සුභ දවසක් වෙන්න ඔනී ඔක්කමලාටම.මුලින්ම කියන්න ඔනී මේ උපසිරසිය තමා මගේ පලවෙනි උපසිරසිය ඉතින් සමහරවිට අඩු පාඩු වැරදි ඇති ඒවට සමාවෙන්න ඔනී. ඉතින් මන් මගේ පලවෙනි උපසිරසිය විදිහට අරගෙන ආවේ සුපිරිම Animation Film එකක්. මුලින්ම ස්තූති කරන්න ඔනී මේ වෙබ් අඩවියේ සිසිල ප්‍රසාද් අයියට මොකද එයා තමයි මට මේක බාරදු…

සුභ දවසක් වෙන්න ඔනී ඔක්කමලාටම.මුලින්ම කියන්න ඔනී මේ උපසිරසිය තමා මගේ පලවෙනි උපසිරසිය ඉතින් සමහරවිට අඩු පාඩු වැරදි ඇති ඒවට සමාවෙන්න ඔනී. ඉතින් මන් මගේ පලවෙනි උපසිරසිය විදිහට අරගෙන ආවේ සුපිරිම Animation Film එකක්. මුලින්ම ස්තූති කරන්න ඔනී මේ වෙබ් අඩවියේ සිසිල ප්‍රසාද් අයියට මොකද එයා තමයි මට මේක බාරදුන්නේ. ඒ වගේම මගේ වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නෙත්. මේක මට බාරදුන්නේ ගිය සතියේ ඉරිදා මන් හිතාගෙන හිටියේ බදාදා වගේ වෙනකොට දෙන්න කියලා ඒත් මේ Film එකේ බාගෙටත් වැඩිය තිබ්බේ විද්‍යාත්මක වචන ඒ හින්ද උපසිරසි කරන්න පොඩ්ඩක් අමාරු උනා ඒ වචන හරියටම දෙන්න ඔනී නිසා තව ඒ අස්සේ අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් පරක්කු උනා. කොහොමහරි අද වැඩේ ඉවර කරගන්න ලැබුනා. එහෙනම් දැන් මගේ ගැන කියෙව්වා මදෑ නේද? 🙂 අපි හැරෙමු Film එක පැත්තට.
මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ගොඩ්සිලා කියන භයානක රාක්ෂයෙක් ගැන.ගොඩ්සිලා කිව්වම ඔය කවුරුත් දන්නවා ඇති නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ඉතින් මේ ගොඩ්සිලා කියන චරිතය පදනම් කරගෙන මේ වනකොට චිත්‍රපට 33ක් නිකුත් වෙලා තියෙනවා.මේ මන් ගෙනාපු චිත්‍රපටිය ඒ අතරින් 32වන තැන ගන්නවා.
1. Godzilla (1954)
2. Godzilla Raids Again (1955)
3. King Kong vs. Godzilla (1962)
4. Mothra vs. Godzilla (1964)
5. Ghidorah, the Three-Headed Monster (1964)
6. Invasion of Astro-Monster (1965)
7. Godzilla vs. the Sea Monster (1966)
8. Son of Godzilla (1967)
9. Destroy All Monster (1968)
10. All Monsters Attack (1969)
11. Godzilla vs. Hedorah (1971)
12. Godzilla vs. Gigan (1972)
13. Godzilla vs. Megalon (1973)
14. Godzilla vs. Mechagodzilla (1974)
15. Terror of Mechagodzilla (1975)
16. Godzilla 1985 (1984)
17. Godzilla vs. Biollante (1989)
18. Godzilla vs. King Ghidorah (1991)
19. Godzilla and Mothra: The Battle for Earth (1992)
20. Godzilla vs. Mechagodzilla II (1993)
21. Godzilla vs. SpaceGodzilla (1994)
22. Godzilla vs. Destoroyah (1995)
23. Godzilla I (1998)
24. Godzilla 2000 (1999)
25. Godzilla vs. Megaguirus (2000)
26. Godzilla, Mothra, and King Ghidorah: Giant Monsters All-Out Attack (2001)
27. Godzilla Against MechaGodzilla (2002)
28. Godzilla: Tokyo S.O.S. (2003)
29. Godzilla: Final Wars (2004)
30. Godzilla (2014)
31. Shin Godzilla (2016)
32. Godzilla: Planet of the Monsters part I(2017)
33. Godzilla: City on the Edge of Battle {(2018) Part II of Planet of the Monsters}
ඔන්න ඔය ටික තමයි මේ වෙනකන් ආපු ගොඩ්සිලා චිත්‍රපටි ටික සේරම, තවත් දෙයක් තියෙනවා ඒ තමයි එකම චරිතයක් සම්බන්ද කරගෙන නිම වුන වැඩිම චිත්‍රපටි ගානක් තියෙන්නෙත් ගොඩ්සිලාගේ නම ඉදිරියේ (33) ඉතින් අපි දැන් මේ කතා කරන Godzilla: Planet of the Monsters චිත්‍රපටය ජපානයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විනාඩි 89ක් පුරා දිවෙන මේ කතාව ලියලා තියෙන්නෙ ජපානයේ Gen Urobuchi කියන ලේඛකයා ඒ වගේම මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Hiroyuki Seshita, Kobun Shizuno කියන අධ්‍යක්ෂකයන් දෙදෙනා. එතකොට මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ Toho Animation ආයතනය විසින් ඒ වගේම චිත්‍රපටිය Animation කරලා තියෙන්නෙ Polygon Picturesලා විසින් වැදගත්ම දේ තමා මේකේ ප්‍රචාරක අයිතිය තියෙන්නෙ Netflix එකට Netflixලා වැඩක් කලොත් දන්නවනේ. එතකොට මේකෙ හඩකවන්නෙ කවුද? ඒ තමයි Mamoru Miyano, Takahiro Sakurai, Kana Hanazawa, Yuki Kaji කියන ජපන් නලු නිලියන්.මේ සලරුව IMDb දර්ශකයේ 6.0 අගයකුත්, Rotten Tomatoes 52% අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා,ඒ වගෙම 92% ක ජනතා කැමත්තකුත් ලැබිල තියෙනවා.එතකොට මේ සලරුව අයත් වෙන්නෙ Sci-fi, Animation, Action කියන categories වලට. මේ චිත්‍රපටිය තිරගත උනේ 2017 නොවැම්බර් 17 වෙනිදා.අනික මේ චිත්‍රපටය කොටස් තුනකට තමා සැලසුම් කරල තියෙන්නෙ මේ චිත්‍රපටයෙ දෙවනි කොටස නම් මේ වෙනකොටත් ඇවිල්ල තියෙන්නෙ (Godzilla: City on the Edge of Battle). ඒ චිත්‍රපටියත් මන් නැතත් වෙන කවුරුහරි අරගෙන එවී.හරි හරි අපි දැන් බලමු මේකෙ කතාව මොකද්ද කියලා.
මේ කතාව හරෝ සකාකි කියන කපිතාන් වරයාගේ වටා තමා පදනම් වෙලා තියෙන්නේ.මෙයගෙ පොඩි කාලෙදිම එයාගෙ දෙමව්පියෝ ගොඩ්සිලා විසින් මරලා දානවා.මෙයාගෙ සීයා තමයි මෙයාව අභ්‍යවකාශයට අරගෙන යන්නේ.එදා ඉදලා මෙයාගෙ එකම අරමුන ගොඩ්සිලාව මරලා දල තමන්ගෙ මව් ලෝකය බේරගන්න එක. මෙයා හිරෙත් ඉන්නවා ටික කාලයක් හේතුව ඔයාලම බලන්නකෝ.මෙයාල මේ විදිහට අවුරුදු 20කට පස්සේ නැවතත් පෘතුවියට එනවා මොකද අභ්‍යවකාශයේදී එයාලට තියෙන සම්පත් අඩු වෙනවා වාසයට සුදුසු වෙන ග්‍රහලෝකයක් හොයගන්නත් ඔවුන්ට බැරි වෙනවා. ඉතින් එහෙම එනකොට පෘතුවියෙ අවුරුදු 20,000ක් ගතවෙලා.. ඉතින් මේ කට්ටිය පෘතුවියට ගොඩබායිද?පෘතුවිය සම්පූර්ණයෙන්ම විනශ වෙලාද?තවමත් ගොඩ්සිලා මිහිපිට ඉන්නවද?හරෝට තමන්ගේ අරමුණ ඉටු කරගන්න පුලුවන් වෙයිද? ඒ ඔක්කම දැනගන්න මේ චිත්‍රපටය නරබන්නම වෙනවා.
එහෙනම් මම යනවා චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරමින්ම. මගේ පලවෙනි උපසිරසිය නිසා වැරදි අඩුපාඩූ ඇති එවාත් පුලුවන් නම් පෙන්නලා දෙන්න. පුලුවන් නම් කොමෙන්ටුවකුත් දාගෙන යන්න. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු.
\\\\…..ජය වේවා…..////

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/HD පිටපත් සඳහා ගැලපේ.
4,521 downloadsDownload Godzilla-Monster-Planet-2017.zip94 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
42 comments
thanula D
Akesh
ela machan
Prabhasoft
Thanks Bro.. Gd lk...!!!
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම කවුරු හරි කෙනෙක් Tremors 6 (2018) එකටත් සබ් කරන්නකෝ .
AsithaDilruwan
Ela saho thanks
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Gathsara Umesh
පිලිගන්නවා සහෝදරයව සාදරයෙන්...අපි වෙනුවෙන් මේ කරන සේවයට හදවතින්ම ස්තූතිවන්ත වෙනව..ඉක්මනින් මල්ලිගෙ දෙවෙනි උපසිරැසියෙන් හමුවෙමු...ජය වෙවා...
Udara Damith Dissanayaka
මේකේ අනිත් එවත් දෙන්ඩ සබ දීල නැති ඒවා
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. පලමු උපසිරසට සුභපැතුම්..තවත් උපසිරසකින් හමුවෙමු.. ජය වේවා!
Ishan Madusha
නියමයි.පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ
බොහොම ස්තූතියිKulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Amalka Himeshan
Thanks sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු...
ජයSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kaweesha kalyana
පලවෙනි උපසිරසියට සුබපැතුම්...
Sandeepmadushan
Ela saho supiri
Chanu mikhail
thank u
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි..........ජයවේවා....!!!!!!!!!!!!!!!!!
Yohan Chathuranga
Thanks bro
shiran1994
fatta kathava bro bohoma sthuthi sub ekata. meke 2vani ekatath sub eka denavada bro ekmanata denna puluvanda
Kavishal Rasintha
තාම එලියට දීලා නෑ සහෝ ආපූ ගමන් දෙන්නම්.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Navodani Thilini Sasanika
පළවෙනි උපසිරසියට සුභ පැතුම්!!!
උපසිරසියට ස්තූතියි!!Kavishal Rasintha
Tnxs all....
දිල්ශාන් සචින්ත
නියමයි ඈ. පලවෙනි වැඩේට සුභපැතුම්.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.
දිගටම සබ් දෙමු. ජය.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්.....!S.Lakshan1990
Godzilla: City on the Edge of Battle....machan menna meka awilla puluwannm sub ekk danna.thanks
SP
Thanks for the sub
Helili Hemamali
පළමු උපසිරැසියට සුබ පැතුම්! තවත් නිර්මාණයකින් හමුවෙමු.
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!sunilmadu
math onna banawa.subapathanawa idiri gamanata
sasi1111
Suba pathum macho
Tnxsunilmadu
Well don brother
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි සහෝ...
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් !!!Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට..
..දිගටම කරගෙන යමු ....එල ...සංජන චමෝද්
සබ් එකට ස්තූතියි සහෝ....
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️
Anonymous
Godzilla vs kong denne nadda .... 2021 eka
Pavith Wijesooriya
මේක සුපිරිම trilogy එකක්.ගොඩක් ස්තූතියි පලවෙනි චිත්‍රපටියට සබ් එක දුන්නට.සබ් එකත් සුපිරියටම තිබ්බා.පලවෙනි එක වුනත් මම නම් අවුලක් දැක්කේ නෑ.ඉදිරියටත් මේ වගේ සුපිරි ඒවට සබ් දෙන්න.ආයෙත් ගොඩක් ස්තූතියි සබ් එකට.ජය වේවා!!!
Sa Sitha
Well done ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.දිගටම සබ් දෙමු. ජයවේවා........