සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අදත් මා වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ සැම නොඉවසිල්ලෙන් බලා සිටි තවත් දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි.මුලින්ම කියන්න ඕන මේක Ott මාධ්‍ය හරහා නිකුත්වුන චිත්‍රපටයක් ඉතින් චිත්‍රපටයේ ට්‍රේලරය නැරඹිමෙන් පස්සේ එහි තිබුණ විද්‍යාත්මක…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අදත් මා වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ සැම නොඉවසිල්ලෙන් බලා සිටි තවත් දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි.මුලින්ම කියන්න ඕන මේක Ott මාධ්‍ය හරහා නිකුත්වුන චිත්‍රපටයක් ඉතින් චිත්‍රපටයේ ට්‍රේලරය නැරඹිමෙන් පස්සේ එහි තිබුණ විද්‍යාත්මක කරුණක් පිළිබඳව පොඩ්ඩක් සොයා බලා පොඩි විස්තරයක් ලියන්න හිතුණා. ඒවගේම හොලිවුඩ් සිනමාවේ නිර්මාණයවූ Ted චිත්‍රපටියත් එක්ක මේක පටලව ගන්නත් එපා මේක Ted චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකුත් නෙවෙයි.තවත් කරුණක් පැවසුවහොත් මෙම චිත්‍රපටය ඉන්දියානු ත්‍රිමාණ සජීවිකරණ සමාඟමක් විසින් විශේෂිත ත්‍රිමාණ චරිතයක් නිර්මාණය කල පලමු දමිළ චිත්‍රපටය මෙය වන අතර Kochadaiiyaan දමිළ චිත්‍රපටයට පසුව Motion-capture තාක්ෂණය යොදාගෙන නිර්මාණය කල චිත්‍රපටය ලෙසද මෙය හඳුන්වන්ට පුලුවන් එසේනම් බලමු මොනවද මේ චිත්‍රපටයේ තිබෙන විද්‍යාත්මක කරුණු මොනවද කියලා.
මුලින්ම බලමු මේ චිත්‍රපටයේ වගේම බොහොමයක් චිත්‍රපටවල අහන්න දකින්න ලැබෙන වචනයක් තමයි කෝමා (Coma) එහෙම නැත්තන් කෝමාවට පත්වීම,කෝමා තත්වයට පත්වීම වගේ වචන ගොඩක් කට්ටිය ඇත්තටම මේකේ තේරුම දන්නේ නෑ එහෙමත් නැත්තන් කෝමා එකක් කියන්නේ ගැඹුරු නින්දකට පත්වෙලා සිහිය නැතුව ඉන්නවා කියන දේවල් තමයි දන්නේ. මේකේ විද්‍යාත්මක පැතිකඩ යම් තරමක් දුරට පැහැදිලි කර දෙන්නයි මේ උත්සහය.සරළ වශයෙන්ම කෝමා එකක් කියන්නේ යම් පුද්ගලයකුට කම්පන උත්තේජනයකට හෝ ආලෝකයට,ශබ්දයට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීම ශරිරයේ සාමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැරව සිටිම කතා කිරිම හෝ චලනය වීමට නොහැකිවීම ආදිය ඇත්නම් කෝමාවට පත්වීම කියලා හඳුන්වන්නට පුලුවන්! මුලින් කීවා මෙන් බාහිරව පෙනෙන්නේ කෝමාවට පත්වු පුද්ගලයා ගැඹුරු නින්දක සිටිනවාක් මෙන්ය. එතකොට කෙනෙකුට කෝමා එකක් හැදෙන්නේ නැත්තන් කෝමා තත්වයකට පත්වෙන්නේ කොහොමද? කෝමා තත්වය ඇතිවන අයගෙන් 40% ක්ම එම තත්වයට පත්වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය නිසාවෙනි. ඒවාගේ ප්‍රතික්‍රියාවන් නිසා මොළය අවදිකිරිමට පිහිටා ඇති ස්නායුන්ට සිදුවන හානි හේතුවෙන් පුද්ගලයකු කෝමා තත්වයට පත්විය හැකිය.
මීලඟට කෝමා තත්වයට ගොදුරු වීමට හේතු වනුයේ ඔක්සිජන් හිඟතාවයයි. හදෘයාබාධයක් ඇතිවූ පසු මධ්‍යම ස්නායු පද්ධතියේ නියුරෝන සඳහා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් වැයවීම හේතුවෙන් මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ඇතිවන යම් යම් ප්‍රතික්‍රියාවන් හේතුවෙන්ද පුද්ගලයෙකු කෝමාතත්වයට ගොදුරු විය හැක. තවද මොළයේ ගෙඩි හෝ මොළයේ තිබෙන රක්තපාතය නිසාවෙන් මොළයේ ලේ ගමනාගමනය අවහිර වීම,අධික ලෙස කම්පනයට පත්වීම,අධික රුධිර වහනය,මන්දපෝෂණය,ග්ලූකෝස් මට්ටම අධිකවීම ආදි බොහෝ ජීවවිද්‍යාත්මක අබාධ නිසා කෝමා තත්වයට පත්විය හැක. ඉහත කී ආකාරයේ මොළයේ ඇතිවන ආබාධ නිසාවෙන් කෝමාතත්වයට පත්වී මරණය පවා සිදුවීමට වැඩි වශයෙන් ඉඩක් ඇත.

මීලඟට චිත්‍රපටයේ අසන්නට ලැබුණු වචනයක් නම් OBE නොහොත් Out Of Body Experience මේ ගැන සොයා බැලීමේදි හමුවු කරුණු අනුව OBE තත්වය කෙනෙකුට අත්වනුයේ මරාණාසන්න මොහොතේදිය එනම් ඉඑත කී කෝමා තත්වය යනු එක්තරා ආකාරයකින් මරණාසන්න වීමක් ලෙසද හඳුන්වන්නට පුලුවන්. එම අවස්ථාවේදි පුද්ගලයෙකුට බාහිර ලෝකයෙක් කිසිවක් ඇසීමට සහ දැනීමට නොහැකි අතරම බාහිර ලෝකය වෙත ඔහුටද කිසිදු ප්‍රතිචාරයක් දැක්විය නොහැක. එවැනි අවධියකදි පුද්ගලයෙකුට දැනෙන්නේ ඇසෙන්නේ පෙනෙන්නේ මොනවාද යන්න පිළිබඳව පරික්ෂණ රැසක් මේ වන විට ලොවපුරා සිදුකර සහ සිදුවෙමින්ද පවතිනවා ඇත.ලොවපුරා මරණාසන්න අත්දැකීම ලබපු පුද්ගලයින් රැසකගෙන් සිදුකල විමසීම් වලදි ඔවුන් සියලුදෙනාම පැවසු දේවල් අතුරින් එක් කරුණක් පොදු වී ඇත.ඒ බාහිර ලෝකයට පුද්ගලයකු මරණාසන්න මොහෝතේදි ඉතා වේදනාකාරීව සිටින බව පෙනුනනත් එම අත්දැකීම ලබපු අය පවසන්නේ තමන්ට කිසිඳු වේදනාවක් අත්විඳින්නට නොලැබුන බවත් ඉතාමත් සුවදායක සැහැල්ලුවක් දැනුනු බවත්ය.ඒ වගේම බොහෝ පුද්ගලයින් හට තම ශරිරය තමන්ටම දැක ගන්නට ලැබුණු බවද ප්‍රකාශකල තිබුණ අතර මෙය කල්යත්ම මොවුන්ට අමතකව යාමද විමතියට කරුණකි. මෙම ලිපිය මඟින් උත්සහා කලේ Coma සහ OBE යන වචනයන් සරළව නිර්වචනය කිරීමටයි මේ පිළිබඳව කරුණු අධ්‍යනය කරන විට ඉතාමත් බරපතල වෛද්‍ය විද්‍යාවට ආවේනික වචන වලින් මේ පිළිබඳව විස්තර කර තිබුණත් ඒ වචන භාවිතා නොකර ඉතාමත් සරළ ලෙස කරුණු විස්තර කර දීමට උත්සහා කලා. මෙය හුදෙක්ම මනකල්පිත කතාවකින් නිර්මාණය වූ සිනමාපටයක් වන නමුත් සිනමාපටය නිර්මාණය කිරීමට ගත් මූලාශ්‍රය මනකල්පිත දෙයක් නොවෙයි. ඒ පිළිබඳව යම් තරමක අවබෝධයක් ලබාදීමට කල වෑයම සාර්ථකද අසාර්ථකද යන්න මටත් වඩා පැහැදිලි කරන්නට පුලුවන් අය සිටිනවා. යම් වැරදි තැනක් ඇත්නම් එය පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටින අතරම Out Of Body Experience පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා මුලාශ්‍රයක් සැපයු සහෝදර උපසිරැසිකරුවකු වන තරිඳු රසාංග මල්ලිටද බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
මේ චිත්‍රපටය රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ මීට පෙර බයිස්කෝප් සිංහලෙන් විසින් සිංහල උපසිරැසි පවා ලබාදුන් දමිළ සිනමාවේ ප්‍රථම සොම්බි චිත්‍රපටය වූ Miruthan 2016,දෙවන ඉන්දියානු අභ්‍යාවකාශ චිත්‍රපටය වූ Tik Tik Tik 2018 යන පෙරළියක් කල සිනමාපටයන් හි නිර්මාතෘ වූ Shakti Soundar Rajan විසිනි මෙහි සංගීත අධ්‍යක්ෂණය D. Imman සිදුකර තිබෙන අතර ප්‍රධාන රංගනය දමිළ සුපිරි නළු Arya විසින් හොබවන අතර සෙසු චරිත Sayyeshaa, Sathish යන නළු නිලියන් විසින් රඟදක්වනවා.මෙහි නිෂ්පාදනය K. E. Gnanavel Raja විසින් සිදුකර තිබෙනවා.
අවසාන වශයෙන් මෙම චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව වෙන් කර දුන් බයිස්කෝප් සිංහලෙන් සංස්කාරකවරයෙකු වන සිසිල ප්‍රසාද් සොයුරාට විශේෂ ස්තුතියි පිරිනමන අතර තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි WEB / HDRip පිටපත් සඳහා අදාළ වේ.
30,247 downloadsDownload Teddy-2021.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
35 comments
tharidu16
Anonymous
ඒක නම් ඇත්ත
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kioram
Anonymous
adoooooooooooooooooooooo awaaaaaaaaaaaaaaaaaaaaaa adareiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Niluol
Elamah aaa mokada une aulak na aaye aawanee
හේමන්ත
ස්තුතියි තරිඳු....
ස්කුතියි බයිස්...Deegayu Abeysekera
thanks
keep continue
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
rasanjana
release wenne 19 ne
Gihan perera
එහෙනම් ආයෙත් ආවා.... පට්ට ෆිලුමක්.... ආර්ය්‍ය ගෙ නම් ඉතින් අනිවා බලනවා... ස්තුතියි මචන් ආයෙත් බයිස්කෝප් site එකට පණ දුන්නට... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා සහෝ.....
LaHIRU
උපසිරසියට ස්තූතියි සහෝ...
lahiru
රෑම බාලා රෑම බැලුවා , ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
supiri broo
indika75
thanks..
samith
Thanks brother
Flash
Flash S7 sub denne nedda
Anonymous
Thanks saho
Nishan Sameera
Thanks
Kevin
සා වෑවූ සුපිරිය්ක් වගේ
A.
ස්තූතියි මචං
Mahesh
උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවාBuddhika Lakmal (laKMal)
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Ela ela
Keep it upAnonymous
Chakra thama ndda bn
Anonymous
Justice League ( 2021 ) sub denna
Arosha
tharidu soturata godak sthuthiii.lipiya nam maru.nodanna dewal kipayakma igena gaththa. obata jaya weewa....bs
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thank you
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Aluth Kannada Film ekak thiyenawa Yuvarathna kioyala
eketh sub oniරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ranjeewa De Z Gunawardena
Subtitles වලට හරියන Tamil movie එක download කරගන්නේ කොහොමද?
Asanka kkgs
ස්තුතිය යාළුවා....සබ් එකට......බුදු සරණයි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අම්මටසිරි ආයේත් ඇවිල්ලා පේජ් එක එල එල. අපි මාර ෂොක් එකේ හිටියේ.