සුභ දවසක් හැමෝමටම. ඔන්න මගේ හතරවන උපසිරැසියත් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 16 වනදා තිරගතවීම ආරම්භ කළ Comedy, Horror, Thriller ගණයට අයත් වෙන සලරුවක්. මෙහි අධ්‍යක්ෂණය Goverdhan Reddy විසින් හා සංගීත අධ්‍යක්ෂණය Raghu Kunche විසින් සිදු කරලා තියෙනවා. මෙය IMDb අගය ලෙස 5/10 වැනි අගයක් ල…

සුභ දවසක් හැමෝමටම. ඔන්න මගේ හතරවන උපසිරැසියත් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 16 වනදා තිරගතවීම ආරම්භ කළ Comedy, Horror, Thriller ගණයට අයත් වෙන සලරුවක්. මෙහි අධ්‍යක්ෂණය Goverdhan Reddy විසින් හා සංගීත අධ්‍යක්ෂණය Raghu Kunche විසින් සිදු කරලා තියෙනවා. මෙය IMDb අගය ලෙස 5/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර Trisha, Ganesh Venkatraman, Satyam Rajesh, Sushma Raj, Brahmanandam වැනි ජනප්‍රිය නළු නිළියන් පිරිසකගෙන් අපූරු රංඟනයෙන් මේ චිත්‍රපටය හැඩගැන්වෙලා තියනවා. ඒ වගේම මෙම චිත්‍රපටය දමිළ හා තෙලුගු යන භාෂා ද්විත්වයෙන්ම නිකුත් වෙලා තියෙනවා.
කතාව ගැන කියනවා නම්, ඉන්දියාවෙ නන්දිවරම් කියලා ගමක් තියනවා. අවුරුදු 15ක් තිස්සෙ ඉඳන් මේ ගමේ ජීවත් වෙන පුද්ගලයන්, පිට ගම්වලින් මේ ප්‍රදේශයට පැමිණෙන විවිධ පුද්ගලයන් අභිරහස් ලෙස අතුරදන් වෙනවා. පොලීසිය විසින් කොච්චර විමර්ෂණ කටයුතු සිදු කරත් පුද්ගලයන් මෙසේ අතුරුදහන් වෙන්නෙ කොහොමද කියලා හොයාගන්න බැරිවෙනවා වගේම අතුරුදහන් වූවන්ගෙත් කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වෙනවා. රජය විසින් මේකට මොනතරම් පිළියම් යෙදුවත් අතුරුදහන් වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනව නිසා අන්තිමට රජය තීරණය කරනවා නැවත් කිසිම කෙනෙකුට මේ ගමට යන්න බැරිවෙන්න මේ ගමට යන පාර හරහා මහා ලොකු තාප්පයක් බැඳලා මේ නන්දිවරම් ප්‍රදේශය ‘ සීමා සහිත ‘ ප්‍රදේශයක් විදියට නම් කරන්න.මෙතනින් තමා කතාවෙ ආරම්භය සිදුවෙන්නෙ. හැබැයි මේ අතුරුදහන් වෙන්නෙ ඔක්කොම පිරිම අය වගේම හැමෝම අතුරුදහන් වෙන්නෙ සිකුරාදා දවසක, ඒ වගේම ඒ හැම දෙනාටම පොදු වූ කාරණයකුත් තියෙනවා. මේ දේවල් වලට හේතුව ඔයලට චිත්‍රපටිය බලද්දි තේරේවි. සාමාන්‍ය අපි බලන හොලමන් චිත්‍රපටිවලට වඩා මේක ටිකක් වෙනස්. ඒකත් මොකද්ද කියලා ඔයාලට චිත්‍රපටිය බලද්දි තේරේවි.
ඔය අතරෙ සන්ජයි කියලා අංක එකේ කපටියෙක් ඉන්නවා. මේකා කෙල්ලො දෙන්නෙක් එක්ක යාලුයි. එක්කෙනෙක් කසාද බඳින්න ඉන්න ලොකු පෝසත් පවුලක කෙල්ලෙක්. අනිත් කෙනා අහිංසක, දුප්පත් කෙල්ලෙක්. මේකා මේ අහිංසක කෙල්ලව රවට්ටගෙන, යටි හිතේ වෙන අරමුණකුත් එක්ක යාළුවෙක්ගෙ ගෙස්ට් හවුස් එකකට යනවා. හැබැයි මෙයාලා අන්තිමට ගිහින් නවතින්නෙ යන්න හිටපු තැනට නම් නෙමේ. මෙයාලා ගිහින් නවතින්නෙ රජය විසින් සීමිත ප්‍රදේශයක් කියලා නම් කරපු, නන්දිවරම් ගමේ තියෙන මේ සියලු අතුරුදහන් වීම්වල කේන්ද්‍රස්ථානය වුණු හොල්මන් මන්දිරයෙ. හැබැයි මෙයාලා දන්නෙ නෑ තමන් මේ ඉන්නෙ තමන් ඉන්න ඕන තැන නෙමේ කියලා. මේන් මෙතනදි තමා කතාවෙ රසවත්ම සහ භයංකර කොටස් වල ආරම්භය සිදුවෙන්නෙ.
මේ මන්දිරයෙ ප්‍රධාන හොල්මන් දෙකක් ඉන්නවා. දුව සහ පියා…තව අයත් ඉන්නවා.විශේෂත්වෙ තමා දුවගෙ හොල්මන ( දුවගෙ නම ගයත්‍රී ) හැර අනිත් හැම හොල්මනක්ම පියවි ඇසට පේනවා. දුවගෙ හොල්මන විතරක් පියවි ඇසට පේනෙ නෑ. ඇයව බලන්න පුලුවන් කැමරාවෙන් විතරයි. ඒකට හේතුව වගේම, මෙයාලා ඇයි හොල්මන් බවට පත් උනේ, ඇයි මෙයාලා විශේෂෙන් තෝරාගත්ත පිරිමි අයව විතරක් මරන්නෙ ? , ඇයි සිකුරාදා දවසටම විතරක් පුද්ගලයන් අතුරුදහන් වෙන ඒවට හේතුව, ෆිලුම අවසානයට ටිකක් මෙහා පෙන්නනවා. මීට වැඩිය නම් තව එක පොඩ්ඩක්වත් චිත්‍රපටය ගැන කියන්න යන්නෙ නෑ… දැනටමත් කීව්වා වැඩිද මංදා…? හැබැයි මේක නම් කියන්නම ඕන. කිසිම කම්මැලිකමකින් තොරව හිනාවෙවී ඔයාලට මේ ෆිලුම බලන්න පුලුවන්. ඒ ගැන මම සහතික වෙනවා.එහෙනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම සමු ගන්නවා. තවත් මේ වගේ ලස්සන සලරුවකින් හම්බවෙමු.
~~~ ජය වේවා ~~~
Due to copyright issues, we do not provide any torrent links.
Nayagi (2016)
Nayagi (2016)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
13,311 downloadsDownload Nayagi-2016.Baiscopelk.com_.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/AdithyaGimhana1-e1478653696352.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ආධිත්‍ය ගිම්හාන
Subtitles
30 comments
Adithya Gimhana
Lushan Kuruppu
Thank You bro!
mithun
ලිපිය නම් සිත් ඇදගන්න විදියට ලියල තියෙනව ටිකක් මම බලන්න අස කරම විදියෙ ස්ටොරි එකක් වගෙ ස්තුතියි උපසිරැසි ගැන්නුවට ඔබට. දැනටමත් ඩව්න්ලොර්ඩින් දාල තියෙ රෑට බලන්න ඔනෙ හොද ටයිම් එකක් අල්ලල..... ස්තුතියි සහො දිගටම උපසිරැසි දෙමු.. මෙ වගෙ චිත්‍රපට දෙනව අනිවා ගන්නව ජය
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Amila
Thanks Saho Sub ekata
kathawa nam sampurnayenma kiyala wage letter eke honda film ekak wage
Thanks againKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isuru
kick 2 Movie sub dennako
Navodh
Gentlemen 2016 sub diyalla machan...
පැතුම් අතුකෝරල
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴chanaka sandaruwan
Thanx bro sub එකට.
කව්ද කියන්නෙ මේකෙ හිනා යන සීන් නෑ කියලා.එහෙම කියනවනම් එයා හිනා වෙන්න දන්නෙ නැති කෙනෙක් වෙන්න ඕන. හෑමෝටම එකම රසයක් නෑනේ.එක්කෙනුකට හිනා යන සීන් එක්කක් තව කෙනෙකුට හිනා නොයන එකක් වෙන්න පුලුවන්.ඒත් මේ ෆිල්ම් එක නම් සුපිරි.එල.ආ... දිකටම මේ විදියට සබ් දෙන්න. සුබ පතනවා ඔයාට සහෝ.kasun
Thanks machn. Film ekanm hondai wage.
Thawa me wage supiri story thiyana film walata sub denna.
Ela !D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
silent$
Pattttaaaaaaaaaaaaaa
Susith
කවදද මෙික රිලිස් una .tawma september una nha na bro.
Adithya Gimhana
සහෝ, ඔයා මේක ඇත්තට දැම්මද බොරුවට දැම්මද කියලා නම් මම දන්නෙ නෑ.
ඒත් මේ නොවැම්බර්. ඊළඟට දෙසැම්බර්. සැප්තැම්බර් පහු වෙලා දැන් මාස 1 1/2 විතර වෙනවා.
ඔයාට දින ගණනය වැරදිලා. ආයි බලන්න.
Nimantha Lakshan
sub ekatanam thanx machanlaa........
sub eka daana kota adala film eke torrent eka download karaganna puwn website ekath daanna puluwannam godaak watinawaa sahoo......
a ganath poddak salakaa balanawada..please............Adithya Gimhana
ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් tamilrockers ඩොට් la
#@&*^%$
upasirasi avul
wena film ekaka upasirasi maaruvelada kohedo.
eka nivaradikaranna brother.............................Adithya Gimhana
upasirasiye nam waradak ne sahoo...kihipa denekgenma ahala baluwa, sub ekee waradak thiyanawada kiyala. eyalata nam sub eka gaanata wada karanawa.
mokadda oyaage player eka sahoo ?
Adithya Gimhana
සහෝ, ඔයාටයි මටයි දැනෙන හැඟීම් නෙමේ තව කෙනෙකුට දැනෙන්නෙ. මොකද හැඟීම් දැනීම් දැනෙන විදිය එකිනෙකාට වෙනස්. මම ලිපි සකස් කරලා එවන්න කලින් කිහිප දෙනෙක්ගෙන්ම අහලා බලලා තමා එවන්නෙ.මට ෆේස්බුක් හරහා ලැබෙන ප්‍රතිචාර අනුව නම් තේරෙන්නෙ මේ චිත්‍රපටියෙන් එයාලගෙ රසවින්ඳනයට කිසිම බාදාවක් වෙලා නෑ කියලා.
ලිපි ලියද්දි මට හැම කෙනෙක්ගෙන්ම පෞද්ගලික හැඟීම් දැනීම් දැනෙන විදියට වෙන් වෙන්ව ලිපි ලියන්න බෑනේ සහෝ...මං හිතන්නෙ ඔයාටත් ඒක තේරෙනවා ඇති.මේ ලිපියෙ මම සකස් කරන්නෙ මට පෞද්ගලිකවම දැනෙන හැඟීම් සහ අන්තරජාලයේ මේ ගැන අදහස් පළ කරලා තියෙන රසිකයන්ගෙ අදහස් බලලා.ඒත් මගේ ලිපියෙන් ඔයාගෙ බලාපොරොත්තු කඩ උනා නම්, ඔයාගෙ රසවින්ඳනයට බාදාවක් උනා නම්, ඒකට මම සමාව ඉල්ලනවා සහෝ !
amal
machan me site eke subtitle download karanna dan be bun ..... puluwannam eka hadapan ...dawas ganak idan try karanawa bn ... wadak na mehema giyoth nam ... ilm down karata sub ganna api puduma wadayak ne bn widinne ....
website ofline kiya kiya hama welema enawa bn ... mala painawa ....ubala amaruwen wadak karata eke prathipala apita hariyata labenne na bn ....
puluwannam meka hadapan ...issara me case eka na ...dan thamai meka wenne ..danata masa 2 wage idan ..Adithya Gimhana
සහෝ...! අපි අන්තර්ජාලයෙන් චිත්‍රපටයක් බා ගෙන, උපසිරැසිත් සමඟ නරඹනවා වගේ ලේසි නෑ වෙබ් අඩවියක් පවත්වාගෙන යන එක. ටිකක් සංකීර්ණයි. ඒ වගේම වියදම් අධික කාර්‍යක්. ඇඩ්මින් සහෝලට අනුව සාමාන්‍යයෙන් මේ බයිස්කෝප් අඩවිය පවත්වාගෙන යන්න මාසෙකට රු.25,000 කට ආසන්න මුදලක් වැය වෙනවා.අද කාලෙ හැටියට ඒ ගාණ සුළුපටු ගාණක් නෙමේ. ඒ නිසා මෙම වෙබ් අඩවිය පවත්වගෙන යන සර්වර් එකට අදාළ මුදල් ගෙවීමේ ගැටලු නිසා මේ වගේ ගැටලුවලට අපිට මූණ දීමට සිදුවෙනවා.
අනික අපේ ඇඩ්මින් සහෝලා මේ අඩවිය පවත්වගෙන යන්නෙ කිසිම වාණිජ පරමාර්තයකින් තොරව. හුදෙක්ම එයාලගෙ විනෝදාංශයට කිව්වොත් නිවැරදී. ඇත්තටම කිව්වොත් එයාලා අපිට කරන්නෙ ලොකු සේවයක්. මොකද එයාලා මාසිකව ලොකු වියදමක් දරාගෙන මේ විදියට නොමිලේ උපසිරැසි ලබා දෙන අඩවියක් පවත්වාගෙන යන්නෙ කා වෙනුවෙන්ද ? අපි වෙනුවෙන් නේද ? ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.
ඒ වගේම ඔයා කියලා තියනවා " සබ් ගන්න අපි පුදුම වදයක් නේ විඳින්නෙ " කියලා. මම නම් ඒක තරයේම ප්‍රතික්ෂේප කරනවා. මං හිතන්නෙ සහෝගෙ නොදැනුවත්කම නිසා මෙහෙම කියනවා ඇති. මම අත්දැකීමෙන්ම දන්න නිසයි මේ කියන්නෙ, උපසිරැසියක් නිර්මාණය කරන්න සහ වෙබ් අඩවිය පවත්වගෙන යන්න කොයිතරම් අමාරු කාර්‍යක්ද කියලා ඔබ දන්නවද ? . අපි උපසිරැසියක් බාගෙන චිත්‍රපටයක් නරඹනවා වගේ උපසිරැසි නිර්මාණය සහ වෙබ් අඩවියක් පවත්වගෙන යන එක තරම් පහසු නෑ.
හැබැයි අපිට ඒ විදියට හිර වෙවී හරි උපසිරැසි බා ගන්න පුලුවන් වෙන එකත් ලොකු දෙයක් සහෝ. සාමාන්‍යයෙන් දිනකට මේ වෙබ් අඩවියෙන් අවම වශයෙන් උපසිරැසි 5ක් පමණ නිකුත් වෙනවා. ඒත් සහෝ මේ විදියටම දිගටම ගියොත් ඔයාටයි මටයි උපසිරැසි ලබා ගන්න බයිස්කෝප් කියලා අඩ්වියක් තියෙන එකක් නෑ. ඒ නිසා චෝදනා කරනවට වඩා පොඩි හරි මුදලකින් අපි මේ බයිස්කෝප් අඩවිය දිගටම පවත්වාගෙන යාමට උදව් කරොත් නරකද ?
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Danushka Sandaruwan
Thank you thank you. Brahmanadamge thawa film ekak dannakoooo
yasitha
ela bro
yasitha
machans coloured 1980 airplane kiyala 7.8 imdb comedyak tyenawa , mn nam baluwa sinhala sub ekak haduwanam hugak un balai
lele
The address wasn’t understood
Firefox doesn’t know how to open this address, because one of the following protocols (magnet) isn’t associated with any program or is not allowed in this context.
You might need to install other software to open this address.
kiyala wetenawa download kara ganna behe mokada karanne
buddhika
thank u machaaaa. habai kathawa ochchara kiyanna epa yakuuuu ;)
malith
Ela ela
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Advertisement

මෙම comment එකෙහි නම මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වීමෙන්
ලබා දී ඇති උපසිරැසියට ගැළපෙන පිටපත බා ගත කරන්න.