Watch Trailer

Heart Attack (2014) | ජීවිතේම වෙනස් කල පපුවේ අමාරුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ එක චිත්‍රපටියක උණුසුම යන්නත් කලින් ඔයාලට තවත් එකක් අරන් එන්න වාසනාව ලැබුනා. කලින් ගෙනාව Ek Niranjan බලන්න ඇතිනේ. මේකනම් අලුත්ම චිත්‍රපටියක් ගිය 2014 අවුරුද්දේ තමයි නිකුත් උනේ. මේකත් Puri Jagannath අධ්‍යක්ෂණය කරපු ෆිලුමක්. එයාගේ ඒවා නම් ඉතින් කියලා වැඩක් නෑනේ. ගොඩක් ලස්සන ආදර කතාව…

Heart Attack (2014)

ඔන්න ඉතින් යාලුවනේ එක චිත්‍රපටියක උණුසුම යන්නත් කලින් ඔයාලට තවත් එකක් අරන් එන්න වාසනාව ලැබුනා. කලින් ගෙනාව Ek Niranjan බලන්න ඇතිනේ. මේකනම් අලුත්ම චිත්‍රපටියක් ගිය 2014 අවුරුද්දේ තමයි නිකුත් උනේ. මේකත් Puri Jagannath අධ්‍යක්ෂණය කරපු ෆිලුමක්. එයාගේ ඒවා නම් ඉතින් කියලා වැඩක් නෑනේ. ගොඩක් ලස්සන ආදර කතාවක් තමයි මේකේ යන්නේ. ඒ වගේම ක්‍රියාදාම එහෙමත් ගොඩක් තියෙනවා.  මෙහි ප්‍රධාන චිරිත නිරුපනය කරන්නේ Nitin සමගින් Adah Sharma විසින්. Nitin ගැන දන්නවා ඇතිනේ. එයාලට අමතරව Brahmannandam, Prakash Raj, Ali, වගේ රංගන ශිල්පින්ද මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. කතාව පැත්තක තියලා චිත්‍රපටයේ කතාව පැත්තට යමු.

වරුන් කියලා තරුණයෙක් ඉන්නවා. එයා සංචාරකයෙක්, ඔහේ ඇවිද ඇවිද ඉන්න කෙනෙක්. මෙයාට ඔය ඇවිදින අතරේ  හයාති කියලා ගෑනු ළමයෙක් මුණගැහෙනවා. වරුන් එයාගෙන් මුලින්ම ඉලන්නේ මොකද්ද දන්නවද? ගැඹුරු තොල් හාදුවක්. ඉතින් තොල් හාදුව කෙසේවෙතත් හයාති මෙයාගේ කණට ගහලා එලවනවා. වරුන් හයාතිව හම්බවෙන හැම සැරේටම  එයාගේ ඉල්ලීම ඉදිරිපත් කරනවා. වරුන්ට එයාගේ ආදරය අවශ්‍ය නෑ, එයාට ඕන එයා ඉල්ලන හාදුව විතරයි. ඒත් හයාතිගේ පිළිතුර එකමයි.

හයාතිගේ තාත්තා පොලිස් නිලධාරියෙක්, එයා ඇඟේ කිසිම අවයවයක් වැඩ කරන්නේ නෑ, ඇස් දෙක ඇරෙන්න, එයාට එහෙම කරේ මකරන්ද් කාමාති කියලා කෙනෙක්. එයා කුඩු බිස්නස් කරන කෙනෙක්. ඊට අමතරව  තමන්ගේ ගෙවල් වලට හොරා ගෝවා වලට විනෝද වෙන්න එන ගෑණු ළමයින් පැහැරගෙන ගිහින් පිටරටවල් වලට විකුනනවා. ඒ ජාවාරම හයාතිගේ තාත්තා විසින් වටලනවා. ඒත් මකරන්ද් කැමති එයාට ගහලා එයාව සදාකාලික අබ්බගාතයෙක් කරනවා. එයාව හොඳ කරන්න ලොකු මුදලක් ඉල්ලනවා. ඒක ඉල්ලගන්න හයාති සහ එයාගේ අම්මා අවාසනාවකටවගේ යන්නේ මකරන්ද් කාමාති ලඟටමයි. මකරන්ද් හයාතිව දැකලා එයාව බඳින්න දුන්නොත් තාත්තගේ ඔපරේෂන් එක කරලා දෙනවා කියනවා. තමන්ගේ සැමියා බේරගන්න ඕන නිසා  හයාතිගේ අම්මා ඒකට කැමති වෙනවා.

ඒක සිද්ධ වේවිද? වරුන් ඉල්ලපු දේ හයාති දේවිද? වරුන් හයාතිට ආදරය කරාවිද? යන දේවල් වලට  පිළිතුරු ලබාගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්නම් වෙනවා. මම කථා ලියන්න එච්චර දක්ෂ නැති නිසා  ලිපිය කියවද්දී ඔයාලට පිස්සු වගේ දැනුනත්, එක ගණන් ගන්න එපා චිත්‍රපටිය ගොඩක් ලස්සනයි කියලා  ගොඩක් වගකීමෙන් කියන්න පුළුවන්. ඉතින් නැවතත් තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවන බලාපොරොත්තුවෙන් මම කැපෙනවා. හැමෝටම සුභ දවසක්. ජය වේවා…!

Shark (2010) on IMDb

 

 

950 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

8,040 downloadsDownload Heart-Attack-2014.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/New.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,040 downloadsDownload Subtitles315 B

29 comments

  1. SaDuN dAnUsHkA (ධනූ)

    ඔයා නම් මාර ඉක්මනින් උපසිරැසි කරන කෙනෙක්
    නියමයි, සුභ ආනාගතක්
    දිගටම උපසිරැසි දෙන්න

    1. kasun

      niyamai

  2. wicky

    supiri film 1k vage....

  3. Kulanjana Maduranga

    pattai....telugu filumak nm atharinna ba.aniwa balanawa....subata thanks THARAKA saho.....thawa telugu film tikak bassamu ne....obata jaya.........

  4. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. rananjaya

    link eka saudi wala block ban me site eke godak link block issaranam yatin search karala ganna thawa link ekak tibba den ekath ne any way jaya wewa

    1. නිපුන් මිලින්ද

      hotspot kyla soft ekak tiynwa eka use karanna sahoo

  6. Nilanka

    උපසිරැසියට තුති……

  7. DileepA

    නියමයි සහෝදරයා, මේක පට්ටම ෆිලුමක්. දිගටම තෙළිඟු ඒවටම සබ් දෙන්න.

  8. NSD

    කලින් බැලුවා.
    නියම ෆිලුමක්.සබට තුති.
    ජය!!!

  9. ලක්ෂාන්

    එල එල සුපිරි එකක් වගේ...මාත් අරගෙනම බලනවා...සබට බොහොම තුති...ජය වේවා....!

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. DjU9

    BR Rip එකක් හරි DVD 720p එකක් එනකන් ඉන්න වෙනවා.. මේ වගේ එකක් නැත්තම් බලල වැඩක් නෑ..
    BR වලටත් සබ් අප්ඩේට් එකක් දෙන්න ආවම..!!!

  12. Sachin

    patta sahoo.... digatama sub karanna.....

  13. පොඩි මෑන්

    සහෝ ඔයා ඉක්මනට සබ් දෙනවනේ :lol: වැඩේ නියමයි
    දිගටම කරගෙන යන්න. විජේගෙ එකයි ප්‍රභාෂ්ගෙ එකයි දෙකම බැලුවා
    ෆිල්ම් දෙකම නියමයි, ඔයාගේ සබ් වලට ගොඩාක් ස්තුතියි.......... :)

  14. කොබා

    Tamil telengu ata arinne naa ekenma mekat balala tiyanawa kamak naa aye balamu :-D Tnq sabata ilaga eken hambemu jaya

  15. රුවන් කාරියවසම්

    බොළඳ ලපයි සිපයියන්ට හොඳ film එකක්..

    1. Ruwan Hettiarachchi

      mee ruwan kariyawasam kiyana nama kohen giyath wathayak :P fb eketh emai mekatath awithda manda :P

    2. රුවන් කාරියවසම්

      රුවන් කාරියවසම් කියන්නේ fb එකේ විතරක් නෙවේ තව තව තැන්වල නමගිය චරිතයක්. ඒත් මේ රුවන් හෙට්ටිආරච්චි කියන්නේ බුකිගත කාලකණ්ණි චරිතයක් විතරයි.

  16. ridmal kanishka

    thankz bro....

  17. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. එල්.සී. දමැල්

    Thanks!!!

  21. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  22. Raveen Fernando

    elazzzz downloading

  23. shanuka

    malli patta film eka mta e wgw vijege Shajahan 2001 movie eka denna plz

  24. aaa

    thnks for the sub

  25. Madusha

    Heart attack film eke dwnload link ekak dannko..plz baiscope....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.