Watch Trailer

Guna 369 (2019) Sinhala Subtitles | පෙම්වතිය වෙනුවෙන් කල වැලැක්විය නොහැකි වියරු පලිගැනීම! [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක්, ඔන්න අදත් අලුත් තෙලිඟු ෆිලුමක් අරගෙනයි ඇවිත් ඉන්නෙ. ලැබුනු කෙටි නිවාඩුවෙ උපසිරැසියක් කරොත් හොදයි කියල හිතුව. ඉතින් අද අරගෙන ඇවිත් තියෙන්නෙ අනෙක් තෙලිගු ෆිල්ම් වල වගේ එකම විදිහෙ අවසානයක් තියන චිත්‍රපටයක් නම් නෙවෙයි. ඉතින් මුලින්ම කියන්න ඕන සාම්ප්‍රදායික තෙලිඟු සංස්කෘතියෙන් මිදිල වෙනස්ම අර…

සුභ දවසක්, ඔන්න අදත් අලුත් තෙලිඟු ෆිලුමක් අරගෙනයි ඇවිත් ඉන්නෙ. ලැබුනු කෙටි නිවාඩුවෙ උපසිරැසියක් කරොත් හොදයි කියල හිතුව. ඉතින් අද අරගෙන ඇවිත් තියෙන්නෙ අනෙක් තෙලිගු ෆිල්ම් වල වගේ එකම විදිහෙ අවසානයක් තියන චිත්‍රපටයක් නම් නෙවෙයි. ඉතින් මුලින්ම කියන්න ඕන සාම්ප්‍රදායික තෙලිඟු සංස්කෘතියෙන් මිදිල වෙනස්ම අරුතක් එක්ක දුක්බර අවසානයක් තියන ෆිලුමක් මේක.

≡අපේ පලමු හුස්මෙන් අපිට ජීවය ලබාදෙනව,
අවසාන හුස්මෙන් මරනය ලඟා වෙනව.≡
≡මේ දෙක අතරෙ,≡
≡හොදක් වුනත් නරකක් වුනත්,
අපි ඒකට කියන්නෙ ජීවිතේ කියල.≡
≡අපේ වැරදි නිසා අපේ ජීවිත විනාශ වෙන්න පුලුවන්.≡
≡ ඒත් අනිත් අයගෙ ජීවිත වලට ඒ නිසා,
කිසිම හානියක් වෙන්න දෙන්න හොද නැහැ.≡

ඔයාල හැමෝටම මතක ඇති පසුගිය අවුරුද්දෙ ආව Rx 100 චිත්‍රපටයෙන් තාත්වික රංඟනයක යෙදුනු Kartikeya. ඔහුගෙ තවත් චිත්‍රපටයක් තමයි Hippi කියන්නෙ. ඉතින් වෙනස්ම මානයක චිත්‍රපට කිහිපයක් තමයි ඔහුගෙ ලයිස්තුවෙ අපට දක්නට ලැබෙන්නෙ. ඉතින් මේකත් ඒ වගේ වෙනස්ම ආරක ගලාගෙන යන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදීයි. ඔහුත් සමග ප්‍රධාන නිළිය ලෙස රංඟනයට දායක වෙන්නෙ Anagha Maruthora. මම නම් හිතන්නෙ මොවුන් දෙදෙනා මෙම චිත්‍රපටයට සධාරණයක් කරල තියනව කියලයි.

≡සන්සුන්ව තියන ජීවිතේට, පලිගැනීම කොටසක් විදිහට ආවොත්…≡
≡එහි ප්‍රථිපලය මරනයටත් වඩා භයානක වෙන්න පුලුවන්.≡
≡මොකද, අපි කරන වැරදි නිසා
අනිත් අයට වැරැදි දෙයක් වෙන්න නරකයි.≡
≡එහෙම වුනොත්, ඒක අත්වැරැද්දක් නෙවෙයි.≡
≡ඒක අපරාධයක්.≡
≡අත්වැරැද්දට සමාව දෙන්න පුලුවන්…≡
≡ඒත් අපරාධයට දඩුවම් දෙන්නම වෙනව.≡

මොනදේ වුනත් ලඟින්ම ඉඳගෙන උදව් උපකාර කරන යාළුවම අපිට නරකක් කරයි කියල සැක කරන්නෙ කොහොමද? මොකද ඒ යාලුවම තමයි අපේ කරදරයකදි දුකකදි අපේ ලඟින් ඉන්නෙ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා අපි යාලුවො ගැන සැක කරන්නෙ නැහැ. කවදාවත් එයාල අපිව පාවල දෙයි කියලවත්, එහෙමත් නැත්තම් අපි රවට්ටයි කියලවත්. ගුනා තමන්ගෙ දෙමව්පියන්ගෙ ආදරේ මැද්දෙ හැදුනු වැඩුනු කොල්ලෙක්. විශේෂයෙන්ම තාත්තගෙ. ඒ වගේම තමයි එයාට එයා ජීවත් වෙන පලාතෙත් පිලිගැනීමක් තියනව. හැමෝටම වගේ මෙයාගෙ තාත්තටත් තියන එකම පැතුම තමයි ගුනා ඉගෙන ගෙන උපාධියක් ගන්න එක. ගුනා රස්සාවක් කරන ගමන් ඉගෙනගන්න එකත් කරනව. ඉතින් ඔහොම දවසක උපාධිය ගන්න අවසාන විභාගයට මුහුනදෙන්න යන දවසෙ තමයි හදිස්සියෙම වගේ මෙයාට ගීතව මුනගැහෙන්නෙ. ඉතින් ගීතව කැමති කරවගන්න ගුනාගෙ යාලුව බට්ටුත් උදව් කරනව. අවසානෙ කැමති වුනයි කියමුකො. ගුනාගෙ නංගිට විවාහ වෙන්න කියල මණමාලයෙක්ව තෝරනව එයින් කෙනෙක් තමයි ශශී කියන්නෙ. පලාතෙ ඉන්න දාර මැරයෙක් තමයි ගද්දල ගුන්ට රාධා කියන්නෙ(නමෙත් එහෙම පාටක් පේනව නේද?😊). ඔය ශශී කියන හාදය ඔය කියන මැරයත් එක්ක පටලැවිල්ලක් දාගන්නව. ඉතින් මෙතනදි ඔය අවුලෙන් ගැලවෙන්න ගුනා තමයි උදව් කරන්න හදන්නෙ. කතාව ගැනනම් විස්තර කරන්න පුලුවන් මෙච්චරයි.

චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරුන්ගෙ, නලු නිලියන්ගෙ විස්තරාත්මක තොරතුරු ටික පහලින් තියනව.

Directed by – Arjun Jandyala
Produced by – Anil Kadiyala, Tirumal Reddy
Written by – Arjun Jandyala
Starring – Kartikeya Gummakonda, Anagha
Music by – Chaitan Bharadwaj
IMD – 6.9

අපි ආශ්‍රය කරන පුද්ගලයන්ව ඇතුලාන්තයෙන්ම හදුනාගන්න පුලුවන්නම් මේ ලෝකෙ කොයිතරම් ලස්සන තැනක් වේවිද? ඉතින් තවත් මෙවන් උපසිරැසියකින් හමුවන තුරු ඔබ සැමට…

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

17,054 downloadsDownload Guna-369-2019.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

17,054 downloadsDownload Subtitles56 KB

29 comments

  1. kolitha

    Thanx bro

  2. Sameera Diyashan

    SK ge NAMMA VEETTU PILLAI ekata sub onee...thanks..machan..

  3. arawindasunimal

    thanks sub ekata jayawewa................

  4. Ayesh Prashan

    Thank You

  5. kelumchathuranga

    thanks

  6. Tharaka

    Ela tnx bro

  7. thilz

    thank youuu

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. geeganagamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  10. hatharasingha

    Super hit.thanx

  11. Sanjeewa2010

    Pattaaaaaaaaaa

  12. D.Chamara

    bohoma sthuthi ...

  13. L.G.T.Dilshan Liyanage

    Thank you!

  14. L.G.T.Dilshan Liyanage

    Thank you!❤

  15. isuru srinath sjs

    බොහොම ස්තුතියි මචන් !!

  16. Shehan putha

    Thanks bro !

  17. EM Nishshanka

    Thanks

  18. 0718901293

    Thanx bro

  19. MAALnath

    Thanks ..............good luck ...................

  20. C lakmal

    thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. RuwanLakshan93

    බොහෝම ස්තූතියි ජයවේවා........!

  23. srpkumara

    thanks

  24. sameeral

    Sub එකනම් සුපිරියටම තියනවා බං.movie එකත් එක්කම සුපිරියටම සෙට් වෙන විදියට ගින්දර බං .ජය......sub එකටත් thanks.දිගටම කරන් පලයං

  25. dil_shan

    tnz sub ekata

  26. Lakshanmadhuwantha

    Ela bro....

  27. Lasantharathnasirirox

    Tnx චානක සහෝදරයා...ජයවේවා!!

  28. iresha Pathirana

    thanks bro

  29. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!