අද වෙනදට වඩා ටිකක් දිග හෑල්ලක් කියන්නයි මේ හදන්නෙ, මොකද අද මේ හෑල්ල කියන්නම ඕනි. ඉතින් කියවන්න කම්මැලි වගේ නම් පහළට ගිහින් උපසිරසිය බාගෙන ගියා කියල කිසිම අමනාපයක් නම් නැහැ ඔන්න. 🙂 🙂 අන්තර්ජාල උපසිරසිකරණයේ මහ ගෙදර, එහෙමත් නැත්නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතුවෙලා කාලයක් තිස්සෙ මාත් සිංහල…

අද වෙනදට වඩා ටිකක් දිග හෑල්ලක් කියන්නයි මේ හදන්නෙ, මොකද අද මේ හෑල්ල කියන්නම ඕනි. ඉතින් කියවන්න කම්මැලි වගේ නම් පහළට ගිහින් උපසිරසිය බාගෙන ගියා කියල කිසිම අමනාපයක් නම් නැහැ ඔන්න. 🙂 🙂
අන්තර්ජාල උපසිරසිකරණයේ මහ ගෙදර, එහෙමත් නැත්නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතුවෙලා කාලයක් තිස්සෙ මාත් සිංහල උපසිරසිකරණයේ යෙදුණා. ඉතින් ඒ විදිහට කාලයක් තිස්සෙ හෙමින් හෙමින් උපසිරසි එකින් එක කරගෙන ආපු මගේ උපසිරසිකරණ ජීවිතේට “අද” නම් ගොඩක් විශේෂ දවසක්, විශේෂයි කියනවටත් වඩා ගොඩක් සතුටු වෙන්න පුළුවන් දවසක් කිව්වොත් මං නිවැරදියි කියලයි මට නම් හිතෙන්නෙ. අද මම ඔයාලට අරගෙන එන්නෙ මගේ උපසිරසිකරණ ජීවිතේ මම කරපු පනස්වැනි සිංහල උපසිරසිය. ඉතින් පියවරෙන් පියවර ඒ ප්‍රීතිමත් “අද” දවස උදාවුණු හැටි ගැන වගෙම ඒ “අද” දවස දක්වා ආපු ගමනෙදි උපසිරසිකරණය තුළින් මං ලබපු වටිනා කියන සොඳුරු අත්දැකීම් ගැන, බයිස්කෝප් මහ ගෙදරදි මට හමුවුණු ආදරණීය සහෝදර සහෝදරියන් ගැනත් බයිකෝප් පවුලේ සෙසු සහෘද සාමාජිකයින් හැමෝටම වගෙම බයිස්කෝප් රසිකයින් වන ඔබගේ දැනගැනීමටත් එක්ක බයිස්කෝප් අඩවියේ වෙබ් පිටුවක මගේ අත්දැකීම් සමුදාය අකුරින් සටහන් කරන්නයි මේ සූදානම…
උසස් පෙළ විභාගය අවසන් වෙච්චි දවසෙ හවස, කූඩුවක හිරකරල උන්නු කුරුල්ලෙක් කූඩුවෙන් නිදහස් කළාම ඒ කුරුල්ලට දැනෙන හැඟීමට සමාන හැඟීමක් මටත් දැණුණා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මාස දෙක තුනක් තිස්සෙ බස් එකේ එහෙට මෙහෙට යන අතරවාරෙදි DVD කඩවල් වල පෝස්ටර් මඟින් ප්‍රදර්ශනය කරල තිබුණු හැම චිත්‍රපටියක්ම දැන් දෙයියනේ කියල නිදහසේ බලන්න පුළුවන් කියල හිතට දැනුණු නිසයි. ඉතින් එදා ඒ දැණුනු සතුටටත් එක්ක බර ගාණක් වියදම් කරල DVD තොගයක්ම අරගෙනයි ගෙදර ආවෙ. ඉතින් ඔහොම ටික කාලයක් DVD වලින් චිත්‍රපට නරඹමින් හිටපු මට එක දවසක් මිත්‍රයෙක්ව මුණගැහෙනවා. ඒ මිත්‍රයත් එක්ක එයාගෙ කඩේට ගිහින් ටික වෙලාවක් කතා කර කර ඉන්න අතර වාරෙ පුරුද්දට වගේ මම මගේ් අනිත් යාළුවන්ගෙන් අහන පොදු ප්‍රශ්නෙම ඒ මිත්‍රයාගෙනුත් ඇහුවා. “අලුත් ෆිල්ම් එම නැද්ද” කියන එක තමයි ඒ ප්‍රශ්නය වුණේ. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ඒ මිත්‍රයාගෙන් මගේ පෙන් එකට ඒ කාලවකවානුවේ ලංකාවෙ ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රිය වුණු කතාමාලාවක් බයිස්කෝප් අඩවියෙන් ලබාදීල තිබුණු සිංහල උපසිරසිත් එක්ක ලැබුණා. ඉතින් ගෙදර ඇවිදින් ඒ කතාමාලාව සිංහල උපසිරසි එක්ක බලද්දි තවත් ඒ වගේ සිංහල උපසිරසි අඩංගු කතාමාලා වගෙම චිත්‍රපටි බලන්න ලොකු උනන්දුවක් වගෙම ආසාවකුත් මගේ හිතට දැණුනා. ඉතින් ඒ ආසාව, ඒ කුතුහලය නිසාම එදා ඉඳන් අද මේ ලිපිය ලියන දවස දක්වා වගෙම මින් ඉදිරියටත් නරඹන හැම කතාමාලවක්ම, හැම චිත්‍රපටයක්ම බයිස්කෝප් අඩවියෙන් ලබාදෙන උපසිරසි එක්කම බලන එක පුරුද්දක් බවට පත්වෙලා ඉවරයි.
අහම්බෙන් එදා ඒ මිත්‍රයා නිසා බයිස්කෝප් අඩවිය ගැන දැනගන්න ලැබුණට පස්සෙ කාලයක් සිංහල උපසිරසි එක්කම කතාමාලාවන්, චිත්‍රපටි බලද්දි සිංහල උපසිරසියක් මටත් කරන්න ඕනි කියන හැඟීම මගේ හිතට කීපවාරයක්ම ඇති වුණත් දවසින් දවස ඒ හැඟීම සපුරාගන්න එක ප්‍රමාද වුණා. ඒකට හේතුව වුණේ “මට නම් කවදාවත් මේ වැඩේ කරන්න පුළුවන් වෙන එකක් නැහැ” කියන පසුගාමී හැඟීමකුත් ඒ එක්කම ඇතිවුණු නිසයි. ඉතින් ඔහොම ටික කාලයක් ගතවෙද්දි දවසක් මගේ පාසල් කාලෙ පටන් සම වයසෙ මිත්‍රයෙක් වුණු, බයිස්කෝප් මංසලේ ඇඩ්මින් සාමාජික තිසර සහෝදරයා එක්ක මුහුණු පොතේ කතා බහ කරන අතරවාරෙ මගේ අදහස ඔහුට කිව්වම ඔහුගේ ප්‍රතිචාරය වුණේ “හරි මචෝ අපි සබ් එකක් කරමු එහෙනම්” කියන එකයි. කරන්න කිව්වට මොකද “ඒත් මේ කෙරුවාව කොරන්නෙ කොහොමද” කියන එක ගැන මට මෙලෝ අදහසක් නොතිබුණු නිසා ඒකටත් මුල ඉඳන් “මෙන්න මෙහෙමයි මචෝ වැඩේ වෙන්නෙ” කියල උපසිරසියක් කරන පිළිවෙල කියල දීල සිංහල උපසිරසියක් කරන්න මගේ හිතේ තිබුණු ආසාව සපුරාගන්න මුලින්ම උදව් කළේ මගේ මිත්‍රයා තිසර නියෝ සහෝදරයා. ඉතින් එදා මේ ආදරණීය වෙබ්පළට මටත් එකතුවෙන්න මං පාදපු තිසර සහෝ, අද ඔයාව මතක් නොකරම බෑ. ඒ වගෙම ගොඩක් ස්තුතියි එදා මට ඇරඹුමක් ලබාදුන්නට…
ඉතින් ඔන්න ඔය විදිහට තමයි බයිස්කෝප් සිංහලෙන් අඩවියත් එක්ක මගේ බැඳීම ආරම්භ වෙන්නෙ. සිංහල උපසිරසියක් කරන්න හිතේ තිබුණු ආසාව මල්පල ගන්වමින් 2016 ජූලි දහතුන්වැනිදා මගේ මුල්ම සිංහල උපසිරසිය විදිහට The Littel Mermaid (1989) ඇනිමේෂන් සජීවීකරණ චිත්‍රපටයට මං ලබාදුන්නු උපසිරසිය බයිස්කෝප් වෙබ් අඩවියේ පිටුවක පළවෙනවා. එදා නම් මට අද මේ දැනෙන සතුටටත් වඩා වැඩි සතුටක් ඇතිවුණා නොකිව්වොත් ඒක බොරුවක්. එදා මගේ මුල්ම සිංහල උපසිරසි ලබාදීමත් එක්ක බයිස්කෝප් පවුලත් එක්ක අරඹපු ඒ ගමන බොහොම හෙමින් වසර දෙකක් වගේ ලොකු කාලයක් ගෙවාගෙන අද මගේ පනස්වැනි උපසිරසිය දක්වා මට එන්න ලැබුණා. ඉතින් ඒ වසර දෙකක් වැනි කාලය තුළදී අද පනස්වැනි උපසිරසිය විදිහට මේ උපසිරසිය අරගෙන ආවට මේ වෙද්දි භාෂා කීපයක, වෙනස් සිනමා වර්ගීකරණයන්ට අයත් චිත්‍රපට 31කට වගෙම විවිධ රූපවාහිනී කතාමාලාවන් වල කතාංග 20කට මම සිංහල උපසිරසි ලබාදීල තියෙනවා. ඒ වගෙම බයිස්කෝප් සිංහලෙන් අඩවියට සිංහල උපසිරසි ලබාදෙන අතරවාරෙ විවේකයක් ලැබුණු අවස්ථාවල බයිස්කෝප් මංසල වෙනුවෙන් පූර්ව ප්‍රචාරක පට හා ගීත 50ක් වගේ ප්‍රමාණයකට මේ වෙද්දි සිංහල උපසිරසි ලබාදීල තියෙනවා. ඒත් කණගාටුවෙන් වුණත් කියන්න ඕන ඉදිරියට නම් උපසිරසිකරණයේ යෙදෙන්න ඉඩක් ලැබෙයිද කියන එක අඩමානයි. මොකද පෞද්ගලික ජීවිතයේ කාර්‍යබහුලත්වය දැන් ගොඩක්ම මේ සොඳුරු කාර්‍යයට හරස් වෙන නිසාවෙනුයි.
ඉතින් කවදාවත් කොච්චර දුර ගමනක් ආවත් පටන්ගැන්ම වගෙම මුල අමතක කරන්න හොඳ නෑ කියනව නොවැ. ඉතින් බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා උපසිරසිකරණයේ යෙදෙමින් කාලයක් පුරාවට ආපු ගමනෙදි මට මුණගැහුණු බයිස්කෝප් පවුලේ සහෝදර සහෝදරියන් පිරිස අතරෙ අනිවාර්යයෙන්ම ස්තුති කරන්න ඕනි තවත් විශේෂ පුද්ගලයින් කීපදෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අය ගැනත් ස්තුති පූර්වකව මතක් කරන්නයි මේ හදන්නෙ. මම මුලින්ම බයිස්කෝප් පවුලට එක්ක එකතු වුණු අවස්ථාවේ, මූලිකව උපසිරසියක් කරන්න ඕනි කරන උපදෙස් එක්ක උපසිරසිකරණයට අවශ්‍ය කරන මෘදුකාංග පාවිච්චි කරන හැටි කියල දීල මට ගොඩක් උදව් කරපු, මේ වෙද්දි බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් සාමාජිකයෙක් වන චාමර සම්පත් සහෝට ස්තුතියක් හිමිවෙන්න ඕනි. ඒ වගෙම තමයි මුල ඉඳන්ම මගේ උපසිරසි වල අඩුපාඩු පෙන්වලා දීල, පියවරෙන් පියවර මගේ උපසිරසි ගැන්වීමේ හැකියාව වැඩි දියුණු කරගන්න උදව් කරපු, අදටත් ගුණාත්මක උපසිරසිකරණයකට අවශ්‍ය දැනුම හා මඟපෙන්වීම ලබාදෙන අපේ ඇඩ්මින් මඩුල්ලේ සිසිල ප්‍රසාද් අයියා, හසන්ත වික්‍රමරත්න අයියා වගෙම සමීර කරුණාරත්න සහෝටත් ස්තුතියක් හිමිවෙන්නම ඕනි.
ඉතින් ඒ පිරිසට ස්තුති කරන ගමන්ම අපේ බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින් මඩුල්ලේ අනෙකුත් සාමාජිකයින් වන ඉසිර ගුණතිලක අයියා, රොයිලි ප්‍රනාන්දු අයියා, අසංක ප්‍රදීප් රණතුංග අයියා, ආසිරි ප්‍රියන්ත අයියා, නලීන් පෙරේරා අයියා, සමීර චතුරංග අයියා, නිර්මාණී විජේසිංහ අක්කා, අශාන් විමුක්ති(විමා) සහෝ, යශෝධ ශ්‍රීමාල් සහෝ, ප්‍රණීත් රණසිංහ සහෝ, සමන් ප්‍රසාද් සහෝ, සුදීර මාලන් සහෝ යන පිරිසත් ආදරයෙන් මතක් කරන්න ඕනි.
ඒ වගෙම බයිස්කෝප් අඩවියේ සහෝදර උපසිරසිකරුවන් වශයෙන් පෞද්ගලිකවම මං දන්න අඳුරන පිරිස අතරෙ ඉන්න රවිදු රුක්ෂාන්, දිල්ශාන් සචින්ත, කවින්ද බුද්ධික, සොහාන් ජයසූරිය, උදයංග සම්පත්, අචින්ත උදයංග, යුශාන් පියුමාල්, මයුර සුරාජ්, තරිඳු ගමගේ, ලහිරු ප්‍රසාද්, නුවන්ත දුලාන්, නිලුපුල් මදුකප්‍රිය, ඉමේශ් කුමාර, දසන් බුද්ධික, ඉමේශ් ලක්ෂාන්, සචිත් ලක්ෂාන්, හෙළිලි හේමමාලි, මුතු උඩුකල, නවෝදනී තිළිණි, දිනිඳු සම්පත්, චාමික ඉසුරුවන්, ශසිත් සඳරුවන්(සඳේ), තාරක නුවන් දිල්හාර, සඳුන් ධනුෂ්ක, ප්‍රදීප් අනුරුද්ධ(ලියෝ), ඉසුරු දිල්ශාන්, කැළුම් ගුණසේකර, දිල්ශාන් කාලිංග, චාමර කැලුම් අතපත්තු, චන්දිම අමරසිංහ, ලහිරු චානක, රඛිත රණතුංග, චමල් පෙරේරා, කළිඳු වසූක, චමෝද් රශ්මික, ප්‍රණීත් නාවලඇල්ල, යසිරු කපුරුසිංහ, තරිඳු රසාංග, රංග ප්‍රසන්න, රසිත ප්‍රදීප්, ඉශාන් මදුශංක, කවිශල් රසින්ත, කවිනු වීරක්කොඩි, බේනුක නිම්හාන්, මලිත් වීරමුණි යන සහෝදර සහෝදරියන් පිරිසත් අද මතක් කරන්නම ඕනි. ඒ වගෙම තමයි කාගෙ හරි නමක් මෙතන සඳහන් වෙලා නැත්නම් ඒ අය මාත් එක්ක අමනාප නොවෙයි කියල හිතනවා. මොකද නමින් නොදන්නවා වුණත් වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරස සපයන උපසිරසිකරුවන් බොහොමයක් ඉන්නව නොවැ.
අවසාන වශයෙන් මුහුණු පොතෙන් හමුවුණු සිනමාවට ලැදි මිතුරු කැළ වගේම හැමදාමත් බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න, බයිස්කෝප් අඩවියෙන් ලබාදෙන උපසිරසි බාගත කරන, ගුණ, දොස් ප්‍රශංසා කොමෙන්ටුවකින් සටහන් කරන අපේ හිතවත් රසික පිරිසත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් හැමදාමත් ගුණාත්මක සිංහල උපසිරසියක් කාටත් මුලින්ම ඔබට ලබාදෙන සිංහල උපසිරසිකරණයේ මහගෙදර, බයිස්කෝප‍් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් ඉදිරියටත් රැඳී ඉන්න කියන ඉල්ලීමත් එක්ක මගේ කඩයිම් සටහන මෙතනින් අවසන් කරන්නම්… ඔබට ජය!!

යුද්ධය හා සබ්මැරීනය…
යුධමය කටයුතු හා සබ්මැරීනය පිළිබඳව අතීතය 1720 වර්ෂය දක්වා ඈතට දිව යන්නක්. රුසියානු වඩුවෙකු වූ Yefim Nikonov විසින් රුසියානු ආධිරාජ්‍යයෙකු වූ පීටර්ගේ අණ පරිදි 1720 වර්ෂයේදී මුල්ම යුධමය සබ්මැරීනය නිර්මාණය කරනු ලැබුවා. Yefim විසින් මෙම සබ්මැරීනය සන්නධ කර තිබුණේ ගිණි විදිනයන් හා සමාන ගින්දර විදීමට හැකි නළ දෙකකිනුයි. සතුරු යාත්‍රාවන් වෙත ළඟා වී මෙම ගිණි විදිනයන් ජලය මතුපිටට ඔසවා සතුරු යාත්‍රාවන් වෙත ගින්දර විදීම සිදු කරනු ලැබුවා. තවද Yefim විසින් මෙම සබ්මැරීනයේ වා අඟුලක් නිර්මාණය කර තිබුණා. එහි පරමාර්ථය වී ඇත්තේ සබ්මැරීනයේ සිටින සෙබළුන් හට ඉන් පිටතට ගොස් ප්‍රහාර එල්ල කළ යාත්‍රාවන් ගිල්වා දැමීමට ඉඩ සැලැස්වීමයි. ඒ අයුරින් මුල්ම හමුදාමය සබ්මැරීනය රුසියාවෙන් බිහිවෙද්දී, මුල්ම ඇමෙරිකානු හමුදාමය සබ්මැරීනය හෙවත් “Turtle” නම් වූ යාත්‍රාව 1776 වර්ෂයේදී David Bushnell නම් වූ ඇමෙරිකානු නවෝත්පාදකයා විසින් නිර්මාණය කරනු ලබනවා. මිනිස් බලයෙන් ක්‍රියාත්මක වූ ඕවලාකාර හැඩැති මෙම සබ්මැරීනයේ ගමන් කිරීමට හැකිවූයේ එක් පුද්ගලයෙකුට පමණයි. අතීත තොරතුරු මඟින් දක්වා ඇති ලෙසට මෙම “Turtle” යාත්‍රාව දිය යට මෙහෙයුම් සිදුකිරීමට හැකියාවක් සහිත වූ මුල්ම සබ්මැරීනය ලෙස සලකනු ලබනවා.
David Bushnell විසින් නිපදවනු ලැබූ “Turtle” සබ්මැරීනය
යුධමය සබ්මැරීන වල මූලික ඉතිහාසය ඒ අයුරින් සටහන් වෙද්දී අතීත නිමැවුම් ක්‍රම ඔස්සේ පියවරින් පියවර වසර ගණනක් තිස්සේ පැරණි සබ්මැරීන් යාත්‍රාවන්හි නවීකරණයන් සිදුකරමින් වර්තමානය වන විට තාක්ෂණය, බල ශක්තිය, සන්නිවේදනය හා ප්‍රහාරක හැකියාව යන අංග සියල්ලක්ම පාහේ ඉතා ඉහළ මට්ටමක පවතින අති නවීන යුධමය සබ්මැරීන් යාත්‍රාවන් නිපදවීමට සබ්මැරීන නිපැයුම්කරුවන් සමත්වී සිටිනවා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඉතාලිය, රුසියාව, චීනය හා ජපානය මෙම අධි තාක්ෂණික සබ්මැරීන වැඩි වශයෙන් තම හමුදාවන්ගේ මෙහෙයුම් කටයුතු සඳහා යොදාගනු ලබනවා. යුධමය කටයුතු සඳහා යොදාගනු ලබන මෙම සබ්මැරීන් ඒවායේ හැකියාවන් හා තාක්ෂණය අනුව වර්ග හතරකට වෙන් කර දක්වන්න පුළුවන්. එනම්,
1. ප්‍රහාරක සබ්මැරීන (Attack Submarine)
2. බැලැස්ටික් මිසයිල සබ්මැරීන (Ballistics Missile Submarine)
3. කෲස් මිසයිල සබ්මැරීන (Cruise Missile Submarine)
4. න්‍යෂ්ටික සබ්මැරීන (Nuclear Submarine)
*මේ අයුරින් යුධමය සබ්මැරීන් යාත්‍රාවන් වර්ග හතරකට වෙන් කොට දැක්වූවත්, පොදුවේ ඉහත දක්වා ඇති තාක්ෂණික ක්‍රමවේදයන් හා ප්‍රහාරක හැකියාවන් කිහිපයකින් සමන්විත තනි සබ්මැරීන් යාත්‍රාද නාවික හමුදාවන් සතුව පවතිනවා.
එතකොට මොකක්ද මේ Hunter Killer කියන්නෙ..??
Hunter Killer(හන්ටර් කිලර්) නමින් හඳුන්වනු ලබන්නේ යුධමය කටයුතු සඳහා යොදාගනු ලබන විශේෂ සබ්මැරීනයක්.මේ සබ්මැරීන පොදුවේ Attack Submarines(ප්‍රහාරක සබ්මැරීන) ලෙසත් හඳුන්වනවා. ඇමෙරිකානු නාවික හමුදාව සතුව මාදිලි බොහොමයක ප්‍රහාරක සබ්මැරීන පවතිනවා. නමුත් ඔවුන් මෙහෙයුම් කටයුතු සඳහා බහුල වශයෙන් යොදාගනු ලබන්නේ (LA Class) එහෙමත් නැත්නම් ලොස් ඇන්ජලීස් මාදිලියේ හන්ටර් කිලර් සබ්මැරීනයයි.
ඇමෙරිකානු නාවික හමුදාව සතුව පවතින Hunter Killer ප්‍රහාරක සබ්මැරීනයක්
(LA Class) Hunter Killer සබ්මැරීනය කියන්නෙ ඇමෙරිකානු නාවික හමුදාව ඔවුන්ගේ මෙහෙයුම් සඳහා යොදාගනු ලබන න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වෙන වේගවත් ප්‍රහාරක සබ්මැරීනයක්. මේ මාදිලියේ සබ්මැරීන 688 Class වශයෙනුත් හඳුන්වනවා. පොදුවේ සැලකූ විට මෙම සබ්මැරීනයක මාදිලිය සටහන් කරන්නේ USS Los Angeles (SSN-688) වශයෙනුයි. මෙම (LA Class) සබ්මැරීන මේ වනවිට ආසන්න වශයෙන් වසර පනහක පමණ කාලයක පටන් ඇමෙරිකානු නාවික බළඇණියේ සේවයේ යෙදෙනවා.ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ නිශ්පාදන පිරිවැයක් දරමින් මෙම Hunter Killer සබ්මැරීන නිපදවනු ලබන්නේ Newport News Shipbuilding සමාගම හා General Dynamics Electric Boat යන සමාගම් ද්විත්වය මඟිනුයි. මේ වන විට මෙම සබ්මැරීන 62ක් නිශ්පාදනය කර ඇති අතර ඒවායින් 32ක් මේ වන විට නාවික හමුදාවේ සේවයේ යෙදෙනවා.
Hunter Killer සබ්මැරීනයක පාලන මැදිරියක්
Hunter Killer සබ්මැරීනයකට යාත්‍රා කිරීමට අවැසි බලය සපයනු ලබන බල මූලාශ්‍ර වනුයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක්, ටර්බයින දෙකක්, අතිරේක මෝටරයක් හා විදුලි බල සැපයුමකින් වන අතර මෙම සබ්මැරීනයක් මුහුද මතුපිට ඇති විට සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 6,082ක බරකින් හා දිය යටට යාත්‍රා කළ පසු මෙට්‍රික් ටොන් 6,927ක බරකින් යුතුවනවා. Hunter Killer සබ්මැරීනයක මුළු දිග මීටර් 362ක් වන අතර උස මීටර් 9.4ක් හා පළල මීටර් 10ක් පමණ වනවා. මෙම සබ්මැරීනයකට මුහුද මතුපිටදී නොට් 20(පැ.කි. 37)ක උපරිම වේගයකින් යාත්‍රා කිරීමට හැකි අතර දිය යටදී නොට් 33(පැ.කි. 61)ක පමණ උපරිම වේගයකින් යාත්‍රාකිරීමේ හැකියාව පවතිනවා. Hunter Killer සබ්මැරීනයකට අඩි 800ක් එනම් මීටර් 240කට ආසන්න උපරිම ගැඹුරකට යාත්‍රා කිරීමේ හැකියාව හා දිය යට දින 90කට ආසන්න කාලයක් රැඳී සිටීමේ හැකියාවද පවතිනවා. යාත්‍රිකයින් 129ක් වැනි පිරිසකට මෙම සබ්මැරීනයක් තුළ යාත්‍රා කිරීමේ හැකියාව පවතිනවා. තවද මෙම සබ්මැරීන වලට මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන කුඩා අමතර සබ්මැරීනයක් සම්බන්ධ කිරීමේ හැකියාවද පවතිනවා.
මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා යොදාගනු ලබන අමතර සබ්මැරීනයක්
ප්‍රහාරයන් සඳහා භාවිතා කරනු ලබන ටෝපිඩෝවක්
ප්‍රධාන වශයෙන් Hunter Killer සබ්මැරීනයක අඟල් 21 ටොපිඩෝ උණ්ඩ නිකුත් කිරීමට හැකි ටෝපිඩෝ ටියුබ 25ක් පමණ ස්ථාපිත කිරීමටත් Mark 67 හා Mark 60 ලෙසින් හඳුන්වනු ලබන ස්වයංක්‍රීයව පිපිරීම සිදුවන ජලජ බෝම්බ රැගෙන යාමේ හැකියාවත් පවතිනවා. තවද මෙම සබ්මැරීනයට ටෝපිඩෝ ටියුබ තිරස් අතට භාවිතා කිරීම මඟින් ටොමෝහෝක් මිසයිල, කෲස් මිසයිල හා යාත්‍රා නාශක හාපූන් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද පවතිනවා. Hunter Killer සබ්මැරීනයක් මතුපිටද මිසයිල ප්‍රහාර එල්ල කිරීමට හැකි Vertical Launching System(VLC) නමින් හඳුන්වන ප්‍රහාරක පද්ධතියක් පවතිනවා. මෙම සබ්මැරීන වල සතුරු ටෝපිඩෝ ප්‍රහාර වළක්වාලන උපකරණ පවතින අතර සතුරු ඉලක්ක පහසුවෙන් හඳුනාගැනීම සඳහා උපකාරී වන රේඩාර්, සෝනාර් සහ සංවේදක(Sensors) පහසුකම්ද පවතිනවා.
Hunter Killer (2018)
2018 වසර කියන්නෙ සිනමාලෝලෝ රසික ජනතාවට මදි නොකියන්නම සිනමා නිර්මාණ තිළිණ කරපු වසරක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මේ 2018 වසරේ අග භාගයේ, එනම් ඔක්තෝබර් මස 26 පටන් ඇමෙරිකාව ඇතුළු ලෝකයේ අනිකුත් රටවල් රැසකම තිරගතවීම ආරම්භ කරපු Action | Thriller සිනමා වර්ගීකරණයන්ට අයත් වන සිනමා නිර්මාණයක් ලෙස Hunter Killer සලරුව සලකන්න පුළුවන්.මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට පාදක කරගෙන තියෙන්නෙ 2012 වසරේදී Don Keith සහ George Wallace යන කතුවරු දෙදෙනා විසින් රචිත Firing Point නම් වූ නවකතාවයි. ඉතින් ඒ නවකතාව මූලික කරගනිමින් නිර්මාණය කරපු මේ සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරන්නෙ Spud (2010), Dollar$ + White Pipes (2005), Spud 2: The Madness Continues (2013), Avenged (2013) වැනි චිත්‍රපට වලට අධ්‍යක්ෂණයෙන් දායක වූ Donovan Marsh අධ්‍යක්ෂකවරයා විසිනුයි. තිරපිටපත් නිර්මාණය සිදුකර ඇත්තේ Arne Schmidt සහ Jamie Mossයන දෙදෙනා විසිනුයි.
චිත්‍රපටයේ අධ්‍යක්ෂක Donovan Marsh
චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූ දින පටන් මෙම සලරුව නැරඹීමට ප්‍රේක්ෂකයින් නොඉවසිලිමත්ව මඟබලා සිටි බව නොරහසක්. එයට ප්‍රධාන හේතුව බවට පත්වී තිබුණේ මෑත කාලයේදී ප්‍රේක්ෂකයා විසින් ආදරයෙන් වැළඳගත් සිනමා නිර්මාණ වන Olympus Has Fallen (2013), Gods of Egypt (2016), London Has Fallen (2016), Geostorm (2017) සහ Den of Thieves (2018) යන චිත්‍රපට වලට රංගනයෙන් දායක වු සම්මානලාභී රංගධරයෙක් වන හතළිස් නව හැවිරිදි Gerard Butler විසින් මෙම සලරුවේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වී තිබීමයි. Butler සමඟින් The Dark Knight (2008), The Hitman’s Bodyguard (2017), Darkest Hour (2017) යන චිත්‍රපට වලට රංගනයෙන් එක්වූ Gary Oldman සහ Black Sails රූපවාහිනී කතාමාලාවේ, කැප්ටන් ෆ්ලින්ට්ගේ චරිතයට රංගනයෙන් දායක වූ Toby Stephens ද මෙම සලරුවට රංගනයෙන් එක්වී තිබෙනවා. තවද සෙසු චරිත සඳහා Common, Carter MacIntyre, David Gyasi සහ Linda Cardellini යන නළු නිළි පිරිසත් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන නළු Gerard Butler
Original Film, Millennium Films සහ G-BASE යන සමාගම් විසින් මෙම සලරුව නිෂ්පාදනය සිදුකර ඇති අතර චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු සිදුකර ඇත්තේ Summit Entertainment සමාගම මඟිනුයි. බල්ගේරියානු ප්‍රදේශ වලදී තිරගත කිරීම් සිදුකර ඇති මෙම සලරුව IMDb දර්ශකයේ 6.9/10ක අගයක් හිමිකරගෙන ඇත්තේ ප්‍රේක්ෂක මනාප 9158ක් ලබාගනිමින් වන අතර Rotten Tomatoes දර්ශකයේ 37%ක මනාප ප්‍රතිශතයකුත් Google පරිශීලකයින්ගේ 93%ක මනාප ප්‍රතිශතයක්ද හිමිකරගෙන තිබෙනවා.
හැම දෙයක්ම පටන්ගන්නෙ මෙහෙමයි… ඇකුලා මාදිලියේ රුසියානු නාවික හමුදාවේ යාත්‍රාවක් වන (කොනැක්) සබ්මැරීනය ගැන ඔත්තු බලමින් ඒ සබ්මැරීනය පසුපසින් සති කීපයක් තිස්සෙ ඉඳන් ඇමෙරිකානු ප්‍රහාරක සබ්මැරීනයක් (Hunter Killer) වන (ටැම්ප බේ) යාත්‍රා කරනවා. මේ සබ්මැරීන දෙකම රුසියානු බැරන්ට්ස් මුහුදු සීමාවේ යාත්‍රා කරමින් පවතින අතරේ හදිසියේම (කොනැක්) සබ්මැරීනයේ පිපිරුමක් සිද්දවුණු වග (ටැම්ප බේ) යාත්‍රාවේ නිළදාරීන්ට දැනගන්න ලැබෙනවා. මේ සිදුවීම දැනගන්නවාත් එක්කම (ටැම්ප බේ) සබ්මැරීනයටත් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ලවෙනවා. බැරන්ට්ස් මුහුදේ කෝලා පෙනිසියුලා වලදි එල්ලවුණු මේ ප්‍රහාරයෙන් පස්සෙ (ටැම්ප බේ) සබ්මැරීනය ගැන පෙන්ටගන් වල තියෙන ජාතික හමුදා මූලස්ථානයේ නිළදාරීන්ට කිසිම හෝඩුවාවක් දැනගන්න ලැබෙන්නෙ නැහැ. ඉතින් ඔවුන් අනුමාන කරනවා (ටැම්ප බේ) සබ්මැරීනය අතුරුදහන් වෙලා කියල. මේ සිදුවීම සිද්දවෙද්දි ඇමෙරිකානු රජයත් රුසියානු පාලන තන්ත්‍රය ගැන පැහැදීමකින් නෙවෙයි ඉන්නෙ. කොහොම නමුත් අතුරුදහන් වෙලා කියල අනුමාන කරන (ටැම්ප බේ) සබ්මැරීනය සෙවීමේ අරමුණින් වගෙම ඒ සබ්මැරීනයේ හිටපු යාත්‍රිකයින් මුදවාගැනීමේ අරමුණින් ඇමෙරිකානු නාවික කාර්‍යංශයට අයත් (ආකන්සෝ) ප්‍රහාරක සබ්මැරීනය දියත් කරන්න බළධාරීන් තීරණය කරනවා.
(ආකන්සෝ) සබ්මැරීනයේ කපිතාන් තනතුර දරන්නෙ මීට කලින් කවදාවත් කපිතාන් තනතුරක් හොබවපු නැති නිළදාරියෙක්. ඔහුගේ නම තමයි ජෝ ග්ලාස්. ඉතින් ජෝ ග්ලාස්ගේ නායකත්වය යටතේ ආකන්සස් සබ්මැරීනය තමන්ගේ සහෝදර සෙබළුන් සමඟ අතුරුදහන් වුණු (ටැම්ප බේ) සබ්මැරීනය සෙවීමේ අරමුණ ඇතුව ෆැස්ලේන් නාවික මුලස්ථානයෙන් පිටත්වෙලා යාත්‍රා කරනවා. මේ අතර වාරයේ බැරන්ට්ස් මුහුදෙදි සිද්දවුණු සිදුවීම ගැන සාකච්ඡා කිරීමේ අරමුණින් රුසියානු ජනාධිපති සකාරින් ඔහුගේ ආරක්ෂක ඇමති වශයෙන් කටයුතු කරන දිමිත්‍රි ඩුරොව් හමුවීමට කෝලා පෙනිසියුලා වල තියෙන පොලියානි නාවික කඳවුරට යනවා.මේ අතරෙ අතුරුදහන්වුණු (ටැම්ප බේ) සබ්මැරීනය සෙවීමේ අරමුණින් ගිය (ආකන්සෝ) සබ්මැරීනයත් පිපිරුම් සිද්දවුණු බැරන්ට්ස් මුහුදේ කෝලා පෙනිසියුලා ප්‍රදේශයට ළගාවෙනවා. පිපිරුම් සිද්දවුණු තැනට ආසන්න වුණාම ඔවුන් දැනගන්නවා (ටැම්ප බේ) සබ්මැරීනය සතුරු ප්‍රහාරයකින් ගිලිලා කියල. මේ අතරෙ (ආකන්සෝ) සබ්මැරීනයටත් රුසියානු සබ්මැරීනයක් වන (වොල්කෝ) ප්‍රහාරක සබ්මැරීනයෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා. කොහොමින් හරි ඒ ප්‍රහාරයන් වළක්වාගෙන (ආකන්සෝ) සබ්මැරීනයෙන් ඒ රුසියානු සබ්මැරීනය විනාශ කරල දානවා. ඒ සටනින් පස්සෙ ඔවුන් දැනගන්නවා අභ්‍යන්තර කඩාකප්පල්කාරී ක්‍රියාවකින් (කොනැක්) සබ්මැරීනයත් විනාශවෙලා බව. ඒත් (කොනැක්) සබ්මැරීනය ඇතුළෙ තාමත් පිරිසක් කොටුවෙලා ඉන්නව කියල ඔවුන් දැනගන්නවා. ඉතින් සෙසු යාත්‍රිකයින්ගේ විරෝධය නොසලකා ජෝ ග්ලාස් කපිතාන් වරයා (කොනැක්) සබ්මැරීනයේ ඉන්න පිරිසව මුදවා ගන්නවා. මේ මුදවාගන්න පිරිස අතරෙ කොනැක් සබ්මැරීනයේ කපිතාන් ඇන්ඩ්‍රොපොත්ඉන්නවා.
මේ සිද්දවුණු හා සිද්දවෙන සිදුවීම් දිහා විමසිල්ලෙන් බලන ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ නිළදාරිණියක් වන නෝක්විස්ට්දැනගන්නවා මේ අහඹු සිදුවීම් පෙල එකිනෙකට සම්බන්ධයි කියල. ඉතින් නෝක්විස්ට්ගේ ඉල්ලීමට අනුව පෙන්ටගන් කාර්‍යාලයේ සේවය කරන ජෝන් ෆික්ස් අද්මිරාල්වරයා කෝලා පෙනිසියුලා වල ජනාධිපති සකාරින් කරන්නෙ මොනවද කියල දැනගන්න රහසිගත හමුදා කණ්ඩායමක් රුසියාවට පිටත් කරල යවනවා. මේ අතරෙ ආරක්ෂක ඇමතිව මුණගැහෙන්න පොලියානි නාවික කඳවුරට ගිය රුසියානු ජනාධිපති සකාරින් අසනීප තත්වයෙන් පසුවන බව ඔහුගේ ඉහළ නිළදාරීන්ට දැනුම් දීල ආරක්ෂක ඇමති ඩුරොව් ජනාධිපතිව ප්‍රාණ ඇපකරුවෙක් විදිහට රඳවා ගන්නවා.නෝක්විස්ට්ගේ ඉල්ලීම මත පොලියානි නාවික හමුදා කඳවුර ගැන ඔත්තු බලන්න ගිය හමුදා කණ්ඩයමෙන් ලැබුණු තොරතුරු අනුව ඇමෙරිකානු බළදාරීන් දැනගන්නවා මේ සිදුවීම් හැම එකක්ම සැලසුම් සහගත කුමන්ත්‍රණයක කොටසක් බව. ආරක්ෂක ඇමති ඩුරොව් මේ කුමන්ත්‍රණය දියත් කරන්නෙ ජනාධිපතිගේ බලතල ඔහු යටතට අරන් ඇමෙරිකාව හා රුසියාව අතර තුන්වැනි ලෝක යුද්ධයක් පටන්ගැනීමේ අරමුණ ඇතුවයි. ඩුරොව් ඇමෙරිකානු නාවික හමුදාවත් එක්ක සටනට රුසියානු නාවික බළඇණිය සතු සබ්මැරීන වගෙම උපරිම වෙඩි බලයක් සහිත (යෙව්චෙන්කෝ) නැවත් සූදානම් කරනවා. ඉතින් ඩුරොව්ට මුහුණදෙන්න ඇමෙරිකානු ජනාධිපතිතුමියගේ නියෝග මත ඇමෙරිකානු නාවික බළඇණියත් රුසියාවට පිටත් කරල යවනවා. මේ අතරෙ මේ කුමන්ත්‍රණය නවත්තන්න පුළුවන් එකම පුද්ගලයා, ඒ කිව්වෙ රුසියානු ජනාධිපතිව බේරගන්නත් ඇමෙරිකානු බළධාරීන් පියවර අරගන්නවා.
ජනාධිපති සකාරින්ව පොලියානි කඳවුරෙන් මුදාවාගැනීමේ අභියෝගය බාරවෙන්නෙ කමාන්ඩර් බීමන්ගේ නායකත්වය යටතේ පොලියානි කඳවුරේ ඔත්තු බලන්න ගිය හමුදා සෙබළු හතර දෙනාටයි. ඔවුන් ජනාධිපතිව මුදවා ගත්තට පස්සෙ ජනාධිපති සකාරින්ව ආපහු මොස්කව් වලට රැගෙන යාමේ වගකීම බාරවෙන්නෙ (ටැම්ප බේ) සබ්මැරීනය සෙවීමේ අරමුණින් ගිය (ආකන්සෝ) සබ්මැරීනයටයි. (ආකන්සෝ) සබ්මැරීනයට බාරවෙන මේ රාජකාරිය ලේසි පහසු එකක් නම් නෙවෙයි. මොකද කිව්වොත් පොලියානි කඳවුර ආසන්නයට යනවා කියන්නෙ සියදිවි හානි කරගන්නවා වගේ වැඩක්. රුසියානු නාවික බළඇණිය පොලියානි කඳවුර ආසන්න මුහුදු සීමාවට වගෙම මුහුද යටත් උපරිම ආරක්ෂාවක් යොදවලයි තියෙන්නෙ. ඉතින් ඩුරොව් ඇමතියාගේ සැබෑ අරමුණ ගැන වගෙම ඒකෙන් සිද්දවෙන පල විපාක ගැන පැහැදිලි කරල දීල (කොනැක්) සබ්මැරීනයේ හිටපු කපිතාන් ඇන්ඩ්‍රොපෝගේ සහයෝගය මේ මෙහෙයුමට ලබාගන්න ජෝ ග්ලාස් කපිතාන්වරයාට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඇන්ඩ්‍රොපෝගේ සහයෝගයත් එක්ක (ආකන්සෝ) සබ්මැරීනය මුහුදු බෝම්බ, ශබ්ද සංවේදක වගේ දැඩි ආරක්ෂක උපක්‍රම භාවිතා කරමින් ආරක්ෂා කරල තියෙන මුහුදු කලාපයක් හරහා ජනාධිපති සකාරින්ව මුදවාගැනීමේ අරමුණින් පොලියානි නාවික කඳවුර ආසන්නයට යාත්‍රා කිරීම ආරම්භ කරනවා. මේ අතරෙ පොලියානි කඳවුර ආසන්නයේ ඉන්න බීමන් ඇතුළු සෙබළු හතරදෙනාත් රුසියානු ජනාධිපතිව ඩුරොව්ගේ ග්‍රහණයෙන් මුදවාගැනීමේ මෙහෙයුම පටන්ගන්නවා.
එහෙනම් ජෝ ග්ලාස්ගේ නායකත්වයෙන් යුත් (ආකන්සෝ) සබ්මැරීනය වගෙම බීමන්ගේ නායකත්වයෙන් යුත් සෙබළු කණ්ඩායම රුසියානු ජනාධිපතිව මුදවාගෙන ඩුරොව් ඇමතිගේ කුමන්ත්‍රණයට තිත තියන්නෙ කොහොමද යන වග පුරා මිනිත්තු 122ක කාලයක් පුරාවට දිගහැරෙන ත්‍රාසය හා කුතුහලයෙන් පිරි යුධමය සිනමාපටයක අත්දැකීම විඳගන්නා අතරේ නරඹන ප්‍රේක්ෂක ඔබට දැකගන්න ලැබේවි.
XO, What’s Better, To Be Right Or To Be Alive?
★★May We Meet Again★★
★★අපි නැවත හමුවේවි★★

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
41,866 downloadsDownload Hunter-Killer-2018-BluRay.zip136 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
258 comments
oshanda
උදයංග සම්පත් හතරසිංහ
අඩේ මෙන්න මේකා පනහ ගහල. සෑහෙන කල් අරගෙන හිමින් සීරුවේ ආපු ගමනක්. කොහොමහරි පළවෙනි කඩයිමට සුබ පැතුම් මගෙ මිත්‍රයා.. මෙහෙම හෙමින් යන්නෙ නැතුව ඉක්මනට 100 ගහමු නේ. බයිස්කෝප් තුළින් හමුවුණු හූවක දුර ඉන්න තව නියම යාළුවෙක්. මාවත් මතක් කරල තියෙනව. ගොඩක් ස්තූතියි ඒකට. උඹ කියනව වගේ "සියල්ල දෛවයයි..!" ජය වේවා..!
Praneeth priyadarshana
Tks n congrtz bro
vas0303
Congrats Bro........ Keep it up, Thank you very much for the sub
Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ravindu Rukshan
කෝමහරි හිමින් සීරුවේ 50 ගැහුවනේ
50 වෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම්
මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
ඒවගේම සබ් එකටත් තුති බ්ලුරේ එනකම් ඉන්නෝ මේ වගේ පහරක් නැරඹීම සඳහා.....Nilush Angana
Sub ekata thanx
කවිශල් රසින්ත (කවී)
ආ මෙන්න 50වැනි උපසිරැසියත් අරගෙන ඇවිල්ලා නේ.... ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ පලවෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් අයියේ.. බයිස්කෝප් පවුලේ මට හම්බවුන සුපිරිම චරිතයක් තමා.අපේ ගමට අල්ලපු ගමේ ඉන්නේ කියලා ලගදි දැනගත්තේ. මටත් ලොකු හයියක් ලග පාත කෙනෙක් ඉන්න එක. ඉතින් ඒනම් 100 කඩයිමටත් බොහොම ඉක්මනින් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථානා කරනවා. 50 වැනි සබ් එක ටිකක් පරක්කු උනාට මොකද සුපිරිම ෆිලුමක් නේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම උපසිරසියට බොහොම ස්තූතියි. බ්ලූරේ තමා බැලෙන්නේ...ලිපියත් නියමයි වචන දෙකක් නෑ. ජය වේවා....
C.R.Jayalath
ලිපියනම් සුපිරියි ඉසුරු අයියේ. මාවත් මතක් කලාට තැන්කූ වේවා. ඒ වගේම
50වන උපසිරසියට උණුසුම් සුබ පැතුම්
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
50වෙනි කඩ ඉමට උණුසුම් සුබ පැතුම්.
බලන් හිටපු චිත්‍රපටයක්.
ජයෙන් ජය.දමිත් රත්නායක
පට්ටම ලිපියක් කෙව. කියවලා බැලුවමයි තේරුනේ තොච්චර විස්තරාත්මක ලිපියක්ද කියලා.
හැමෝම ලිපිය කියවලා ෆිලුම බැලුවානම් හොඳ රසවින්දනයක් ගන්න පුලුවන් බව නම්
අකුරටම කියන්න පුලුවන්.
ආයෙමත් ස්තුතියි මේ පට්ට ලිපියට සහෝ.
ජය.
Prabodha Madhusankha Hettiarachchi
50th nirmanayata apage unusum suba pathummm...
IrajAsela
thanks
Amila Pathum
sub ekata thanks bro...and congratulation for 50th subtitle....cheers....!
S.K. Ruchiranga
50weni sub ekat suba pathum!!!
එල්.සී. දමැල්
50ට සුභ පැතුම්.
M.W. Dilhani
Lipiya hondai. Film eke kathawa kiyala tiyenawa wadi. Anthima tikath kiwanam download krnna yana data ituru karaganna tibuna. Ochchara wisthara kiwama monwd balanna ituru wenne? Sub ekt thanks
ඉසුරු සම්පත් සිරිසේන
අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි. චිත්‍රපටයේ කතාවට මූලික වුණු කරුණු ගැන පැහැදිලි කරා මිසක් මෙතන ලොකුවට spoil කිරීමක් කරල නම් නැහැ. දැන් ඔයා කියන විදිහට ඔය ප්‍රශ්නෙට තියෙන්නෙ එක විසඳුමයි, ෆිල්ම් එක අරන් අග ටික විතරක් බලන්න. එතකොට ගැටළුවක් ඇතිවෙන එකක් නැහැ.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම 50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම්..මෙතැනින් නොනැවතී ඉදිරියටත් උපසිරස කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..තවත් උපසිරසකින් හමුවෙමු..බුදුසරණයි....ජය වෙවා!!!
AyeshDushmantha
Thank you
albus98
කියල වැඩක් නෑ
ඒ කාලෙ dvd ගන්න විසි කරපු සල්ලි
මතක් වෙනකොටත් නිකන් මොකද්ද වගේ
..සමහර ඒවයෙ එක තැටියෙ ෆිල්ම් 8 ක් තිබුන ඒවත් තිබ්බද කොහෙද......
පට්‍ටම ලිපියක්
තෑන්ක්ස්ශසිත් සඳරුවන්
50 වන උපසිරැසි නිර්මාණයට සුභපැතුම් මචෝ..
මාවත් මතක් වෙලා නෙහ්. :P
පුලුවන් විදිහට ඉදිරියටත් උපසිරැසි අරන් වරෙන් ඈ...
පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සබටත් බොහොම තුති කිව්වා. මේක බලන්න නම් වෙබ් කොපියක්වත් එනකල් ඉන්න ඕන.
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!rockz2020
♥♥♥♥ Thanks සහෝ ♥♥♥♥
♥♥♥♥♥ ජයවේවා! ♥♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥
-
♥BuyBust (2018)
-
♥Bad Cat (2016)
♥The Little Vampire 3D (2017)
♥Luis & the Aliens (2018)ishan1653
Tks a lot..
Hemantha De Silva
සුභ පැතුම් ඉසුරු 50 වෙනි උපසිරැසියට.
තවත් උපසිරැසි දෙන්නට කාලය හැකියාව ලැබේවා.
ඒ වගේම ස්තුතියි.. ලොකු විස්තරයකුත එක්ක දීපු උසිරැසියට.Thisara Neo
හදවතින්ම සුබපැතුම් මචෝ පළවෙනි කඩයිම වෙනුවෙන්... මේ තරම් දුර එන්නට බයිස්කෝප් අඩවියට හඳුන්වාදෙන්න ලැබීම ගැන සතුටුයි... මාවත් මතක් කරාට තුති... කයල තියෙනවා වගේ නතර වෙන්නනම් එපා හෙමීට මේ ගමන යන්න ජය පතනවා.... ඊළඟ කඩයිමත් ජයගන්න උත්සහ කරන්න...
එහෙනම් ඊළඟ සබ් එකෙන් හමුවෙමු.... ජයවේවා
#Hail_Hydra
kdelshan
ptta store eka macho
Bobby
Tank you very much Isuru
luckysun
supiri saho supiri baiscope.lk this my life great freind my learning you letter submarine ok next challange thanks fully
malinda shayaman
new movies ..RARBG Torrents
malinda shayaman
tnx broo
hasalazoysa1
superb
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
50 වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා
ජයආසිරි ප්‍රියන්ත
හම්බෝ ලියුමේ දිග,
ලියුම කියවපු වෙලාවේ මට "තල"ගෙ ඇල්ලු අර්ජුනගේ, විජේගේ ෆිල්ම් දෙක තුනක්ම බලන්න තිබ්බ.
50 ස වෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් මල්ලියේ, ඔයාගේ සබ කීපයක්ම බලලා තියෙනවා, ආයේ සුපිරියටම තියෙනවා.
එහෙනම් මෙතනින් නවතින්න එපා, අපි වගේ අඩුගානේ සතියකට එකක්වත් දීගෙන ඉන්න බලන්න, 100 ට 200 ට යමු ඔයවිදියට.
මේ ෆිල්ම් එක දැන් ගන්නේ නෑ, හොඳ කොපියක් ආවම ගන්නවා, හාඩ් සබ එක්ක බලන්න අප්පිරියයි.
එහෙනම් ජයවේවා!!ak
Supiri lipiya.Godak hod wistharayak thiyenne.Sub eka thanks.May wage supiri film ekak balanna nam web-dl ekakwath enakam enna one.50weni kadaemata subapathum.Good luck!
ak
Sub ekata thanks.
gihan perera
ස්තුතියි සහෝ...පට්ට හැඳින්වීම...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...50 ට උණුසුම් සුභ පැතූමි.....
Jack
නියමයි මචෝ...
ලිපිය නම් පට්ටයි මචන්.
50 වෙනි කඩයිමට මගෙනුත් සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු.
ජයෙන් ජය...Kulanjana Maduranga
well done...Hat off respect bro....great work & lot of thanks saho.....wish u'r great future.....
hsaranga656
Chinese නෙමෙයී korean sub තියෙන්නේ
ඉසුරු සම්පත් සිරිසේන
එහෙමද? කොරියන් වුණත් හාඩ් සබ් එකක්නෙ. මම කොපියේ හාඩ් සබ් එකක් තියෙනවා කියල ලිපියෙ දාල තියෙන නිසා ඔයා කියපු කාරණේ අදාළ වෙන එකක් නැහැ. කොහොම වුණත් චයිනීස්, කොරියන් වෙන්කරල දෙන්න මහන්සි වුණාට බොහොම ස්තුතියි.
Anjana ariyasingha
ඇත්තටම එහෙම තේරැම් දාපු එක ගොඩක් වටිනව. කෙටි වචනවලින් කිව්වට අපි දන්නෑ ඒ මොනාද කියල. මන් ෆිල්ම් එක pause කරල ඒව කියෙව්වෙ.. සම(හරක්) අය ඒකෙ වරදක් දකින්නෙ ඇයි කියල හිතාගන්න බෑ. ෆිල්ම් එක හරියට රසවිදින්නනම් හරියටම තේරැම් අරන් බලන්න ඕනි. හොදටම උපසිරැසිය දීල තියෙනව අයියෙ. දිගටම යමු
Ayesh Prashan
Thank You... 50ta subhama subha pathum.. br ekakma balano
Ayesh Prashan
Thank You.. 50ta subhama subha pathum.. br ekakma balano
Kanchaka
Thanks bro............Patta
PuBuDuMadubhaShana
Tnq bro!!!
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි ඉසුරු සහෝ....
ලිපියනම් හරිම ලස්සනට ගලපලා ලියලා තියෙනවා.
දිගටම මේ වගේ උපසිරැසි ගේන්න ශක්තිය ලැබේවා.
පළමු කඩඉමට උණුසුම් සුභ පැතුම්....!!!
ජය වේවා...!!! :DTiger zinda
Niyamai thanks !!!
thilz
Congratulations .ලිපිය nam super.keep it up n thank u
palithadesilva
thank you...
ushan
subapathum oyata
Menaka Kariyawasam
Film eka baluwa patta machan...sahenna dewal tikak igena gaththa uba dala thiyana wisthara walin
sumithwickramarachchi
thanks
sahanJP
#Fantastic_beasts_2 සබ් එකත් ඕනි බ්‍රෝ.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hunter Killer (2018) Sinhala Subtitles | තෙවැනි ලෝක සංග්‍රාමයක් අභියස සිදු කළ මහ සයුරේ වික්‍රමය..! [සිංහල උපසිරසි සමඟ] (50*)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/11/Hunter-Killer2018-1.jpg)

මුලින්ම සුභ පතනව සහෝ...ඒ වගේම සබ් 50ක් කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි ..දිග ලිපියකුත් දාල තියෙනව... ස්තූතියි ..