ඔව් සද්ද බද්ද නැති උනත් අද අපේ දොළොස්වන සංවත්සරය. අපි කරන්නේ මොනවද?, කලේ මොනවද වගේ දේවල් අපි කලින් කියල තියෙන නිසා අපි කල්පනා කළා නැවත ඒවා ගැන කතා කරන්න ඕනේ නෑ කියල. එත් ඒ ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒ පිලිබඳ කියවන්න හැකියි. උපසිරසෙන්, සිනමාවෙන් ඔබ්බට ගිය බයිස්කෝප් සිංහලෙන් අපි…. ඉතින්…
ඔව් සද්ද බද්ද නැති උනත් අද අපේ දොළොස්වන සංවත්සරය. අපි කරන්නේ මොනවද?, කලේ මොනවද වගේ දේවල් අපි කලින් කියල තියෙන නිසා අපි කල්පනා කළා නැවත ඒවා ගැන කතා කරන්න ඕනේ නෑ කියල. එත් ඒ ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒ පිලිබඳ කියවන්න හැකියි.
උපසිරසෙන්, සිනමාවෙන් ඔබ්බට ගිය බයිස්කෝප් සිංහලෙන් අපි….
ඉතින් ඔයාල එක්ක ඉන්න අවුරුදු දොළහ සම්පුර්ණ වීම නිමිත්තෙන් අපි දහවන සංවත්සරයට දුන්නා වගේම නනස්ටොප් එකක් අරගෙන එනවා. මොකද කලින් පාර අපි සිදුකල අලුත් දේ ගොඩක්ම ජනප්‍රිය උනා. බොහොමයක් අය ඒවගේ තව ඒවා කරන්න හැකිද ඇහුවා. වීඩියෝව සහ උපසිරැසිය සමග DVD පවා නිකුත්වුනා. ඒ හින්දා ඔන්න ආපහු ඒ අත්දැකීම විඳගන්න ඔයාලට අවස්තාව දෙනවා.

මේ වීඩියෝවත් නිර්මාණය කරන්නේ ඉන්දියාවේ ටි සිරිස් ආයතනයේ අනුබද්ද පොප් චාර්ට් බස්ටර්ස් ආයතනය. ඉන්දියානු ජනප්‍රිය රිමික්ස් ආර්ටිස්ට් ලා දෙන්නෙන් වෙන KEDROCK & SD Style තමා මේ වීඩියෝවේ ට්‍රැක්ස් නිර්මාණය කරලා තියෙන්නේ. සින්දු නම් ටි සිරිස් ආයතනය මගින් එළිදැක්වූ යු ටියුබ් වැනි වීඩියෝ නාලිකාවල අතිශය ජනප්‍රියත්වට පත් ගීත. පැයක් පුරා නොනවතින ගීත වැලක් ලෙස ඔයාලට අහන්න පුළුවන් වගේම බලන්න හැකි මෙම වීඩියෝවේ උපසිරසි නිර්මාණයේ වැඩි කාර්යයක් කලේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ හින්දි චිත්‍රපට උපසිරසි ලබා ගන්නා සියලුම දෙනා හොඳින්ම දන්නා තාරක නුවන් දිල්හාර සහෝදරයා. වීඩියෝවේ ටයිම් ලයින් නිර්මාණය ඔහුගේ. ඒවගේම ගීත වලට අපි උපසිරසි ලබාදුන් චිත්‍රපටවල ගීත ඇතුලත් නම් ඒවා යොදා ගත්තා. නමුත් ගීත දහයකට වැඩි ප්‍රමාණයකට තාරක සහෝදරයා අලුතෙන්ම උපසිරසි නිර්මාණය කරලා තියෙනවා.
ඉතින් එහෙනම් අපි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ දොළොස්වන සංවත්සරය සමරන ගමන් ඉදිරියටත් අප හා එක්ව සිටින්නට ආරාධනා කරනවා.
අපව කොපිකල හැක, නමුත් සම කල නොහැක….
සදා ජය බයිස්කෝප් සිංහලෙන්, බුදුසරණයි සියලු දෙනාටම…….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YouTube, Baiscope Download Web පිටපත් සඳහා අදාළ වේ.
3,270 downloadsDownload Hindi-DJ-Video-Nonstop-Remix-2021.zip26 KB
මෙහි ඔරිජිනල් වීඩියෝ පිටපත ඔබට Youtube වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර බයිස්කෝප් වීඩියෝ අංශය සංස්කරණය කරනලද වීඩියෝ පිටපතක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් බාගත කරගත හැක.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ හින්දි චිත්‍රපට උපසිරසි කරුවන්ගේ සාමුහික උත්සාහයකි.
මෙම උපසිරැසිය මාර්තු 10 වනදා ඔබට ලබාදීමට තිබු එකකි.
Subtitles
34 comments
රොෂාන් ශමීර ජයසිංහ
sachintha
අම්මෝ සුපිරිමු වැඩක් මේවගේ එකක් දෙනකම් තමයි බලන් හිටියේ...
12 වන සංවත්සරයට මාගේ උණුසුම් සුභ පැතුම්...එල්.සී. දමැල්
Happy Anniversary #Baiscopelk
නොනැවතී ඉදිරියට චිරාත් කාලයක් වැජඹෙන්න කියා ප්‍රාර්ථනා කරනවා!
අඩවිය ඇරඹූ පොතේ ගුරා සිට, සෑම උපසිරසකරුවෙකුටම ප්‍රණාමය පුද කරනවා!
ජයෙන් ජය!!!යුරාන් ධනුක (දනුවා)
ලංකාවේ අංක 1 සිංහල උපසිරසි වෙබ් අඩවියේ
12 වන සංවත්සරයට උණුසුම් සුබ පැතුම් !!!
මෙතනින් නොනැවති දිගු ගමනකට සැමට සුභාසිරි !!!Theeraka Widuranga
happy anniversary baiscopelk .....love you all
sandun
මචංලා පොඩි ඉල්ලීමක් තියෙනවා සයිට් එකේ Right Click Disable කරල නිසා අපිට සයිට් එක පාවිච්චි කරන්න ටිකක් අපහසුයි.. පුලුවන්නම් ඒ පහසුකම හදල දෙන්න අපි හැමෝටම ලේසි වේවි.. ජයවේවා.
අසංක ප්‍රදීප් රණතුංග
එක එක ක්‍රම වලින් ගණන් උන් ඇති. බ්ලොක් කලේ කරන්න ඕන හින්දා සහෝ., වටේ ක්‍රමවලින් ගන්න උත්සාහ කලොත් බ්ලොක් වේවි. බ්ලොක් නම් අරින්නේ නෑ ආයි එහෙම උනොත්. සබ් ගන්න රයිට් ක්ලික් ඕන නැ,
Anonymous
Right clickඑක එනේබල් කරන්න ඕනෙ නෑ. අර ටොරන්ට් හෑෂ් එක කොපි කරගන්න පුළුවන් වෙන විදියට හැදුවනම් ඇති. සමහර වෙලාවට හෑෂ් එක කොපි කරගන්න බෑ. හෑෂ් කොපි කරගන්න ඕනෙ වෙන්නෙ ලින්ක් එක වැඩ නැතිව ගියාම. පුළුවන් නම් හෑෂ් එක කොපි කරන්න පුළුවන් විදියට දාන්නකො.
සංජන චමෝද්
Happy Anniversary
baiscopelk.com
🤗🤗🤗
සංජන චමෝද්
Happy Anniversary
බයිස්කෝප් සිංහලෙන්
🤗🤗🤗
tharidu16
අම්මටසිරි ආයේත් ඇවිල්ලා පේජ් එක එල එල. අපි මාර ෂොක් එකේ හිටියේ.
tharidu16
කවුරු හරි දියුණුවෙනකොට බලාගෙන ඉන්න බැරි එවුන් වැඩියෙන්ම ඉන්න රටක් ලංකාව. ඉතිං ඔයාල කරන මේ සේවයට බෙහොම පිං. ජය වේවා.
Kevin D...
Happy Anniversary...
Thanks...Kantha_DLA
Happy anniversary biascopelk.....
great team ...
thanks for all of you..........Mawan Geethanjana
Happy Anniversary
Ruwan
happy anniversary
Priyantha Dayakeerthi
දොළොස්වන සංවත්සරයට සුබ පැතුම්, මෙහෙයුම් මණ්ඩලයට ස්තුතියි! "කොපි කළත් සමවිය නොහැක" එය පරම සත්‍යයක්. දිගු ගමනකට ආසිරි පතමි.
suraswv
Happy Anniversary
sankha
happy anniversary guys... keep it up...
Shamal manojan
සුභ උපන්දිනයක් බයිස්කෝප්.
මේ උපසිරසියට දායක වූ සැම දෙනාටම ස්තුතියි.
ඒ වගේම බොලිවුඩයේ සුන්දරම සිනමා දශකය වූ 90ගණන් වල සිනමා නිර්මාණ වැඩි වැඩියෙන් දෙන්නට ලැබේවායි පතමි.
පැරණි සිනමාවේ ඉහළම IMDB අගයක් ගන්නා විශිෂ්ඨතම, ශ්‍රේෂ්ඨතම සිනමා කෘති හා ඇමෙරිකානු AFI වැනි සිනමා දර්ශක වල අතපසු වූ ශ්‍රේෂ්ඨ නිර්මාණද වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට ලැබේවායි ද බයිස්කෝප් කළණ මිතුරාට දීර්ඝායුෂ ද පතමි.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහ හැපි බර්ත්ඩේ බයිස්කෝප්
RVMENDIS85
Happy anniversary...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි, ඒ වගේම 12 වෙනි සංවත්සරයටත් සුබ පැතුම්...!
Anonymous
12 වෙනි සංවත්සරයට සුභ පැතුම්....!!
udaya
happy anniversary
Shamal manojan
Coming 2 America - 2021 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ.
yohan
happy aniversary! meka dunnata thanks....... me wede idiriyatama karagena yanna shakthiya lebewa! kawadath no. 1 baiscopelk.com
isuru srinath sjs
12ස් වන සංවත්සරයට හදවතින්ම සුබ පතනවා.. මේ වගේ දේවල් ගේන එක නම් ඇත්තටම නියම වැඩක්..බොහොම ස්තුතියි සිංහල උපසිරැසියටත්.. ජයෙන් ජය.!!
Buddhika Lakmal (laKMal)
Happy Anniversary Baiscopelk... Wish Your Team a Good Future .....
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦සචින්ත කල්හාර බෙනට්
අවුරුදු 12 ක් පුරා ලාන්කීය සිනමා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සිදු කළ ඉතා වටිනා මෙහෙවර වෙනුවෙන් බොහෝම ස්තූතියි...!
ඒ වගේම තවත් බොහෝ කාලයක් සින්හල උපසිරැසි මහගෙදර ලෙස වැජබීමට හැකි වේවා'යි කියලා සුබ පතනවා.❤️
ජය වේවා...!
රංගික සිනෙත් කාරියවසම්
ජයම වේවා.12 වන සංවත්සරයට හදවතින්ම සුබ පතනවා.ජයම වේවා
lakshan
thanks happy anniversary 12 ....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
happy anniversary baiscope web master
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hindi DJ Video Nonstop Remix Sinhala Subtitles | බයිස්කෝප් සිංහලෙන් දොළොස් වන සංවත්සරය වෙනුවෙන් අපෙන් ඔබට පිදෙන සංගීතමය තිළිණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/03/cover-12th-anni.jpg)
දොලොස්වන සංවත්සරයට... බයිස්කෝප් සිංහලෙන් අඩවියේ 12 වන උපන් දිනයට මගේ උණුසුම් සුබ පැතුම්..
තව චිරාත් කාලයක් වැජඹීමට අවැසි ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා...
ඇඩ්මින් මඩුල්ලට මගේ උණුසුම් සුබ පැතුම්..
~ ජය වේවා ~