Watch Trailer

Hitman : Agent 47 (2015) With Sinhala Subtitles (50)|ඔහු මනුෂ්‍යයෙක්ද, රෝබෝවෙක්ද, නැතිනම් මේ දෙකමද? [සිංහල උපසිරසි සමඟ]

හොදයි බයිස්කෝප් රසික රසිකාවියනි, ඇඩ්මින්වරුනි සහ සහෝදර උපසිරසිකරුවනි. මම මේ සුදානම් වෙන්නේ ඉතින් 50 වෙනි කඩඉම පනින්න. මම ගොඩකාලයක් තිස්සේ බයිස්කෝප් අඩවිය එක්ක රැදිලා හිටියා. ඉතින් එහෙම ඉන්න අතරේ මටත් හිතුනා නිකමට ජොලියට වගේ උපසිරසියක් කරන්න කියලා. කොහොම හරි ඒ ආසාව මල්පල දරමින් මම 2015 අප්‍රියෙල් මා…

Hitman Agent 47 2015-1

හොදයි බයිස්කෝප් රසික රසිකාවියනි, ඇඩ්මින්වරුනි සහ සහෝදර උපසිරසිකරුවනි. මම මේ සුදානම් වෙන්නේ ඉතින් 50 වෙනි කඩඉම පනින්න. මම ගොඩකාලයක් තිස්සේ බයිස්කෝප් අඩවිය එක්ක රැදිලා හිටියා. ඉතින් එහෙම ඉන්න අතරේ මටත් හිතුනා නිකමට ජොලියට වගේ උපසිරසියක් කරන්න කියලා. කොහොම හරි ඒ ආසාව මල්පල දරමින් මම 2015 අප්‍රියෙල් මාසේ 19 වෙනිදා බයිස්කෝප් අඩවියට එකතුවුනා මගේ පළමු උපසිරැසිය වන the girl is in trouble කියන සිනමාපටයත් සමග. මම 50වෙනි උපසිරසියට ලංවෙද්දි වැඩිපුරම උපසිරසි යොදලා තියෙන්නේ කතාමාලාවලට චිත්‍රපටනම් 10කටත් වැඩිය අඩුයි. එම කතාමාලා සහ චිත්‍රපටනම්

1.the girl is in trouble(2015)

2.the frame(2014)

3.warsaw 44(2014)

4.agent cody banks (2003)

5.shongkui snow girl and the dark crystal(2015)

6.scooby doo and kiss rock and roll mystery(2015)

7.The lovers(2015)

8.Eden(2014)

9.Ashby(2015)

10.Olympus කතාමාලාව

11.Dark matter කතාමාලාව

12.Killjoys කතාමාලාව

13.The Player පළමු කොටස් 4 

මම හිතුවේ නැහැ පළමු උපසිරැසිය කරද්දී 50ක් දක්වා එන්න. ඇත්තම කිව්වොත් පළමු උපසිරැසිය පරිවර්තනය කරද්දී මට එපාම වුනා. ඒත් ඒක අඩවියේ පලවුනාට පස්සේ දකින්න ලැබුණු අදහස් නිසා මම ආයේ උපසිරසි කරන්න තීරණය කළා. දැන්නම් ඉතින් ඒක පුරුද්දට ගිහින්. සතියකට පාරක්වත් උපසිරසියක් නොදී ඉන්න බැහැ බැහැ වගේ. ඇත්තම කිව්වොත් මෙම කර්තව්‍යට දායක වීමෙන් පසුව විශාල දැනුමක් සහ අත්දැකීම් සමුදායක් එකතු කරගන්නත් පුළුවන් වුනා. හා ඒවගේම කියන්න ඕන සමීර සහෝ, හසන්ත සහෝ, රොයිලි සහෝ සහ යශෝධ ඇතුළු සියලුම ඇඩ්මින්වරුන්ට ස්තුතියි කියලා. අනිත් ඇඩ්මින්ලා කවුද කියන්න දන්නේ නැහැ හොදේ එකයි නම්ගම් කිව්වේ නැත්තේ. ඒවගේම වැදගත්ම උදවිය ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ හැමදාම බාගෙන යනකොට මොකක්හරි කොමෙන්ටුවක් දාගෙන යන්න පුරුදුවෙලා හිටපු පිරිසක් ඉන්නවා. ඔවුන්ට බොහොමත්ම ස්තුතියි මාව දිරිමත් කලාට. බාගෙන ගියපු අයටත් ස්තුතියි මගේ උපසිරසි බාගත්තට. කියන්න දේවල්නම් බොහොමයි ඒත් ඉතින් මේ ටික ඇති කියලා මම හිතනවා.

Maduka 50 Wish

හොදයි එහෙනම් දැන් මගේ වල්පල් ටික කිව්වා ඇති.දැන් චිත්‍රපටිය දිහාවට හැරෙමු.මුලින්ම මේ චිත්‍රපටය මට ගන්න කියපු සමීර සහෝටත් ඒක කලින් බාර අරගෙන ඉදලා බැහැයි නොකියා මට ඒක ලබාදීපු යශෝධ සහෝටත් ස්තුතියි.

Hitman: Agent 47 තිරගතවීම ආරම්භවන්නේ 2015 අගෝස්තු 17. මේවන විට මෙම සුපිරි ක්‍රියාදාම සිනමාපටයට IMDB දර්ශකයේ 5.9ක් හිමිව තිබෙනවා.මේවනවිට ඉපයීමට සමත්ව තිබෙන මුළු ආදයම ඩොලර් මිලියන 81.9ක් ලෙස සදහන් වෙනවා.රංගනයෙන් දායක වන්නේ agent 47 ලෙස Rupert Friend, කටියා ලෙස Hannah Ware ප්‍රධාන චරිත ලෙසත් සෙසු චරිත සදහා Zachary Quinto, Thomas Kretschma, rolf kanies, ciran hinds  යන අය රංගනයෙන් දායක වෙනවා.

මිනිසා විසින් වේදනාව, බිය සහ අනුකම්පාව වැනි හැගීම් කිසිවක් නැති ඝාතකයින් නිර්මාණය කරනවා. මෙහි නිර්මාතෘ වන්නේ ලිට්වින්කෝ. එසේ නිර්මාණය කල මිනිසුන් හදුන්වන්නේ නියෝජිතයින් යන නමින්. ඔවුන්ට නමක් ලෙස ලැබෙන්නේ අංකයක්. පසුව ලිට්වින්කෝ එක්වරම අතුරුදහන් වීමත් සමගම නියෝජිතයින් නිර්මාණය කිරීමේ වැඩසටහන අක්‍රිය වෙනවා. නමුත් පසුව ඩෙලරිගෝ වසර ගණනක සෙවීමකින් පසුව ලිට්වින්කෝ සොයාගැනීමට මගක් පාදා ගන්නවා. ඔහුට ලැබෙන එක් ජයාරූපයක් අනුව ඔහු තරුණියක් සෙවීමට පටන්ගන්නවා.

ඒ තරුණියගේ නම කටියා වැන් ඩිස්. ඇයව ඇල්ලීමට සින්ඩිකේට් ආයතනයෙන් යවන නියෝජිතයින්ගෙන් ඇයව ආරක්ෂා කිරීමට AGENT 47 පැමිණෙනවා. කෙසේ වෙතත් ඔහු පවසන පරිදි කටියා කියන්නෙත් ලිට්වින්කෝ විසින් නිර්මාණය කල පුද්ගලයෙක්. ඒ ගැන ඉතින් බලලම දැනගන්න. Mr.47 කටියා එක්ක එකතුවෙලා ඇයගේ පියාවන ලිට්වින්කෝ සෙවීම අරඹනවා.ඉතින් මේ ගමනේදී සින්ඩිකේට් ආයතනයේ නියෝජිතයින් එහෙම පස්සෙන් එනවා.ඉතින් අවසානයේ කටියා තම පියාව හොයාගන්නවා.එනමුත් ඔහුව සින්ඩිකේට් එකට හසුවෙනවා. 47 කටියාගේ පියා බේරාගැනීමට මෙහෙයුමක් දියත් කරනවා. නමුත් සැබවින්ම ඔහුගේ පරමාර්ථය වන්නේ එයම නෙවෙයි. ඒ මොකක්ද කියලා බලලම දැනගන්න. අවසානයේදී පුදුම හිතෙන දෙයක් ඔයාලට දකින්නත් ලැබෙයි.

එහෙනම් මම මේකියපුව හොදටම ඇති වගේ. එකදිගට ටයිප් කරලා වෙහෙස නිසා ලිපිය පොඩ්ඩක් විතර අවුල් වගේ. ලිපිය ගැන හිතන්නේ නැතුව ෆිලුම බාගන්න. සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. කතා කරන ප්‍රමාණයට වඩා ක්‍රියාදාම තමයි වැඩි. එහෙනම් හැමෝටම  බාගන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. යමින් ගමන් අදහස් එහෙම දක්වාගෙන යන්නකෝ. ඔබට ජය…!!!

Hitman : Agent 47 (2015)

Hitman: Agent 47 (2015) on IMDb

Hitman_:_Agent_47_(Wikipedia)

 

 

722 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5CECD477D0B687AE59F0EE52761C1055414371F1

1.84 GB (1080 BR ) කොපිය මෙතනින් බාගන්න

BA71505BE3AB1ED298161B7973A375CB5DF86421

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

22,349 downloadsDownload Hitman.Agent_.47.2015.br_.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

22,349 downloadsDownload Subtitles60 KB

115 comments

  1. Janith Jayasankha Adhikari

    Elakiri.... bohoma sthuthiyi

    1. Awash

      wish u all the best

    2. Ish

      Ela bn issarahata thwa hoda sub oneee ela gd luck

  2. nalinda

    thnk you

  3. indunil

    thanx a lot bro

  4. Smith

    Thanks machan...

  5. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. එනකං මග බලාගෙන හිටපු ෆිල්ම් එකක්. මේ විදියටම දිගටම 100, 150 කඩයිම් පහු කරන්නත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :) :) :)

  6. රොයිලි

    උණුසුම්ම උණුසුම් සුබපැතුම් සහෝ මධුකප්‍රිය සහෝ. ඔයා කරපු සබ් වලින් සෑහෙන කොටසක් මමත් බලල තියෙනවා. ඉතින් ඔතනින් නොනැවතී ඉක්මනින්ම 100 දක්වා යන්න සුබ ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් අදම බාගෙන බලනවා. ඉතින් වෙනදා වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

    1. udara shan

      007 Spectre meka dapanko........

  7. kavinda

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  8. dev

    niyamai ....
    bohoma sthuthi saho.....
    enakan balan hitiye...........

  9. kgm

    ela enkam hitiye

  10. Ravindu T Thenabadu

    මෙන්න අත් දෙකෙන්ම සුභපැතුව 50 ට. තව යමු නේ... 100, 200 වගේ...

    සබ් එකත් බාගන්නව හොඳ එකක් ආවම. කොරියන් සබ තියෙද්දි එපාවෙනව. :-D
    හොඳ එකක් ආවම Update කරමු. එල.

  11. Jaya

    Patta...cngrtz

  12. Sam

    congratz broo...thnkss for the sub...

  13. Chämàrá Sâmpáth

    හම්මේ ඉතින් නියමයි අහ්හ්ග්. පලවෙනි කඩයිමටත් ආවා එහෙනම්. මුලින්ම උනුසුම් සුභපැතුම් එක් කරනවා 50 වෙනි උපසිරැසි ගැන්වීමට.
    මෙතනින් නවතින්නේ නැතුව තවත් දිෆින් දිගටම උපසිරැසි කරනයේ යෙදෙන්න. එහෙම ඉතින්.100,150,200........
    ඔහොම යං....
    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    කොගොමත් අපි BRRIP බලන අය නිසා බ්ලුරේ කොපිය එනකන්ම ඉන්නවා.. . ආවහම අප්ඩේට් ඕනි...⚡⚡
    එහෙනම් ඉතින් 100 වෙනි කඩයිමේදි හමුවෙමු....
    ජය...
    *_^

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. bobby

    Thank you bro

  16. Eranga

    ai ban may torrent downlord karanna giyama jeewithema epa wannay.. lord wan naa godak site.. epa wanwa

  17. ඉසුරු දිල්ශාන්

    50කඩයිමට සුභ පැතුම් මචෝ!
    දිගටම සබ් දෙමු! මේකත් එනකම් බලං හිටපු ෆිලුමක් තමා!
    එහෙනම් ජයවේවා කිව්වා!!!!!!!!!!

  18. Amila Kaushalya

    උණුසුම් සුබපැතුම් 50 ට මධුකප්‍රිය සහෝ

  19. Gayashan

    Thanks.. mw film eka enakan hitiye..

  20. Sajith Anthony

    උණුසුම් සුබපැතුම් 50..!!
    ජයවේවා…!

  21. ප්‍රසාද් කන්දමුල්ල

    සබ් එකට ගොඩාක් ස්තුතියි.....සහෝ...................

  22. ayesh

    උඹ මැක්සා පොරක් බන්. එලම හොදේ, N2O ගහගෙනද බන් සබ් දැම්මේ . සුපිරි සුපිරි සුපිරි බ්‍රෝ

  23. සජීවි

    50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.......

  24. Gagan

    50 වෙනි උපසිරසියට සුභ පැතුම්
    ස්තුතියි සහ ඉදිරි කටයුතු සාර්ථක වේවා.

  25. Kulanjana Maduranga

    ela ahhhhhhh....ape MADUKA sahoth ehenm 50 gahuwa ne......welldone....bro....ikmanatama 100th gahanna haki wewa kyla...Great work & Lot of thanks bro.sahoge personal & professional life 1th sarthakama wenna prarthana krnawa......obata jayen jaya.....

  26. achi

    ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට...
    මේ ෆිල්ම් එකත් දෙනකං බලං හිටියෙ...
    ඒවගේම පනස් වෙනි කඩයිම පහු කිරීම ගැන සුබ පතනව!!!
    තවත් ඉදිරියට උපසිරැසිකරණයේ රැඳිල වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව...
    එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු...
    ජය වේවා!!!

  27. Global

    Obata jayen jayama Labewa..Baiscop sada dinewa..!

  28. S.K.Ruchiranga

    thz machoo sub ekata

  29. Nimesh Sasanka

    මේ අවිල්ලා තියෙන්නේ..දෙනකල් බලන් හිටියේ..තෑන්ක්ස් සහෝ...

  30. Nirosh

    Fattama Patak thama kolla dila thiyenne, apen suba pethum,, hemadama wage download karata moko comment 1k nam danawa adui thama.. ath bro hadawathinma api ubala akka...

  31. Dimuthu

    Thank you!

  32. priyankara

    thankz machow.. BR ekak enakanma innawa.
    pana dagena gahapu game ekak..
    meka enakan machan kalayak bala bala unne..

  33. Ishan Gimhan

    Supiri ela. Mcn puluwannanm normal(2007) film ekath dipan

  34. Shehan Madhusanka

    thanks and my congratulations 50 sub welldon

  35. roshan

    50 වෙනි උපසිරසියට සුභ පැතුම්

  36. The_Necromancer

    thanks machan...all the best!!!

  37. Hasanka Sanjana

    godak kal idan balagena hitiye enakn... Thanks Bro

  38. Ashan

    Congratzzzzzz Bro.keep it up.

  39. නලින්

    නියමයි මධුක සහෝ! එනකල් බලන් හිටිය ෆිලුමක් මේක. අපිට ලැබුන අනගිභවනීය සම්පතක් තමයි සහෝ ඔයා. ඔයාලා වගේ හැඩවැඩකාරයෝ නිසා තමයි අඩවිය මෙච්චර හැඩ වෙන්නේ. ඉතින් 50 කියන්නේ දිගු ගමනක් ආරම්භයක් විතරයි. මෙතනින් එහාට ඊලග කඩයිම් ටිකත් ඉක්මනින් පහු කරන්න වාසනාව, ශක්තිය ලැබෙන්න ඕනේ, එකෙන්ම.

    ජය වේවා!!!

  40. Zidath

    Gd luck bro

  41. වස්සානය

    මේකත් දෙනකල් ඉදියෙ තැනක් ‍....... ජය....

  42. Jack

    නියමයි මචෝ..
    ඉස්සෙල්ලම ඔයාගේ 50 වෙනි කඩයිමට සුබ පැතුම්..
    ඉක්මනින්ම 100 . 150 වෙනි කඩයිමටත් යමුනේ...
    ෆිලුම ගැනනම් කියන්න දෙයක් නෑ... අනිවා බලනවා.
    බොහෝම ස්තුහියි සබ් එකට.
    ජයෙන් ජය...

  43. Sanindu Lakkitha

    අපෙනුත් සුභ පැතුමිි සහෝ... ඉදිරියටම යන්න ජය වෙිිවා..
    Biscopelk අඩවියත් ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කරන සේවයට..
    Good Luck...

  44. KAHCG

    thanks boss ela ......

  45. JOES92

    Jaya wewa. Sub ekata godak sthuthi. all the best bro !

  46. Tharindu Athukorala

    ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D

  47. lakmal

    thanks bro fatta movie ekak

  48. තිසර නියෝ

    50 වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ.....
    ඉක්මනමට 100 වෙනි කඩයිමටත් ලං වෙන්නට සුබ පතනවා...
    br ආවම එකටත් සබැ අප්ඩේට් කරලා ඕනා..
    ජයවේවා...

  49. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    50 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    ඉක්මනින්ම 100 වෙනි උපසිරැසි නිර්මාණය කරන්න සුබ පතනවා…
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!

  50. Sandun Isuru Niraj

    my favourite pc game

Load more comments