ඔව් ඔව් පලවෙනි දවසේ ආදායම කෝටියයි ගත්තු ආදායමක් නම් නෑ ෆිල්ම් එක නම් සුපර් ෆ්ලොප්!! කෑගගහා හොඳ කතා ඉල්ලුවට, ඕවා බලන්න කවුද යන්නේ? ආදායම් වලින් චිත්‍රපට මනින පිස්සෙක් වෙන්නෙපා දැන්මම ටිකට් එකක් බුක් කරගෙන, දැන්මම බලන්න යන්න පොරොන්දු වෙනවා මං, පසුතැවෙන එකක් නම් නෑ.. ගංගුබායි නිකුත් වෙච්ච සතියට පස්සේ…

ඔව් ඔව් පලවෙනි දවසේ ආදායම කෝටියයි
ගත්තු ආදායමක් නම් නෑ
ෆිල්ම් එක නම් සුපර් ෆ්ලොප්!!
කෑගගහා හොඳ කතා ඉල්ලුවට, ඕවා බලන්න කවුද යන්නේ?
ආදායම් වලින් චිත්‍රපට මනින පිස්සෙක් වෙන්නෙපා
දැන්මම ටිකට් එකක් බුක් කරගෙන, දැන්මම බලන්න යන්න
පොරොන්දු වෙනවා මං,
පසුතැවෙන එකක් නම් නෑ..
ගංගුබායි නිකුත් වෙච්ච සතියට පස්සේ සතියේ තිරගත වුණු අමිතාබ් බච්චන් මහත්තයා ප්‍රධාන චරිතයට පණ දෙන ජුන්ඩ් ගැන හැම විචාරකයාම පාහේ කිව්වේ ඔහොම කතාවක්. චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක වුණාට අන්තර්ජාලයට ආපු කාලෙක නම් ලොකු පෙරළියක් කරයි කියලා කවුරුත් කිව්වා. ඉතින් මේ ලිපියේ උඩ කොටස වගේම පහළ කොටසත් ඒ විචාරකයෙක්ගේ විචාරයක කරුණු වලින්ම පුරවලා ඉන්නම්. මේ වචන වල සියළු ක්‍රෙඩිට් යන්න ඕන Flimi Indian යූටියුබ් චැනලයේ දීක්ෂා ෂර්මාටයි.

අපි කාගෙත් ආසම වැඩේ තමා, තමන්ව පැත්තක දාලා අනිත් අය ගැන තීන්දු තීරණ ගන්න එක, උන්ට පද හදන එක. අපේ අය උපදින්නෙත් ඔය හැකියාව එක්ක. ඉතින් එහෙම සුපිරි බලයක් ගැන චිත්‍රපටියක් හැදෙන්නම එපැයි. “ජුන්ඩ්,” නම ඇහුණාම මාස් ගතියක් දැනුනට මේක එහෙමම ක්ලාස් එකක්. ඔයාලා වීරයෝ එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න චිත්‍රපටි බලලා ඇතිනේ. ඒත් මෙතන නම් වීරයෝ රංචුවක්ම හම්බවෙනවා. ගණන් කරලම එපා වෙයි. එන්නකෝ විස්තර ඇතුවම කියන්නම්.
කතාව පටන් ගන්නේ අමුතු, දුප්පත් මිනිස්සු කොට්ටාශයක් එක්කයි. එයාලා ගිනි මද්දහනෙත්, මහ රෑ අන්ධකාරෙත් හැම විදිහෙම අයිටම් උස්සන විශේෂඥයෝ ටිකක්. හරියට කිව්වොත් හොරකම් වලට කප් ගහපු අය. වෙලාවකට මොබයිල් ෆෝන් එකක්, නැත්තම් බෙල්ලක ලස්සනට දිලිසෙන රත්තරන් චේන්පටක් මෙයාලගේ ඇස් වලින් නම් බේරෙනවා බොරු. මෙහෙම ගෙවෙන මෙයාලගේ ජීවිත හදිසියේ වෙනස් වෙන්න ගන්නවා, ඒ හදිසි අමුත්තෙක් මෙයාලගේ ජීවිත වලට එකතු වෙන නිසා. ඒ තමයි මිස්ටර් විජේ. සාමාන්‍ය කොලේජ් එකක ක්‍රීඩා පුහුණුකරුවෙක්.හැබැයි මෙයාගේ ඔලුවේ නම් ලොකු දේවල් ගොඩක් කැකෑරෙනවා. ඉතින් මෙයාගේ මේ ආගමනයෙන් අර උඩ කියපු අමුතු මිනිස්සු කට්ටියගේ ජීවිතේ වටිනාම දේ එයාලට නැතිවෙන්න ගන්නවා. ඒ තමයි “හොරකම”. ඒත් ඊට පස්සේ කතාව ඔයා හිතන තරම් නම් සුන්දර වෙන්නේ නැහැ. හදිසියේම කතාවේ තීරණාත්මක නැම්මක් ඇති වෙන්නේ එක බ්ලේඩ් එකක් නිසා. ඒ බ්ලේඩ් එක විජේ සර්ගේ පිරිසිදු අරමුණු වලට රතුම රතු ලේ මුහු කරනවා. එතනින් තමා කතාවේ ලොකුම දුෂ්ඨයයන්ගේ ආගමනය සිද්ධ වෙන්නේ. එක මරණය, දෙක පොලිසිය. කතාව තේරුණේ නෑ නේද? නියමයි, මට ඕන වුණෙත් ඒකමයි.

පෝස්ටරේ පැහැදිලිවම ලියලා තියෙනවා, ලොකු චිත්‍රපට ලොකු තිර වලට විතරයි කියලා. ඉතින් කෙලින්ම යන්න තියටර් එකට, දැනගන්න මේ මුඩුක්කු උදවියට අන්තිමේදී මොකක්ද සිද්ධ වුණේ කියලා. මේකයි ලොක්කා, ජුන්ඩ් කියන්නේ සාමාන්‍ය චිත්‍රපටියක් නෙමේ. එළියෙන් බලද්දි මේක අනිත් මෝටිවෙෂනල් චිත්‍රපටියක් කියලා හිතාගන්න වැරැද්ද කරන්න පුළුවන්, ඒත් ඇත්තටම ඇතුලාන්ත කතාව තියෙන්නේ වෙනම එකක්. මේ මුඩුක්කුවාසින්ගේ මූණු දිහා ටිකක් බලන්න, මගදී කොහේහරි දැක්කොත් ඔයාගේ හිත ඇතුලෙන් ලොකු බයක් දැනෙයි. මේ වගේ කට්ටියගේ තිරය පිටිපස්සේ කතාව අහන්න කාටවත් ආසාවක් තියෙනවද? නෑනේ. අන්න ඒකමයි මේ චිත්‍රපටියේ තියෙන මැජික් එකත්, ඔයාගේ ඔලුවේ තියෙන ඒ අදහස් සම්පූර්ණයෙන් ස්ථීරවම වෙනස් කරලා දායි. කිසිම මෝටිවේෂන් එකක් නෑ, ඉගෙන ගන්න දෙයක් නෑ, තියෙන්නේ එකම එක ගේම් එකයි. ඒක දින්නොත් ජීවිතේ, පැරදුනොත් මරණේ. සරලයි.
Sairat (2016) බැලුවද ඔයාලා? එතනත් සිද්ධ වුණේ ජීවිතයත් මරණයත් අතර තරඟයක්. ඒ අධ්‍යක්ෂක නාග්රාජ් සර්ගේම චිත්‍රපටියක් තමා මේකත්, අනිවාර්යෙන්ම ආයේ සැරයක් ඔයාට කම්පනයක් ගෙනත් දෙයි. ඔයා ෆිල්ටර් දාලා ෆෝන් එකෙන් ෆොටෝ ගන්නවා ඇතිනේ, ඒත් මේ චිත්‍රපටියේ කිසිම ෆිල්ටරයක් නෑ, ඇත්ත ඇති සැටියෙන්ම ලුණු ඇඹුල් නොදා ඒ විදිහටම ඉදිරිපත් කරලා තියෙනවා. මේ මුඩුක්කුවාසීන්ගේ චරිත රඟපාන පොඩි කොල්ලෝ කුරුට්ටන්ගේ රඟපෑම් කොච්චර හොඳද කියනවා නම් මං ගෙදර ඇවිල්ලා විකිපීඩියා චෙක් කරා මෙයාලා ඇත්තම නළු නිලියොද නැත්තම් අර Slumdog Millionaire එකේ වගේ ඇත්තම මුඩුක්කුවාසීන්ද කියලා. මෙයාලා කතා කරන විදිහ, ඇවිදින විදිහ එහෙමත් නැත්තම් ඇස් වලින් පෙන්නන බාහිර ලෝකයාගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න තියෙන බය, හැමදේම පැහැදිලිවම පේන්න තියෙනවා. 100%ක් ස්වභාවික වගේම අමු රංගනයන්. චිත්‍රපටියේ හැබෑම රහ එලියට මතුවුණේ අනිත් බොලිවුඩ් චිත්‍රපටි වල වගේ මෙයාලා කට්ටියව වෙනස් කිරීම් වලට ලක් කරන්න ගියේ නැති නිසයි, පිරිසිදු ඇඳුම් අන්දවලා දුෂ්ටයාගෙන් වීරයා කරන්න ගියේ නැති නිසයි. මෙතනින් කියන්න හැදුවේ මුඩුක්කුවේ උපදින එක කවුරුවත් හිතලා කරන දෙයක් නෙමේ, kකවුරුත් එහෙම පතාගෙන එන්නේ නෑ කියන දේයි. ඔව් ඒත් හැමදාම ඒ මුඩුක්කුවෙම ඉන්නවද නැද්ද කියන තේරීම ඒ කෙනාගේ තීරණයක්.

(Reel Vijay and Real Vijay)
ඉතින් නම නොදැන ඉන්න විදිහක් නෑනේ, “අමිතාබ් බච්චන්”. අදටත් එයා හිටගෙන ඉන්නේ කොහෙද, ටික වෙලාවකින් එයාගේ පිටිපස්සෙන් වෙනම පෝලිමක් හැදිලා තියේවි. සර්ගේ චිත්‍රපටි තෝරාගැනීම් ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ චිත්‍රපටි වලට රීල් පටයේ විතරක් නෙමේ හැබෑ ජීවිතෙත් වෙනසක් කරන්න පුළුවන්. මේක තනි කෙනෙක්ගේ ෂෝ එකක් නම් නෙමේ, මුළු රංචුවටම තමන්ගේ හැකියාව පෙන්නන්න අවස්ථාව දෙන චිත්‍රපටියක්. ඒ වගේම අමිතාබ් සර්ගේ දෙබස් වලට පසුබිමින් මරාටි ගතිය දැනෙන සංගීතයක් එනවා, කියලා වැඩක් නෑ මවිල් කෙලින් වෙනවා. බොලිවුඩ් චිත්‍රපටියක් බලලා එහෙම හැඟීමක් ආවේ බොහොම කාලෙකට පස්සෙයි.
ඉතින් මගේ පැත්තෙන් ජුන්ඩ් වෙනුවෙන් දෙනවා තරු 5න් 4ක්. එකක්, ඇත්තම කතාවක් අතිශයෝක්තිය එකතු නොකර ඇත්තම විදිහට ඉදිරිපත් කරපු එකට #NoFilters. දෙවැනි තරුව, ෆුට්බෝල් ක්‍රීඩාව ජීවිතේට සම්බන්ධ කරලා චිත්‍රපටිය කම්මැලි සම්ප්‍රදායික මෝටිවෙෂනල් චිත්‍රපටියක් නොකර විනෝදාත්මක විදිහට පණිවිඩයක් ගෙනාපු එකට. තුන්වෙනි තරුව ඒ මාරක රංගනයන් වෙනුවෙන්, අමිතාබ් සර් නම් කොහොමත් මැණිකක්. ඒත් සහය චරිත ටික නම් Fire Hai Boss..!! උන් ගාව තියෙන ගැම්ම මුළු ෆිල්ම් ඉන්ඩස්ට්‍රියේම නැතිව ඇති. හතරවෙනි තරුව, චිත්‍රපටියේ කොඳු නාරටිය වගේ තිබ්බ සංගීතය වෙනුවෙන්. සමහර දෙබස් ඔයාට ඇඟට නොදැනුනත් සංගීතය හැමතිස්සෙම අලුත් දෙයක් ඔයාට විඳින්න දෙනවමයි. සෘණාත්මක පැත්ත ගැන කතා කළොත් එක තරුවක් කපනවා, පොඩ්ඩක් දික් වුණු කතාවේ දෙවැනි භාගය නිසා. එතැනදී අධ්‍යක්ෂක මහත්තයා ගොඩක් දේවල් පෙන්නන්න හැදුවත් හිතුව නම් ඒ වැඩේ කරගන්න බැරි වෙලා තියෙනවා.
එහෙනම් මේ චිත්‍රපටිය රස විඳින්න ඔබට ඉඩහැරලා අපි සමුගන්නවා. ජයවේවා..!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,499 downloadsDownload ජුන්ඩ්-2022.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
28 comments
Anonymous
jeewa
sub ekt tnx sgo! stranger things s4 එකට සබ් ඉක්මනට ඔනී
thari dara baiya
ummma ane
chamil pereraq
mchn aluten aapu hindi film walata sub denne kawadda, ayi oogollo sub denna parakku
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
chaminda
thanks bro❤️❤️❤️❤️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Udaya Fdo
Thank you
Anonymous
Attack part 1 sub dennko
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
balanna hitapu ekak newei hbai dn balannama weno
thanks sahoSamith
Thanks brother
Anonymous
Thanks
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Manoj
උපසිරසියට ස්තුතියි
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Anonymous
thanxxxx
indika 75
thanks..
Mano
Godak sthuthi.. Jaya wewa!
Amila Perera
Thank you
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
ඔබට තුති සහෝදරයා...ජ්ජයවේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub ekata thaks puluwan nam stranger things S04 ekta sub denna