ආයුබෝ වේවා හැමෝටම…. එහෙනම් තවත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න එහෙනම්. මේක ගැන නම් කතා කරලා වැඩක් නැ. මගේ පළවෙනි උපසිරසිය විදිහට මේ ෆිලුමේ පලවෙනි කොටස Godzilla: Planet of the Monsters කරපු නිසයි මේකට මම අත ගැහුවේ. ඒ වගේම මේක එලියට දාලා මාස ගානක් වුනත් කවුරුත් මේක භාරගෙන තිබ්බෙත් නෑ. ඔන්න ඔහේ කරලා දානව ක…

ආයුබෝ වේවා හැමෝටම…. එහෙනම් තවත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න එහෙනම්. මේක ගැන නම් කතා කරලා වැඩක් නැ. මගේ පළවෙනි උපසිරසිය විදිහට මේ ෆිලුමේ පලවෙනි කොටස Godzilla: Planet of the Monsters කරපු නිසයි මේකට මම අත ගැහුවේ. ඒ වගේම මේක එලියට දාලා මාස ගානක් වුනත් කවුරුත් මේක භාරගෙන තිබ්බෙත් නෑ. ඔන්න ඔහේ කරලා දානව කියලා අහපු ගමන් හා කරලා එවන්න කිව්ව හසන්ත අයියව මතක් කරනවා. සබ් එක කරනකොට තමයි තේරුනේ මේක කවුරුත් කලේ නැත්තේ ඇයි කියලා. සමහර කාලරාමු අතින් හදාගෙන අසා ලිවීමක් විදිහට තමයි ගොඩක් දුරට සබ කලේ. ඒ වගේම සබ් එකේ තියෙන එක නෙමෙයි ෆිලුමේ දෙබස් වල තියෙන්නේ ඉතින් හෙන අමාරුවක මම වැටුනේ. ඉතින් කොහොමහරි බැද ගත්ත බෙරේ ගහන්නත් එපයි. මම පලවෙනියට කරපු Godzilla: Planet of the Monsters එකේ සබ් එකෙත් අවුල් තිබ්බට මේ තරම් අවුල් තිබ්බේ නෑ. අන්තර්ජාලේ පීරලා හොද ගුණාත්මක සබ් එකත් හෙව්වට හොයාගන්න නම් බැරි වුනා ඉතින් මෙහෙම කාල රාමු හදාගෙන අසා ලිවීම් කරගෙන අනිත් සබ් කරන්න යන වෙලාවට වඩා තුන් ගුණයකට වඩා වෙලාවක් අරගෙන තමයි මේක කොටලා ඉවර කරගත්තේ. අනික විද්‍යාත්මක වචන කෝටියයි, හරි කොහොමින් කොහොමින් හරි වැරදි නම් ඇති ඉතින් ඒ ගැන මේ ළමයට අනුකම්පා කරන්න කියලා ඉල්ලන ගමන් ෆිලුම පැත්තට හැරෙමු.
Godzilla: Planet of the Monsters
Directed by : Kōbun Shizuno, Hiroyuki Seshita
Produced by : Takashi Yoshizawa
Starring : Mamoru Miyano, Takahiro Sakurai, Kana Hanazawa, Yūki Kaji
Production company : Polygon Pictures, Toho Animation
Distributed by : Toho (Japan) Netflix (Worldwide)
Release date : November 17, 2017 (Japan)
Running time : 88 minutes
Country : Japan
Language : Japanese
Box office : US$ 3.1 Million
Godzilla: Planet of the Monsters බලපු අයට මතක ඇති නේ අපේ හරෝ අයියා අන්තිමට පොඩි ගොඩ්සිලාව මරලා ලොකු ගොඩ්සිලාගෙන් ගුටි කාලා ඉන්නකොට භූමියේ ඉන්න ගැණු කෙනෙක් එයාව හොයාගත්ත තැනින් ඉවර වුනා කියලා. මේ කොටස පටන් ගන්නේ එතන ඉදලමයි ඉතින් මේකට මූලික පදනම වෙන්නේ මේකයි ලොකු ගොඩ්සිලාගේ ප්‍රහාරෙන් බේරුණ අය ඔක්කම වගේ අර හරෝව බේරගත්ත ගැනු කෙනාගේ අනිත් අය ඒ අයගේ ගමට අරන් යනවා. ඔවුන්ට බෙහෙත් කරනවා. හරොත් මෙතනටම එනවා, කොහොමහරි මේ අයගේ සැලැස්ම වෙන්නේ කලින් ෆිලුමේ මෙචා-ගොඩ්සිලා කියන ප්‍රති ගොඩ්සිලාගෙන් ලොකු ගොඩ්සිලාව පරද්දන්න. ඒත් ඊට වඩා හොද අමුද්‍රවයක් මෙයාලට හම්බුවෙනවා අර භූමීවාසීන් ලග තිබිලා ඒ තමයි නැනෝමෙටල් කියන්නේ. ඉතින් මේ නැනෝමෙටල් හොයාගෙන යනකොට මෙචා-ගොඩ්සිලාගේ මළකුණෙන් සම්පූර්ණයෙන්ම නැනෝමෙටල් නගරයක්ම නිර්මාණය කරලා, ඉතින් මේවාගෙන් වැඩ දාන්න දන්නේ මේ හරෝලා එක්ක ඉන්න බිලුසලුඩෝ කියන ජාතිය විතරයි, එයාලා මේවගෙන් ගොඩ්සීලාට විරුද්ධව ආයුධ හදන්නවා. හැබැයි එයාලට යටි අරමුණකුත් තියෙනවා. එහෙනම් වැඩියෙනුත් එක්ක කිව්වද මන්දා. එහෙනම් ඉතුරු ටික ඒ කියන්නේ ලොකු ගොඩ්සිලාව මරන්න පුලුවන් වෙයිද? බිලුසඩෝලාගේ යටි අරමුණ මොකද්ද?භූමි වාසින් මොනවා කරයිද? හරෝගේ සැලැස්ම මොකද්ද? ඒවා දැනගන්න ෆිලුම බලන්නම වෙනවා. තව දෙයක් අවසානේ ගිදොරාහ් ගැන කියලා ඉවර කරන්නේ බලන්නේ.
Godzilla: City on the edge of Battle
Directed by : Hiroyuki Seshita, Kôbun Shizuno
Writing Credits : Gen Urobuchi (story concept)
Starring : Mamoru Miyano, Takahiro Sakurai, Kana Hanazawa, Yūki Kaji
producer : Takashi Yoshizawa
Production company : Polygon Pictures, Toho Animation
Distributed by : Toho (Japan) Netflix (Worldwide)
IMDb Rating : 5.9/10
Run Time : 101 Minutes
Date of Release : 18 July 2018
Genres : Animation, Action, Sci-Fi
Country : Japan
Language : Japanese
මේ ෆිල්ම් සීරිස් එක කොටස් තුනකටනේ නිශ්පාදනය කරන්න නෙට්ෆිලික්ස්ලා තීරණය කරගෙන හිටියේ. ඉතින් ඒක ඒ විදිහටම ඒ කිව්වා වගේම තුන් වෙනි කොටස Godzilla: The Planet Eater කියන ෆිලුම 2018 නොවැම්බර් 9 රිලීස් කරනවා. ඉතින් ඒකට සබ් කරන එක ගැන නම් මට ලොකු සැකයක් තියෙනවා. කලින් ෆිලුමෙයි මේ ෆිලුමෙයි සබ් එකේ අවුල් තිබ්බා කියන්නේ අනිවාරෙන් ඒකෙත් තියෙනවා කියලා අපිට හිතාගන්න පුලුවන්, ඉතින් ඔයාලගේ කොමෙන්ට් මත ඔයාලගේ පෙලඹවීම මත මම ඒක කරනවද නැද්ද කියන එක තීරණය කරන්නම්. ඒ ෆිලුමත් මගෙන්ම ඔනී නම් කොමෙන්ට් එකක් දීලා මාව පොලඹවන්න එහෙනම්.
Godzilla: The Planet Eater
Directed by : Kobun Shizuno, Hiroyuki Seshita
Produced by : Takashi Yoshizawa
Written by estiny: Gen Urobuchi
Starring : Mamoru Miyano, Takahiro Sakurai, Tomokazu Sugita, Yuki Kaji
Production company : Polygon Pictures, Toho Animation
Distributed by : Toho (Japan) Netflix (Worldwide)
Date of Release : November 9, 2018 (Japan)
Country : Japan
Language : Japanese
එහෙනම් මම ගිහින් එන්නම්..පොලඹවන්න එහෙනම්..කොමෙන්ට්,කොමෙන්ට්,කොමෙනට්. තව මට අහම්බෙන් අහුවුන වැඩක් තියෙනවා ඒකත් අරගෙන ඉක්මනට එන්නම්.. එතෙක් සැමට ජය ශ්‍රී!!
Everything Is Destiny…

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ.
3,747 downloadsDownload Godzilla-City-on-the-Edge-of-Battle-2018.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
34 comments
Shadow4
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Mendis
tnks saho sub ekt
Dchamath
Thnz bro
kalana
තෑන්ක්ස් සහො සබ් එකට එනකම් බලාගෙන හිටියෙ බන්...ඉලග එක්ටත් කරමු ...
Navodani Thilini Sasanika
උපසිරසියට ස්තූතියි! දිගටම ජපන් ඇනිමෙ වලටම උපසිරසි දෙන්න! ජය වේවා!
Kulanjana Maduranga
subata thanks...
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Samitha gayan
Godaakathuthi
Kavinda
sub akata thanks saho
Malinda
Thanks bro sub ekata
Nadeesha rox alahakoon
Aniwa karamu bro
Nadeesha rox alahakoon
Tnx bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..උන මහන්සියට බොහොම පිං..ඊලග එකත් අනිවා කරමු..බුදුසරණයි..ජය වේවා!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Jadu
Udara Damith Dissanayaka
ගොද්සිලා කොහෝම අතහරින්ඩද
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
AsithaDilruwan
Ela saho thanks
malith0410
Nice
Prabhasoft
Ela Ela... anik ekath oni.... oyage mahansiya agaya karanawa Bro... Gd Lk....!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
thanks bro!!!
Slimtex
Ela bro..
යුරාන් ධනුක
උපසිරැසියට තුති කවිශල් සහෝ....
ashanjaywardhana
thanx for the sub..chapter 3 ekatath sub eka blaporoththu wenwa mcn..good job
Supun_boy
මචං මේකෙ 3වෙනි එකත් ඇවිල්ලා, සබ් එක දෙන්න පුලුවන්ද?
Ishara_sw
එල ......3 වෙනි කොටසටත් සබ් එක දෙන්න බ්‍රෝ ...
....pubudu saman kumara
Baiscope duwlod sit ekata Hanna beri ei
DIMETHRI PERERA
Godzilla :The Planet Eater sub denna puluwnda
Dn Film eka awilla nm godak kal wenawaසංජන චමෝද්
සබ් එකට ස්තූතියි සහෝ....
Anonymous
download karanna bee
Gayana Thathsara
Thank brooo සබ්ටයිටල් එකට...
Pavith Wijesooriya
දෙවෙනි චිත්‍රපටියටත් උපසිරසි ලබා දුන්නට ගොඩක් ස්තූතියි.සබ් එකත් සුපිරියටම තිබ්බා.ගොඩක් ස්තූතියි මේ වෙන මහන්සියට.ඉදිරියටත් මේ වගේ සුපිරිම ඇනිමේ වලට සබ් ඕනේ.ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එල බන්...සුපිරි..