Watch Trailer

The Assassination of Jesse James by the Coward Robert Ford (2007) with Sinhala Subtitles | ජෙසී ජේම්ස් ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කොහොමද ඉතින් කස්ටිය,ටික දවසකට පස්සේ මම තවත් පරණ cow boy ටයිප් ෆිල්ම් එකක් අරගෙන ආවා. පොත් ආශ්‍රයෙන් නිර්මාණය වුන ෆිල්ම් වලට මම ගොඩක් ආසා නිසා තමයි මේක තෝරාගත්තේ.පොතක් කීවට මේකට වස්තු බීජය වෙන්නේ සත්‍ය කතාවක්.ඒ කතාව වගේම පොතෙත් සම්මිශ්‍රණයක් හැටියට තමයි ෆිල්ම් එක එලියට එන්නේ. 1866 -1882 කාල වකවා…

හලෝ කොහොමද ඉතින් කස්ටිය,ටික දවසකට පස්සේ මම තවත් පරණ cow boy ටයිප් ෆිල්ම් එකක් අරගෙන ආවා. පොත් ආශ්‍රයෙන් නිර්මාණය වුන ෆිල්ම් වලට මම ගොඩක් ආසා නිසා තමයි මේක තෝරාගත්තේ.පොතක් කීවට මේකට වස්තු බීජය වෙන්නේ සත්‍ය කතාවක්.ඒ කතාව වගේම පොතෙත් සම්මිශ්‍රණයක් හැටියට තමයි ෆිල්ම් එක එලියට එන්නේ.

1866 -1882 කාල වකවානුව තුල ඇමරිකාවේ මිසෝරි වල බොහොම ක්‍රියාකාරිව ඉදපු ජේම්ස් කියන පාතාල කල්ලියේ නායකයා විදිහට කටයුතු කරපු ජෙසී ජේම්ස් කියන දාමරිකයා වටේ තමයි මේ කතාව ගෙතෙන්නේ.ඔහු ඇත්තට ඇමරිකානු සිවිල් යුද්ධයට සම්බන්ධ වුන දක්ෂ චරිතයක්.සරලවම කිව්වොත් මෙයා නිකන් රොබින් හුඩ් වගේ පොරක්,පොහොසතුන්ගෙන් හොරකම් කරලා දුප්පතුන්ට බෙදලා දුන්නු ජනතා වීරයෙක්.හැබැයි මේ කතාවේ උච්චතම අවස්තාව වෙන්නේ ඔහු කරන වීරකම් නෙමෙයි,අවුරුදු 20ක පොඩි කොල්ලෙක් ඇති එයා ඝාතනය වෙන එක. ඒ ඇයි කියල ඔයාලම බලන්නකෝ.

ජෙසී ජේම්ස් ට පණ පොවන්නේ අපි හැමෝම ආසා කරන ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු Brad Pitt.ඔහුට නොදෙවෙනි විදිහට Casey Affleck නම් තරුණ නළුවා දක්ෂ රංගනයක යෙදෙනවා. ඒ නිසාම ඔහු 2008 අවුරුද්දේ ඔස්කාර් වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයටත් නිර්දේශ වෙනවා.මෙයා ගැන කියන්න තව විශේෂ දෙයක් තියෙනවා මෙයා තමයි 2017 ඔස්කාර් සම්මාන උළෙලේ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලෙත් හොඳම නළුවා .දැන් මතක් වෙනවා ඇති interstellar,american pie,triple 9 මෙයා හිටියා කියලා.තව විශේෂ දෙයක් තමා මියුසික්. හරි ලස්සනට ගලා යන මියුසික් එකක් තියෙනවා ෆිල්ම් එකේ ගොඩක් තැන්වල.ඒ නිසා ඉහල රසවින්දනයක් තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

දැන් ඉතින් වැඩි විස්තර ටික කියන්නම්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Andrew Domonic විසින්. Ron Hansen විසින් 1983 දී මේ නමින්ම ලියපු පොත තමයි ෆිල්ම් එකට පාදක වෙන්නේ.මම මේ ෆිල්ම් එකේ ටයිටල් එකට නම් ආසා නෑ, මොකද කතාවම එතන ලියවිලා තියෙනවා වගේ දැනෙනවා.කලින් කියපු නළුවෝ දෙන්නට අමතර අපි දන්න කෙනෙක් ෆිල්ම් එකේ ඉන්නවා. එයා තමයි Jeremy Renner.මතකනේ avengers,hurt locker එහෙම.imdb 7.5 වගේම rotten tomatoes 76% මේ ෆිල්ම් එක අයිති කරගෙන තියෙනවා. ඉතින් පරණ වුනාට බැලුවට අවුලක් නෑ නේද?

එහෙනම් මම නවතින්නම්,ජයවේවා.

The Assassination of Jesse James by the Coward Robert Ford (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Assassination.of.Jesse.James.by.the.Coward.Robert.Ford.2007.BRRip.720p.x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,305 downloadsDownload The-Assassination-of-Jesse-James-by-the-Coward-Robert-Ford-2007.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,305 downloadsDownload Subtitles54 KB

19 comments

  1. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි
    සහෝ ඉතිරි death note films ටිකටත් සබ් දෙනවනම් නියමයි
    ජය වේවා!

  2. නිරෝෂ්

    ස්තුතියි පියුමාල් සහෝ.ජයවේවා !

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. mayura

    Suddenly Seventeen 2017
    The Young Offenders 2016
    My Blind Brother 2016
    Baked In Brooklyn 2016 මේවටත් අඩු ගානෙ සබ් දෙන්න කෝ සහෝ!.

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  7. Chalana

    thnx bro...

  8. අසිත

    elama saho thanks

  9. kumara

    In.A.Valley.Of.Violence.2016.720p.BluRay.[YTS.AG]
    My Name Is Lenny (2017) [YTS.AG]
    My Name Is Lenny (2017][YTS.AG]
    The.Phenom.2016.720p.BluRay.[YTS.AG] මේවටත් සබ් දෙන්න කෝ,,,,,,,,,

  10. Dulanga

    Thanks

  11. bandara

    ස්තුතියි පියුමාල් සහෝ ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. nadeera witharanage

    BOHOMA STHTHU SUB EKATA

  14. dimantha26

    good job

    1. පියුමාල්

      Thanks bro

  15. sasanka

    thanks for the sub

  16. Gayan Chathuranga

    Thanks saho

  17. Anonymous

    Cant download bro

  18. Dimuthu

    මේකේ සබ් එක download කරන්න බෑ. 403 Forbidden Error එනවා.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.