Watch Trailer

Poomaram (2018) Sinhala Subtitles | මලින් පිරි වෘක්ෂය [සිංහල උපසිරසි සමඟ]

“යමුද කලා උත්සවයක් බලන්න. නිකංම කලා උත්සවයක් නෙවෙයි කේරළයේ කොලේජ් 300ක් විතර සහභාගී වෙන, පුරා දවස් 5ක් පැවැත්වෙන, ගායනය, වාදනය, නර්තන, කථන, රචනා, අභිරූපන, අනුකරණ, ඡායාරූපකරනය, පෝස්‍ටර් නිර්මාණය ආදී එකී මෙකී හැමදේම තියෙන විශාල උත්සවයක්” 1983, Action Hero Biju ආදී මලයාලම් නිර්මාණ බලලා තියෙනවද? ඒවා අධ…

“යමුද කලා උත්සවයක් බලන්න. නිකංම කලා උත්සවයක් නෙවෙයි කේරළයේ කොලේජ් 300ක් විතර සහභාගී වෙන, පුරා දවස් 5ක් පැවැත්වෙන, ගායනය, වාදනය, නර්තන, කථන, රචනා, අභිරූපන, අනුකරණ, ඡායාරූපකරනය, පෝස්‍ටර් නිර්මාණය ආදී එකී මෙකී හැමදේම තියෙන විශාල උත්සවයක්”

1983, Action Hero Biju ආදී මලයාලම් නිර්මාණ බලලා තියෙනවද? ඒවා අධ්‍යක්ෂණය කරපු Abrid Shine තමා මේකත් අධ්‍යක්ෂණය කරේ. ඔහුගේ නිර්මාණවල තියෙන විශේෂත්වය තමා ඒවා අතිශය තාත්වික නැත්නම් ස්වාභාවික නිර්මාණ වීම. ඒ කාරණය මේ නිර්මාණයටත් පොදුයි. ඇත්තටම මේ කලා උත්සවය අවුරුදු පතා කේරළයේ එර්නාකුලම්වල පවත්වනවා. 2016 වසරේ පැවැත් වූ ඒ උළෙල ආශ්‍රිත කරගෙනයි මෙය නිපදවෙන්නේ.

Poomram කියන්නේ කොලේජ් එහෙම නැත්තම් අපිට තේරෙන විදියට කිව්වොත් කැම්පස් ෆිල්ම් එකක්. වසරක් පාසා පැවැත්වෙන මේ කලා උළෙලට මේ ළමයි කොහොමද ලෑස්ති වෙන්නේ, කොහොමද තරඟ කරන්නේ, කොහොමද පරාජයන් බාරගන්නේ, කොහොමද දිනන්නේ…මේ හැමදේම තියෙනවා.

තමන්ගේ පාසල් කාලේ නැත්තම් විශ්වවිද්‍යාල කාලේ මෙහෙම කලා උත්සවයකට එකපාරක් හෝ සහභාගී වෙලා තියෙනවා නම්, ඒ මතක අලුත් කරගන්න මේක පිටුවහලක් වේවි. ෆිල්ම් එකක් බලනවා කියලා නම් දැනෙන එකක් නෑ…කලා උත්සවයක් ඇතුලේ ඉන්නවා වගේ හැඟීමක් දැනේවි.

ඒ වගේම කියන්න ඕනේ මේක musical/drama ෆිල්ම් එකක්. ඒ කිව්වේ සිංදුම තමා වැඩිපුර තියෙන්නේ. විකිපීඩියා වලට අනුව නම් ගීත 11ක් තියෙනවලු. ඒත් ගීත 15කට වඩා උපසිරැසිකරනය කරන්න සිද්ධ වුනා. මෙහි ඇතුලත් Poomram නම් ගීතය යූටියුබයේ මිලියන 25කට වඩා නරඹා ඇති අතර, කේරළයේ අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා.

මෙහි රඟපාන අය ගැන කිව්වොත් ප්‍රධාන චරිතය කරන්නේ ප්‍රවීණ මලයාලම් නලුවෙක් වන Jayaram ගේ පුතා Kalidas Jayaram. මේ ඔහුගේ පළමු මලයාලම් චිත්‍රපටයයි.

සෙසු ප්‍රධාන චරිතය කරන්නේ Neeta Pillai. ඇයත් නවක නිලියක්. මේ චිත්‍රපටියේ සිටින අනිකුත් බොහෝ අය නලු නිලියන් නෙවේ. ඇත්තම විශ්වවිද්‍යාල ළමයි. අධ්‍යක්ෂකවරයා විශ්වවිද්‍යාල ගණනාවකට ගිහින් මෙහි රඟපාන්න කැමති සිසුන්ව තෝරගත් බවයි පැවසෙන්නේ.

මෙහි අධ්‍යක්ෂකවරයා එක අවස්ථාවක කියනවා, “එක්කෝ ඔබ මේ චිත්‍රපටයට පිස්සු වැටෙයි, නැත්තම් ආසම නැති වේවි. අතරමැද අවස්ථා නෑ කියලා” ඒ කතාවේ ඇත්ත නැත්ත බලන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. එහෙනම් ඔබටත් ආරාධනා කරනවා මේ කලා උත්සවය බලන්න එන්න කියලා.

ස්තූතියි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි ORIGINAL HQ DVD පිටපත සඳහා වලංගු වේ.

3,319 downloadsDownload Poomaram-2018.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,319 downloadsDownload Subtitles72 KB

34 comments

  1. malithmadhushan45

    බොහොම ස්තුතියි සබ් එකට

    1. Nethini123

      බොහොම ස්තූතියි

  2. මයුර

    ස්තූතියි නෙතිනි..
    ජය වේවා!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    Forensic ෆිල්ම් එක ඇවිල්ලා නේද සබ් ලැබෙයිද ඉක්මනටම ;)

    1. Nethini123

      බොහොම ස්තූතියි
      ඒකටත් බයිස්කෝප් එකෙන් ඉක්මනටම සබ් ලැබේවි

  4. deshan

    supiri digatama malayalam ewa denna jaya wewa

    1. Nethini123

      බොහොම ස්තූතියි

  5. indika75

    thanks..

    1. Nethini123

      බොහොම ස්තූතියි

  6. Subhashini88

    සබ් එකට ගොඩක් ස්තුතියි. ඔයා මං කැමතිම සබ් කරන කෙනෙක්. මං සබ් කරපු porinju Mariyam Jose film එකට post එකක් ඔයා මලයාලම් group එකේ දාලා තිබුණා. ඒක දැක්කම ගොඩාක් සතුටු හිතුනා. ඒකට thanks.

    1. Nethini123

      බොහොම ස්තූතියි

  7. Hemantha De Silva

    ස්තුතියි නෙතිනි...
    නිදුක් නිරෝගී සුව ලැබේවා....!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  8. රංගික සිනෙත්

    නෙතිනි කලොත් සුපිරියක්මම තමා. මග හැරුණු ෆට්ටම ෆිලුමක් .ජයින් ජයම වීවා නෙතිනි . බෝම ස්තුතියිිි ...

    1. Nethini123

      බොහොම ස්තූතියි

  9. Anonymous

    torrent eka nadda

    1. Nethini123

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිය් එක බලන්න

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nethini123

      බොහොම ස්තූතියි

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  12. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...!!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  13. Lalani Maduwanthi

    Thank you

    1. Nethini123

      බොහොම ස්තූතියි

  14. Kavinu

    නියමෙටම කරලා තියෙනවා සබ! විශේෂයෙන්ම සිංදු ටිකට...
    ෆිල්ම් එක බැලුවට පස්සේ හිතුණෙ, මේ වගේ තැන්වලින් එහෙ උන් කොච්චර නම් ජීවිතේ විඳිනවද කියලා!
    ජය වේවා'
    හැකි නම් මන්ජුගේ Mohanlal (2018) ෆිලුමටත් සබ ගේමු!

    1. Nethini123

      බොහොම ස්තූතියි මල්ලි

  15. Anonymous

    Thanks bro

    1. Nethini123

      බොහොම ස්තූතියි

  16. dilhani

    thank you so much sis

    1. Nethini123

      බොහොම ස්තූතියි

  17. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

    1. Nethini123

      බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.