Watch Trailer

Three Billboards Outside Ebbing, Missouri (2017) with Sinhala Subtitle | ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර….? [සිංහල උපසිරැසි සමඟ] (18+)

“මම මිල්ඩ්‍රඩ් හේයස්” මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට ලක්කරලා මරල දාල තියෙන එක. හැම දේටමත්ම වඩා ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා…

 

“මම මිල්ඩ්‍රඩ් හේයස්”
මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට ලක්කරලා මරල දාල තියෙන එක. හැම දේටමත්ම වඩා ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා කාර් පාක් වල ස්කේටින් පදින පොඩි උන්ව අල්ලන එකයි වර්ණභේදවාදය නිසා කළු උන්ව අල්ලන් වද දෙන එක විතරයි. උන්ට කිසිම ගානක් නැහැ මගේ දුවට වෙච්ච අපරාධය ගැන. මමයි දුවයි අතර තිබ්බ සම්බන්ධතාවය ගැන මතුපිටින් බලල උඹල හිතනවනම් මම ජරා අම්ම කෙනෙක් මම මොකටද මේ තරම් දුව ගැන දුක් වෙන්නේ කියල කෙලවගන්නේ නැතුව තොලොංචි වෙලා පලයව්. උන්ට උවමනාවක් නැත්නම් මම උන්ට මතක් කරල දෙනවා උන්ට කරන රස්සාවට අදාළව කරන්න තියෙන දේවල් මොනවද කියල. මම ඒක පෙන්වන්නේ උන්ට විතරක් නෙමෙයි. මම මුළු ලෝකයටම ඒක පෙන්වනවා. මගේ දුවට යුක්තිය ඉටුකරගන්න මම ඕනම දෙයක් කරන්න පසුබට වෙන්නේ නැහැ. උන් දන්නේ නැහැ අම්ම කෙනෙක්ගේ දුක, උන් දන්නේ නැහැ ලිංගික අතවර කරල මරල දාපු දුවෙක්ව තමන්ගේ අත් දෙකෙන් මිහිදන් කරන්න සිද්දවෙච්ච අම්ම කෙනෙක්ගේ දුක. මම උන් ගැන මගේම විදියකට බලාගන්නම්. සමාජයම මාව පිළිකුල් කරාවි, කොන් කරලා දාවි. ඒත් මගේ දුවට යුක්තිය ඉටුවෙනකම් මේ දේ නවත්වන්නේ නැහැ.

“මම බිල් විල්ව්බි”
මම තමයි එබින් නගරයේ ෂෙරිෆ්. මට ජිවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව බොහොම ටික කාලයයි. මට දරුණු පිළිකාවක් තියෙනවා. මම ඉන්නේ පිළිකාවේ අවසාන අවධියේ. මේ වෙනකොට මගේ ඇඟේ තියෙන ලොකුම අවයවත් ඇත්තටම මේ පිළිකාව. ඉතිං මම මේ වෙනකොට ඉන්නේ මරණයට මුහුණ දෙන්න සුදානමින්. මේ අතරවාරයේ තමයි මිල්ඩ්‍රඩ් හේයස්ගේ දුව ඇන්ජෙලා හේයස්ව අතවරයට ලක්කරලා මරල දාල තිබ්බේ. මම හැම හෝඩුවාවක් පස්සෙන්ම ගියා, අපරාධකාරයාගේ DNA අපි ළඟ තියෙන අපරාධකරයෙකුගේම DNA වාර්තාවන් එක්ක සංසන්දනය කරලා බැලුවත් කිසිදු ගැලපීමක් තිබ්බේ නැහැ. කිසිම ඇසින් දුටු සාක්ෂි කාරයෙකුත්, වෙනත් කිසිම භෞතික සාක්ෂියක්වත්, සුළු හෝ හෝඩුවාවක්වත් ලැබුනේ නැති මේ අපරාධය සිදුකරපු අපරාධකරුවා අල්ලගන්න එක ඇත්තටම මම ඉන්න තත්වයත් එක්ක ලොකු අභියෝගයක් මානසික පීඩනයක්, දැන් ඒ තත්වය තවත් දරුණු වෙලා. ඇන්ජෙලාගේ අම්ම විශාල ප්‍රමාණයේ බිල්බෝර්ඩ් තුනක් ගහල. ඒ බිල්බෝර්ඩ් තුනෙන් කියැවෙන්නේ මම ඒ අපරාධය පසුපස හඹා යන්නේ නැහැ කියල අදහසක්. ඒත් මටත් ඕන ඒ අපරාධකාරයව අල්ලගන්න. මං ඉන්න තත්වය එක්ක මිල්ඩ්‍රඩ් කරපු මේ වැඩේ නිසා නගරයේම ජනතාව ඉන්නේ මගේ පැත්තේ. මම මට පුළුවන් හැම දේම කළා ඒත් ඒ DNA අපරාධකරයින්ට ගලපෙන්නෙත් නැත්නම් කිසිම වෙන කිසිම සාක්ෂියකුත් නැත්නම් තව ටික දවසකින් මැරෙන්න ඉන්න මම මොනවා කරන්නද?

“මම ඇන්ජෙලා හේයස්”
එබින් නගරයම කතා වෙන්නේ දැන් මං ගැන තමයි, නගරේ මිනිස්සු විරසක වෙලා ඉන්නේ මං නිසා. ඇත්තටම මම දැන් ජිවතුන් අතර නැහැ. මාව ලිංගික අතවරයට ලක්කරලා මරල දාපු සාහසිකයෝ තවම නිදැල්ලේ. මගේ අම්ම දැන් තනියම සටන් වදින්නේ මට යුක්තිය ඉටුකරගන්න. මම ජිවත් වෙලා ඉන්න කාලේදී අම්ම එක්ක තිබ්බ සම්බන්ධතාවය ඒ හැටි හොඳ නැති උනත් මං හිතන්නේ අම්මට එහෙම හැසිරෙන්න උවමනාවටත් වඩා හේතු තිබුනා. මං හිතන්නේ මම හිතුවක්කාර උනා ඉතිං ජීවිතෙන් වන්දි ගෙවල තවත් මිනිස්සු ගොඩක් අමාරුවේ දාන තැනකට මගේ මරණය පවා පත්වුණේ ඒ නිසා වෙන්න ඇති. අම්ම තාත්තාගෙන් දික්කසාද වෙලා මගේ මල්ලිවයි මාවයි බලාගත්ත කොහොමහරි. හැබැයි ඒ කාලේ මට අම්මගේ සෙනෙහස දැනුනේ නැහැ. මං හිතන්නේ අම්ම දැන් හැසිරෙන විදියට මම ජිවත් වෙලා ඉන්න කාලේ හැසිරුනා නම් මම බොහෝදුරට තවම ජිවත් වෙලා ඉන්නත් තිබ්බ. ඒත් කාටද කියන්න පුළුවන් අපේ ඉරණම කොයි කොයි අතට පෙරලෙයිද කියල. ඔයාලට බලාගන්න පුළුවන් මගේ අවාසනාවන්ත මරණය තව මිනිස්සු කිදෙනෙක්ට අවාසනාව අරගෙන එනවද කියල…..

“මම මාටින් මැක්ඩොනෆ්”
මම තමයි ඇන්ජෙලා හේයස්ගේ කතාව ලිව්වේ. ඒ වගේම අධ්‍යක්ෂනයත් මගේ. මම මේ තිරපිටපත ලියනකොට මිල්ඩ්‍රඩ් හේයස් විදියට මම චිත්තරූපය මවාගෙන හිටියේ Frances McDormand ව. තිරපිටපත ලියා අවසන් කලාට පස්සේ එයාට මේ යෝජනාව ඉදිරිපත් කලාම එයා ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී එයා කැමති උනා. මං හිතනවා මට වැරදුනේ නැහැ මම එහෙම කියන්නේ මොකද, මට මේ කතාවට IMDB 8.3ක් ලැබිල හොඳම සිනමාපට අතර 122වැනි ස්ථානය දිනාගන්න හැකි උනා විතරක් නෙමේ 2018 ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මාන උළෙලේදී සම්මාන හයකට නිර්දේශ වෙලා සමාන හතරක් ලබාගන්න පුළුවන් උනා.  ඒ Best Drama, Best Screenplay එක විදියට මටත්, Best Actress විදියට ෆ්‍රැන්සිස්ටත් (මිල්ඩ්‍රඩ් හේයස්)  Best Supporting Actor විදියට වූඩි හැරල්සන්ටත් (බිල් විල්ව්බි) ඉහත කී අංශ හතරෙන්. ඒ විතරක් නෙමෙයි කට්ටිය දන්න කියන Peter Dinklage වගේ අය එක්ක තව පිරිසක් ඉතාම අපුරුවට මගේ විධානය අනුව මේ කතාව ජීවමාන කළා. මගේ මීළඟ බලාපොරොත්තුව මෙවර ඔස්කා සම්මාන උළෙලේදීත් මේ විදියටම ජය කෙහෙළි නංවන්න තමයි. මං  හිතනවා මේ කතාව බලන්න ඔයාලට මිට වඩා කරුණු කාරනා අවශ්‍ය නැහැයි කියල. 

“මම ශාන් විමුක්ති” 
අවසාන වශයෙන් මම යමක් කියන්න කැමතියි මේක 18+ එහෙමත් නැත්නම් හොලිවුඩ් විදියට R රේටඩ් උනේ මේකේ කතා කරන බාශාව සහ යම් සීමිත දර්ශන කිහිපයක් නිසයි. මම හැකි පමණ සභ්‍ය ආකාරයෙන්  අදාල හැඟීම් පෙන්වන ආකාරයට  සිංහල උපසිරැසිය නිර්මාණය කළා. මම සමහර තැන් වලට * ලකුණු යොදාගත්තා. මට එහෙම කරන්නේ උනේ මම අදාළ තැනට වෙනත් ආදේශක වචනයක් යෙදුවොත් අදාළ දෙබසේ හැඟීම සම්පුර්ණයෙන්ම නැතිවෙලා යන නිසයි. ඒ නිසා පොදුවේ බලන්න එපා මේක ඔයාලව අපහසුතාවයට පත්වෙන්න පුළුවන් ඒ දේවල් නිසා. ඒ වගේම උපසිරැසිය සහ හොඳ පිටපතක් ඇවිල්ල යම් කාලයක් ගතවුනා මේක පරිවර්තනය කරන්න. ඒ වගේම මේ දීල තියෙන පිටපත කිසිදු අයුරකින් කැමරා කොපි නෙමෙයි මේ පිටපත සම්මාන උළෙලවල් පවතින කාලයන්හිදී හොර රහසේ එලියට නිකුත් වෙන ඒවා. ඉතිං එහෙමනම් මම මේ අවුරුද්දේ දැනට බලපු හොඳම කතාවක් මේක. සමුගන්න අවසරයි අද හවස වයිකින් තුලින් නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත් සඳහා ලබා දි ඇත.

6,868 downloadsDownload Three-Billboards-Outside-Ebbing-Missouri-2017-update-1.zip144 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/vima-123456.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,868 downloadsDownload Subtitles144 KB

77 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thank u bro sub ekata....

  2. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි "ශාන් විමුක්ති" සහෝ, ලිපියත් මරුවට ලියල තියනවා. දිගටම යමු. ජය වේවා!,.. :-)

  3. losaka

    Thank u bro

  4. nimal dissanayake

    ලිපිය කියෙව්වාම හිතුණා
    ෆිල්ම් එක නොබලාම බැහැ කියලා.
    බාගෙන බලලා කොමෙන්ට් එකක් දමන තුරුයි
    මේ ලිව්වේ.
    වෙනස්ම විදියේ ලිපිය මරේ මරු!
    ශාන්,
    දිගටම ජයටම මෙහෙමම සබ්ස් දෙන්න!
    තෑන්ක්ස්!

  5. Helili Hemamali

    උපසිරැසියට ස්තූතියි විමා!
    ලිපිය කියෙව්ව ම කමෙන්ට් එකක් නොදා ඉන්න බැරි තරම් සුපිරියට ලිපිය ලියලා තියනවා.

  6. Praneeth priyadarshana

    Tks bro

  7. Alankara

    මම චමිල් අලංකාර
    Film එක බලනවා තියා තාම බාගත්තෙවත් නැහැ. මට වෙලාවකට බය හිතෙනවා Film එක බාගත කරගෙන බලන්න. මොකද මට බයයි අන්තිමට මට හිතෙයි කියලා ෆිල්ම් එකට වඩා ලිපිය හොඳ වුනොත් කියලා. එහෙම උනොත් මාටින් මැක්ඩොනෆ් ට මොනවා හිතෙයිද ? ඔස්කා සම්මාන උළෙල ගැන හීනය පැත්තක තියලා මිනිහා Film කරන එක නවත්තයිද දන්නේ නැහැ. මිනිහගේ Film එකට වඩා ශාන් විමුක්තිගේ ලිපියට rating වැඩිවෙලා ලිපිය IMDB දර්ශකයට ඇතුලත් උනොත්. මට හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා.....Film එක බාගත කරගෙන බලනවාද ???? නැද්ද ????

  8. hasitha86

    ස්තූතියි!

  9. Thisal

    ස්තූතියි

  10. sanjulk

    Nice work

  11. Subhash13

    Supiri

  12. Hemantha De Silva

    Thanks Shan...
    Thanks Bais...

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. chinthaka sampath

    thank u bro..............

  15. එල්.සී. දමැල්

    මේ චිත්‍රපටය බලන්න හේතු තුනයි,
    1. විමාගෙ ලිපිය
    2. රසික ප්‍රතිචාර
    3. ලැබුණු සම්මාන

    ස්තුතියි අයියෙ උපසිරසට. තවත් විශිෂ්ට සිනමා කෘතියකින් හමුවෙමු.

  16. thilina86

    Guys watch this movie this is something. Thanks for the sub. Good one

  17. gayan4

    බොහොම ස්තූතියි සහෝ.

  18. Soori

    ලිපිය සුපිරියි විමෝ....
    පිලුමත් හොඳටම ඇති කියලා හිතනවා....
    බ්ලූ රේ ආවාම සබ අප්ඩේට් කරන්නෝනෑ....
    සබට බොහෝම ස්තුතියි....
    ජය වේවා...!!!

  19. praveen ranasinghe

    ස්තුතියි අයියෙ උපසිරසට. තවත් විශිෂ්ට සිනමා කෘතියකින් හමුවෙමු.

  20. AsithaDilruwan

    elama saho thanks

  21. priyan99

    hanks bro sub ekata

  22. Leoathuwa

    Supper....!!

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. jagath55

    Thanks

  25. Kanchaka

    Thanks Bro................Patta

  26. malith

    Ela elaz

  27. anidithialahakoon

    Thankx

  28. sampath n perera

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  29. poddaa

    thanks bro

  30. Chamith Mihiranga

    Elama bro... Thanks.

  31. සාෂා

    බොහොම ස්තුතියි...

  32. Wicki

    උපසිරසට බොහොම ස්තුතියි

  33. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශාන් සහෝ.
    ඇත්තෙන්ම අනගි ලිපියක්.
    ජයෙන් ජය.

  34. kuma2lasa

    thanks sahoooooooo

  35. Bimal Tharaka

    site eka wikarayak karala epa wenawa dan log wenna gyahama... email eka hadala log unath sub download karanna naha erorr ekak enawa :(

  36. buddhika

    supiri machan venasma vidihat meka kiyala thiyenna, ela loku wenasak

  37. asithaud

    niyamai thanks

  38. madhawashan0

    Movie එක බලන්නම හිතෙන විදියට ලිපිය තියනව. ඒක තමයි හොඳම. කාතාවෙ සාරාංශය දාන එක ගොඩක් ප්‍රයෝජනවත්. Good luck ශාන් විමුක්ති bro.

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  41. UK_Fernando

    Thanks Shan

  42. malith

    Ela ela

  43. Nishanfernando

    Thanx bro

  44. රොයිලි

    මම ශාන් විමුක්ති.... අනේ අපි දන්නවා උඹේ කැරැට්ටුව. :P :P බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. shanukanew

    thanks bro

  46. භාෂිත් උඩවත්ත

    ...බොහොම ස්තූතියි සහෝ සිංහල සබට.... ;)

  47. sithija24

    THANK YOU VERY VERY MUCH BRO !!!

  48. Kavinka Prashad

    BR update karannako...

  49. Ishan007

    thanx Vimaa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.