ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න එහෙම නම් තවත් හින්දි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා මම. ඇත්තටම මෙම චිත්‍රපටයට උපසිරසි මට කරන්න ඕනා කියල හිතෙන්න එකම හේතුවයි තිබුනේ. ඒ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයේ තිබුන ගීතයක්. ඔව් Ole Ole කියන සුප්‍රසිද්ද හින්දි ගීතයේ Remake එක. 90 දශකය ඒ කියන්නේ හින්දි සිනමාවේ සංගීතමය ව…

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න එහෙම නම් තවත් හින්දි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා මම. ඇත්තටම මෙම චිත්‍රපටයට උපසිරසි මට කරන්න ඕනා කියල හිතෙන්න එකම හේතුවයි තිබුනේ. ඒ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයේ තිබුන ගීතයක්. ඔව් Ole Ole කියන සුප්‍රසිද්ද හින්දි ගීතයේ Remake එක. 90 දශකය ඒ කියන්නේ හින්දි සිනමාවේ සංගීතමය වශයෙන් උසස්ම තත්වයේ තිබුන කාලයේ ආව චිත්‍රපටයක් තමා Yeh Dillagi (1994) කියන්නේ. සායිෆ් අලි කාන් ගේ හය වන චිත්‍රපටය වුවත් ඔහු ජනප්‍රිය වූ චිත්‍රපටය. ඒවගේම එහි තිබු ගීතයක් තමා මේ Ole Ole කියන්නේ. අදටත් එය තමා ඔහුගේ ප්‍රසිද්දම නැටුම් අංගය ලෙස බාවිතා වෙන්නේ. ඒවගේම ඔහුව අනුකරණය කිරීමට උත්සාහ කරනා අය නිතරම බාවිතා කරන WOW (වාව්) වචනය අපිට පළමුවම ඇසෙන්නේත් මෙම චිත්‍රපටයේ. ඉතින් ඇත්තට අවුරුදු විසි පහකට පස්සේ එහි ඇති එම ගීතය සහ එම වචනය මෙම Jawaani Jaaneman (2020) චිත්‍රපටයට බාවිතා කරනවා. ඒකට ඇත්තටම හේතුවක් තියෙනවා.
මෙම චිත්‍රපටයේ හැටියට අවුරුදු 21 කට කලින් වෙච්ච සිදුවීමක් මුල් කරගෙන තමා චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ජෑස් චරිතයට පන පොවන සයිෆ් අලි කාන් ගේ ඒ කාලයට ආසන්නවම තමා මම ඉහත කි චිත්‍රපටය ගැලපෙන්නේ. Yeh Dillagi (1994) හි සිටි සෙල්ලක්කාරයා මැදි වයසේ මුහුණ දෙන සිදුවීම් සඳහා ගැලපීමට චිත්‍රපටයේ නිර්මාණය කල පිරිස සිතන්න ඇති. මේ එම Yeh Dillagi (1994) චිත්‍රපටයේ දෙවන කොටසක් නම් නෙවි. නමුත් එම සෙල්ලකාර සායිෆ් මතක් කිරීම මෙම චිත්‍රපටයට සුදුසු ලෙස හඳුන්වාදීමක් ලෙස මම ඒ Ole Ole ගීතය හඳුන්වනවා. ඇත්තටම මට නම් එය මතක් වුවා.
කොහොම හරි Comady ගනයේ චිත්‍රපටයක් වුවත් සුන්දර කතාවක් වගේම හැඟීම්බර කතාවක් සහිත මෙම චිත්‍රපටය දැන් ඔයාලට බලන්න අවස්ථාව තියේ සිංහල උපසිරසි සමගම. IMDb අගය 7.1 තරම් ඉහල අගයක් ගෙන තිබීම මගින් ඔයාලට මෙම චිත්‍රපටයේ ගුණාත්මක බාවය ගැන අදහසක් ගන්න හැකියි නේ.
කතාවේ හැටියට ජෑස් කියන්නේ සෙල්ලකාර තරුණයෙක්. තරුණයෙක් කීවට අවුරුදු 40+ තමා තරුණයෙක් කියල හිතන් ඉන්න කෙනෙක්. එකපාරටම ඔහුට හමුවෙනවා අවුරුදු 21 ක තරුණියක්. ඇය තමා අවුරුදු 21 කට කලින් ඔහු ගේ සංචාරයක් අතරතුර ඇතිවන පෙම් සම්බන්ධතාවක ප්‍රතිපලය. ඔව් තේරෙන්න කියානවා නම් සුළු වැරද්දකින් ඇතිවෙච්ච ඔහුගේ දියණිය. ඉතින් එකපාරට කඩන් පාත් වෙන්න මෙම දුව සමග ජිවිතේ තවත් අවුල් වෙන්නේ ඔහු එකපාරටම තාත්තා කෙනෙක් වගේම සියා කෙනෙකුත් වෙනවා කියල දැනගන්න ලැබීම. ඒකත් තේරුම් කරනවා නම් ඔහුට තම නොදුටු දියණිය හමුවෙනකොටත් ඇය ගැබ් අරගෙන. ඉතින් කොල්ලා කියල හිතන් ඉන්න අංකල් එකපාරට සියා කෙනෙක් උනාම මොනවද වෙන්නේ කියල තමා චිත්‍රපටයේ තියෙන්නේ. ආදරකතාවක් වගේම හිතන්නත් යමක් චිත්‍රපටයේ තියෙනවා බැලුවම ඔයාලට තේරේවි.
ඔන්න එහෙම නම් WEB කොපියක්ම අරගෙන ඇවිත් තියෙනවා. එන්න හැකි සුපිරිම කොපිය. ඉතින් ගෙදරටම වෙලා ඉන්න එකේ මේ චිත්‍රපටයත් බලන්න කියල ආරාධනා කරනවා.
ගිහින් එන්නම්. බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB DL පිටපත සඳහා අදාළ වේ.
16,708 downloadsDownload JAWAANI-JAANEMAN-2020.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
30 comments
Lakshan Madusha
SuMedha Sandun
සින්හල සබ් එක ඇතුව හෝ නැතුව සම්පුර්ණ ෆිල්ම් එකක් downloading කර ගන්න පුලුවන්ද
isuru srinath sjs
www. baiscopedownloads .co එකට යන්න.
SuMedha Sandun
Oya kiyapu web ekata gihin downloading kara ganna terenne ne mata.
Anonymous
Eke userdrive link ekata gihilla balanna
SuMedha Sandun
සින්හල සබ් එක ඇතුව හෝ නැතුව සම්පුර්ණ ෆිල්ම් එකක් downloading කර ගන්න පුලුවන්ද
Prabodha20
Sthuthi bro .
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට
Chaminda Lakruwan
ස්තුති සබ් එකට
Anonymous
supiri filumak bro, thanks sub eakata
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
කාලෙකින් නේද
ජයෙන් ජයම වේවා!Kaushalya Deshapriya
thanks macho
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
nuwanlankapriya
Thanks
sahangayantha
thanks a lot saho sub ekata
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. තව ඕන මේ වගේ ඒවා.. ජය වේවා !!
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Pramukmili
Thanxxxxxxxx bro.................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sachinnn
Bada allan hina wenna puluwn supiri filumak thamai ithin
R_deshan
හම්මේ good newwz එකට පස්සෙ ළඟදි බලපු පට්ටම හින්දි ෆිල්ම් එක...තෑන්ක්ස් සහෝ සබ් එකට
Achi
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි අසංක සහෝදරයා සිංහල පද පෙළට..ජයවේවා !!
Ravisara Dharmapala.
Bada allan hina una me filma eka baldi nm supiri movie ekk thnks bro sub ekta mahnsi wela niyama wadk krla tynwa thnks bro.
Poorna C
ade thanks bn <3 puluwannam dana hama film ekakma direct download denna
Jayasanka
ගොඩක් ස්තුතියි
D.Chamara
bohoma sthuthi ..
mindika
Thanks !!!!
JB
ela bn tnx,,jaya wewa
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jawaani Jaaneman (2020) with Sinhala Subtitles | අප්පොච්චියේ….. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/jawani-janeman-2020.jpg)
බොහොම ස්තූතියි sub එකට