හැමදෙනාටම ආයුබෝවන්! පලවෙනි සබ් එක කරල දවස් 12 කට විතර පස්සෙ මගෙ දෙවෙනි සබ් එකත් අරගෙන තමයි අද අවේ. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක මට දුන්න හසන්ත සහෝදරයට. ඒ වගේම පලවෙනි සබ් එකේ අඩු පාඩු පෙන්නල දුන්න චාමර සහෝටත් ස්තූතියි. මේ සැරේ නම් ඒ අඩු පාඩු ඔක්කොම වගේ හදාගෙන තමයි ආවේ. ඉතිං වැඩිය […]

හැමදෙනාටම ආයුබෝවන්! පලවෙනි සබ් එක කරල දවස් 12 කට විතර පස්සෙ මගෙ දෙවෙනි සබ් එකත් අරගෙන තමයි අද අවේ. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක මට දුන්න හසන්ත සහෝදරයට. ඒ වගේම පලවෙනි සබ් එකේ අඩු පාඩු පෙන්නල දුන්න චාමර සහෝටත් ස්තූතියි. මේ සැරේ නම් ඒ අඩු පාඩු ඔක්කොම වගේ හදාගෙන තමයි ආවේ. ඉතිං වැඩිය කතා බතා නැතුව කෙලින්ම ෆිල්ම් එක පැත්තට යන්නම්. මේ ෆිලුමේ කතාව ගෙතෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වටා. හැබැයි මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ටිකක් වෙනස් එකක්. මොකද මේකෙ ඉන්නෙ ගගන ගාමියො නෙමෙයි, හිරකාරයෝ! එහෙම කොහොමද වෙන්නේ? එහෙම වෙන්නෙ මොකද මේක අතාඇරලා දාපු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිසා. දැන් ඒක පාවිච්චි කරන්නෙ පෘථිවියෙ තියෙන දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක ප්‍රධාන සාමාජිකයින් 6 දෙනෙක්ව රදවගෙන ප්‍රශ්න කරන හිරගෙදරක් විදිහට. මුන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඒ සංවිධානයේ නායකයා කවුද, ඌ ඉන්නෙ කොහෙද කියලා දැනගන්නයි. ප්‍රශ්න කරන විදිහ ඉතිං ඔයාලා දන්නවනේ.. හැබැයි අවුරුදු 5 ක් තිස්සෙ කොච්චර වධ වේදනා වලට ලක් උනත් මුං නෙමෙයි කටක් හොල්ලන්නෙ. ඒ නිසා ඇමෙරිකාවෙන් මේ ගැන බලන්න විශේෂ විමර්ශකයො කණ්ඩායමක් එවනවා. අවාසනාවන්ත විදිහට මේ එක විමර්ශන නිළධාරියෙක් අතින් වෙන් වැරැද්දක් නිසා හිරකාරයෝ සෙට් එකම හිරෙන් එලියට පනිනවා. පැන්නයි කියලා කොහෙ යන්නද, ඉන්නෙ අභ්‍යවකාශෙනෙ. වැඩේ කියන්නෙ හිරෙන් එලියට පැන්නට පස්සෙ තමයි උන් සෙට් එක දැනගන්නෙ උන් ඉන්නෙ අභ්‍යවකාශයේ කියලා. දැන් මේ හිරකාරයො
ටික පිස්සු පීකුතු වෙලා දගලද්දි අර විමර්ශන නිළධාරියො ටික මුන්ව යටත් කරගන්න දගලනවා. ඒ අස්සෙ මේ හිරකාරයො අමුතු ගේමක් ගහනවා. ඒ මේ මධ්‍යස්ථානේ පෘථිවියට කඩා වැටෙන්න සලස්වලා මහා විනාශයක් කරන එක. ඉතිං අර විමර්ශන කණ්ඩායමට තමනුත් බේරිලා, පෘථිවියත් බේරගෙන, නැවතත් පෘථිවියට එන්න අවස්ථාවක් ලැබෙයිද?
මං එතනින් නවතිනවා. හැබැයි තාම ඉවර නෑ. දැන් කියන්න යන්නෙ අර විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා ගැන. ඒ තමා රයිසර්! රයිසර් කියන්නෙ අපි හැමෝම දන්න ස්කොට් ඇඩ්කින්ස්ට! Boyka Undisputed movie series එකෙන් එක ෆිලුමක් හරි බලල තියෙන හැමෝම දන්නවනෙ ස්කොට් අයියගෙ වැඩකෑලි ගැන. මේකෙත් ඉන්නෙ ඒ ස්කොට් අයියම තමයි! හැබැයි කිව්වට තරහා වෙන්න නම් එපා, මේ ෆිල්ම් එකේ අන්තිමට මෙයා මැරෙනවා. ඒත් ඒක ඛේදාන්විත අවසානයකුත් නෙමේ. දැන් එතකොට ස්කොට් අයියා මැරෙනවලු, හැබැයි ඛේදාන්විත අවසානයකුත් නෙමෙයිලු! ඒ මොන මගුලක්ද? මට ඒක මෙහෙම කියන්න පුලුවන්, මේ ෆිල්ම් එකට තියෙන්නේ අපි හීනෙකින්වත් හිතන්නෙ නැති, අමුතුම විදිහක අවසානයක්! ඉතිං ඒ අවසානය හොදයිද නැද්ද කියන එක මේ ෆිල්ම් එක බලන ඔයාලම තීරණය කරන්න. අදට එපමණයි. ඊලග උපසිරැසියත් අරගෙන හැකි ඉක්මනටම එනවා. මේ සබ් එක ඩවුන්ලෝඩ් කරත් නොකරත් මේ ලිපිය කියවපු හැමෝටම ඒ වෙනුවෙන් ස්තූතියි! පුලුවන් නම් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සප්තක අර්ථසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සප්තක අර්ථසාද්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
89 comments
dimithri
Sulakshana Thilakarathna
bohoma isthuthi saho jaya wewa obata!!!
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi saho sub ekataa. Jaya wewa.....!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Pradeep Pasqual
Thanks for the sub..!!
Gathsara Umesh
Spoil kla wedy kiylth hithenawa film eka gana...kohom hri wewa bhoom sthuuthiyi upasiresiyt....nayawewa...
thumi
thanks
shehan weerasinghe
Thanks bro !
cns
Tnx saho sub ekata...
Ayesh Prashan
Thank You
Sandaru laksitha
(පලවෙනි වතාවට කොම් එකක් දාන්නේ)❤️ එල එල මචන්ලා දිගටම කරගෙන යමූ❤️ ජය ✌
Bilshan
nice work bro.puluwannam description eke IMDB Ratings danna.thanks bro
Randi
උපසිරැසියට බොහෝම ස්තුතියි
dsdkavishka
Thenks saho
gihan perera
Thanks bro...good job and well done...keep continue it...see soon...god bless you...
SanjulaJeter
Thanks bro!
jaani
thank you bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!priyan99
thanks saho sub ekata
thilz
thanqqw 4 the sub
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!JF6996
Thank you bro.
Amila Mudalige
සබ් එකට බොහොම ස්තූතියි!!!
rangika Kariyawasam
බෝම ස්තුතීයි සහෝ.දිගටම සබි දෙන්න
Kanchaka
Thanks Bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSuranjan
Thanks machan.......jayawewa.......!
Menake Edirisinghe
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
ඉදිරියටත් තවත් අපූරු සිනමා නිර්මාණ වලට වගෙම කතාමාලා වලටත් උපසිරසි ලබාදෙන්න හැකිවෙන්න කියල සුබපතනවා…!!
෴෴ඔබට ජය෴෴nuwanjayasooriya7
ela soho degatama sab denna
Chathuranga Udayakantha
Thanks......
oshanda
සබ් එකට බොහොම ස්තූතියි!!!
jstar
brilliant work bro thanks a lot more
AsithaDilruwan
ela saho thanks
Milinda Perera
jaya wewa sahodaraya
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Amila Roshan
Me post eka nam baluwa witarai danma sub ekai film ekai gannawa
sub ekata thanks sahoo....
jaya wewaAyeshDushmantha
Thanks bro
Vihanga sathsara
thanksss machi sub ekata
rasachim
ala macho
gnjchuty
ස්තුතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. ස්කොට් ඇඩ්කින්ස්ගේ ෆිලුමක් මිස් කරගන්න බෑනේ කොහොමත්. අනිවා බලන්න ඕනි.. ජය වේවා! බුදුසරණයි..!
Tharindu Rashan
sub ekata thanks saho
Nadeesha rox alahakoon
Tnx bro. Meke sub aka anakan balan hitiye filuma balanna.
Mevandhanushka
Thanks
malith
ELa ela
HARSHANA9211
Thanks....
lahiru sadaruvan
thank you so much brother
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mahimaweerapperuma
Thanks bro
Kc
thnks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තැන්කු තැන්කු සහෝ... ඔන්න බෑව....