සුභ දවසක් හැමෝමටම. Nayaki (2016) ෆිලුමට උපසිරැසි ලබා දීලා පැය 24 ක් යන්න කලින්ම මගේ පස්වන උපසිරැසියත් අරගෙන ආවා [ 2016/11/09 ] – 10.20 PM. මේ වතාවෙ අරගෙන ආවෙ, දෛවය සහ ආදරය පදනම් කරගෙන නිර්මාණය වුණු, දකුණු ඉන්දීය සිනමා නළු Madhavan රඟන ලස්සන සලරුවක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Saran විසින් සහ සංගීත අධ්‍ය…

සුභ දවසක් හැමෝමටම. Nayaki (2016) ෆිලුමට උපසිරැසි ලබා දීලා පැය 24 ක් යන්න කලින්ම මගේ පස්වන උපසිරැසියත් අරගෙන ආවා [ 2016/11/09 ] – 10.20 PM. මේ වතාවෙ අරගෙන ආවෙ, දෛවය සහ ආදරය පදනම් කරගෙන නිර්මාණය වුණු, දකුණු ඉන්දීය සිනමා නළු Madhavan රඟන ලස්සන සලරුවක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Saran විසින් සහ සංගීත අධ්‍යක්ෂණය Bharathwaj විසින් සිදු කරලා තියෙනවා. 2003 නොවැම්බර් 14 වනදා තිරගත වීම ආරම්භ උනු මේ චිත්‍රපටිය Romance ගණයට අයත් වෙන අතර IMDB දර්ශකයේ 5.3 ක අගයක් ලබා ගැනීමටත් මේක සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි හැමෝම දන්න කියන, අපි හැමෝම ආදරය කරන, සරාගී ශ්‍රී ලාංකික නිළි Pooja Umashankar ඇතුලුව Priyanka Kothari, Manobala, Kalabhavan Mani, Delhi Ganesh, Thalaivasal Vijay හා Charlie යන අය මේ සඳහා තම රංඟනයෙන් දායක වෙනවා. මෙය 2001 දී තිරගතවුනු Serendipity කියන හොලිවූඩ් චිත්‍රපටියෙ ප්‍රතිනිර්මාණයක්.
අද නම්, කතාව ගැන ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. පොඩිම පොඩිම පොඩි විස්තරයක් කියන්නම්.මුලු චිත්‍රපටයම ගලාගෙන යන්නෙ දෛවය සහ ආදරය පදනම් කරගෙන. ඒ වගේම තුන්කොන් ප්‍රේමයක් වටා. ජේ ( Madhavan ) , ජමුනා ( Priyanka Kothari ) සහ සීමා ( Pooja Umashankar ) යන ප්‍රේම කිරිල්ලියන් දෙදෙනෙක් සහ එක් ප්‍රේම කුරුල්ලෙකුගේ ප්‍රේමණීය ජීවිතය සමඟ දෛවය කොහොමද සෙල්ලම් කරන්නෙ කියලා ඔයාලට මේකෙදි බලාගන්න පුලුවන්. චූටි චූටි ෆයිට් කෑලි කිහිපයක් ඇරුණම සම්පූර්ණ කතාවම රොමෑන්ටික් පැත්තට බරයි. ඒ වගේම සතුටුදායක විදියට තමා කතාවෙ අවසානය සිදුවෙන්නෙ. මම හිතන්නෙ මේ ටික ඇති නේ… ඉතුරු ටික එහෙනම් ඔයාලට බාරයි.එසේ නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම සමු ගන්නවා.තවත් මේ වගේ ලස්සන සලරුවකින් හම්බවෙමු.
~~~ ජය වේවා ~~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම DVD පිටපත් සඳහා අදාළ වේ.
1,106 downloadsDownload Jay.Jay_.2003.Baiscopelk.com_.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/AdithyaGimhana1-e1478653696352.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ආධිත්‍ය ගිම්හාන
Subtitles
12 comments
Adithya Gimhana
චරිත
සබට තුති. දීලා තියෙන ලින්ක් එකේ ෆිල්ම් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොටම සබ් දෙනවද?
Adithya Gimhana
ඉදිරියේදි ලබා දෙන්න උත්සාහ කරන්නම් සහෝ.
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Chami.S
Thanks...
Kulanjana Maduranga
niayamai…parana unath lassana filumak...thawa tamil film denn.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
thank you
Nipuna Udayanga
තෑන්ක්ස් මචන් !
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chinthaka Kapugamage
Jay Jay Download Karaganna Link 1k Deepallako Machanla...
TamilRockersla 1n Ganna BahaAdithya Gimhana
මේ කමෙන්ට් එකේ තියෙන නම ක්ලික් කරලා මගේ ෆේස්බුක් ගිණුමට ගියා නම්, ටොරන්ට් එක බා ගත කරන්න පුලුවන්.
ඩොක් අයියා
බොහොම ස්තුති මල්ලියෝ, හොඳ ලින්ක් එකක් හොයාගෙන ඩවුන්ලෝඩ් දාගෙන බලන්නම්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙම comment එකෙහි නම මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වීමෙන්
ලබා දී ඇති උපසිරැසියට ගැළපෙන පිටපත බා ගත කරන්න.