2020 අලුත් අවුරුද්දට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේක තමා බයිස්කෝප් වෙබ් අඩ්වියෙන් නිකුත් වෙන මගේ පළවෙනි උපසිරසිය. ඉතින් අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම වැඩ පටන් ගත්තේ මේක හදන්න පටන් අරගෙන තමයි. ඉතින් මේක නම් අලුතෙන් ආපු සිනමා සිත්තමක් නෙමේ. ඒත් මේක අමතක කරන්න පුලුවන් ෆිල්ම් එකක් නම් නෙමේ. මේක…

2020 අලුත් අවුරුද්දට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේක තමා බයිස්කෝප් වෙබ් අඩ්වියෙන් නිකුත් වෙන මගේ පළවෙනි උපසිරසිය. ඉතින් අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම වැඩ පටන් ගත්තේ මේක හදන්න පටන් අරගෙන තමයි. ඉතින් මේක නම් අලුතෙන් ආපු සිනමා සිත්තමක් නෙමේ. ඒත් මේක අමතක කරන්න පුලුවන් ෆිල්ම් එකක් නම් නෙමේ. මේකට උපසිරසි හදන්න හිතුනු කාරණා 3 ක් තියනවා.

1.උපසිරසි හදන්න මටත් ලොකු ආසාවක් තිබුනට ඒකට හරියන ෆිල්ම් එකක් තිබුනේ නෑ
2.මේ ෆිල්ම් එකට 2019 වෙනකං කිසිම තැනක සිංහල උපසිරසියක් තිබුනේ නෑ
3.මේකේ රගපාන රැජ්නිකාන්ත් කියන්නේ මගේ ප්‍රියතම නළුවෙක් වීම

ඉතින් වැඩි කතා නැතුව අපි ෆිල්ම් එක ගැන බලමු. මේක 1995 ජනවාරි තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. IMBD මීටරේ 8.2 ක් වගේ ලොකු අගයකට කරකවන්න මේ සිනමා සිත්තම සමත් වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුරේෂ් ක්‍රිෂ්නා කියන අධ්‍යක්ෂකරවරයා විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ R.M.වීරප්පන් කියලා කෙනෙක් තමා. මේකේ නිෂ්පාදන පිරිවැය ඉන්දියන් රුපියල් මිලියන 100 ක් පමණ වෙනවා. මෙම සිනමාපටය තමිල්නාඩුවේ විතරක් ඉන්දියන් කෝටි 18.5 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියලා තියනවා. මෙහි මුලු බොක්ස් ඔෆිස් අගය ඉන්දියන් කෝටි 30 ක් පමණ වෙනවා. මිනිත්තු 144 පුරා දිවෙන මේ සිනමා සිත්තමේ ප්‍රධාන චරිත වලට රගපාන්නේ අපි කවුරුත් දන්න රැජිනිකාන්ත් (භාශා), නග්මා (ප්‍රියා), රඝුවරන් (ඇන්ටනී) තමයි. මේ සිනමාපටය තමා රන්ජන් රාමනායක රඟපාන “වන්-ෂොට්” සිනමා පටයට පාදක කරගෙන තියෙන්නේ..

මේකේ කතාව දිහාට හැරුනොත් මාණික්කම් කියලා ත්‍රීවිල් එලවන කෙනෙක් ඉන්නවා. මෙයාට මල්ලි කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. දවසක් මෙයාගේ මල්ලි නගරයේ ඉන්න ලොකු මැරයෙක් එක්ක රණ්ඩුවක් දා ගන්නවා. ඒ අතරේ මේ පලාතට අලුතෙන් එන පොලිස් අධිකාරී කෙනෙක් භාශා කියලා කෙනෙක් ගැන හොයනවා. ඉතින් මාණික්කම්ගේ මල්ලිට මොනවා වෙයිද..? පොලිස් මාමට භාශා කියන කෙනාව හම්බවෙයිද..? මාණික්කම්ටයි භාශාටයි මොකක්හරි සම්බන්ධයක් තියනවද..? මේ ප්‍රශ්න ටිකත් ඔබට ඉතුරු කරලා…, මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ සිනමා සිත්තම රස විදින්න කියලා..

සමහරවිට උපසිරසියේ අඩුපාඩු ඇති ඒවගේ දෙයක් දැක්කොත් ඒක ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න…

ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…

“ඔයාට දෙයක් කියන්නද”
“දෙවියන් වහන්සේ හොඳ මිනිස්සුන්ට නිතරම අමාරු අභියෝග දෙනවා”
“හැබැයි අමාරු වෙලාවේදී ලගින් ඉන්නවා”
“නරක මිනිස්සුන්ට උන්වහන්සේ ලේසි වැඩ දෙනවා”
“හැබැයි අමාරු වෙලාවෙදී අතඇරල දාලා යනවා”

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

4,817 downloadsDownload Baasha-1995.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,817 downloadsDownload Subtitles45 KB

24 comments

  1. Anonymous

    සුපිරිම ෆිල්ම් එකක් සහෝ. මේ වගේ පරණ ලස්සන ස්ටෝරි වලට තමා සිංහල උපසිරැසි දෙන්න ඕනෙ. අනිවා බලනව.

    1. Anonymous

      Thanks....
      Thawa film tikak kiyannako sub hadanna..

  2. Anonymous

    වෙල් කම් සහෝ. ඉදිරියටම යමු.

    1. Anonymous

      Thanks....

  3. punsara

    tnx sahoo old hit ekak dunnata

    1. Anonymous

      Elama....

  4. Anonymous

    මේවා නේ බඩු. ගොඩාක් ස්තුතියි

  5. isuru srinath sjs

    මරු .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

    1. Anonymous

      Thanks..

  6. GREENARROW

    Excellent Bro, Keep it Up !

  7. Praneeth

    වැඩි වැඩියෙන් රජිනිකාන්ත්ගේ පැරණි ච්ත්‍රපට ලබා දෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා..ජය වේවා....

    1. Anonymous

      Thibboth thawa film karalaa dennam...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      thanks aiyee....

  9. Pradeep

    Gimmick 2019 sinhala sub dannako yaluwane

  10. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට
    පුලුවන්නම් රජිනිකාන් ගේ පරන ෆිල්ම් වලට සබ් දෙන්න

    1. Supun

      Bro rajinige baba(2002) movie eke sub eka thiyenawada naththam karala dannako eka godak asawen hewuwa sub file ekak

  11. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  12. Asitha.pramoth

    බොහොම ස්තූතියි

    1. Udara Chinthaka

      ගොඩක් ස්තූතියි

  13. Deegayu Abeysekera

    hondama ekakata mulinma dunnu ekata dk stuti

    1. Anonymous

      එලම බ්‍රෝ....

  14. Dushan

    Good

  15. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි නිර්මාල් සහෝදරයා සිංහල උපසිරැසියට.. ඔබට ජය.....!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.