ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ නව වන උපසිරැසිය අරගෙන ආවා. මේ මම දුන්න සුපර් මෑන් කතා මාලාවේ තුන්වන කොටස. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කරන කාලයේදී තමා මේ චිත්‍රපට මාලාවට ගැටළු රැසකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ තමා ලොයිස් ලේන් චරිතය රඟපාන ලද Margot Kidder වැනි අය සමග චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කරන P…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ නව වන උපසිරැසිය අරගෙන ආවා. මේ මම දුන්න සුපර් මෑන් කතා මාලාවේ තුන්වන කොටස. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කරන කාලයේදී තමා මේ චිත්‍රපට මාලාවට ගැටළු රැසකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ තමා ලොයිස් ලේන් චරිතය රඟපාන ලද Margot Kidder වැනි අය සමග චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කරන Pierre Spengler මත ගැටුම් ඇති කර ගන්නේ. ඒ සුපර් මෑන් කතා තේමාවේ වෙනස් කම් සහ ඔහු අලුතින් මේ හා සමගාමිව නිර්මාණය කරන්න පටන් ගත්ත සුපර් ගර්ල් චිත්‍රපටයේ අන්තර්ගතය සම්බන්දයෙන්. මේ හින්දම ඔහු විසින් Margot ව චරිතයෙන් ඉවත් කරනවා. ඒ හින්ද තමා ඔයාලට මේ චිත්‍රපටයේ ලොයිස් ලේන් ගේ චරිතය ඉතාමත් සුළු කොටසකට පමණක් දක්නට ලැබෙන්නේ. කොහොම උනත් IMDb අගය 4.9 අරන් තියන මේ චිත්‍රපටය ඩොලර් මිලියන තිස් නවයක වියදමෙන් නිර්මාණය වී ඩොලර් මිලියන අසූවකට වැඩි අදායමක් අරගෙන තියනවා.
කතාව යන්නේ මෙට්‍රොපොලිස් නගරයෙන් පිටවෙලා පාසලේ හමුවකට ගම්පලාතට සුපර් මෑන් යාමත් එක්ක. ඒ අතරේ රෝස් වෙබ්ස්ටර් කියන පොහොසත් ව්‍යාපාරිකයෙක් පරිගණක ඉංජිනේරුවෙක් ගේ උපකාරය ඇතුව ලොව පොහොසත් වීමට උත්සාහ ගැනීමත් එයට එරෙහිවීම නිසා සුපර් මෑන්ට එරෙහිව කෘතිමව සාදන ලද ක්‍රිප්ටනයිට් යොදා ගැනීමත් ඇතුලත්. සුපුරුදු වීර ක්‍රියාවලින් ඉවත්වෙලා සුපර් මෑන් බොන්න පුරුදු වීම සහ වෙනත් නුසුදුසු ක්‍රියාවන් සිදුකිරීමත් පසුව කෙසේහෝ අවසානයේ රෝස් ව පරාද කිරීමත් තමා මේ චිත්‍රපටයේ දක්නට තියෙන්නේ. ඉතාලියේ ඇලවුනු පිසා කුලුන කෙලින් කිරීම වැනි දර්ශන ඇතුලත් ව තියන මේ චිත්‍රපටය එම කාලයේ තිබු උසස්ම තාක්ෂනය යොදාගෙන නිර්මාණය කරලා තියන හින්දා ඔයාලට කම්මැලි නැතුව බලන්න පුළුවන්.
මම ඊළඟට ඔයාලට අරගෙන එන්නේ මේ චිත්‍රපට මාලාවේ සුපර් මෑන් ට සමගාමිව නිර්මාණය උන සුපර් ගර්ල් චිත්‍රපටය. ඉතින් එකත් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. ඒ වගේම සුපුරුදු විදියට ඔයාලගේ අදහස් සහ යෝජනා කමෙන්ට් හරහා ලබාදෙන්න කියලත් කියනවා.
බුදු සරණයි…!
Superman (1978) | සුපිරි මිනිසා 1
Superman II (1980) | සුපිරි මිනිසා 2
Due to copyright issues, we do not provide any torrent links.
Superman.III.1983.720p.BrRip.264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
257 downloadsDownload Superman.III_.1983.Baiscopelk.com_.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
20 comments
Udara Damith B/K
Lahiru lakmal
Thanks for sub.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dipal
මේකට ගොඩක් ස්තුතියි. ලංකාවේ හදපු The Purple Plain ඉංගී්‍රීසි චිත්‍රපටයට sub දෙන්න. yts තියනව.
Web-බුවා
සබට ස්තූති සහෝ!
මේ පාර ටිකක් පරක්කු වුණේ වැඩ රාජකාරී නිසා වෙන්නැති මයේ හිතේ.
නැත්නම් අර කලින් post එකේ දී එකෙක් කියලා තිබ්බ "පලිගන්න වගේ සබ් දෙන්න එපා" කියපු හින්නද? ඒක එහෙම නම් ඒක පිස්සුවක් bro. එක එකා කිව්වට ඔබතුමා සබ් දෙන speed එක අඩු කරන්න ඕන නෑ.ජය!
අසංක ප්‍රදීප් රණතුංග
ඔව් සහෝ, මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි. තව සතියක් විතර එහෙම වේවි. ඒ උනත් මම මංසලේ ලිපි දිගටම දුන්නා. අර පලිගන්න කේස් එකට කියන්න තියෙන්නේ ඒ වගේ අයගෙන් පලි ගන්න තව සබ් වේගේ වැඩි කරන්න ඕන මම හිතන්නේ. හෙහ් හෙහ්..
ලබන සතියත් මේ විදියට යාවි. ඊට පස්සේ ඉතින් සුපුරුදු විදියට සබ් වලින් හමුවෙමු.
බුදු සරණයි....!Web-බුවා
නියමයි සහෝ! වටින කියමනක්. එහෙම තමා ඉන්න ඕන.
ඔබතුමාට ජය!
බුදු සරණයි....!
kavinda
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
ජය වේවා!එල්.සී. දමැල්
අසංක සහෝ ඔයා කරන සේවය ගොඩක් වටිනව. පරණ චිත්‍රපට වැඩියෙන් කරන නිසාවෙන් ඔයාගෙ උපසිරසවලට වැඩිය අදහස් නොලැබෙනව ඇති වැටුණ අදහසුත් බැනපුවා වෙන්න ඇති. ඒත් ගණන් ගන්න එපා. මෙතෙක් කලක් උපසිරස කළෙත් ඔය පිස්සු දේවල් ගණන් ගත්තේ නැති නිසානෙ…
මමනං පුද්ගලිකව කැමතියි ඔයා අලුත් චිත්‍රපටි කරනවනං. මොකද පරණ චිත්‍රපටත් ඔයා සුපිරි වේගයකින් කරනවා. පරණ ඒවගේ තියෙන්නෙ පහසු ඉංග්‍රීසි නෙමෙයිනෙ. අලුත් ඒව එක්ක බලද්දි ඒවට වඩා ගොඩක් අමාරුයි පරණ ඒවට උපසිරස කරන්න. ඉතින් අලුත් ඒව ඔයාට වෙඩි වගේ කරතැහැකි.
ඒ වගේම මම සහෝගෙ කලින් උපසිරසෙදියි දැනගත්තේ ඔයා වෙනත් භාෂා ඉංග්‍රීසියට හරවල සිංහලට හැරෙව්ව කියන දේ. ඒකත් හරිම අමාරු දෙයක්. මමත් ඔය දේ උත්සහ කළත් හරිම අමාරු දෙයක් වුණා.
පොඩි ඉල්ලීමකුත් කරං යන්නං අවුලක් නැත්තං කැමතිනං පරණ අැනිමේෂන් පැත්තටයි. අළුත් චිත්‍රපට පැත්තටයි ඔළුව දාන්න... :)
දිගටම උපසිරස දෙමු…
අසංක සහෝ ඔබට නැවතත් මේ සේවය වෙනුවෙන් ස්තුතියි…… :)
Lahiru lakmal
Thanks for sub.ilaga lipiya flash gana dennako...
janith
මචන් ලෝකයේ හදපු හොදම film එක ලෙස සැලකෙන Citizen Kane චිත්‍රපටයට sub එකක් දෙන්න. Citizen Kane එකට sub එකක් නෑ කියන්නෙ පුදුමයක්.
withanage priyantha
ලොව මහා සිනමාකරු ඇල්ෆඩ් හිච්කොක්ගේ "Citizen Kane" සිනමාපටය වගේම තමයි "The Birds" චිත්‍රපටයත්... ඉතිං මේ දෙකම මේ වෙබ් එකට ඉතාමත් වටිනවා. ස්තුතියි!
ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා, ඔබේ උපසිරසි අපට නම් ඉතාම වටිනවා අපිට අවශ්‍ය සිනමා
පටය තේරුම් ගෙන සබ් එක හරහා එය නැරඹීමට සහයක් මිසක් ඔයාගෙන් නිවැරදි සිංහල පාඩමක් නොවෙයිනේ. ඒ නිසා ඔබේ සබ් දෙන වේගය එසේම පවත්වාගන්න. මම ඔබේ උපසිරසි සමඟ දිගටම රැඳී සිටි රසිකයෙක්.film boy
Citizen Kane ඇල්ෆඩ් හිච්කොක්ගේ නෙවෙයි. The Birds තමයි ඇල්ෆඩ් හිච්කොක්ගේ. දැනට ලොව හොදම චිත්‍රපටය ලෙස සැලකෙන්නෙ ඇල්ෆඩ් හිච්කොක්ගේ vertigo චිත්‍රපටයයි. Citizen Kane දෙවැනියට වැටි ඇත. ලොව හොදම සිනමා නිර්මාණ 100 තෝරන්නෙ British Film Institute ආයතනය විසිනි. නැතුව IMDB විසින් නොවේ. ලෝක සිනමාවේ පතාක යෝධයන් එකතුකර එය තෝරනු ලබයි. එය වසර දහයකට වරක් අලුත් වනු ඇත. ලාංකීය මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙ නිදානය චිත්‍රපටය කලක් එම list එකෙ තිබිණ. මෙන්න link එක.
withanage priyantha
"Citizen Kane" සිනමාපටය ගැන නිවැරදි කිරීමට ස්තුතියි! මට වැරදීමක් වුණේ.
වජිර රත්නායක
උපසිරැසියට සුබපැතුම්
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) Old is goldනෙ ;)
ජය වේවා.!Arawinda Sunimal
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela.
නියමයි .
මේක ටිකක් පරක්කු මොකද කියලා බැලුවා.
දෙනකල් මග බලාගෙන හිටියේ .
ගූඩ් නයිට්