ඇකඩමි සම්මාන අටක් හා අගැයිම් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන දහයක් සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට දිනා ගත් “Benhur” සිනමා පටය මගින් වසර 20 කට පසු 1950 දී, එම වාර්ථාව බිඳ දමන තෙක්ම රැකගත්) , වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ආදරයෙන් වැලඳ ගත් සිනමා පටය ලෙස සිනමා විශාදරයන් සලකන, එසේම වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ සිනමා…

ඇකඩමි සම්මාන අටක් හා අගැයිම් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන දහයක් සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට දිනා ගත් “Benhur” සිනමා පටය මගින් වසර 20 කට පසු 1950 දී, එම වාර්ථාව බිඳ දමන තෙක්ම රැකගත්) , වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ආදරයෙන් වැලඳ ගත් සිනමා පටය ලෙස සිනමා විශාදරයන් සලකන, එසේම වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ සිනමා පටය ලෙස වාර්ථා පොතට එක් වූ, සමස්ත සිනමා ඉතිහාසයේම වැඩිම ආදායම ලැබු (ඩොලර් බිලියන 3.3) සිනමා පටය ලෙස නොබිඳෙන වාර්ථාව තබා ඇති, මින් වසර 75කට පෙර, එවකට වැඩිම වියදම දරා නිපදවූ දැවන්ත සම්භාව්‍ය සිනමා පටයයි “Gone With The Wind”. මෙම සිනමා පටය පසුගිය වසර 75 පුරාම, (1939 සිට 2013 දක්වා) නැවත නැවතත් දස වාරයකටත් වඩා ප්‍රදර්ශනයට මුදා හැර තිබීමෙන්ම, මෙය ලෝක සිනමා ඉතිහාසය තුල කොපමන ජනප්‍රියතාවයක් ලැබී ඇත්දැයි සිතාගත හැක. එමෙන්ම රූපවාහිනියේ පලමු ප්‍රදර්ශන වාරයේදී, එවකට වැඩිම ප්‍රේක්ෂක පිරිස නැරඹු සිනමාපටය පිලිබඳ වාර්ථාවටද හිමිකම් ලැබුවා.
1998 වසරේදී නව තාක්ෂනය යොදා ප්‍රතිසංස්කරණය කර, ඇමරිකානු සිනමා ආයතනය විසින් හොඳම සිනමා පට දහය අතරට තෝරාගෙන, සංරක්ෂනය කෙරුනා. මෙය නිපදවීමට පාදක කරගෙන ඇත්තේ,පැරණි දකුණු ඇමරිකා සිවිල් යුද්ධය ආරම්භයත් ඉන්පසු ප්‍රතිසංස්කරණ අවධියත් මැදි කරගෙන මාග්‍රට් මිෂෙල් නම් කතුවරිය ලියු නවකථාවයි. දකුණු අමරිකාවේ ජීවත්වූ වංශවත්, පොහොසත්, සුරුපී, එමෙන්ම දැඩි අධිෂ්ඨානශීලී, මුරණ්ඩු, සමාජ ආකල්ප වලට බිය නොවන ස්කාලට් නම් යුවතියක් වටා මෙහි කථාව ගොනු වී ඇත.
සිවිල් යුද්ධයේ බලපෑමෙන් ඇති වන දරිත්‍රතාවයට හා දුර්භික්ෂයට මුහුන දෙන ඇය, තම පියා ඇතුළු සොයුරියන් දෙදෙනා රැක ගැනීමටත්, අහිමි වීමට ආසන්න ඉඩකඩම් බේරා ගැනීමටත් ගන්නා දැඩි උත්සහය මින් මැනවින් නිරූපනය කර ඇත. ඈෂ්ලි නම් තරුණයෙකුට තමාට පමණක් සීමා වූ, අප්‍රකාශිත ආදරයක් ඇය පුද කරයි, එම තරුණයා වෙනත් විවාහයක් කර ගනී. නමුත්ඇය, ඔහුව කෙසේ හෝ තමා සතුකර ගැනීමේ උත්සහයක නිරත වේ. කෙසේ වෙතත් ඇය වෙනත් විවාහයක් කර ගනී. එම පලමු විවාහයේ සැමියා යුධ සටනකදී මියයයි. ඉන්පසු විවාහ වන දෙවන්නාද ගැටුමකට මැදිවී මියයයි. ඇයව තේරුම් ගෙන, ඇයට සත්‍ය වශයෙන්ම ආදරය පුද කරන, ඇගේ තෙවන සැමියා, ඇගේ පලමු පෙම්වතා වන ඈෂ්ලි නිසා ඇති කර ගන්නා ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස, ඇයව අතහැර යයි. නමුත් මේ වනවිට ඔහුගේ ආදරය ගැන සත්‍යාවබෝධය ලබා, හැරගිය සැමියා කෙසේ හෝ නැවත දිනා ගැනීමට අධිෂ්ඨාන කරගන්නා ඇය……………
පරිගනක තාක්ෂනය ගැන අසාවත් නැති යුගයක නිපදවා ඇති, අති දැවැන්ත පසුතල හා, ඉතා විචිත්‍රවත් රූපරාමු නිර්මාන ඔබව පුදුමයට පත් කරවනු ඇත. ඇමරිකානු සිවිල් යුධ සමය ගෑන අවබෝධයක් ලබා ගැනීමටද මෙයින් ඔබට යම් අවස්ථාවක් සැලසේවි. මෙයට පෙර “Doctor shivago” උපසිරැසි සඳහා ලැබී තිබු අදහස් දැක්වීම් වලදී, මෙම සිනමා පටයටත් උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලීම් කිහිපයක් තිබුනා. ඒත් “Doctor shivago” වැනි සම්භාව්‍ය සිනමා පටයක් සඳහා ලැබුනු අඩු ප්‍රතිචාරය නිසා මා ටිකක් පසුබෑවා. එහෙත් සිංහල උපසිරැසි සාහිත්‍යය තුල මෙම දැවැන්ත සිනමාපටයේ උපසිරැසිය නැතිකමේ අඩුපාඩුව සම්පූර්ණ කලයුතු යැයි හැඟුනු බැවින්, විනාඩි 240ක් පුරා දිවෙන, උපසිරැසි පේලි 3000 කටත් වඩා ඇති මෙම උපසිරැසිය කරන්න තීරණය කලා. ලිපිය ටිකක් දීර්ඝ වුනා. එනිසා සිනමා වංශ කථාවේ අනභිබවනීය සිනමා පටයක් නරඹා රසවිඳ, ඔබේ අදහස් හා විවේචන ලැබෙන තෙක්, නවතින්නම්.
ජයමවේවා.
මෙම ලබා දී ඇති සියළුම Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
553 downloadsDownload Gone-with-the-Wind-1939.Baiscopelk.com_.rar103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SIRIJAYA
Subtitles
35 comments
Withanage Priyantha Dayakeerthi
sajith
direct download links include uptobox
http://goo.gl/cgSlf3නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට jennifer's body 2009 සිංහල උපසිරැසි Dennako^ සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Asitha
එලම.
The Birds ෆිල්ම් එකටත් සබ් දෙන්න.
බොහොම පින්.!!!
ඊයේ පෙරේදා මේක දැකලා බලන්න ආසාවේ හිටියත් පරණ නිසාත් සබ් නැතිකමත් නිසා කම්මැලි හිතුනා.
මයිකි වයිරස්
ඔන්න Film එක බාගන්න........
Gone With The Wind 1939 720p bluray x264 yify
Clicknupload Link
https://clicknupload.link/m7xnnds7zivhUptobox Link
http://uptobox.com/1we1cwo7bzc6kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Chami.S
Thanks..
Good Luck..Ishan Madusha
Thanks saho sub 1ta. jaya wewa!!!
asiri
patta film akaka aniwa hamoma balanna
lk
thanks lot
Hiruni
Thanx.. :)
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි සහෝ උප්සිරසට... මේ වගේ අගනා චිත්‍රපටයක් අපි වෙත ගෙනාව එක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා... ලේසි වැඩක් නෙමෙයි නේ මේකේ පේලි බර ගණනක් තියනවා නෙව.... තවත් මේ වගේ උපසිරැස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
Chalana Rukshan
thnx broo..
Dulanga
Thanks
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…Great work.thanks SIRIJAYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ප්‍රේමකුමාර
බොහොම ස්තූති සහෝ මෙවන් අගනා සලරුවකට උපසිරැසි ලබා දුන්නට.
James DC
මේ වගේ දීර්ඝ ෆිල්ම් එකකට සබ් දෙන්න යොමු උන එකට ගොඩක් ස්තුතියි. ෆිල්ම් එක මං කාලෙකට කලින් ඩව්න්ලෝඩ් කරන් බැලුවා. මේකේ මුල් පැය 2 නම් හොඳයි. ඒත් 2වෙනි පැය 2නම් එච්චරම දෙයක් නෑ
pramoda
මීට කාලයකට පෙර මේ චිත්‍රපටය පිළිබඳ ලිපියක් දැකලා මෙය ඩවුන්ලෝඩ් කළත් තෙරුම්ගැනීමට අපහසු නිසා ටිකයි බැලුවේ. දැන් ඔබගේ අගනා කැපකිරීම නිසා එය අදම නරඹන්නට පුළුවන්. එක සිනමාපටයක් වෙනුවෙන් දෙබස් 3000 කට වඩා පරිවර්තනය කළ ඔබ පුදුම කැපවීමක් මෙය වෙනුවෙන් සිදුකර තිබෙනවා. අනිවාර්යයෙන්ම එය අපතේ යන උත්සාහයක් නොවේ. ඔබට ජය පතමි!
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Hiun
Thaks boss
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan
No subtitle file.pls upload or send it to me the sub filr
SAD Sudath
Gone with the wind මම අසාවෙන් කියවපු පොතක් (සිංහල). ස්තූතියි ඔබට, මෙවැනි උසස් සිනමා පටයක් අප වෙනුවෙන් තෝරා ඉදිරිපත් කිරීම ගැන. තව තවත් ධෛර්යය ලැබේවා ඔබගේ උප සිරසි කටයුතු වලට
chan
thank
ඉසුරු මැදවල
බොහෝම ස්තූතියි සහෝදරයා.
Wiki
මෙය සහ ඩොක්ටර් ශිවාගෝ සඳහා ඔබ කල කැපවීම පිලිබඳ මගේ හද පිරි ප්‍රණාමය.....!
මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා හැකි නම් '' සිටිසන් කෙන් " සඳහාත් ඔබගේ කාරුණික දායකත්වය ලබාදෙන්න කියලnimal dissanayake
Sirijaya,
ජය ජය ජයසිරි වේවා!
හොඳයි, විශිෂ්ටයි, අපූරුයි.
ඔබෙ දෑතට,අකුරු කොටන දසැඟිල්ලට
තව-තවත් සවිය ලැබේවා!namal kumara
ela ela පුලුවන් තරම් classic දෙන්න..
tharindu gunarathna
thanks
maleendra
stutiyi.
Bhawantha Chamod
thanks mcn.
sasanka
thanks for the sub
Anonymous
දහස් වාරයක් ස්තුතියි මේ උපසිරැසි වලට.
මේ වගේ වටිනා චිත්‍රපට ඉදඉදිරියටත් උපසිරැසි ගන්වන්න.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

කියන්නට වචන ගලපගන්න අපහසුවුණා උදෙන්ම මේ උපසිරැසිය දැක්කම. ඒ තරමට සතුටුයි, ස්තුතියි! බැලුවාද කියා මතකවත් නොහිටින වර්තමාන චිත්‍රපට රැල්ල අතරට ඉතා අගනා සලරුවක් මෙම වෙබ් එකට එකතු කිරීමෙන්ම ඔබ මහඟු කාර්යයක් කලාත්මක චිත්‍රපට ප්‍රියකරන්නන් වෙනුවෙන් ඉටුකර තිබෙනවා. ඔබ උපසිරසි කළ "ඩොක්ට ශිවාගෝ" චිත්‍රපටයත් මම අපේ පවුලේ සියලු දෙනා සමඟ නැරඹුවා. එය දැනට ඩවුන්ලෝඩ් කරගෙන ඇති ප්‍රමාණය අඩුවීම ගැන ඔබ අදහස් දක්වා තිබුණා. එහෙත් ඔබේ එම උපසිරැසිය සහිත එහි ඩී.වී.ඩී. කොපි ලංකාව පුරා තිබෙනවා. මාත් එකක් මිලදී ගෙන තිබෙනවා. ඒ නිසා කනගාටු නොවන්න, මෙහි ඩවුන්ලෝඩ් ඉලක්කම ගැන නොසලකා මෙවැනි "ස්වර්ණමය නිර්මාණ" තවතවත් උපසිරසි කරන්න. රටපුරා මේවා සඳහා රසික පිරිසක් ඉන්නවා.
හැකිනම් ඇල්ෆඩ් හිච්කොක් ගේ "The Birds" චිත්‍රපටයට සිංහල උපසිරසි කරන්න. ඔබට ස්තුතියි!