IF (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම… ඔන්න එහෙනම් අළුත්ම ෆිල්ම් එකක් අරගෙන මේ පැත්තට ආවා. ඔයාලා දැනටම දන්නවනේ මේ මොකක්ද කියලා. නම දැක්කම පොඩි අමුත්තක් වගේ දැනෙන්නත් ඇති නේද මොකද මේ චිත්‍රපටයට යොදාගෙන තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට අයත් If වචනය නෙමෙයි. Imaginary Friend කියන තේරුම දෙන කෙටි යෙදුම තම…
IF (2024) Sinhala Subtitles
ආයුබෝවන් හැමෝටම… ඔන්න එහෙනම් අළුත්ම ෆිල්ම් එකක් අරගෙන මේ පැත්තට ආවා. ඔයාලා දැනටම දන්නවනේ මේ මොකක්ද කියලා. නම දැක්කම පොඩි අමුත්තක් වගේ දැනෙන්නත් ඇති නේද මොකද මේ චිත්‍රපටයට යොදාගෙන තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට අයත් If වචනය නෙමෙයි. Imaginary Friend කියන තේරුම දෙන කෙටි යෙදුම තමයි මේ තියෙන්නේ. ඉතින් Imaginary Friend එහෙමත් නැත්තම් IF කියන්නේ සිතින් මවාගන්න යාළුවෙක්ට. ඔබත් මමත් ඇතුළු ගොඩක් අයට මෙහෙම කෙනෙක් ඉඳලා නෑ කිව්වොත්නම් ඒක බොරුවක්. ඉතිං එහෙනම් මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ මොනවගේ දෙයක්ද කියලා ඔයාලට දැන් දළ අදහසක් ඇති. ඒ වගේම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ගැනත් සඳහන් නොකරම බෑ. හොලිවුඩයේ ප්‍රකට නළුවෙක් වන එමෙන්ම A Quiet Place (2018), A Quiet Place Part II (2020) කියන සුපිරි සිනමාපට දෙක අධ්‍යක්ෂනය කරපු John Krasinski තමයි මේ සලරුවෙත් අධ්‍යක්ෂවරයා වෙන්නේ. ඔහු මොනවගේ දක්ෂයෙක්ද බව ඔයාලා දනටමත් දන්න බව මට විශ්වාසයි. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ චිත්‍රපටය පැත්තට යමු.
මේ ලෝකේ යාළුවෙක් නැති කෙනෙක්ව පෙන්නන්න කිව්වොත් ඒක කරන්න පුළුවන් දෙයක්ද? මොකද අපි හැමෝටම අඩුම ගාණෙ එක යාළුවෙක් හරි ඉන්නවා. සමහර අයගේ යාළුවෝ තමන්ගේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, අසල්වැසියෝ නැත්තම් සතෙක් වෙන්නත් පුළුවන්. නමුත් මෙහෙම යාළුවෝ යාළුවෝ නැති අයත් මේ ලෝකේ ඉන්න පුළුවන්. එයාලගේ එකම යාළුවෝ වෙන්නේ සිතින් මවා ගත්ත යාළුවෝ එහෙමත් නැත්තම් Imaginary Friendsලා තමයි. ඉතින් පොඩි ළමයි මෙහෙම මවාගත්ත යාළුවෝ කියන IFලා ඇත්තටම නිර්මාණය උන දෙයක් නම් මේ ලමයි වයසින් වැඩිලා IFලව අමතක උනාම එයාලට මොනවා වෙයිද? බී කියන්නේ පොඩි කාලේම එයාගේ අම්මා නැති වෙලා තාත්තත් අසනීපයෙන් රෝහල් ගත වෙලා ඉන්න වෙලාවක තමන්ගේ ආච්චි අම්මා එක්ක තනියම ඉන්න ගෑණු ළමයෙක්. ඉතිං දවසක් එයාට මේ ළමයි ලොකු වෙලා අමතක කරලා දාපු IFලා කණ්ඩායමක් මුණගැහෙනවා. මෙහෙම දෙයක් ගැන බී විශ්වාස නොකලත් පස්සේ මේ IFලගේ කතා අහලා එයාලට උදව් කරන්න බී ඉදිරිපත් වෙනවා. ඉතිං මේ IFලව බීටම හම්බෙන්නේ ඇයි? එයාලට උදව් කරන්න බීට පුළුවන් වෙයිද?
IF (2024) චිත්‍රපටය මේ වෙද්දි 6.6ක IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Fantacy/ Comedy යන කාණ්ඩයන්ට තමයි මෙම චිත්‍රපටය අයත් වෙන්නේ. කලින් කිව්වා වගේම මේ චිත්‍රපටයේ කතාව, තිර රචනය වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ John Krasinski විසින්. හොලිවුඩ් සුපිරි නළු ඒ වගේම හැමෝම දන්න විදියට ඩෙඩ්පූල් රංගන ශිල්පි Ryan Reynolds මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා. එයත් එක්ක Fiona Shaw, John Krasinski, Cailey Fleming රංගන දායකත්වය සපයනවා. ඒ වගේම IFලා විදියට Steve Carell, Phoebe Waller-Bridge, Louis Gossett Jr, Awkwafina, Emily Blunt, George Clooney, Bradley Cooper, Matt Damon යන සුප්‍රසිද්ධ රංගන ශිල්පියන් රැසක් තම හඬ දායකත්වයත් ලබා දීලා තියෙනවා. ඒ වගේම Deadpool 2 චිත්‍රපටයේ වැනිෂර් ලෙස කැමියෝ එකක් කරපු Brad Pittගේ නමින් මේ චිත්‍රපටයෙත් කීත් කියන අදෘශ්‍යමාන IFව නම් කරලා තිබීමත් විශේෂත්වයක්. ඩොලර් මිලියන 176කට ආසන්න බොක්ස් ඔෆීස් වාර්තාවක් තබන්න හැකිවුන මේ චිත්‍රපටය පැරමවුන්ට් ආයතනය තමයි ලොව පුරා බෙදා හැරලා තිබෙන්නෙ. එහෙනම් ෆිලුම ගැන කිව්ව විස්තර ඇති කියලා හිතනවා. ඉතිං යන්න හදන වෙලාවේ ඔයාලගෙන් නැවතත් ඉල්ලන්නේ පුංචි හරි කොමෙන්ටුවක් දාගෙන කියලා විතරයි. ඒ වගේම මට මේ ෆිලුම වෙන්කරලා දුන්න සනූප මල්ලිටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් සුපුරුදු විදියට තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!
IF (2024) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,568 downloadsDownload IF-2024-Sinhala-Subtitles.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
IF (2024) Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Awkwafina
- #Bradley Cooper
- #Cailey Fleming
- #Editor's Pick
- #Emily Blunt
- #Fiona Shaw
- #George Clooney
- #IF
- #IF (2024)
- #IF (2024) Sinhala Sub
- #IF (2024) Sinhala Subtitles
- #John Krasinski
- #Louis Gossett Jr.
- #Matt Damon
- #Must Watch
- #Offbeat
- #Phoebe Waller-Bridge
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steve Carell
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika Lakmal
Sahan Gayantha
Thanks a lot Yuran saho sub ekata
Kevin D...
Thanks...
Dhananjaya
Chucky session 3 sinhala sub දෙන්න පුළුවන් ද
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජයවේවා!
Sumindu Maduranga
බොහොම ස්තූතියි සහෝ...
Anonymous
"ඉතිං යන්න හදන වෙලාවේ ඔයාලගෙන් නැවතත් ඉල්ලන්නේ පුංචි හරි කොමෙන්ටුවක් දාගෙන කියලා විතරයි." අඩෝ.. පපුවට නිකන් මොකක්ද වෙලා ගියා බන් ඒ වචන ටිකට. මොනතරම් අහිංසක සතුටක්ද උබලා ගන්නේ ලොකු මහන්සියක් වෙලා. උබත් කාගේ හරි If කෙනෙක් වෙන්න ඇති බන්. Thank u. ❤️
Asanga kb
sub ekata bohoma sthuthi..
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි මචං ඔයාගේ මහන්සියටයි මේ සබටයි........
ජයමවේවා......