මසාලා, හාස්‍යජනක, නාට්‍ය වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය එම්. මුත්තයියාගේ අධ්‍යක්ෂණයක්. 2015දි නිකුත් වුණ කාර්ති, රාජ්කිරන් රඟපෑව Komban (2015) චිත්‍රපටයත් මුත්තයියාගේ අධ්‍යක්ෂණයක්. කොම්බන් චිත්‍රපටයේ කාර්ති, රාජ්කිරන් සංයෝජනය ආකර්ෂණීයයි. රාජ්කිරන් මේ වගේ ග්‍රාමීය කතා/ප්‍රාදේශීය චිත්‍රපටිවල තමයි වැඩිප…

මසාලා, හාස්‍යජනක, නාට්‍ය වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය එම්. මුත්තයියාගේ අධ්‍යක්ෂණයක්. 2015දි නිකුත් වුණ කාර්ති, රාජ්කිරන් රඟපෑව Komban (2015) චිත්‍රපටයත් මුත්තයියාගේ අධ්‍යක්ෂණයක්. කොම්බන් චිත්‍රපටයේ කාර්ති, රාජ්කිරන් සංයෝජනය ආකර්ෂණීයයි. රාජ්කිරන් මේ වගේ ග්‍රාමීය කතා/ප්‍රාදේශීය චිත්‍රපටිවල තමයි වැඩිපුර දකින්න පුළුවන්. වයස්ගතවීම නිසා මෑත කාලීනව නම් රාජ්කිරන් චිත්‍රපටියක දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. කොහොම වුනත් රාජ්කිරන් මිනිස්සුන්ගේ ආදරේ දිනාගත්ත, එයාගේ රඟපෑම බලන්න මිනිස්සු ආසාවෙන් බලන් ඉන්න නළුවෙක්. රජිකිරන්ගෙ චිත්‍රපටි බලලා තියෙන කෙනෙක්ට නම් මතක් වෙන්නෙ එයාටම විශේෂ වුණ වේට්ටිය බඳින විලාසිතාව. කොහොමින් හරි Muni (2007), Kaavalan (2011), Venghai (2011), Rajini Murugan (2016), Pa Paandi (2017), Sandakozhi 2 (2018) වගේ චිත්‍රපටිවල මෑත කාලයේදි දකින්න පුළුවන් වුණා. විශේෂයෙන්ම Rajini Murugan (2016) චිත්‍රපටයේ හාස්‍යෝත්පාදක කොටස්වලට රාජ්කිරන් එක්ක සූරිත් එකතු වෙනවා. ඉතින් මේ චිත්‍රපටයෙදිත් ආයේමත් රාජ්කිරන්, සූරි දෙන්නා ආයේ හමුවෙනවා. චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක චිත්‍රපටියක් නොවුනත් හාස්‍යජනක කොටස් වැඩි ප්‍රමාණයක් මේ චිත්‍රපටයේ ඇතුලත් වෙනවා.
විරුමන් චිත්‍රපටයේ නළු නිළියන් විදිහට ප්‍රකාෂ් රාජ් චිත්‍රපටයට වැඩි බර ප්‍රමාණයක් තිබෙන චරිතයක් කරනවා. අපේ වීරයා කාර්තිගේ විරුද්ධවාදියා විදිහට තමයි ප්‍රකාෂ් රාජ් හමුවෙන්නෙ. රාජ්කිරන්, සූරි ගැන කලින් කතා කලානේ. සාරන්‍යා පොන්වන්නන් මෙහි වැදගත් චරිතයකින් හමුවෙනවා. සාරන්‍යා ගොඩක් චිත්‍රපටිවලදි අම්මාගේ චරිතයෙන් අපිව හමුවෙලා තියෙනවා. සාරන්‍යා, මනි රත්නම්ගේ තවත් එක් සොයාගැනීමක්. ලෝකප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක ශංකර්ගේ දුව අදිති ශංකර් මේ චිත්‍රපටියෙන් මුල්වරට සිනමාවට පිවිසෙනවා. තමන්ගෙ පලමු චිත්‍රපටයෙන්ම රළු චරිතයක් ඉදිරිපත් කිරීම විශේෂයි. මේ හැරුණම මනෝජ් භරතිරාජා, ඉලවරසු, G.M. සුන්දර්, සිංගම්පුලි, කරුනාස්, වඩිවුකරසි යන අය මීට රංගනයෙන් දායක වෙනවා.
කාර්ති Paruthiveeran (2007) චිත්‍රපටයේ මදුරෛ භාෂා ව්‍යවහාරය වගේම හැසිරීම ස්වාභාවික ආකාරයෙන් ඉදිරිපත් කරනු ලැබුවා. සාමාන්‍යයෙන් නාගරිකව හැදී වැඩුන නළුවෙකුට ඒක අසීරු කාර්යයක්. අපභාෂාව යොදාගැනෙන චිත්‍රපටක් වූ Madras (2014) හි කාර්තිගේ රඟපෑම වෙනුවෙන් සම්මාන හිමිකර ගන්නවා. තවදුරත් කාර්තිට ප්‍රාදේශීය චිත්‍රපටවල චරිත නම් අපහසු කටයුත්තක් නෙවෙයි. මේ වසරේදි නිකුත් උන Vikram (2022) චිත්‍රපටියේ කාර්ති හඬින් විතරක් එකතුවෙනවා. ඒ වගේම මනි රත්නම්ගේ අවුරුදු ගණනක හීනයක් වුණ පොන්නියින් සෙල්වන් කතා පොත සිනමාවට මැවෙමින් තියෙනවා. මීලඟට නිකුත්වෙන එහි පලවෙනි කොටසෙන් කාර්තිව නැවත හමුවනවා. ඒ හැරුණුකොට කාර්තිගේ සර්දාර් චිත්‍රපටය බොහෝ විට මේ වසරේදී නිකුත් වීම්ට ඉඩ තිබෙනවා.
විරුමන් චිත්‍රපටයේ සංගීතය යුවන් ශංකර් රාජා සපයනවා. ගීත හතරක් මේ චිත්‍රපටයේ ඇතුලත් වෙනවා. සිඩ් ශ්‍රීරාම් ගායනා කරම “ගංජා පූ” Lyrical වීඩීයෝව යූටියුබ් හි නැරඹුම් වාර මිලියන 50 පසුකරනු ලැබුවා. කොහොම වුණත් මේ Overseas නිකුත් වුණ පිටපතේ ඉලයරාජාගෙ “ආකසම් කන්නුකුල්ල” කියන ලස්ස්න සින්දුවක් ඇතුලත් වෙන්නෙ නැහැ. ඒකට හේතුව ඉලයරාජා තමන්ගේ ගීතවල Overseas අයිතිය එයා ගාවම තියාගන්න නිසාද දන්නෙ නැහැ.
මේ චිත්‍රපටියේ නිෂ්පාදකතුමා (සමහරවිට දන්නවා ඇති) නළු කාර්තිගේ අයියා සූරියා වගේම නෑනා ජ්‍යෝතිකා. අගෝස්තු 12 නිකුත් වුණ මේ චිත්‍රපටියට ධණාත්මක ප්‍රතිචාර හැම අතකින්ම ලැබී තිබුණා. අධ්‍යක්ෂක මුත්තයියා මේ ආකාරයේ ප්‍රාදේශීය චිත්‍රපටි කිරීමටම විශේෂ වූ කෙනෙක්. එයා මේ වෙනකල් කල හැම චිත්‍රපටියක්ම ප්‍රාදේශීය චිත්‍රපටයි. මේ චිත්‍රපටය නිකුත් වූ දින ආදායම ඉ.රු. කෝටි 8ක් පමණ හිමි කරගන්නවා. මේ වනවිට 2022 වර්ෂයේ වැඩිම ආදායම් වාර්තා හිමිකරගත් චිත්‍රපට ලැයිස්තුව අතරට මේ චිත්‍රපටියත් ඇතුලත්. සූරියාගේ මේ වර්ගීකරණයේම ආව චිත්‍රපටිය මේ ලැයිස්තුවේ Etharkkum Thinindhavan (2022) ඉ.රු. කෝටි 100 පහු කරලා තියෙනවා. මේ අවුරුද්දෙ පහුගිය අවුරුදු වල ආදායම් අතරින් අසාර්ථක වුණ නළුවන් කිහිප දෙනෙකුටම බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා අලුත් කරගන්න පුළුවන් වෙනවා. Thiruchithrambalam ධනුෂ්ගේ පලවෙනි කෝටි 100 චිත්‍රපටිය වෙයිද කියලා ඉස්සරහට දැනගන්න පුළුවන් වේවි.
පුළුවන් ඉක්මනින්ම තවත් චිත්‍රපටයකින් හමුවෙන්නම්. අදහස් දක්වන හැමෝටමත් ඔයාලා හැමෝටමත් ස්තූතියි! ඉස්සරහටත් අදහස් උදහස් බලාපොරොත්තු වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip / HD පිටපත සඳහා අදාළ වේ.
21,231 downloadsDownload Viruman-2022-HD-Update.zip191 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
55 comments
Spider
Arawinda Sunimal
ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි
Pasindu Madumal
සබට තුති වේවා සහෝ ❤️
Naveen Mbr
ස්තූතියි පසිඳු සහෝදරයා!
Diluk shehan
ස්තූතියි sub එකට, පුලුවන්නම් gulu gulu එකෙත් කරන්න
Naveen Mbr
කරන්න තමයි හිතාගෙන හිටියෙ. විභාග වැඩ නිසා කරන්න වෙන්නෙ නැහැ. පහුවෙලා දෙන්න බලනවා. ස්තූතියි ;-)
Kavishka
Originala
Gayan
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
ඉක්මනින්ම සබ් එක ගෙනාවට තව සැරයක් ස්තුතියිSanjeewa2010
Pattaaaaaaaaaaaaaaaaa
මයුර
සබට තුති මචෝ..
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Kushan
Sub akta thanks
Anonymous
පිස්සුනේ
Anonymous
සබ් එකට තෑන්ක්ස් ❤️
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Kavi
එනකල් බලාගෙන හිටියෙ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Naveen
උපසිරසියට තුති
Anonymous
Patta
ඩිලා
ස්තුතියි මචෝ
Lahiru
මුලින්ම බයිස්කෝප් එකෙන් සබ් එක ලැබුනේ කාලෙකට පස්සේ
Naveen Mbr
හැමෝම ස්තූතියි!
Udaya Fdo
Thank you
Anonymous
Samith
Thanks brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Rolex nathei
Naveen Mbr
රෝලෙක්ස් සර් කියන්න. නම විතරයි පෙන්නන්නෙ. ;-)
Madhawa Priyankara
කතාවෙ මුල් ටික අනිවා කියන්න... මේච්චර ප්‍රශ්න මැද්දෙ හැම එකම බලන්න වෙලාවක් නෑ බ්‍රෝ...
Rumesh
තැන්ක්ස් සහෝ
Yash
Tamilmv
Tamilrockerz එකක්වත් දැන් වැඩ නැහැනේ
Tamil,hindi film walata torrent gnna puluwn site ekak kynnko
Sub ekata thanksNaveen Mbr
ටැමිල් මූවි එකේ අගට .space/ .cyou කියලා ගහන්න. ටැමිල්බ්ලාස්ට එකේ අගට .casa කියලා ගහන්න. සයිට් දෙකම වැඩ.
Eranda
Thanks brother
Oshadha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
bunny
Thanks buddy
Naveen Mbr
අදහස් දැක්වූ හැමෝවම ස්තූතියි! <3
Idunil Weerasinghe
Thanks brother
dulan
ස්තුතියි !
Anonymous
HC E Sub copyakda thynne
Naveen Mbr
ඔව්.
ජල්ලි
ගැම්මක් බ්‍රෝ
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Vikrant rona kannada film eka heta release wenawalu
Sub eka ikmanin demu baiscope kawruhari set welaChami
Thanks brother
Anonymous
තැන්ක්ස් ලොක්කා
Anonymous
එලකිරි සුපිරිකිරි
Jevan
Thanks brother
Sheron
Thanks brother for sub ..keep going ..
නදීක ගුරුගේ
ෂ්තුතියි ෂහෝදරයා
Naveen Mbr
හැමෝටම ස්තූතියි!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
බොහෝම ස්තූතියි සහෝ...ජයවේවා..
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Sub ekata Thanks