සියලු දෙනාටම සුභ දවසක් වේවා. අද අරගෙන ආපු ෆිල්ම් එකනම් ගොඩක් කට්ටිය මේ වෙනකොටත් බලලා ඇති. බලපු අයනම් දන්නවා ෆිල්ම් එක කොයි වගේද කියලා. කොහොම හරි මේ වගේ සුපිරි ෆිල්ම් එකකට තාමත් සිංහල උපසිරැසියක් නොතිබුන නිසා තමයි තිසර නියෝ සහෝට කියලා උපසිරැසිය වෙන් කරගත්තේ. කොහොමින් කොහොම හරි වැඩේ පටන් ගත්තට පස්සෙ…

සියලු දෙනාටම සුභ දවසක් වේවා. අද අරගෙන ආපු ෆිල්ම් එකනම් ගොඩක් කට්ටිය මේ වෙනකොටත් බලලා ඇති. බලපු අයනම් දන්නවා ෆිල්ම් එක කොයි වගේද කියලා. කොහොම හරි මේ වගේ සුපිරි ෆිල්ම් එකකට තාමත් සිංහල උපසිරැසියක් නොතිබුන නිසා තමයි තිසර නියෝ සහෝට කියලා උපසිරැසිය වෙන් කරගත්තේ. කොහොමින් කොහොම හරි වැඩේ පටන් ගත්තට පස්සෙ තමයි තේරුනෙ මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි සකස් කිරීම කොච්චර අමාරුද කියලා. හේතුව තමා මේ ෆිල්ම් එකේ ගොඩක් වෙළද නාම වගේම අහලවත් නැති වචන අඩංගු වෙලා තිබුනෙ. ඒ නිසා නිරන්තරයෙන් අන්තර්ජාලය එක්කමයි ඉන්න උනේ. කාර්‍යබහුල කාල වකවානුවක් කොහොමින් කොහොම හරි ඉක්මනට ඔන්න වැඩේ අහවර කලා. ඉතින් වැඩිදෙයක් නොකියම තිසර නියෝ සහෝට වගේම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතිවන්ත වෙමින් මම ෆිල්ම් එක පැත්තට හැරෙන්නම්.

මේ ෆිල්ම් එකේ නම National Lampoon’s Van Wilder. මේ ෆිල්ම් එක වෑන් වයිල්ඩර් කතා මාලාවේ පලමු චිත්‍රපටය ලෙස මුල්වරට ප්‍රදර්ශනය කරනු ලබන්නේ 2002 අප්‍රේල් 05 වැනි දිනයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ වෝල්ට් බෙකර් (Walt Becker) විසින්. මේ චිත්‍රපටය සදහා ලැබී තිබෙන IMDB අගය 6.4/10.ඒ අගය කොතරම් සාධාරණද කියලා චිත්‍රපටය නරඹලාම ඔයාල තීරණය කරන්න. මේ කතා මාලාව කවුරුත් දන්න American Pie කතාමාලාව වගේම Comedy (ප්‍රහසන), Romance (ආදර) ගණයට අයිති වෙන්නක්. මේ චිත්‍රපටය මිනිත්තු 92ක කාලයක් පුරා ධාවනය වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රග දක්වන්නෙ රයන් රෙනෝල්ඩ්ස් (Ryan Reynolds) හා ටාරා රෙඩ් (Tara Reid) විසින්. රයන් රෙනෝල්ඩ්ස්නම් දන්නවනෙ කට්ටිය. ඩෙඩ්පූල්, ග්‍රීන් ලැන්ටර්න් චරිත රග දක්වන්නෙත් මෙයාම තමයි. ෆිල්ම් එක ගැනනම් ඉතින් මීට වඩා දෙයක් කියන්න නෑ. ඒත් චිත්‍රපටේ වෙන කතාව කියන්න ඕනැනේ.

මේ චිත්‍රපටයේ කතාව ගොඩ නැගෙන්නෙ වෑන් වයිල්ඩර් කියලා පුද්ගලයෙක් වටා. මෙයා ඉගෙන ගන්නෙ කූලිජ් කැම්පස් එකේ. ඒකත් ඇවිල්ලා පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 7ක ඉදන්. වෙන අයනම් කැම්පස් යන්නෙ උපාධිය ගන්නනේ. ඒත් මෙයානම් කැම්පස් ගිහිල්ලා තියෙන්නෙ ඒකට නෙවෙයි. ඒකට ගියානම් ඉතින් අවුරුදු 7ක් කැම්පස් එකේ පල්වෙන්න ඕනැයැ. ඉතින් මෙයා විභාගවලින් කට්ටි පැන පැන තමන්ට ඕනැ විදිහට කැම්පස් එක ඇතුලේ කරක් ගහනවා. මෙයා කැම්පස් එකේ කොච්චර ජනප්‍රියද කියනවනම් කැම්පස් එකේ ඉන්න කනිටු සිසු සිසුවියන්ට ඕනෙත් මෙයා වගේ වෙන්න. මෙයාගෙ නම කිව්වම කැම්පස් එකේ නොදන්න කෙනෙක් නෑ. ඔහොම ඉතින් කතාව යද්දී මෙයාගෙ ප්‍රසිද්ධිය නිසාම මෙයා ගැන වාර්තා කරන්න මාධ්‍යවේදියෙක් එනවා. මාධ්‍යවේදියෙක් කීවට මෙයා මාධ්‍යවේදීනියක්. ඔන්න ඔතනින් තමයි කතාව හරියටම පටන් ගන්නෙ. මෙතන ඉදන් තමයි වෑන්ට නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නෙ. මීට වඩා දෙයක් කියන්න යන්නෙ නෑ රසාස්වාදය බිදෙන නිසා. කතාව බලලම දැනගන්න පුලුවන් මොකද වෙන්නෙ කියලා.

මේ චිත්‍රපටය සුපිරිම චිත්‍රපටයක් කියලා අවිවාදයෙන්ම කියන්න පුලුවන්. ඒ නිසා මේ චිත්‍රපටය බලන්න කියලා සියලුදෙනාටම ආරධනා කරනවා. කලින් බලල තියෙන කට්ටිය උනත් සිංහල උපසිරැසියත් එක්ක ආයි බලයි කියලා හිතනවා. කොහොමහරි මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් දර්ශණ හා වාග් භාවිතය නිසා වැඩිහිටියන් පමණක් මෙය නරඹන්න කියලා කියන්න ඕනේ. මේ චිත්‍රපට මාලාවේ කොටස් 3න් මේ පලවෙනි කොටස. තුන්වෙනි වෙනි කොටසට දැනටමත් බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසිය ලබා දී තිබෙනවා. ඉතින් මේ චිත්‍රපට මාලාවෙ දෙවෙනි කොටසටත් සිංහල උපසිරැසිය ලබා දීමේ බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. ඔබට ජය…

….ඔබ අනාගතය ගැන ඕනෑවට වඩා හිතනවනම් ඔබට වර්තමානය ගැන අමතක වෙනවා…( වෑන් වයිල්ඩර් )

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

10,470 downloadsDownload van-wilder-2002.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සාලිය රණස්ගල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,470 downloadsDownload Subtitles60 KB

34 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Malisha886

      Thanku

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. පුලුවන් නම් මේකෙ දෙවනි ෆිල්ම් එකටත් සබ් එක දෙන්න :)

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේකනම් සුපිරි කොමඩියක්...
    මේකේ දෙවෙනි එකටත් සබ් අරන් එමු...

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේකට සබ් එක දෙයි කියලා හිතුන හින්දම තාම බැලුවේ නෑ..බොහොම පිං හොදේ...ජය!

  5. pravmahe

    මම කැමතිම ෆිල්ම් කැටගරි එක. ගොඩක් ස්තුතියි.

    Van Wilder
    National Lampoon

    ෆිල්ම්ස් කලෙක්ශන් එක සම්පූර්න වෙන්නම උපසිරසි දෙන්නකො සහෝ.

  6. Rukshan37

    Ela ela

  7. Sandeepmadushan

    Thanx saho sub ekata..

  8. MadRad0912

    Thanks brother

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  13. කෞශල්‍ය දුෂ්‍යාන්

    සුපිරියක් හොදේ.පට්ටම ෆිලුම.හොදට හිනාවෙන්න පුලුවං.සබට තුති මචං.මේකේ 2006 අාපු එකටත් සබ් දියං.සදා ජය.

  14. baiscopelkishu

    thnkx machn sub ekata

  15. Asanke

    Thanks for sub

  16. Achi

    දෙවෙනි එකට සබ් එක දෙමු තද කොර

  17. Udara Damith Dissanayaka

    maru

  18. jagath55

    Thanks

  19. Dewadithya

    Thanks for Sub!

  20. arawindasunimal

    bohoma sthutiy sub ekata obata jaya

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. dragonhero

    thanks

  23. sandaruwan

    thenx machoo sub ekata puluwannam Van Wilder 2: The Rise of Taj (2006) mekatath su demuda

  24. Chamaththa shamod

    Niyamai

    1. Anonymous

      Meke 2ta sub krnnako

  25. Yashan_KLD

    anith ekatth ikmnt sub dapan macho..;D

  26. AsithaDilruwan

    ela saho thanks

  27. MAALnath

    Thanks .................good luck ..................

  28. Kevin__

    මෙකෙ දෙවැනි එකටත් සබ් දියන් බං

  29. Dulan Madhushan

    Film download karanna bee bm
    Openload link weda nee
    .

  30. Asitha_desh

    Thnk u brother, supiri wdk

  31. Hemal

    Van wilder 2 eke sinhala sub thama nadda?

  32. Gayana Thathsara

    දෙවනි ෆිල්ම් එකට ස්බ් එක දෙන්න්කො බ්‍රෝ... මේක සුපිරියක්නෙ American pie වාගෙ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.