“කෙනෙක් ගෙන් රුපියල් පනහක්..! සීයක්..! ගන්න එක මහ ලොකු වැරැද්දක්ද..?” “මම කරන්නේ මේ වැරැද්දක් නෙවෙයි කියලා හිතෙන තරමටම උඹලට පගා ගහන එක පුරුද්දට ගිහින්..! කවුද පගා ගහන් නැත්තේ හැමෝම ගන්න එකනේ සීයක් පනහක් ගත්තා කියලා ආයේ මොනව නැතිවෙන්නද..? උඹ ඔහොම පගාව ගත්තම උඹගේ යටතේ ඉන්න උනුන් ඒකම කරනවා. ඊට පස්සේ ක…

“කෙනෙක් ගෙන් රුපියල් පනහක්..! සීයක්..!
ගන්න එක මහ ලොකු වැරැද්දක්ද..?”

“මම කරන්නේ මේ වැරැද්දක් නෙවෙයි කියලා හිතෙන තරමටම උඹලට පගා ගහන එක පුරුද්දට ගිහින්..!

කවුද පගා ගහන් නැත්තේ හැමෝම ගන්න එකනේ සීයක් පනහක් ගත්තා කියලා ආයේ මොනව නැතිවෙන්නද..?

උඹ ඔහොම පගාව ගත්තම උඹගේ යටතේ ඉන්න උනුන් ඒකම කරනවා. ඊට පස්සේ කාටවත්ම පේන්නේ නැතිව අල්ලස දූෂණය පිළිකාවක් වගේ රටපුරාම පැතිරෙනවා.

මම ගොවිතැන් කරනවා කිව්වේ ඒකයි අල්ලස දූෂණය කියන පිළිකාවෙන් රටම ටිකින් ටික වල් වැදිලා ගිහින් තියෙන්නේ..!

ඉතින් ගොවිතැන් කරන්න කලින් ඒ වල් පැල ගලවලා දාන්න ඕන.

මම දැන් මේ කරන්නේ ඒක..!

වැරැද්දක් වෙන්නේ කොතනද මම අනිවාර්යයෙන් එතෙන්ට එනවා.

මම ඉන්දියන්..!”

අල්ලස, දූෂණය නැත්තන් පගාව මේ දේවල් වල ආසියාතික රටවල් අතරින් ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව. රටක දියුණුවට හානි කරන මාරාන්තික පිළිකාවක් බඳුවු මේ අල්ලස හා දූෂණය ඉහල තරාතිරමේ සිටින අයගේ සිට පහලම මට්ටමේ සිටින රාජ්‍ය සේවකයන් සියලුම දෙනා සිදුකරන ලොකුම වරදක්..! ඒ වගේම තමයි තමන්ගේ විවිධ කාර්‍යයන් පහසුවෙන් මෙන්ම නීතීවිරෝධිව කෙටි ක්‍රමයන් වලින් සිදුකරගන්නට අල්ලස් දෙන සියලුම පුද්ගලයිනුත් මෙතනදි වරදකරුවන් වෙනවා. පගාව දුන්නත් වැරදි .! පගාව ගත්තත් වැරදි.! විශේෂයෙන්ම ඉතාමත් කණගාටුවෙන් සඳහන් කරන්න ඕන තවත් කාරණාවක් තමයි. මේ කතාව අදාල වෙන්නේ ඉන්දියාවට විතරක් නම් නෙවෙයි. අපේ රටෙත් බහුලව අල්ලස් ගන්න අය ඉන්නවා.ඒක ඔබ අප කවුරුත් හොඳින්ම දන්න දෙයක්. අල්ලස දූෂණය නැති වෙන්නේ කවද්ද එදාට ඒ රට දියුණුවේ හිණිපෙත්තටම යන එක කාටවත්ම නවත්තන්න බෑ.

සුභම දවසක් වේවා බයිකෝප් සහදෘයිනි.! වෙනදා වගේම අදත් මම ආවේ තවත් දමිළ සිනමාපටයකට සිංහල උපසිරැසියකුත් අරගෙන.! හැබැයි මේ චිත්‍රපටය දමිළ භාෂාවෙන් වගේම හිංදි භාෂාවෙන් හඬ කවපු එකත් ඉස්සර මට මතක විදියට ස්වාධීන රූපවාහිනීයේ කිහිප වතාවක් විකාශනය කරා. ඉතින් ඒ කාලේ මේ චිත්‍රපටය බලපු නොබලපු හැමෝම වෙනුවෙන් මේ සිනමා පටයට සිංහල උපසිරැසි ගන්නලා මේ හදිසියේම අරන් එන්න විශේෂ හේතුව උනේ මේ චිත්‍රපටයේ දෙවැන්නක් එලඹෙන වසරේදි නිර්මාණය කර තිරගත කරන බව මෙහි අධ්‍යක්ෂකවරයා වන ශංකර් විසින් පැවසීම නිසා..! ඉතින් දෙවෙනි කොටස බලන්න කලින් පලවෙනි කොටස බලන්න අවශ්‍ය වෙන නිසා වගේම කලින් බලපු අයට මතකය ආවර්ජනය කරගන්නත් එක්කම සිංහල උපසිරැසි හදලා අරන් ආවා.

දමිළ සිනමා රසිකයෝ වගේම ඉන්දීය සිනමා රසිකයෝ කවුරුත් හොඳින් දන්න දමිළ සිනමා අධ්‍යක්ෂකවරයෙක් තමයි S.ශංකර් .! ඔහු නිර්මාණය කරපු සිනමා පට වල තියෙන විශේෂත්වය තමයි කවදාවත් නිර්මාණය කරන කාලයේ තිබෙන රැල්ලට අනුව ඔහුගේ චිත්‍රපට නිර්මාණය නොකිරීම. මේ ගැන දමිළ සිනමා රසිකයෝ බොහොමයක් දෙනා හොඳට දන්නවා. මුහුණ පොතේ තිබුණු මම දැකපු එක්තරා ලිපියක තිබුණ විදියටම කියනවනම්. ශංකර් කියන්නේ තමන් නිර්මාණයක් කරන වකවානුවට වඩා සෑහෙන්න වෙනස් විදියේ තේමාවන්ගේ චිත්‍රපට නිර්මාණය කරනවා වගේම ඔහු පවතින කාලයට වඩා නිතරම පියවර ගණනාවක් ඉදිරියෙන් ඉන්න අධ්‍යක්ෂකවරයෙක්..! S. ශංකර් ගේ නිර්මාණ අතර 2.O 2018, I 2015 වගේ සිනමාපට බලලා තියෙනවනම්. 1996 වසරේ නිමැවූන මේ චිත්‍රපටයත් බලපුවම ඔබටත් ඒ බව වැටහෙයි.

Ulaga Nayagan Kamal Hassan විසින් ඔහුගේ රංගන ප්‍රතිභාව මනා ලෙස මේ චිත්‍රපටය හරහා ඉදිරිපත් කර තිබෙන බව විශේෂ කාරණාවක්. ඔහු මේ සිනමාපටයේ දී තරුණයකු ලෙසින් හා අවුරුදු 70 හැවිරිදි මහල්ලකුගේ චරිතයද දක්ෂ ලෙස ඔහු රඟදක්වනවා.එම චරිතයන් දෙකටම ඔහු උපරිම සාධාරණයක් නොපිරිහෙලා ඉටු කර තිබෙන බව නම් ඒකාන්තයි.IMDb හි ඡන්ද 9092 කින් ලකුණු 8.1 ක අගයක් ද මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා.

චිත්‍රපටය සඳහා ලැබුනු ප්‍රේක්ෂක අදහස් කිහිපයක් ..

කතාව ගැන මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ 1996 වසරේ තිරගත කල මෙය හිංදි බසින්ද හඬ කවා තිරගත කර තිබෙනවා. Kamal Hassan,Manesha,Urmila යන නලු නිලියන් ප්‍රදාන චරිතයන් හොබවන A.R Rahaman ගේ මියුරු සංගීතයෙන් හැඩවි තිබෙන මේ චිත්‍රපටය 1996 එකක් උනාට අද කාලෙටත් ගැලපෙන මේ කතාව අනිවාර්යයෙන් නැරැඹීය යුතු එකක් බව ඔබට යෝජනා කරමින් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

(මේ චිත්‍රපටය Youtube අඩවියෙහි තිබෙන පිටපතෙහි 720p පිටපතට ගැලපෙන ආකාරයට උපසිරැසි නිර්මාණය කර ඇත. 480p පිටපත සඳහා උපසිරැසි නොගැලපෙන බව කරුණාවෙන් සලකන්න. Baiscopedownload හි තිබෙන පිටපත හෝ Youtube අඩවියේ 720p පිටපත් පමණක් බාගත කරගන්න.)

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි YouTube පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,621 downloadsDownload Indian-1999.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

3,621 downloadsDownload Subtitles80 KB

22 comments

  1. jagath55

    Thanks

    1. හසිත මධුෂාන්

      සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

    2. Udaya Saman

      තරිදු අයියේ බොහොම තුති උපසිරසියට.ඔන්න බෑවා..ඒත් බැලුව මොකද මේ පාර පරණ එකක් අත ගහලා කියලා......ජය...ජය

  2. geeganagamage

    බොහොම ස්තුතියි මමත් පොඩි කාලේ ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් . පරණ වුනත් සුපිරිම ෆිල්ම් එකක් මේක .

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...

  4. wajira

    Thanks for sub

  5. spd

    Thanks bro. one of ever best tamil movies...

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Thilee

    ආසම film 1k... ස්තූතියී සහෝ

  8. ඔෂද ධනංජය

    thanx saho..mokada dhanne ne parana ekak karanna hithune ?

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      ලිපියේ දෙවෙනි ඡේදය කියවලා බලන්න.!

  9. Krishan NiShalya

    බොහොම ස්තුති♥

    පරණ උනත් මගහරින්නේ නැති චිත්‍රපට මේවා

    Good Luck Bro ☺

  10. Udaya Saman

    උපසිරසියට බොහොම තුති අයියේ.මං ඒත් බැලුව මේ පරණ එක කරේ කව්ද කියලා,බලපිනම් අයියනේ...ජය ජය..

  11. indika75

    thanks..

  12. චාරුණි

    ඉස්කොලේ යන කාලේ ඉන්දියන් තාතා පිස්සුවක් තිබුනේ මට මතක විදියට මේ චිත්‍රපටයත් එක්ක සටනක් තිබුණේ අනිල් කපුර්ගේ මිස්ටර් ඉන්දියා චිත්‍රපටයට කමල් හසන් අද මේ චරිතයට ගැලපෙන වයසේ ඉන්නවා පුංචිම පුංචි කාලේ මතකයන් එක්ක ආයෙත් මේ කතාව බලන්න ලැබුන එක ලොකු පිනක් ඒ කාලේ තෙරෙන්නේ නැතිව අපි රුප රාමු වලින් එක එක අදහස් අරගෙන මේ කථාව බැලුවා ඒවා උපසිරසි එක්ක බලනකොට හිනා යනවා අපි හිතපු දෙවල් සහ ඇත්ත කථාව තෙරුම් ගන්නකොට
    ගොඩාක් ස්තුතියි තරිදු මල්ලි අපි පුංචිම කාලේ අසාම ෆිල්ම් එකක් ආයේ බලන්න ලැබුණා

  13. චාරුණි

    මෙකේ දෙවන චිත්‍රපටය මොන වගේ වෙයිද දන්නේ නෑ අවුරුදු 24කට පස්සේ මේ කථාව ලබන වසරට එනවා නම් ඉන්දියන් තාතා මැරිලා ඉන්න ඔනි එතකොට මේ කථාවේ එන දුෂ්ථයා ඒ කියන්නේ ඉන්දියන් තාතාගේ පුතා ඊලග කතාවේ විරයා වෙන්න ඔනි එහෙම නැතිනම් කථා නවත්වන තැන ඉදලා පටන් ගන්න ඔනි. හැබැයි එකක් මේ කථාවත් දෙවන කොටසත් එක්ක එපා වෙයිද දන්නේ නෑ මොකද ශංකරගේ රොබො ෆිල්ම් එකේ දෙවන කොටසින් පළමු කථාවත් එපා කරවලා තිබ්බා තව සාමි දෙවන කථාවේ ත්‍රීෂාගේ චරිතයට වෙන නිළියක් දාලා මෙලො රහක් නැති කථාවක් කරලා තිබ්බා

  14. sasenk

    Thnks.

  15. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති අයියේ...
    ආදර්ශමත් කතාවක් වගේ...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Chathuranga

    Meke download link eka weda nane

  18. Naleem

    Meyka utube ake dan tiyana awath akka match wenne na sub aka... ayema update karala denna...tamil mv thiyrnawa copy awata wath

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි.