ආයුබෝවන් යාළුවනේ,ඔයාලට මතක නම් 2019 ජූනි මාසයේ තිරගතවීම ආරම්භ කරපු Jiivi (2019) චිත්‍රපටයට මම උපසිරැසිය අරගෙන ආවා. ඒ වෙනකොට Drama, Thriller වර්ගීකරණය යටතේ IMDb අගය 8.0 තරම් ඉහළම අගයක් අරගෙන තිබුණා. 2022 අගෝස්තු මාසයේදි ඒ චිත්‍රපටයේ දෙවැනි කොටස නිකුත් වෙලා තියෙනවා. පැයකුත් විනාඩි 49ක් පුරා දිවෙන IMD…

ආයුබෝවන් යාළුවනේ,ඔයාලට මතක නම් 2019 ජූනි මාසයේ තිරගතවීම ආරම්භ කරපු Jiivi (2019) චිත්‍රපටයට මම උපසිරැසිය අරගෙන ආවා. ඒ වෙනකොට Drama, Thriller වර්ගීකරණය යටතේ IMDb අගය 8.0 තරම් ඉහළම අගයක් අරගෙන තිබුණා. 2022 අගෝස්තු මාසයේදි ඒ චිත්‍රපටයේ දෙවැනි කොටස නිකුත් වෙලා තියෙනවා. පැයකුත් විනාඩි 49ක් පුරා දිවෙන IMDb අගය 7.1 ක් අරගෙන තියෙන Drama යටතේ තමා මේ වතාවෙ ඇවිත් තියෙන්නෙ. පළමු කතාවේ විස්තරය බැලුව නම් ඔයාලට අදහසක් ගන්න පුලුවන් අමුතුම කතාවක් ඔස්සෙ තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. Vetri, Monica Chinnakotla, Karunakaran, Rohini, Mime Gopi, Ashwini Chandrashekar යන අය චරිත නිරූපණය කරනවා. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ V.J. Gopinath.
සරවනන් පවුලේ ප්‍රශ්න නිසා මදුරෙයි ඉදන් මැඩ්‍රාස් වලට එනවා රස්සාවක් හොයාගෙන. එහෙදි එයාට තේ කඩේක රස්සාවක් හම්බවෙනවා. එයාගෙ යාළුවා මනී. වැඩ කරගෙන යනකොට එතනම ඉස්සරහ කඩේ වැඩ කරපු ආනන්දි කියල කෙල්ලෙක්ට ආදරේ කළා. පස්සෙ සරවනන් හම්බකරනව මදි කියල එයාව අතෑරියා. ඉතින් හිතේ අමාරුවට මනී එක්ක වයින් ෂොප් එකකට ගිහින් හොදටම බීලා ගෙදර යන්නත් හිතිලා රෑ වෙලා ආපහු ගෙදර යන්න එනකොට නැවතිලා ඉන්න ගේ ගාව වැටිල තිබිල අල්මාරියක යතුරක් හම්බවෙනව. පස්සෙ දැනගන්නව ඒක නැවතිල ඉන්න ගේ අයිතිකාර අක්කගෙ ගෙදර අල්මාරියක යතුරක් කියල. පස්සෙ මනී එක්ක එකතුවෙලා ඒකෙ තියෙන රත්තරන් බඩු හොරකම් කරන්න සැලසුම් කරනව. සැලසුමට අනුව හොරකම් කළාට පස්සේ අල්ලපු කාමරේ නැවතිලා හිටිය ඊබ්‍රාහිම් කියල කෙනෙක්ව මේකට මාට්ටු කරනවා. ඒ වෙලාවේ ගමෙන් ආව පණිවිඩේ සරවනන්ගෙ අක්කා එයා ආදරේ කරපු කෙනත් එක්ක පැනල ගිහින්, ඒක දැනගත්ත සරවනන්ගේ තාත්තා මැරිල කියල. පස්සෙ සරවනන් ගමට ගිහින් තාත්තගෙ අවසන් කටයුතු කරල අක්කව ගෙදර නවත්තල ආපහු වැඩට එනවා. ඒ ආවට පස්සේ ගෙදර ගේ අයිතිකාර අක්කගෙන් දැනගන්නවා එයාටත් ඒ විදියටම වුණා කියල.
එතන ඉදන් තමා මේ සහසම්බන්ධතා නීතියේ පුරුක් කොහොමද ඈදිලා තියෙන්නෙ කියල සරවනන්ට තේරුම් යන්නෙ. ඒකෙන් ගැලවෙන්න හිතාගෙන ගේ අයිතිකාර අක්කගෙ අන්ධ දුවව කසාද බැදගන්නවා. එතනින් මාස 10 කට පස්සෙයි කතාවේ දෙවැනි හරිය දිග හැරෙන්නෙ. දෙවැනි කතාව ඔයාලට බලන්න ආරාධනා කරල අදට මම යනව, හැමෝටම තෙරුවන් සරණයි !
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,474 downloadsDownload Jiivi-2-2022.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
15 comments
Naveen
Anonymous
Patta
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaaaaaaaaaa
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kushan
Sub akta thanks
Samith
Thanks brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Eranda
Thanks brother
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි! ;-)
dulan
ස්තුතියි !
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට තුති