මම අද අරගෙන ආවෙ 2012 වසරෙ නිකුත් වුන 2012 වසරේ හොඳම විදෙස් භාෂා චිත්‍රපට වලින් එකක්. චිත්‍රපටය IMDB 7 ක අගයක් අරගෙන තියෙනවා වගේම සම්මාන කිහිපයකට නිර්දේශ වෙලා තියෙනවා. ඇත්තම කිවවොත් නම් ටිකක් හිතට තදින්ම දැනෙනවා.යුද්ධයකින් හැමදාම පීඩා විඳින්නෙ අහිංසක වගේම නූපන් දරුවො කියන එකට මේක හොඳ උදාහරණයක් . හ…

මම අද අරගෙන ආවෙ 2012 වසරෙ නිකුත් වුන 2012 වසරේ හොඳම විදෙස් භාෂා චිත්‍රපට වලින් එකක්. චිත්‍රපටය IMDB 7 ක අගයක් අරගෙන තියෙනවා වගේම සම්මාන කිහිපයකට නිර්දේශ වෙලා තියෙනවා.
ඇත්තම කිවවොත් නම් ටිකක් හිතට තදින්ම දැනෙනවා.යුද්ධයකින් හැමදාම පීඩා විඳින්නෙ අහිංසක වගේම නූපන් දරුවො කියන එකට මේක හොඳ උදාහරණයක් .
හරි මෙහෙමයි කතාව,
අප්‍රිකානු සිවිල් යුද්දය අතර තුරදී එක්තරා ගමක වාසය කරන 12 හැවිරිදි කොමෝනා නම් දැරියක් යුද්දයේදී අත් දුටු සිදුවීම් වටා තමා මේ කතාව දිව යන්නෙ. දිනක් මෙම දැරියගෙ ගමට කඩා වදින කැරලි කරුවන්,ගම් වැසියන් අමු අමුවේ ඝාතනයට ලක් කරනවා. එක් කැරලි කරුවෙක් කොමෝනාගෙ අම්මා, තාත්තා ඇතුලු පවුලම දණ ගස්වලා කොමෝනට තුවක්කුවක් දීලා කියනවා තමන්ගෙ පවුල ඝාතනය කරන්න කියලා. 12 හැවිරිදි දැරියකට කොහොම දැනෙනව ඇතිද මේක. කොමෝනා කරගන්න දෙයක් නැතුව බලාගෙන ඉද්දි කැරලි කාරයා කියනවා “උබ මුන්ව මැරුවෙ නැත්තන් මම මුන්ව කැත්තකින් කොටල මරනවා, උන් සෑහෙන්න විදවලා මැරෙයි”. අවසානයේ ඇය තම පවුලම වෙඩි තියලා මරල දානවා.
කොමෝනා ඇතුලු ගමේ ඉතිරි උන මිනිස්සු බලෙන්ම කැරැල්ලට බදවා ගන්නවා. ඔවුන්ට අවි ආයුධ පුහුනුවක් එහෙමත් ලබා දෙනවා. කොමෝනගෙ දර්ශනයෙන් ප්‍රහාරයකින් බේරීමට හැකිවන බව විස්වාස කරන කැරලි නායකයා නැත්තන් මහ කොටියා කොමෝනා ඔහුගෙ මායා කාරිය ලෙස නම් කරනවා. කොමෝනා මේ කැරලි කාරයෝ කන්ඩායමේ තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් ඇති වෙනවා. පස්සෙ ඒ තරුණයා කොමෝනට ඔහුත් එක්ක විවහ වන ලෙස ඉල්ලනවා. ඒකට කොමෝනා ඇගේ පෙම්වතාගෙන් දෙයක් ඉල්ලනවා, හරි අමුතු දෙයක්. කොහොම හරි පෙම්වතා ඒකත් හොයා ගන්නවා. පස්සෙ දෙන්නා විවහ වෙනවා.
මහා කොටි නායකයා නිසා ඇය ගැබිනියක් වෙනවා. විටක ඇය දෙවියන්ගෙන් පවා ඉල්ලනවා උපදින දරුවට ආදරේ කරන්න මට හයිය දෙන්න කියලා. මේ තත්වය ගැන සළකා බලද්දි සැබවින්ම ඇය ඔහුගෙන් නිදහස් උනාදැයි ඇත්තටම කියන්න අමාරුයි.
එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,691 downloadsDownload war-witch-2012.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
13 comments
Kantha_DLA
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
මේක මම මීට අවුරුදු ගානකට කලින් බැලුවා. හැබැයි එදා හිතුනා කවදාවත්ම මේ වගේ කාලයේ වැලිතලාවෙන් වැහිල හැංගිලා ගියපු සිනමා පටයකට සිංහල සබ් එකක් නං හැදෙන එකක් නෑ කියලා.
සහෝගෙ අනිත් නිර්මාණ 4ම මම රසවින්දා. පුලුවන්නම් දිගටම භාෂා බේදයකින් තොරව මේ වගේ පරණ උනත් හොඳ සිනමා නිර්මාණ වලට සබ් දෙන්න...
ආයිමත් සබ් එකට බොහොම ස්තූතියි...!ප.ලි - පුන්චි ඉල්ලීමක්,
පුලුවන්නම් පහුගිය අවුරුදු වල ඔස්කාර් සහ කෑන්ස් සිනමා උළෙලවල් හොඳම විදේශ භාෂා සිනමා සිත්තමට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ උන ෆිල්ම් වලට සබ් කරන්න...
ලෝක සිනමාවේ අපූර්වත්වය දකින්න කැමති තව හුඟක් අය ඉදීවි...Lakshansilva18
Thanks for Subtitles
Requests :- In the name of the father (1993)
Primal Fear (1996)
The Lincoln Lawyer (2011)
The Wind That Shakes the Barley (2006)
Arlington road (1999)Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Bimsara Yashan(ඔලිව)
හොඳ නිර්මාණයක් වගේ. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Dewadithya
Thanks for Sub!
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
manoj
turistas 2006 sinhala sub hoyala denna loku udauvak
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!