Watch Trailer

Dune (2021) Sinhala Subtitles | මේ ආරම්භයක් පමණයි! [සිංහල උපසිරැසි]

“බලමුද සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක් ? ” 🙂 පහුගිය සැප්තැම්බර් 03 වැනිදා 78 වෙනි වැනිස් සිනමා උළෙලේ දී විද්‍යා ප්‍රබන්ධ සිනමා වංශකතාවේ අලුත්ම පරිච්ජේදයක් සනිටුහන් වීමේ ආරම්භය සිදුවුණා. ඒ තමයි, 1965 වසරේදී ප්‍රකාශයට පත්වීම ආරම්භ වී 2007 වසර දක්වාම එකිනෙකට සම්බන්ධ සහ Prequel ලෙසින් ගලාගෙන ආව ඉතාම ජනප්‍ර…

“බලමුද සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක් ? ” 🙂

පහුගිය සැප්තැම්බර් 03 වැනිදා 78 වෙනි වැනිස් සිනමා උළෙලේ දී විද්‍යා ප්‍රබන්ධ සිනමා වංශකතාවේ අලුත්ම පරිච්ජේදයක් සනිටුහන් වීමේ ආරම්භය සිදුවුණා. ඒ තමයි, 1965 වසරේදී ප්‍රකාශයට පත්වීම ආරම්භ වී 2007 වසර දක්වාම එකිනෙකට සම්බන්ධ සහ Prequel  ලෙසින් ගලාගෙන ආව ඉතාම ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ නවකතා මාලාවක් ඇසුරින් නිර්මාණය වෙච්ච නවතම සිනමාපටය වුණ Dune (2021). 

මම කලින් කිව්වා වගේම මේ සිනමාපටය නිර්මාණය කිරීමට පාදක කරගත්ත විද්‍යා ප්‍රබන්ධ නවකතා අටක් තියෙනව, ඒ තමයි

1. Dune (1965)
2. Dune Messiah (1969)
3. Children of Dune (1976)
4. God Emperor of Dune (1981)
5. Heretics of Dune (1983)
6. Chapterhouse of Dune (1985)
7. Hunters of Dune (2006)
8. Sandworms of Dune (2007)

මෙහි රචකයා වෙන්නේ Frank Herbert, සහ ඔහුගේ පුතා වෙන  Brian Herbert සමගින් Kevin J. Anderson. මොකක්ද ඒ හරුපේ එතකොට? මෙහෙමයි කාරණාව, Dune නවකතා පෙළ රචනා කරමින් ඉන්න අතරවාරයේදී ෆ්‍රෑන්ක් හර්බට් මියයනවා, ඒ 1986 වසරේදී. ඒ වෙනකොට ඔහු රචනාකර ප්‍රකාශයට පත්කරලා තිබ්බේ කෘතීන් 6ක් විතරයි. එතනින් එහාට තවත් කෘතීන් ද්විත්වයක් දක්වා රචනා කරමින්, ලොව පුරා අතිශය ජනප්‍රිය මේ නවකතා මාලාව සම්පුර්ණ කරන්නේ ඔහුගේ පුතා සහ කෙවින් ඇන්ඩර්සන්. ඒ ඉහත සඳහන් කරපු නවකතා මාලාවට අමතරව අතීත සිදුවීම් සඳහන් පහත දැක්වෙන නවකතා පෙළ රචනා කරමින්. අද වෙනකොට මේකේ තත්වේ කොයි තරම් ඉහලින් තිබ්බත්, අනෙකුත් ඉහලින්ම වැජඹෙන නවකතා වගේම තමයි, මේකත් ප්‍රකාශන ආයත රැසකින් ප්‍රතික්ෂේප වෙච්ච නවකතාවක්. 🙂

1. Dune: House Atreides (1999)
2. A Whisper of Caladan Seas (1999)
3. Dune: House Harkonnen (2000)
4. Dune: House Corrino (2001)
5. Dune: The Machine Crusade (2002)
6. Dune: The Butlerian Jihad (2002)
7. Dune: The Battle of Corrin (2004)
8. The Face of A Martyr: A Tale of the Butlerian Jihad (2004)
9. Sea Child: A Tale of Dune (2006)

ඒ කිව්වේ කෘතිය ගන්නේ, දැන් හැරෙමු ෆිල්ම් එක දිහාවට. මිට කලින් මේ නමින්ම 1984 වසරේදී ෆිල්ම් එකක් නිර්මාණය වෙනවා, හැබයි වැඩේ අසාර්ථක වෙලා ඒ ආරම්භය එතැනින්ම නවතිනවා. මේක සිනමාපටයකට ගත නොහැකි අන්තර්ගතයක් සහිත කතාවක් විධියට හැදින්වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ පොත්වල තියෙන කතාව සිනමාපටයකිං සාර්ථකව ඒ විධියටම දිගහරින්න ඉතාම අසීරුයි කියන එක. ඒත් ලෙජන්ඩරි පික්චර්ස්ල වැඩේ අතාරින්නෙ නැහැ, අවුරුදු 37කට පස්සෙ ආපහු වැඩේ පටන්ගන්නවා. නිකම් නෙමෙයි, හොඳම අධ්‍යක්ෂණයට ඔස්කා සම්මාන නිර්දේශිත ලබාගත්ත, Blade Runner 2049 (2017), Arrival (2016), Enemy (2013), Prisoner (2013), Incendies (2010) වගේ සුපිරිම සිනමාපට අධ්‍යක්ෂණය කල, Denis Villeneuve. ඒ වගේම එදා මෙදාතුර ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ සිනමාපට බොහොමයක් සඳහා සුපිරිම ආකාරයට සංගීත අධ්‍යක්ෂණයෙන් එකතුවුණ හාන්ස් සිමර්, ටෙනෙට් ෆිල්ම් එක බාරගත්තේ නැහැ. ඒ මේ ෆිල්ම් එකට සංගීත අධ්‍යක්ෂණයෙන් එකතුවෙන්න තිබ්බ ඕනෑකම නිසාවෙන්. 🙂

එතකොට එච්චරද? පිස්සුද? මේකේ කාස්ට් එක දැක්කම පිස්සු හැදෙනව. ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන අය තමයි, Timothée Chalamet ,Rebecca Ferguson ,Oscar Isaac ,Josh Brolin ,Stellan Skarsgård ,Dave Bautista ,Stephen McKinley Henderson ,Zendaya ,Chang Chen ,Sharon Duncan-Brewster ,Charlotte Rampling ,Jason Momoa ,Javier Bardem. එච්චරද? නෑ… imdb දර්ශකයේ ප්‍රේක්ෂක මනාප අසුහතරදහසකට අධික ප්‍රමාණයක් ලබාගෙන 8.3 තරම් ඉහළතම රේටිං එකක් අරගත්ත මේ ෆිල්ම් එක තමා මේ වෙනකොට imdb Top 250 අතරින් #127 වැනි ස්ථානයේ වැජඹෙන්නේ. ඒ වගේම ටොමැටෝ මීටරයේ 89%කුත් ඒ රිවිව් 125ක් තරම් ඉහල ප්‍රමාණයකින්. ඒ වගේම මේ කොරෝනා වසංගත සමයේ ලොවපුරා සිනමාශාලාවන්හි බොහොම අසීරුවෙන් සීමිත දර්ශනවාරයන් ගණනක් පෙන්වමින්, මේ වසරේ බොක්ස් ඔෆිස් ලයිස්තුවේ ඉදිරි ස්ථානයකත් මේ සිනමාපට ඉන්නවා. මේ සිනමාපටයේ දෙවැන්නක් මේ වෙනකොටත් සැලසුම් වෙලා ඉවරයි. දෙයියනේ කියල ඒක ගොඩ ගියොත් එහෙම සිනමාපට මාලාවක්ම අපිට බලාගන්න ඉඩ හසර ලැබේවි. කොහොම උනත් මේ වෙනකම් කලේ පඳුරු වටේ තලපු එක. දැන් හැරෙමු මේ සිනමාපටයේ කතාවේ අන්තර්ගතය හැඩ ගැහිලා තියෙන්නේ කොහොමද කියල දැනගන්න.

වංශාධිපති ලෙටෝ අට්‍රෙඩිස්, තමයි ඕෂන් ප්ලැනට් එකේ එහෙමත් නැත්නම් කැලඩන් කියන ලෝකයේ පාලකයා. සිව්වැනි ශදාම් කියන අධිරාජ්‍යයාට තමයි ලෙටෝ සේවය කරන්නෙත්. ශදාම් තමයි මේ මුළු විශ්වයම අයිති අධිරාජ්‍යය පාලනය කරන කෙනා. ශදාම් විසින් ලෙටෝව අරාකි කියන ලෝකයේ පාලකයා බවට පත්කරනව හදිසියේම. අරාකි කියන්නේ කාන්තාර ග්‍රහලෝකයක්, හැබැයි එහෙ තමයි මේ විශ්වයේ වටිනාම දේ තියෙන්නේ. ඒ තමයි ස්පයිස් කියන අමුද්‍රව්‍ය. මේ සප්යිස් වලට පුළුවන් මිනිස් ජිවිත කාලයන් දීර්ඝ කරන්න, අභ්‍යවකාශ ගමන්වලට යොදාගන්න, වගේ ඉතාම අත්‍යවශ්‍ය දේවල් වලට යොදාගන්න. හරියට නිකම් කාන්තාර පිරුණු අරාබි රටවල් වල තියෙන බොරතෙල් වගේ.

ඉතිං ශදාම්ට තේරෙනවා තමන්ට අනාගතයේදී එල්ලවීමට නියමිත තර්ජනයක් තියෙනව නම්, ඒක එල්ලවෙන්නේ ලෙටෝගෙන් කියල. මොකද ලෙටෝ කියන්නේ මිනිස්සු ගැන හිතන පාලකයෙක්. අන්න ඒ නිසයි අධිරජ ශදාම් විසින් අරාකි කියන වටිනාම ග්‍රහලෝකය අට්‍රෙඩිස් වංශයට බාර දෙන්නෙ? එතකොට ඒක මොන හරුපයක්ද? තමන්ට මුහුණදෙන්න අවේන හතුරෙකුට විශ්වයේ වටිනාම ග්‍රහලෝකයක් බාරදෙන්නේ ඇයි? තෑග්ගක්, ඇත්තටම තෑග්ගක් නොවෙන්නේ කොයි වගේ වෙලාවකටද? 🙂 ඔය කාලය වෙනකොට හාර්කොනන් වංශය අට්‍රෙඩිස් වංශයත් එක්ක සටනක ඉන්නෙ.

ඉතිරි හරිය ඔයාලට පැහැදිලි වේවි ෆිල්ම් එක බලාගෙන යනකොට, මම මේ අල්ලල දුන්නු පොට අල්ලාගෙන ෆිල්ම් එක බලාගෙන ඉස්සරහට යන්නකෝ. එහෙමනම් තවත් උපසිරසියකින් ආයේ දවසක මුණගැහෙමු! හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න, ජය! 😀

 

 

Director: Denis Villeneuve

Writers: Jon Spaihts, Denis Villeneuve & Eric Roth

IMDB Ratings : 8.3

Release Date: 21 October 2021

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD / WEB / WEB-DL / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

53,292 downloadsDownload Dune-2021-Blu-Ray.zip243 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

53,292 downloadsDownload Subtitles243 KB

82 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ...

  2. Anonymous

    මේක දෙනකම් බලගෙන හිටියෙ සහෝ උපසිරැසියට බොහොමත්ම ස්තූතියි

    1. මිනෝල් පෙරේර

      ස්තුතියී අය්යේ

  3. Anuja Lakshitha

    thanks ayye sub ekata

  4. Anonymous

    ස්තුතියි සබ් එකට

    1. sl chi

      tax machan
      meka danavada kiyala film eka apu dawase idn hamadama website ekata aawa
      tnx subata ☺

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Tharusha Nawod

    අම්මෝ මේක දානකන් කාපු කට්ට. 8 ඉඳන් කී පාරක් ආවද මන්ද මන්දා site එකට. 30< Thnkz sub එකට

  7. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  8. Kasun fdo

    උපරැසියට බොහොම ස්තූතියි සහෝ.

  9. hirosh kolitha

    Thanks bn

  10. Gihan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
    ජය වේවා......

    Dune මුල් ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන් නම්

  11. Gihan

    සබට තුති සහෝ
    Dune 1984 එකටත් සබ් දෙන්න පුලුවන් නම්

    බයිස්කෝප් එකට ජය

  12. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  13. Dhanushka

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Yash

    Thanks brother thank you very very much to your time and effort.keep it up

  16. Yash

    Thanks brother thank you very very much to your time and effort.keep it up.great work

  17. ishan

    Thnx vimaa

  18. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  19. ශාමල් මනෝජන්

    Dune 1984 ෆිල්ම් එකත් කාට හරි බාර දී හෝ උපසිරැසි කරවන මෙන් ඉල්ලා සිටිමි.

  20. R_deshan

    මේකනම් කලින් බලල තිබ්බෙ ඉංග්‍රීසි සබ් එක්ක.නමුත් නොබලපු හැමෝම වෙනුවෙන් ස්තූති කරනව මේකට සබ් අරන් ආවට.සයිට් එකේ ප්‍රෝ කෙනෙක්ගෙන් මෙහෙම ෆිල්ම් එකකට සබ් ලැබිය යුතුමයි...

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    සබ් එක එනකල් බාලා ලග තියන් හිටියා..

  22. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub

  23. Anonymous

    Thank uuuu

  24. Anonymous

    Thanks

  25. Udaya Fdo

    Thank you

  26. Pramukmili

    Thank you wima bro...

  27. DILmin

    Sub ekata thanks!

  28. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

    1. lakmal

      thanks aiye...
      ( Maya and the Three S01 ) meke sinhala sub eka denna puluwanda.puluwannam dennako

  29. Anonymous

    Thank you sub ekta. Supiri film ekak. Digtma awoth maru

  30. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  31. Anonymous

    thanks sago

  32. Roshan

    Tnx Bro...Good Luck...Stay Safe...

  33. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  34. Kushan

    Sub akta thanks

  35. සචින්ත කල්හාර බෙනට්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට ❤️

  36. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  37. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  38. Anonymous

    Thanks saho

  39. tharangani

    thanx

  40. Kalanacosta

    Thank you !!!!❤❤❤

  41. Anonymous

    Thank you

  42. Lahiru

    Thanks saho

  43. Pasindu

    Thank you..!

  44. DUM I

    THANKS

  45. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Randima

      dune කලින් films ටික බලලා නැත්තම් මේක බලලා කතාව තේරුම් ගන්න අමාරු වෙයිද?

  46. Manohari

    Bohoma sthuthi.. Jaya wewa!

  47. lakmal

    thanks aiye..
    ( Maya and the Three S01E01 ) meke sub ekath dennako puluwannam aiye..

  48. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  49. charith

    සබ් එකට ස්තුතියි..

  50. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.