ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉක්මනටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන ආවා. කුතුහලයෙන් ෆිල්ම් බලන්න ආස අයට මේක බලන්නම කියල ඉල්ලනවා. IMDb 8.0 අරගෙන තියෙනව කියනකොට ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. 2019 ජූනි මස තිරගත වීම ආරම්භ කරන ලද පැයකුත් විනාඩි 48 ක් පුරා දිවෙන Drama, Thriller ගණයට අයත් 8 Thottakkal (2017) චිත්‍රප…

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉක්මනටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන ආවා. කුතුහලයෙන් ෆිල්ම් බලන්න ආස අයට මේක බලන්නම කියල ඉල්ලනවා. IMDb 8.0 අරගෙන තියෙනව කියනකොට ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. 2019 ජූනි මස තිරගත වීම ආරම්භ කරන ලද පැයකුත් විනාඩි 48 ක් පුරා දිවෙන Drama, Thriller ගණයට අයත් 8 Thottakkal (2017) චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි Vetri තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ. නවක නළුවෙක් වුණාට මෙයාගෙ රංගනය නම් චිත්‍රපටයට හොද සාධාරණයක් කරල තියෙනවා.මීට අමතරව දමිළ සිනමාවේ නිතර දකින විකට චරිතයක් වන Karunakaran ද මෙහි විකට චරිතයකට වැඩි දෙයක් කරනවා. අවසානය වෙනකම්ම මොකද්ද වෙන්නෙ කියල හිතාගන්නවත් බැරි විදියේ කුතුහලයෙන් පිරි ෆිලුමක් තමයි මම 43 වෙනි උපසිරැසිය විදියට ඔයාලට අරගෙන එන්නෙ.
කතාව දෙසට පොඩ්ඩක් හැරුණොත්, සරවනන් ප්‍රායෝගික අධ්‍යාපනය දැනුම යැයි විශ්වාස කරන නිසා පාසලෙන් ඉවත් වූ සෑම දෙයක් ගැනම කුතුහලයෙන් හිතන්න පුරුදුවෙලා හිටිය කෙනෙක්. ගෙදරින් රස්සාවක් හොයාගන්න කියන බල කිරිල්ලට මදුරෙයි වල කුඩා ගම්මානයක ඉදලා චෙන්නෙයි වලට එනවා. එහෙදි මනී එක්ක එකතුවෙලා තේ සහ යුෂ කඩයක වැඩ කරගෙන යනවා. තේ සාප්පුව ඉස්සරහ කඩේ වැඩ කරන කෙල්ලට බැල්ම දාන සරවනන් ඇය හා පෙමින් වෙලෙනවා. මනී හා සරවනන් නැවතිලා ඉන්නෙ ආබාධිත සැමියෙක් හා අන්ධ රූමත් දුවක් සිටින අක්කා කෙනෙක්ගෙ ගෙදරක උඩුමහලේ. ඔහොම ජීවිතේ ගලාගෙන යද්දි දවස් ගාණක් ආනන්දි, සරවනන්ගෙ පෙම්වතිය වැඩට එන්නෙ නෑ. කෝල් ගත්තත් වැඩ නෑ. දවස් ගාණකට පස්සෙ වැඩට ආවාම සරවනන් මොකද කියල අහපුවාම ආනන්දි කියනව එයාගෙ නෑ වෙන කෙනෙක් එයාට බන්දල දෙන්න යනව. එයාට හොද පඩියක් තියෙන රස්සාවක් හම්බවෙනවා. ඔයා බැදල මට දුක් විදින්න බෑ කියල… ඔයාලම දන්නවනෙ කෙල්ලෝ නම් ඔහොම්ම තමයි. සල්ලි තියේ නම් වදුරෙක් හරි බැදගන්නවා. ඉතින් අසරන සරවනන් මොනව කරන්නද ?!.අවුලටත් එක්ක මනී එක්ක අඩියක් ගහල දෙන්නගෙ ප්‍රශ්න කතා කරගෙන පයින්ම නැවතිල ඉන්න ගෙදරට එන්න පිටත් වෙනව. එන මගදි ගෙදරින් කෝ එකක් ඇවිත් එයාල එක්ක තරහ ගිහින් ෆෝන් එක පොලොවෙ ගහනවා. පස්සෙ ෆෝන් එක හොයනකොට සරවනන්ට පොඩි පසුම්බියක් හම්බවෙනවා. මේක මනීටත් හොරෙන් ගෙදර අරගෙන යනවා. ඔය අතරේ මනී කියනවා අක්කා මොකද්ද රාක්කයක යතුරක් නැතිවෙලා හොයන කතාවක් ඇහුනා කියල. එතකොට සරවනන් අහනවා මේකද කියල පසුම්බියෙන් යතුර අරගෙන. සරවනන් තීරණය කරනවා අයිතිකාර අක්කගෙ ගෙදරින් එයාගෙ දුවගෙ කසාදයට සූදානම් කරල තියෙන ස්වර්ණාබරණ ටික හොරකම් කරන්න. පස්සෙ දවසක් එනකම් බලාගෙන ඉන්නකොට අයිතිකාර අක්කා කතා කරනවා දෙන්නටම කෝවිලට යන්න, ඒ අතරෙම සරවනන්ට අම්මගෙන් කෝල් එකක් එනවා මැහුම් පංති ගියපු අක්කා ගෙදර ආවෙ නෑ ගමේ අය කට කතාවක්
යනව අක්ක පැනල ගිහිල්ලා ඒක අහල තාත්තට පපුවෙ අමාරුව හැදිලා ඉස්පිරිතාලෙට යන ගමන් කියල. සරවනන් වැඩට යන්නෙත් නැතුව ගමට යන්න පිටත් වෙන්න කියල හදද්දි අයිතිකාර අක්කත් කෝවිලට යන්න ලෑස්ති. මේ වෙලාව ප්‍රයෝජනයට අරගෙන සරවනන් ස්වර්ණාබරණත් අරගෙන ගමට යනවා, එයාලගෙ බොඩිමේම හිටපු කොල්ලෙක් මේ හොරකමට මාට්ටු වෙන විදියට වැඩ සිද්ද කරලා.
විස්තරය ටිකක් දිග්ගැස්සුනා වැඩි වගේ, කෙටියෙන් කියන්නම්. සරවනන් තාත්තාගෙ අවමගුලේ වැඩ කටයුතු ඉවරවෙලා චෙන්නෙයි ඇවිල්ලා, පොලීසියේ විමර්ෂණ කරගෙන ගියත් හොරමක හොයාගන්න බැරිවෙනවා. දවසක් අයිතිකාර අක්කා සරවනන්ට කතා කරලා තාත්තගෙ අවමඟුල ගැන කතා කරනකොට එයාගෙ ජීවිත කතාව කියනවා.ඒක අහගෙන ඉන්න සරවනන්ට තේරුම් යනවා අක්කා කියන කතාවත් හරියටම එයාගෙ අක්කට වෙලා තියෙන දෙයත් සමානයි කියල. ඔය ගැන කල්පනා කරගෙන ඉන්න අතරේ දවසක් ගෙදර අයිතිකාර අක්කගෙ මල්ලි කතිර් එක්ක අඩියක් ගහන්න සෙට් වෙලා කතා කර කර ඉන්න ගමන් කතීර් එයාගෙ යාලුවා ගැන කියනවා, එයත් හරියට මනී වගේ පොඩ්ඩක් ඇත්නම් වෙරි වෙනවා දැන් එයා ජීවතුන් අතර නෑ කියල. කතීර් අයියා කිව්ව එයාගෙ යාලුවගෙ ගම හොයාගෙන යනව මේකෙ ඇත්ත නැත්ත දැනගන්න. එහෙ ගිහින් හොයල බලද්දි කතීර් අයියයි එයාගෙ යාලුවයි ලී මඩුවක වැඩ කරගෙන ඉන්න ගමන් ඒකෙ අයිතිකාරයගෙ ගෙදරින් බඩු වගයක් හොරකම් කරල. හැබැයි මාට්ටු වෙලා තියෙන්නෙ ගෙදර හිටිය වැඩකාරයව. සරවනන් කල්පනා කරල බලද්දි දැන් තමන්ගෙ ජීවිතෙත් සිද්දවේගන යන්න ඒ වගේම දෙයක්.මේ සිද්ධි දාමය දිගටම වුණොත් මනීට මැරෙන්න සිද්දවෙනවා. අක්කගෙ දුවගෙ ඇස් දෙක අන්ධ වෙනවා. අක්කගෙ මහත්තයා අබාධිත වෙනවා. මේවා නතර කරන්න නම් මොකක් හෝ හැරවුම් ලක්ෂයක් තියෙන්නම ඕනෙ කියල සරවනන් හිතනවා…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
10,668 downloadsDownload Jiivi-2019.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
30 comments
Prabodha Madhusankha Hettiarachchi
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan perera
මාර කතාවක්නෙ බං..thriller කියන්නේ පට්ට කතාවක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මචෝ....
vas0303
Thank you
deliya
supiri sahodaraya thanks.denakalbalagana hitiye.jayawewa
Dilshanrathish
MChn sub eka wada kle nhne bn mge ekt?
ඔෂද ධනංජය
mokadda player eka... KM player eka daganna....
sudath0104
Sub eke error ekak enawa brother
DIlshanmapalagama
ELa
arawindasunimal
dananjaya thanks....................baiscopelk thanks....................
කවිනු වීරක්කොඩි
Thnkq Oshada aiye!
Rumesh dhanushka
THANKS brother
Natsume
ela machan mata tamil movies downloard karanna page ekak kiyannako
RuwanLakshan93
ස්තූතියි ජය වේවා !
supun priyanath
Ela Broo
Thank you !!Sanjeewa2010
Thnxxxxxxxxxx
Lahiri
THANKZ SAHO
N_R
Thank You.
Harsha Madusham
hii you are very beatiful ....
hdpradeep
Sub ekata thanks mchn. Jaya wewa!!!
D.Chamara
bohoma sthuthi sahooo jaya ..
kodagoda
tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
Thanks machan
Jya wewa.Pavani_perera
Sub ekata thanks.
Idhu namma aalu film eke sub eka dennako aiye plzzzRavisara Dharmapala
Film eka hody eth ratings 8 dune nm aparde..tykk witr matnm madi kathwa..mn hituwa trm nm tibbe ne..but thnks for the sub..
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Hansa
Meka Download karaganna hode link ekk danna puluwanda katahri please...
Anonymous
Thnx for sub...❤
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Jiivi-2019.jpg)
Pattanee broo sthuthi sahooo