සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. ඉතින් බයිස්කෝප් වාසීනි, අද ගෙනාවේ හැමෝම ආසාවෙන් බලන් හිටපු මලයාලම් සිනමාවක්. Kumbalangi Nights එකේ ලස්සන හිනාවක් තිබුණ බේබි කෙල්ල මතකයි නේද? ඒ හිනාවෙන්ම අපේ හිත් අස්සට ගිය ආන්න එයා තමයි මේකෙ ඉන්නෙ. මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්. මේක D…

සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. ඉතින් බයිස්කෝප් වාසීනි, අද ගෙනාවේ හැමෝම ආසාවෙන් බලන් හිටපු මලයාලම් සිනමාවක්. Kumbalangi Nights එකේ ලස්සන හිනාවක් තිබුණ බේබි කෙල්ල මතකයි නේද? ඒ හිනාවෙන්ම අපේ හිත් අස්සට ගිය ආන්න එයා තමයි මේකෙ ඉන්නෙ.
මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්. මේක Drama | Thriller කියන කාණ්ඩ යටතේ තමයි වර්ගීකරණය වෙල තියෙන්නෙ. කතාවට බහින්න කලින් මම මේ චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියල ඉන්නම්කො. මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙල තියෙන්නෙ Anna Ben, M.P.Michael(Lal) ,Noble Babu Thomas, Aju Varghese, Vineeth Sreenivasan වගේ මලයාලම් සිනමාවෙ ඉන්න දක්ශයො පිරිසක්. ඒ වගේම මේක ගොඩක් හැඟීම්බර තාත්වික කතාවක්. සමහර තැන් ඉතා සංවේදී විදියට නිර්මාණය කරල තියෙනව. ගොඩක් හිතට දැනෙන ලස්සන සින්දුත් තියෙනව. ඒ වගේම බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබාගත් සිනමා නිර්මාණයක් බවට මේක පත් වෙල තියෙනව.
- අධ්‍යක්ෂණය : Mathukutty Xavier
- කතාව : Alfred Kurian Joseph
Noble Babu Thomas
Mathukutty Xavier - නිශ්පාදනය : Vineeth Sreenivasan
- IMDb අගය : 7.8/10
- ධාවන කාලය : පැය 1 මිනිත්තු 57
- සංගීත අධ්‍ය… : Shaan Rahman
- නිකුත් වූ දිනය : 15 November 2019
මේ කතාවෙ කතා නායිකාව තමයි හෙලන් පෝල්. වයස අවුරුදු 25. නර්සින් උපාධියක් අරගෙන ඉන්නෙ. හෙලන් ජීවත් වෙන්නෙ එයාගෙ තාත්ත පෝල් එක්ක. ඉතින් ඇයගේ කතාව තමයි මේ නිර්මාණය තුල දිග හැරෙන්නේ. හැමෝටම උදව් කරගෙන ඉන්න බොහොම ආදරණීය කෙල්ලෙක් තමයි මේ හෙලන්. ඉතින් හෙලන්ගෙ අදහසක් තියෙනව කැනඩාවෙ යන්න. වෙන මොකුත් නිසා නෙවෙයි, ඉන්දියාවෙ නර්ස් කෙන්ක්ට ලැබෙන පඩිය මදි නිසා. හෙලන් ඒ අතරෙම චිකන් හබ් කියල කඩේකත් වැඩ කරනව. ඉතින් අපේ හෙලන් ආදරවන්තියක්නෙ. එයාලගෙ ආදර කතාවත් මේක ඇතුලෙ තියෙනව. ඉතින් මේ සතුටින් ඉන්න හෙලන්ට එක දවසක් හදිස්සියෙම අනපේක්ශිත සිදුවීමකට මුහුණ දෙන්න සිද්ද වෙනව. මේකෙ සමහර දේවල් දැක්කම මාර දුකක් දැනෙනව. හෙලන්ට ඇත්තටම මොකක්ද වෙන්නෙ? හෙලන්ගෙ ආදර කතාව ? අවසානය මොකක් වෙයිද? ඉතින් බයිස්කෝප් වාසීනි මීට වඩා දේවල් කියන්න බෑ. මේක බලන්න කියල අරාධනා කරනව. කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටියක්.
“ කිසි කෙනෙක් අපිව මතක තියා ගන්නෙ නැති එකේ…
කවුරුහරි අපිව මතක තියා ගත්තොත්….
අපිට ඒ පුද්ගලයගෙ මූණ කවදාවත් අමතක වෙන්නෙ නෑ නේද සර්?
ඇත්තටම අද කාලෙ…
මිනිස්සුන්ට උගන්වන්න ඕන මුහුණු දිහා බලාගෙන ඇවිදින්න…
බිම බලාගෙන ඇවිදිනව වෙනුවට. “
ඉතින් මේක ගැන හොඳ නරක , ෆිලුම ගැන ඔයාලගෙ අදහස් , වෙනත් අදහස් යෝජනා තියෙනවනම් පහලින් කියාගෙන යන්න අමතක කරන්න එපා. මේ ෆිලුම මට වෙන් කරල දීපු තිසර නියෝ සහෝදරයටත් , බයිස්කෝප් සියල්ලන්ටත් ස්තූති වන්ත වෙනව. ඊලඟ නිර්මාණයෙන් ඉක්මනටම හම්බවෙමු. 😊😊😊
සුභ දවසක් වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper Malayalam True HDRip / Web-DL පිටපත් සඳහා අදාළ වේ.
9,426 downloadsDownload Helen-2019.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් ජලිත
Subtitles
17 comments
sarangaw
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
ජය වේවා.!malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
tharidu16
thank you machooooooooooo
nish47
ස්තූතියි සහෝ
Niharika
3rd person narration.Loved the story line.Heart touching...
Manura Sathsarindu
සිංහල උපසිරසියට බොහොම ස්තූතියි.........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
YasasWeerasinghe
As always we appreciate your effort. Nice work. Keep it up. :)
lakshan
thanks ....................
Anonymous
විශිෂ්ට සිනම නිර්මාණයක් ... උපසිරැසියක් නිර්මාණය කල ඔබට බොහොම ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
එනකල් බලන් හිටපු එකක්...
දිගටම සබ් දෙමු ආ...
ජය!රිශාන්ත
Thanx Jalitha
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
සුපිරි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Helen (2019) Sinhala Subtitle | හෙලන් !!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/01/helen-2019.jpg)

tnx for the Sub !
:)