Watch Trailer

I Still Know What You Did Last Summer (1998) | ගිම්හානයේ අඳුරු සෙවනැළි නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

මමත් හැමදාම baiscopelk වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ගන්න නිසා මටත් හිතුණා හොඳ චිත්‍රපටියකට උපසිරසි දාන්න ඕන කියලා. ඉතින් මම ඒක කරන්න පටන් ගත්තම තමා තේරුණේ එහෙම උපසිරසි දාන එක කොච්චර අමාරු, කොච්චර කැපවීමකින් කරන්න ඕන වැඩක් ද කියලා. එත් ඉතින් මම කොහොම හරි පටන් ගත්ත වැඩේ මට පුළුවන් උපරිමයෙන් ඉවර කරා. ම…

I still know what you did in last summer 1998

මමත් හැමදාම baiscopelk වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ගන්න නිසා මටත් හිතුණා හොඳ චිත්‍රපටියකට උපසිරසි දාන්න ඕන කියලා. ඉතින් මම ඒක කරන්න පටන් ගත්තම තමා තේරුණේ එහෙම උපසිරසි දාන එක කොච්චර අමාරු, කොච්චර කැපවීමකින් කරන්න ඕන වැඩක් ද කියලා. එත් ඉතින් මම කොහොම හරි පටන් ගත්ත වැඩේ මට පුළුවන් උපරිමයෙන් ඉවර කරා. මට මේ ෆිල්ම් එකට සබ් දාල ඉවර උණාට පස්සේ තමා තේරුණේ ඔයාලා අපිට දෙන comments අපිට කොච්චර වටිනවද කියලා. ඇත්තටම ඒවා අපිව තවත් සබ් නිර්මාණය කරන්න උනන්දු කරවනවා. ඒක නිසා මම ඉල්ලා සිටින්නේ ඔයාලා ගන්න හැම සබ් එකකටම අඩුම ගානේ එක comment එකක් වත් දාන්න කියලා. ඇත්තටම ඒක අපේ සබ් නිර්මාණය කරන සහෝදර සහෝදරියෝ තවත් දිරිමත් කරන්න ඉවහල් වෙනවා.

අපි එහෙනම් මේ ෆිල්ම් එක දිහාට හැරෙමු. මට මේ ෆිල්ම් එක ගැන ආශාවක් ඇති උණේ මේකේ මුල් කොටස වූ I Know What You Did In Last Summer (1997) ෆිල්ම් එක බැලුවට පස්සෙ. ඇත්තටම ටිකක් පරණ උණාට ඒක ඕනෑම අලුත් ෆිල්ම් එකක් එක්ක උණත් කරට කර තරඟ කරන්න පුළුවන් ෆිල්ම් එකක්. මම දැන් උපසිරස දෙන දෙවෙනි කොටසත් පට්ටම ෆිල්ම් එකක්. මුල ඉදන් අග වෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතුව අසාවෙන් බලන්න පුළුවන්. මුල් එක බලලා තියනවා නම් මේක ගොඩක් හොඳට තේරේවි. ඒක බලලා නැති උණත් මේක රස විඳින්න නම් බාධාවක් නැහැ. අපි දැන් කතාව දිහාට ටිකක් හැරෙමු.

මුල් කොටසේදී Ben Wilson, Helan වයි Barryවයි මැරුවනේ. ඉතින් මේ කොටසේ ඉන්නේ ජුලීයි, Rayයි විතරයි. තව Will, Kerala සහ Ty කියලා චරිත තුනකුත් මේ ෆිල්ම් එකට එකතු වෙනවා. ඉතින් ජුලිගේ යාළුවා kerala ට Bahamas වල Tower Bay කියන දුපතට චාරිකාවක් නොමිලේ යන්න අවස්ථාවක් උදා වෙනවා. ඉතින් මේ චාරිකාවට Kerala,Juli,Will සහ Ty එකතු වෙනවා. නමුත් Rey ට යන්න වෙන්නේ නැහැ. මොකද කියලා ෆිල්ම් එක බලලම දැන ගන්නකො. Ben Wilson ජුලිව මරන්න ඒවිද? නැත්නම් ජුලිට Bahamas වල චාරිකාව සතුටින් ගත කරන්න පුළුවන් වේවිද? Reyට මොකද වෙන්නේ? මේ ඔක්කොටම උත්තර ෆිල්ම් එක බලලම දැන ගන්න කියලා මම ආරාධනා කරනවා. මේක අනිවාර්යෙන්ම බලන්න ඕන ලස්සනම ලස්සන, හොඳ කතාවක් තියන ෆිල්ම් එකක්.

මේ මගේ මුල් සබ් එක නිසා ගොඩක් අඩුපාඩු ඇති. නමුත් මම මගේ උපරිම ශක්තිය යොදවලා සබ් එක හැදුවා. මගේ වැරදි වලට සමා වෙලා, මේ ෆිල්ම් එක බලලා comment එකකකුත් දාල යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේකේ මුල් කොටසට සබ් දීලා , දෙවැනි කොටසට සබ් දෙන්න මට උනන්දුවක් ඇති කළ නිරෝෂන් හේවගේ සහෝදරයාට මගේ ස්තුතිය පුද කරනවා. ස්තුතියි.

I Still Know What You Did Last Summer (1998) on IMDb

 

 

650 MB කොපිය මෙතනින් බාගන්න

A5A6065ADC91CD494C01C493D93817ADBDC35769 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

769 downloadsDownload I.Still_.Know_.W.u.D.L.S.1998.baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/IsharaW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉෂාර වෙත්තසිංහ

Subtitles

769 downloadsDownload Subtitles31 KB

38 comments

  1. Chami

    Thanks macho....

  2. සංක

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට මම මේකෙ 1 නි එක බැලුව. 2 නි එකත් හොඳ ඇති. දිගටම මේ වගේ උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියල කියනව.මම ද 1 ට කමෙන්ට් කරල තියෙන්නෙ?

    1. Saketha Pulasthi

      ‍:yes:මේ‍කේ ‍ප‍ළ‍වෙ‍නි ‍එ‍ක‍නම්‍ ‍ම‍ම ‍බ‍ල‍ලා ‍නෑ. ‍ඒ‍කත්‍ ‍එ‍හෙ‍නම්‍ ‍දැන්‍ ‍බාන්‍‍න ‍ඕ‍න. ‍ප‍ළ‍වෙ‍නි උපසිරසි‍ය ‍කිව්‍‍වා ‍නේ‍ද ? ‍සු‍බ ‍පැ‍තුම්‍ :D

  3. Mayura Suraj

    Jaya wewa kolla..! 3 weni ekatath dendo.

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    පලවෙනි සබට සුබ පැතුම් සහෝ. සාදරයෙන් පිලිගන්වා.!

  5. ediri

    ela ela..onna bewoo

  6. හර්ෂ ලහිරු

    එලකිරි සහො 1නම් සුප්පා :P මේකත් ඒවගේම ඇති කියලා හිතනවා
    බොහොම ස්තුතියි පලවෙනි සබට :D :D ජයවේවා

  7. jack

    බොහෝම ස්තුතියි සහෝ..

  8. Thushara

    මම මේ ෆිල්ම් සෙට් එකම කලින් බලලා තියෙනවා. දැන් සිංහල සබ් එක්ක ආයෙත් බලන්ඩ පුලුවන්. පලවෙනි සුබ් එකට සුබ පැතුම් මචෝ

  9. “චූටී මල්ලි”

    එලස්
    තවත් සබ් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය................

  10. tharanga

    ela ela............thkz machan

  11. Amil

    Thanks Machan...

  12. Isu DP

    Niyami.... Thawath Aluth Sagayek...
    Thankzz 'Ishara' Sahooo Subata....
    Supiri Movies Gemu Ikmanin...
    Digatama Demu..
    Jaya Wewa !!!! :-) :-)

  13. niroshan

    මේකත් දීපු එක නම් ගොඩක් හොදයි ඉශාර. මෙහෙට වහිනවා. උදෙන්ම ඔයාගෙ සබ් අරගෙන මේක ආපහු පාරක් බැලුවා. කම්මැලි කමක් නැතුව ඉවර වෙනකම්ම බලන්න පුලුවන් ච්ත්‍රපටියක්නෙ. සබ් එක ගොඩක් හොදට කරල තියෙනවා වගේ. ඔයාගෙ email එක සබ් එකට දාපු එක හොදයි. කැමතිනම් අපි දෙන්න එකතු වෙලා තව චිත්‍රපටියකට සබ් කරමු වෙලාව තියෙන විදියට. මම ඔයාට email එකක් එවන්නම්.

    1. ඉෂාර

      comment එකට ස්තුතියි නිරෝෂන්. හරි අපි එකතු වෙලා ෆිල්ම් එකකට සබ් දාමු. එහෙනම් මට email එකක් එවන්න.

  14. Saman Prasad ( Black Panther )

    thanks saho

  15. නලින්

    ස්තුතියි ඉෂාර සහෝ!

    ජය වේවා!

  16. ඊශා

    පළමු උපසිරැසියට සුබ පැතුම්.. මේ වගේ ඒව බලන්නෙ නම් නෑ ..ඒත් ස්තූතියි ..

  17. Pramuk

    Thanxxx

  18. Mihiraj

    Thanks, එළකිරි ජයවේවා!

  19. රොයිලි

    බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  20. ගමයා

    මේකේ පලවෙනි එක බලලා නැති වුනත් දැන් බලන්න හිතුනා.
    ඕන් බෑවා.....
    සබට තුති!

  21. ඉෂාර

    Comments දැම්ම හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉස්සරහට තවත් හොඳ ෆිල්ම්ස් වලට සබ් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මම සබ් දෙන්න ගොඩක් ආස හින්දි ෆිල්ම් එකක් තියනවා. මම එකේ ටොරන්ට් එකක් සෙවුවා. නමුත් ලැබුනේ නැහැ. කාට හරි පුළුවන් නම් මට සොයලා දෙන්න "mere papa the great (2000)" ෆිල්ම් එකේ ටොරන්ට් එක. ජය වේවා.

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      mere papa the great (2000) කියල ෆිල්ම් එකක් IMDb වල පෙන්වන්නේ නැහැ සහෝ නැහැ සහෝ
      Papa the Great (2000) කියල එකක් තමයි තියෙන්නේ. නමුත් ටොරන්ට් හොයාගන්න නැහැ.

    2. ඉෂාර

      ඒ ෆිල්ම් එක ගැන සොයල බැලුවට ගොඩක් ස්තූතියි දිමුතු සහෝ. ඔව් ඒ ෆිල්ම් එක ගොඩක් නම් වලින් තියනවා. ඒක ගොඩක් හොඳ ෆිල්ම් එකක්.

  22. ඉෂාර

    ඒ ෆිල්ම් එක ගැන සොයල බැලුවට ගොඩක් ස්තූතියි දිමුතු සහෝ. ඔව් ඒ ෆිල්ම් එක ගොඩක් නම් වලින් තියනවා. ඒක ගොඩක් හොඳ ෆිල්ම් එකක්.

  23. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks

  24. gihan

    පළමු උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍

  25. ඉෂාර

    Thank you so much Kulanjana and Gihan.

  26. HS J Hettiwaththa

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට මම මේකෙ 1 නි එක බැලුව. 2 නි එකත් හොඳ ඇති.

  27. HS J Hettiwaththa

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට

  28. ඉෂාර වෙත්තසිංහ

    මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි.......

  29. namal

    කරුණාකර උපසිරැසි යොදන විට සිනමා කෘතියට හානියක් නොවෙන ආකාරයෙන් උපසිරැසි යොදන්න.

    1. ඉෂාර වෙත්තසිංහ

      මොකක්ද මම සිනමා කෘතියට කර තිබෙන හානිය???????

  30. venuka

    thanks macho

  31. ඉෂාර වෙත්තසිංහ

    මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි……

  32. P.K

    Thanx saho...Best of luck..

  33. Ashka Lakshan

    උපසිරසියට බොහොම ස්තූතියි! වඩේ දිගටම කරන් යමු. ජය!