Watch Trailer

Aghavan (2019) with Sinhala Subtitles | නිධන් සොයා… [සිංහල උපසිරසි සමඟ]

අතීතයේ රාජ රාජ චෝල සමයේ මහා ගං වතුරක් ඇති වුනා. හැම තැනම, හැම ගම්මානයක්ම වතුරෙන් යට වෙලා මහ මුහුදක් වාගේ පෙනුනා. මෑත අතීතයේ චෙන්නායි වලද එසේ මහ ගංවතුරක් ඇති වුනා. නවීන තාක්ශනයේ ආධාරයෙන් අසල්වැසි ප්‍රාන්තයන්ට තත්ත්වය දැනුම් දී ගුවන් මගින් ආධාර ලබා ගත්තා. හමුදාවේ ආධාරයෙන් වෙන්න ගිය මහා විපත වලක්ව ගත්…

අතීතයේ රාජ රාජ චෝල සමයේ මහා ගං වතුරක් ඇති වුනා. හැම තැනම, හැම ගම්මානයක්ම වතුරෙන් යට වෙලා මහ මුහුදක් වාගේ පෙනුනා. මෑත අතීතයේ චෙන්නායි වලද එසේ මහ ගංවතුරක් ඇති වුනා. නවීන තාක්ශනයේ ආධාරයෙන් අසල්වැසි ප්‍රාන්තයන්ට තත්ත්වය දැනුම් දී ගුවන් මගින් ආධාර ලබා ගත්තා. හමුදාවේ ආධාරයෙන් වෙන්න ගිය මහා විපත වලක්ව ගත්තා.

නමුත් අතීතයේ…?

නවීන පහසුකම් කිසිම දෙයක් නොතිබුන ඒ කාලෙ පනිවිඩ හුවමාරු කලේ පරෙවියො මගින්. උපකාර ඉල්ලල පනිවිඩ යැව්වෙ පරෙවියො මාර්ගයෙන්. ඒත් ඒ පනිවිඩය අදාල ස්ථානයට යන්න සතියක් විතර ගත වුනා. ඒ කාලයේ මිනිසුන් පමනක් නොව මිනිස්සුන්ගෙ ධාන්‍ය, දේපොල සියල්ලක්මත් ගංවතුරෙන් විනාස වී ගියා. දුර්භික්ශයන්හිදී ගබඩා කරගෙන තිබූ ධාන්‍ය වලින් දිවි ගෙවූ ජනතාවගේ එම ධාන්‍ය සියල්ලක්ම විනාස වුනා. වගා කිරීමට හෝ ඔවුන්ට කිසිම දෙයක් ඉතුරු වුනේ නෑ. රජ මාලිගයෙන් අනාත වූවන් හට ආහාර පාන ලබා දුන්නා.

ඒ මොහොත එනතෙක් බලා සිටි අසල්වැසි රාජධානියේ හමුදාවන් මේ රාජධානියෙ දුර්වල හමුදාවන්ට පහර දුන්නා. ධනය සොරකම් කලා. කාන්තාවන් පැහැරගෙන ගියා. මේ ආක්‍රමනිකයින්ගෙන් බේරෙන්න රජතුමා උපක්‍රමයක් කල්පනා කෙරුවා. රාජධානිය පුරාම කෝවිල් තැනෙව්වා. ගංවතුරට විනාස වෙන්න බැරි වෙන්නට ඒ කෝවිල් වල ප්‍රධාන කුලුනේ ධාන්‍ය ගබඩා කලා. දේව ප්‍රතිමාව යට නිධන් ගබඩා කලා. ඒත් සමගම රජතුමාගේ මිල කල නොහැකි අසිපතද ගබඩා කලා. ඒ පිලිබඳ රහස තඹ පත්‍රයක සටහන් කොට නිධන් කලා. සෙල්ලිපි වලද සටහන් කලා. කාලයාගේ ඇවෑමෙන් නිධානය ගැන අමතක වෙලා ගියත්, චාරිත්‍රයක් විදිහට දිගටම ධාන්‍ය ගබඩා කලා.

ඉතින් හැමෝටම අමතක වෙලා ගිය ඒ නිධානෙ පස්සෙන් තමයි මේ චිත්‍රපටියෙ උන්න කට්ටිය යන්නෙ. බලමු ගන්න පුලුවන් වෙයිද කියල.

2019 මාර්තු මාසෙ 15 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ APG Elumalai. රංගනයෙන් දායක වෙන්නෙ Kishore Ravichandran, Chirashree,Anchan සහ Nithya Shetty. සංගීත අධ්‍යක්ශනය C.Sathya. මේ චිත්‍රපටියට එච්චර හොඳ විචාරක ප්‍රතිචාර නම් ලැබෙන්නෙ නෑ.Sify.com හි 2.5/5 ක්ද Popcorn හි 3.8/5 ක්ද ලැබී තිබෙනව.

mythological, mystery, action, Thriller ගනයට අයත් වෙන මේ කතාවෙ මුල හරියෙ තරමක් ඒකාකාරී බවක් දක්නට ලැබුනත්, දෙවන භාගය නොසිතූ අවසානයකට රැගෙන යනවා. ඉතින් මේ චිත්‍රපටිය බාරගෙන තිබුනෙ නම් තරිදු රුක්ශාන් අයියා. එයාට කරන්න වෙන්නෙ නැති නිසා මට බාර දුන්නත් මටත්ඉවර කරගන්න සෑහෙන කල් ගියා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HD පිටපත් සඳහා ගැළපේ.

4,488 downloadsDownload Aghavan-2019.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

4,488 downloadsDownload Subtitles74 KB

15 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Lalani Maduwanthi

    Thank you nangi,,,oyata godaak pin,,,,,

  3. gihan perera

    ස්තුතියි සහෝදරී ගොඩක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  4. ishanhansanajayalath1234

    Thanq

  5. C lakmal

    thanks

  6. D.Chamara

    bohoma sthuthi sis ...

  7. nish47

    Thanks machan
    Jaya Wewa !!!

  8. Aac3

    ගොඩාරියක් ස්තූති සබ් එකට.. ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේ

  9. Shehan putha

    Thanks sister !

  10. Gmail

    i have plenty of time to make subtitles during the my office time.any film??

  11. Udaya Saman

    Bohoma thuthi upasirasiuata.

  12. gg1

    sub aka haryyata wada nane mama meka downlord kare Aghavan (2019) Tamil Proper 1080p HD AVC MP4 x264 4.4GB

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ramesh shalitha

    Sub 1t thanks දිගටම sub karanna .. puluwanam Fear The Walking Dead tv series 1ta sub karanna

  15. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.