Watch Trailer

Rocketman (2019) Sinhala Subtitles | එල්ටන් ජෝන්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඉතින් මම බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ දැන් ටික කාලෙකට පස්සේ වගේ තමා. මොකද කිව්වොත් මේ අවුරුද්දේ ටිකක් විභාග වැඩි කාලයක් උන නිසා. ඉතින් දැන් තියෙන විභාග ඉවර වෙලා ඉන්න කාලේ බයිස්කෝප් එකට නවත්තපු තැනින් ආයෙත් අලුත් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුවා. ඉතින් එහෙම බයිස්කෝප් එකට මේල් එකක් දැම්…

ආයුබෝවන් හැමෝටම ඉතින් මම බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ දැන් ටික කාලෙකට පස්සේ වගේ තමා. මොකද කිව්වොත් මේ අවුරුද්දේ ටිකක් විභාග වැඩි කාලයක් උන නිසා. ඉතින් දැන් තියෙන විභාග ඉවර වෙලා ඉන්න කාලේ බයිස්කෝප් එකට නවත්තපු තැනින් ආයෙත් අලුත් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුවා. ඉතින් එහෙම බයිස්කෝප් එකට මේල් එකක් දැම්මම ශාන් විමුක්ති සහෝ තමයි කිව්වේ මේක කරමුද කියල. ඉතින් එයින් එහෙමනම් බලමු මේ ෆිලුම කෝම වගේද කියල

ඕගොල්ලෝ බොහෝ විට දන්නවා ඇතියි කියල හිතනවා රොක් ඇන්ඩ් රෝල් ගායකයෙක් ඉන්නවා එල්ටන් ජෝන් කියල. ඉතින් මෙයාගේ ජීවිත කතාව තමයි මේ ෆිල්ම් එකෙන් අපට බලාගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම කිව්වොත්. ඉතින් ඕගොල්ලෝ Kingsman ෆිල්ම් එක බලල තියෙනවනම් එකේ ප්‍රධාන නළුවා විදියට ඉන්න Taron Egirton තමා මේකෙත් ප්‍රධාන නළුවා හෙවත් එල්ටන් ජෝන් විදියට ඉන්නේ. අපිට Kingsman 2 ෆිල්ම් එකෙත් බලාගන්න පුළුවන් වෙනවා එකේ පොපි ඇඩම්ස් කියන කෙනා ඇත්තටම එල්ටන් ජෝන් ව පැහැරගෙන ඇවිත් තියා ගෙන ඉන්නවා. කොහොම උනත් එකෙත් මේකෙත් සම්බන්ධයක් තියෙනවද කියල හොයල බලන්න වටින දෙයක්.

හොදයි අපි මේකේ චරිත ගැන කතා කලොත් අපිට දැක ගන්න පුළුවන් Taron Egerton එල්ටන් ජෝන් විදියටත් Bryce Dallas Howard මෙයාගේ මව විදියටත් තව Richard Madden, Jamie Bell යන අයත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. තව කිව්වොත් මේ ෆිලුමට IMDB ආයතනේයෙන් 7.1 ක රේටින් එකක් ලබා දීල තියෙනවා. තව ඉතින් Rotten Tomatos දර්ශක අගය  89% පෙන්නුම් කරනවා. මේ ෆිල්ම් එක නිකුත් කරලා තියෙන්නේ 2019 මැයි 22 වගේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dexter Fletcher කියන කෙනා.

ඉතින් මේ ෆිල්ම් එකේ අපිට මේ කතාව කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් විදියට හදල තියෙනවා පොඩි පොඩි ආතල් සීන් එහෙමත් අපිට මේකේ බලාගන්න පුළුවන්. තනියම බැලුවොත් වඩා හොදයි කියල තම මන් හිතන්නේ. ඉතින් අද 2020 ජනවාරි 03 දා. මේ ගමන්ම ලැබුවාවූ මෙම නව වසර ඔබට කිරියෙන් පැණියෙන් උතුරන නව වසරක් වේවා කියලත් මන් පාර්ථනා කරනවා. තවත් ලස්සන උපසිරසියකින් හමු වෙමු. හැමෝටම සුභ දවසක් වේවා.

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,066 downloadsDownload Rocketman-2019.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රිවිඳු හිරන්‍ය රත්නායක

Subtitles

3,066 downloadsDownload Subtitles47 KB

17 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ... තවත් සුපිරිම film එකක සබ් එකකින් මුන ගැහෙමු..
    ජය වේවා.!

  2. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  3. madhubashana bandara

    සබ් එකට තැන්ක්ස් සහෝ,ජය වේවා !!

  4. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Nirosh C

    ස්තුතියි රිවිඳු සහෝ.ජයවේවා!

  7. suchroxx

    Thanks Bro

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. wajira

    Thanks for sub

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති උපසිරසට..බලන්න ගොඩක් ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් තමා..බුදුසරණයි..ජය වේවා!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dewadithya

    Thanks for sub!

  13. jagath55

    Thanks

  14. Pramukmili

    Thanxx bro......................

  15. nish47

    ස්තූතියි සහෝ

  16. MAALNATH

    Thanks ..............good luck ................

  17. නිමේෂ් කාවින්ද

    Bohemian Rhapsody , Walk the line වගේම සුපිරිම චිත්‍රපටියක් . චිත්‍රපටියට ගැලපෙන පරිදි ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් නිර්මාණය කළාට ගොඩාක් ස්තූතියි රවිඳු සහෝ !!!