඉන්දියානුවන්ගෙන්.
දක්ෂ ගුස්ති කරුවන්ගේ විජයග්‍රහණ දුටු මේ “මනයත්” බිම ,
මේ ගුස්ති භූමිය
කීර්තිමත් ගුස්ති අතීතයේ මහිමය කියාපාන සිහිවටනයක්.
ඒ ගාම්භීර යුගය හදවතේ රඳවාගන ,
ඒ සම්ප්‍රධාය ගැන ආඩම්බර වෙන මිනිසුන් තවමත් මෙහෙ ඉන්නවා.
මේ ඔවුන්ගේ කතාවයි!
සුභ දවසක් ඔබ සියලුම දෙනාට…!
අද අරගන ආවේ 2017 මැයි 17 දින තිරගත වීම අරඹන ලද Godha (2017) චිත්‍රපටය. Sports/Drama කාණ්ඩයට අයත් වන මෙම මලයාලම් සලරුව IMDB 7.5/10 හිමි කර ගැනීමට සමත් වෙලා තියනවා. ඉන්දියානු රුපියල් කෝටි 30.6 ක Box office අදායමක් සමඟ 2017 වර්ෂයේ වාණිජමය අතින් සාර්ථක වූ මලයාලම් චිත්‍රපට අතර ඉහලම ස්ථානයක වැජඹෙන මෙම සිනමාපටය ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිතව සිනමා ශාලා තුල දින 90ක් පමණ තිරගත වී තිබෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Basil Joseph විසින්. කතාව ලියල තියෙන්නේ Rakesh Mantod විසින්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaan Rahman විසින්. ප්‍රධාන නළුවා වශයෙන් Tovino Thomas ද, ප්‍රධාන නිළිය වශයෙන් Wamiqa Gabbi ද රංගනයෙන් දායක වෙලා තියනවා. Oru Mexican Aparatha(2017) චිත්‍රපටය බැලුව නම් Tovino Thomas නොදැන ඉන්න විදියක් නෑ.
මල්ලව පොර ක්‍රීඩාව වටා ගෙතී තිබෙන මෙම සලරුව ආරම්භයේ සිට අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටයක් විදියට සහතික කරනවා.
ප. ලි. – මේ ෆිලුමට කලින් Adventures Of Omanakuttan(2017) ෆිලුමට තමයි උපසිරසි කරන්න ගත්තේ. ඉක්මනට කරන්න ඕන නිසා ෆිලුම බලල ඉවර කරන්නෙත් නැතුවමයි සබ කොටන්න පටන් ගත්තේ. ෆිලුමෙන් බාගයකට විතර සබ කරලා ඉවර වෙලා නිකමට වගේ ලයින් ගාන බලනකොට තමයි දැක්කේ පැය 2යි විනාඩි 42ක් දිග ෆිලුමේ ඉංග්‍රීසි සබ තියෙන්නේ පැය 2යි විනාඩි 7ක් වෙනකම් විතරයි කියල. දැනට නෙට් එකෙන් මට හොයාගන්න පුළුවන් වුන හැම ඉංග්‍රීසි උපසිරසියකම තියෙන්නේ පැය 2යි විනාඩි 7ක් වෙනකම් විතරයි. අසා ලිවීමක් කරන්න තරම් මලයාලම් දන්නෙත් නැති නිසා සම්පූර්ණ ඉංග්‍රීසි උපසිරසියක් හොයාගන්න පුළුවන් වුන ගමන් ඒකත් අරගන එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.nz – Godha (2017) Malayalam Original DVDRip x264 500MB ESubs
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
10,193 downloadsDownload Godha-2017.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SPD
Subtitles
26 comments
Hemantha De Silva
Kulanjana Maduranga
niayamai…malayalam 1k ne..aniwa balanawa thama...thawa malayalam films denna...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~shasith sandaruwan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
මලයාලම් ෆිල්ම් වලට සබ් දෙනවා.. දෙනවා.. දෙනවා.. දෙනවා... :P
දිගටම දෙමු ආ....
ඔබට ජය!C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Tharindu Arandara
Thank you very much for this subtitle and every subtitle....keep it up bro..!
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ,
ෆිලුම අනිවාර්යෙන්ම බලන්න ඕනේ.
ඒ වගේම මේ ෆිලුමට සබ් එකක් ගෙනාපු එක ගොඩක් වටිනවා.
මොකද මේක එනකල් ගොඩක් අය බලාගෙනත් ඉන්න ඇති.
ඒ වගේම Adventures of Omanakuttan එකේ ප්‍රශ්නෙත් විසඳුන
ගමන් සබ් එක අරගෙන එමු.ජය!Udaya Fernando
Thanks bro
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. මමලයාලම් නම් ඉතිං එලම තමා. ජයවේවා ගොඩාක් පිං.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
rangika Kariyawasam
මේකත් මග බලන් හ්ටපු ෆිලුමක් .බෝම ස්තුතීයි SPD සහෝ අපට මේක දුන්නට.ලයින් අඩු උනාට කමක් නෑ.
මෙි දවස්වල ටැමිල් රොකර් එකට මලයාලම් වැස්සක් වහ්නවා. ඒ හැම එකකටම සබ දෙන්න තරමි අපට මලයිලම් උපසිරැසි කරුවන් නොමැති වීම ලොකු අඩු පාඩුවක් වෙලා තියෙනවා. සිසිල ,SPD,තරිදු සහෝ පුලුවන් වෙලාවට අනෙක් භාෂාවන්ගේ ෆිලුම් වලට සබ නොදී හැකි සෑම අවස්ථාවකම මලයාලමි ෆිල්මි වලට සබ දෙන මෙන් ඉල්ලනවා.
මේ අලුත් ෆිල්ම් ටිකටත් සබ දෙන්න...
Fahadh Faasil ගේ අලුත් ෆිලුම Role Models
Avarude Raavukal (2017)
Biju Menon ගේ අලුත් ෆිලුම Electra
Girls
Dance Dance
Chathura
බොහොම ස්තූතියි...
Kamal
Thanks for the sub....!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Indrajith
Thanks for the subtitle
rangika Kariyawasam
ෆිලුම බැලුවාම ආයෙ කමෙන්ටිස් කරන්න හිතුනා.SPD Saho නියමෙට සබ කරලා තියෙනවා .ඒ නිසාම ෆිලුම මැක්සා ව්දියටම බලන්න පුලුවන් .මලයාලමි ෆිල්ම් අතරින් ලෙසටම හිතට වැදුණු ෆිලුමක් තමා මෙික.බෝම ස්තුතීයි සහෝ නැවත වාරයක් ඔබට.
Avarude Raavukal සහ Role Models ෆිලුම් වලටත් ඉක්මනටම සබ ඉල්ලා සිට්නවා සහෝ.ඔබට ජය
Avishka Didulanga de silva
Sinhala sub eke mata getaluwk saho....winRaR file eka extract karata srt eka 0kb....plz help
rasanga
දිගටම වැඩේ කරගෙන යන්න සුභ පතනවා!!
ජයවේවා!!Rajith
Thanks machoooooo....
Eranda
ෆිලුමට මැච් වෙන්න සබ නියමෙට කරලා තියෙනවා. තෑන්ක්ස් බ්‍රෝ!!!!!
Menaka Herath
ස්තූතියි සබට සහෝ....
තවත් නිර්මාණකරනයට ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!Roshan10
පට්ට ෆිල්ම් එක මලයාලම් ෆිල්ම් කොච්චර බැලුවත් එපා වෙන් නැ උපසිරසටත් ගොඩාක් ස්තුතියි සහො......
tharidu16
Adventures of Omanakuttan kooo ithin mekata sub1 nane, aparade machan karapu bage. eka dapanko
Anonymous
File එක නෑනේ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie


ස්තුතියි උපසිරැසියට...
මං මේ කල්පනා කර කර හිටයේ අද බලන්න මලයාලම් එකක් නැතුව මොකද කරන්නේ කියල...