[box] සෑහෙන දෙනෙක් කාලයක් පුරාවට කරපු ඉල්ලීමක් ඉටු කරමිනුයි මෙලෙස අප යලිත් හමුවන්නෙ, මේකේ දිගුකල පිටපත එහෙම නැත්නම් Extended පිටපත වෙනුවෙන් බොහෝ කලෙක පටන්, ඔබෙන් අප වෙත ඉල්ලීම් ලැබුණා. නමුත් තිබුන කාල වෙලාව එක්ක මේක බොහෝ ලෙසින් අතපසු වුණා. ඒ වෙනුවෙන් දහස් වාරයක් සමාව අයදිනවා සමස්ත බයිස්කෝප් උපසිරැස…

සෑහෙන දෙනෙක් කාලයක් පුරාවට කරපු ඉල්ලීමක් ඉටු කරමිනුයි මෙලෙස අප යලිත් හමුවන්නෙ, මේකේ දිගුකල පිටපත එහෙම නැත්නම් Extended පිටපත වෙනුවෙන් බොහෝ කලෙක පටන්, ඔබෙන් අප වෙත ඉල්ලීම් ලැබුණා. නමුත් තිබුන කාල වෙලාව එක්ක මේක බොහෝ ලෙසින් අතපසු වුණා. ඒ වෙනුවෙන් දහස් වාරයක් සමාව අයදිනවා සමස්ත බයිස්කෝප් උපසිරැසිකුවන් වෙනුවෙන්ම මම. ඉතිං වැඩි දෙයක් කියන්නේ නැහැ මේ ලෝඩ් ඔෆ් ද රිංග්ස් කතාව බලන්න ආව ඔයාල මේ කතාවේ කතෘ, J. R. R. Tolkien හට හොබිට්වරුන්ගේ ලෝකය සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් කතාවට අනුබල ලැබුන ඔහුගේ ජිවිත කතාව රැගත් Tolkien 2019 සිනමාපටය නරඹන්නත් ආරාධනා කරනවා මං.
බල මුදුවක් නිසාවෙන් ලොව පුරා ප්‍රචලිත වූ හොබිට්වරුන් විසූ මිඩ්ල්-අර්ත් නමැති මනඃකල්පිත ලෝකය නිර්මාණය කරන්නේ J. R. R. ටොල්කීන් විසින්. ඔහු භාෂා පිලිබඳව ඔක්ස්ෆර්ඩ් ශාස්ත්‍රපතියෙක්. කුඩාකල ඉඳලම ඔහුට මවගෙන් ලැබෙන ආභාසය ඔස්සේ මනඃකල්පිත ලෝකයන්ට පිවිසි ඔහු තමන්ගේ ජිවිතයේ අත්දුටු සියලුම අත්දැකීම් සහ හැඟීම් කැටිකොට නිම කරපු දැවැන්ත නිර්මාණ ද්විත්වය තමයි අපි අද මෙලෙසින් විශිෂ්ඨ කෘති පෙළක් සහ සිනමාපට හයක් ලෙසින් අත් විඳින්නෙ.
කුඩා අවධියේ පියා මිය යාමත්, නව යොවුන් වියේදී මවගේ මියයාමත් සමග මේ ලෝකේ තනිවෙන ටොල්කීන්ට තනි නොතනියට ළඟ හිටියෙ ඔහුව හදා වඩාගත්ත නිවසේම සිටි තවත් අනාථ දැරියක් වූ ඊඩිත් සහ ඔහුගේ පාසල් ඔහුට සිටි මිත්‍ර සන්ධානයේ මිතුරන් තිදෙෙනා. පසු කලෙක ටොල්කීන්ට සිදුවෙනවා තම පෙම්බරිය ඊඩිත්ව හෝ ඔක්ස්ෆර්ඩ් යාම යන දෙකෙන් එකක් තෝරගන්න. බොහොම අමරුවෙන් ටොල්කීන් ඊඩිත්ව අත් හැරලා ඔක්ස්ෆර්ඩ් තෝරාගන්නව. මේ අතරවරයේ තමයි පළමු ලෝක සංග්‍රාමය එළබෙන්නේ. ඉතිං හැමෝම වගේ ටොල්කිනුත් පළමු ලෝක සංග්‍රාමයට එකතු වෙනවා. ඒ වෙනකොට ටොල්කීන් සහ ඊඩිත් දෙදෙනා නැවත එකතු වෙලා.
පළමු ලෝක යුධ සංග්‍රාමයේ Battle of the Somme නමින් හැඳින්වෙන සටනේදී ඔහුගේ මිත්‍ර සන්ධානයේ මිතුරන් දෙදෙනෙක්ව ඔහුට අහිමිවෙනවා. එහිදී දැඩිව ගිලන් වන ඔහුව නැවත එංගලන්තය බලා එවනව. ඒ අතරවාරයේ පළමු ලෝක යුධ සංග්‍රාමය නිමා වෙනවා. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් භාෂාව පිළිබඳව තම උපාධිය ලබාගන්නා ඔහු එහිම මහාචර්යවරයෙකු ලෙසින් සේවයට එක් වෙනවා. ඒ විතරක් නෙමෙයි කාලයක පටන් තමන් සමග සිටි සොදුරු යුවතිය ඊඩිත්ව විවාහ කරගන්නවා. ඒ අතරවාරයේ තමයි ඔහුගේ සිතේ දිගු කාලයක් පුරාවට ගොඩ නැගෙමින් තිබුන මිඩ්ල් අර්ත් නමැති අපුර්ව ලෝකය තම සිතින් එලියට අරගන්න ඕන කියල ටොල්කීන්ට හිතෙන්නෙ. ලෝඩ් ඔෆ් ද රිංග්ස් පළමු සිනමාපටයෙහි එන, ටූක්, පිපින්, ෆ්‍රෝඩො සහ සෑම් විදියට තමන් පාසලේ මිත්‍ර සංධානය ජීවමාන කරන ඔහු හරි අපූරුවට තමන්ගේ පෙම්බරිය, ඊඩිත්වත් තමන්වත් ඔහුගේ මේ මනඃකල්පිතය තුල ජීවමාන කරවනව..
ලෝඩ් ඔෆ් ද රිංග්ස් පළමු සිනමාපටයේ එක්ස්ටෙන්ඩඩ් ( ටීවී එකේ ගිය සිංහලෙන් හඬකවපු එකේ මේ කොටස නැහැ මට මතක විදියට) පිටපතේ පැය 1 විනාඩි 8 තත්පර 50 පමණ ගිය තැන, පිපින්, ටූක්, ෆ්‍රෝඩො සහ සෑම් සමගින් ඇරගොන් කඳවුරු ලාගෙන ඉන්න අතරවාරයේ ඇරගොන් අඳුරු හිස් අවකාශය දිහා බලාගෙන එල්ව්ස් බසින් ගීයක් මුමුණනව. එය එල්ව්ස් බසින් “Tinúviel Elvanui” නම් වෙනවා. ඉතිං ඒ මොහොතේදී හෙමින් සැරේ ඔලුව උස්සලා බලන ෆ්‍රෝඩො ඇරගොන්ගෙන් අහනවා ඒ ගියෙන් කියවෙන යුවතිය කවුද කියල. (මනුෂ්‍යයෙක් වෙන ඇරගොන් පෙම් බදින්නෙත් අමරණීය අර්ල්ව්ස් ආර්‍යාවක් වෙන අර්වෙන්ට.) ඇරගොන් මෙන්න මෙහෙම උත්තර දෙනව.
“ලූතියන් ආර්‍යාව ගැන. බෙරෙන් කියන මිනිසාට තමන්ගේ ආදරය පුද දුන් අමරණිය එල්ව්ස්-ආර්‍යාව. “
ඊට පස්සේ ෆ්‍රෝඩො සහ ඇරගොන් අතර මෙහෙම දෙබසක් ඇතිවෙනවා.
ෆ්‍රෝඩො : ඇයට මොනවද උනේ ?
ඇරගොන් : ඇය මියගියා.
1971දි ඊඩිත් මිය යනවා, ඊට හරියටම වසර දෙකකට පසුව 1973දි ටොල්කීන් මිය යනව. ජිවිත කාලය පුරාවටම වගේ එකට පෙමින් හුන් ඊඩිත් සහ ටොල්කීන් දෙදෙනාම වෙනුවෙන් පොදු වූ සොහොන් ස්ථම්බයක් නිර්මාණය කරනවා ඔහුගේ දරුවන් විසින්. එහි මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
” ඊඩිත් මේරි ටොල්කීන්.
‘ලූතියන්’
1889 – 1971
——————
ජෝන් රොනල්ඩ් රුවෙල් ටොල්කීන්.
‘බෙරෙන්’
1892 – 1973 “
~ ශාන් විමුක්ති. [ විමා ] ~
බයිස්කෝප් අඩවියට මම දෙන පළවෙනි ෆිල්ම් එක මේක. මම මෙච්චර කාලෙකට බලපු ෆිල්ම් වලින් කැමතිම එක මේක කියල කිව්වට වරදක් නෑ. ෆිල්ම් එක ගැන විස්තරයක් කියනවනං J. R. R. Tolkien ලියපු The Lord of the Rings කියන තුන් ඈදුතු කෘතිය මුල් කරගන 2001 වසරේදී එහි පළමු කොටස විදියට නිර්මාණය වුනු චිත්‍රපටය තමා මේක. IMDB 8.8ක් ලබාගත්තු මේ ෆිල්ම් එක IMDB Top 250 ලයිස්තුවේ 10 වෙනි තනි දිනාගනිමින් ලෝකය පුරා BoxOffice වාර්ථා කීපයකුත් තබන්න සමත් වුනා.
මේකේ කථාව මූලික වෙලා තියෙන්නේ සවුරොන් කියන නපුරු රජතුමා නිර්මාණය කල අතිශය බලවත් මුද්දක් මත. නමුත් යුද්ධයේදී මේ රජතුමා පරාජය වෙනව. තම ස්වාමියා වුනු සවුරොන් රජතුමා මැරුනට පස්සෙ මේ මුද්ද සෑම උත්සාහයක්ම ගන්නව තම ස්වාමියාට නැවතත් ජීවය දීමට ඔහු පාළනය කරපු ප්‍රදේශයට යාමට. නමුත් කාලයාගේ අවෑමෙන් වසර ගනනාවකට පස්සෙ ඒ මුද්ද ෂයර් වල බිල්බෝ බැගින්ස් කියන හොබිට්වරයාගේ අතට පත්වෙනව. ඔහුගෙන් පස්සෙ ඒ මුද්ද අයිතිවෙන්නේ ඔහොගේ ඥාති පුත්‍රයා වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට. බිල්බෝගේ යහලු මායාකරයෙක් ඉන්නව ගැන්ඩල්ෆ් ද ග්‍රේ කියල. ඔහු දකිනව මේ මුද්ද ෆ්‍රෝඩෝ ලඟ තියනව. ඒ වගේම ඔහු මේ මුද්දේ පුරාණ කතාවත් දන්නව. මේ මුද්ද විනාශ කරන්න හැකි එකම ක්‍රමය වන්නේ එය නිර්මානය කරපු මෝඩෝර් හි ගිනියම් ලාවා වලට පමණයි. ගැන්ඩල්ෆ් මේ මුද්ද ෂයර් වලින් පිටකරන්න ෆ්‍රෝඩෝට භාර දෙනව. මේ අතර සවුරොන්ගේ ආත්මය මුද්ද සොයාගෙන ෂයර් වලට එනව. ඒ අතර ඇතිවෙන ගැටුමකදී ෆ්‍රෝඩෝ මරණීය තුවාල ලබනව. එහිදී ෆ්‍රෝඩෝ සහ මුද්ද ගෙනියනව එල් රොන්ඩ් රජු පාලනය කරන රිව්ව්න්ඩල් කියන ප්‍රදේශයට. එහිදී මුද්ද විනාශ කිරීම සදහා අනෙකුත් රජවරුන්ගේ සහයෙන් 9 දෙනෙකුගෙන් යුත් මිත්‍ර සංගමයක් පිහිටුවා ගන්නවා. මුද්ද මෝඩෝර් වෙත ගෙන යෑමේ භාරදූර රාජකාරිය පැවරෙන්නේ ෆ්‍රෝඩෝට. ගැන්ඩල්ෆ් මග පෙන්වීමට ඉදිරිපත් වෙනව. ඔහු එම මුද්ද මෝඩෝර් වෙත රැගෙන යාම හා ඒ අතර සවුරොන්ගේ ආත්මයෙන් හා ඔහුගේ සේනාව සමග ෆ්‍රෝඩෝ ඇතුලු පිරිසට මුහුණ දෙන්න වෙන බාධක හා සටන් වලින් පිරි ත්‍රාසජනක ගමනේ ඉතුරු ටික මම කියනවට වඩා චිත්‍රපටිය බලලම දැනගන්න එක තමා වඩා හොඳ.
The Lord of the Rings: The Two Towers (2002) >>>
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR EXTENDED පිටපත් සඳහා ලබා දි ඇත.
( පැය 3 : මිනිත්තු 48 : තත්පර 12 )
99,769 downloadsDownload The.Lord_.of_.the_.Rings_.the_.Fellowship.of_.the_.Ring_.2001.updated01.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොයුරාට සහ ” ආදර කතාව ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
256 comments
vidushan
NIK
mn laga thiyenne meke extended version 1 bn.plz ekata hariyana widihatath suba hadala diynko. :( meke thiena torrent 1 weda karanneth ne.ekko subata hariyna weda karana torrent 1k diyn.
Viraj
Thank You Very Much!!!!
චාමල්
ඔන්න මම 3
විකියා
මැක්සා සහෝ...මේකෙ ඉතුරු කතා ටිකත් සබ් එක්කම දෙනවා නම් තමයි හොද..මොකද කතාවෙ රසය තියෙන්නේ කතා 3නම බැලුවහම...ඉතුරු බයිස්කෝප් 2කත් දෙනකම් බලාගෙන ඉන්නවා...ඔබට ජයෙන් ජය...!
Sugeeth
This film is good, but other parts are crap
Udaya සාලින්ද
thanks saho...... maxxxa
SAGARA
bohoma hondai puthe
Darshan
meke films 3 pennuva TV eke hathara parak vithara...eka nisa api films 3 baluva..a madivata films 3 giye Sinhalin hada kavala..vena new films tikak denna saho
San J
මේක නියම චිත්‍රපටියක්. මමත් කලින් කීපවතාවක්ම බලල තියන්වා.
තැන්කූ සහෝ සබ් වලටcc
thaknz macho sinhala sub walata. anit 2tat ikmanata dapan. :)))
Dinusha
thnx macha...anith film 2th ona...
udara
thanks saho. anith dekatath upasirasa dapan.
Priyantha De Silva
මේක නම් සහෝ.. මෙගා වැඩක් නේ.
ස්තූති කියලා නම් ඉවර කරන්න බෑ.uda
ස්තුතියි ආදර කතාව, මේ ගැන මගේ ආදරය පිළිගන්න, ඉතිරි දෙකත් දෙනකම් බලන් ඉන්නවා. සුබපැතුම් සහ ජය!
CoolGuy
Thanks bro....Meka ithuru tikatat subs denna plz..
chinthaka
thanx machan...monawa wunath mahansi wela karapu wedak..thanx hode...
raween
patta
Soysa
මේ ටොරන්ට් එක වෑඩ කරන්නෙ නෑ....
Sha
Meka patta film 1k. mama TV 1e yaddi baluwa. A unata apahu balanna dan down wenna damma :D
Thankzzzzzzzz Sinhala sub 1ta. ;) Meki anith kotas dekath sinhala sub 1th akkama denawa nam godak hodai. :)
Mona unath meka depu 1ka nam godak hoda deyak. meke saba friendship 1a gana hodata keyala denawa :) :) :)
Anonymous
Happe athi yantham
mama kela hala hala banan hitiye dan dei dan ddei kiyala
athiyanthan mechchara parakku wela hari sub ekkama dunna eka
maaara happy meeka tv eke giyata mata balanna beri wela thibbe
ekai mechchara amaaru
hamooma kiyalanawa meeka hodai kiyala ekai balanna asathanxs sub walata ane anith tikath sub ekkama denna hodeeeeeeee...............
elaaaaaaaaazzzzzzzzzzzzzz........
chamila
macho anith 2 tath sub dapan... Thanks....
ධනුෂ්ක ලක්මාල් (ධනා)
එල සහෝ වැඩේ නම්. ඒත් මේකේ කොටස් තුනම සිංහලෙන් හඩ කවලා සිරස ටීවි එකේ දෙපාරක් විතර ගියා.
ඒත් කමක් නෑ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති බයිස්කෝප් එකක් තමයි මේක..
ස්තූති සහෝ
tin tin
meka sirase goda parak patta gahuwane. bt im really appreciating ur work. a good one. bye
sajith
නියමයි.... ඉතරැ දෙකත් දෙන්නෝ............... ඉවසිල්ලක් නෑතෝතෝතෝතෝතෝතෝතෝතෝතෝතෝතෝ.... ජය වේවා සහෝ..... සිංහල සබ් තියනවනම්... නොබා කොහොමද....
dileepa
thankz macho anith dekath ikmanatama deepan
වා.මු. නිලන්ත පියසිරි
බොහෝම පිං.
sameera sujith
buhoma sthuthi wenawa, adara kathawata....
... :)අමල් ප්‍රසාද් සමරවීර
මාත් ෙම්ක බලලනම් තිෙයනවා!! අපරාෙද ෙම්කට සබ් දැම්ෙම.. ෙවන එකකට දැම්මනම් කියල වැඩක් නැහැ.කමක් නැහැ.. ඊළග පාර ෙවන එකකට දාන්නෙකා!! ස්තූතියි
navo
tnx bro!
Jayan Chamal
ela math asama eka k me frodoge yaluvo tika yaluvo kiyana namayata adarshayak
chamara
download wenne damma thanks for make sinhala
sub ..for this film ..
thanks...AMBARALLA
aparade ban me film walata sinhala sub danda mahansi wenne... meka godak un balala thiyenne
mark
meka balala tiyanawa eth ayet balanna hitiye..oyage subtitels walata godak thankz.....anik parts 2kat ikkmanatama sub dala apita dennako plz....great job my yarrrrr.....keep it up....thankz agani..god blz u
රාම් රාජ්
නියමයි
ajantha
mama me film okkoma balla thiyena wa eth sinhala sub eka balla na aneth flim 2k th sub hada lla dana wa na go..........dak thanz
AL1717
Niyamai Machan Meka Apu kalema Beluwa
Newath Sinhala Sub Thiyana nisa Balla Asawak Awa
Onna Eka Nisa Bewenna DAnawa
Thanks MachanAnik Dekatath Sinhala Sub Danna
Onna Thanks kiwwa
Jaya Wewaaaaa
තරිදු
niyamai...sinhala hadakawapu ekata wada hodai.niyama windanaya ganna puluwan
Ameera..
meka nobalapu kenek nathi tharam...
eth uthsayata thanks....charitha
නියම වැඩක් කරල තියන්නෙ සහෝ :) මේ film එක මම 5ස් පාරක් විතර බලල තියනව ...ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. මෙච්චර කාලෙකට මම බලපු හොඳම film 4න් (Lord of the rings Trilogy and Matrix 1) එකක් තමයි මේක.
සමහර film වල පලවෙනි කොටස තරම් දෙවෙනි තුන්වෙනි කොටස් හොඳනෑනෙ ඒත් මේ film එකේ අනිත් කොටස් දෙක පලවෙනි එකතරම්ම කුතුහලයකින් බලන්නපුලුවන්. මේක බලපු අය කෙසේවෙතත් බලපු නැති අයට කියන්න තියෙන්නෙ මේවගෙ විශිෂ්ට සිනමා නිර්මාණයක් බලලා රසවිඳින්න පින තියන්න ඕනෙ කියල :D
ඔයාගෙ උත්සහය අහකයන්නෙ නෑ සහෝ :) අනිත් film දෙකත් සබ් එක්ක දෙන්න
ජයවේවා..!
ND
මේක පරන Film එකක්නෙ.අළුත් Film ටිකක් දෙන්නකෝ.......
Subtitle Searcher
සිංහල උපසිරැි වලට ස්තූතියි!
uda
මේ චිත්‍රපටිය ගැන මට කියන්න තියෙන්නේ මේකයි. ඊයේ මම මේක ආයෙම බැලුවා. එවේලෙත් මට දැනුණේ එකම දෙයයි. ඒ තමා මේකෙන් පස්සේ මොන මොන ෆැන්ටසි ෆිල්ම්ස් ආවත් මේකට සම කරන්න තියා කිට්‍ටු කරන්නවත් ඒ එකක්වත් සමත් වෙලා නෑ. මේ වගේම තව එක කතා මාලාවයි තියෙන්නේ, ඒ Pirates of the Carribean විතරමයි. අනික මට තේරුම් ගියේ ජේ. කේ. රෝලින් තමන්ගේ හැරී පොටර් නිර්මාණය කරද්දී මේ කතාවෙන් ආභාෂය අරගෙන තියෙනවා; බලන්න මම හරිද කියලා
Lord of The Rings-
1.sauronගේ පණ තියෙන්නේ මුද්දේ, මැරිලත් නෑ; ඉන්නෙත් නෑ.
2.මුද්ද දඩයම් කරන අවතාර නැතිනම් සෙවණැලි.
3.මේකේ වතුර කැඩපත, වන රැජණ පෙන්වන. ඒකට මූණ ඔබන්නේ නැතුවම බලාගන්න පුළුවන්.
Harry Potter-
1.Voldormort ගේ පණ horcroxවල, එයාත් මැරිලත් නෑ; ඉන්නෙත් නෑ.
2.Death Eaters.
3.මේකේ මතක සටහන් වලට පිවිසෙන, ජල බඳුන. මූණ ඔබල බලාගන්න ඕනේ.
ඔය වගේ තවත් දේවල් කීපයක්ම තියෙනවා. මම මේ කිව්වේ බොහොම පැහැදිලි, ඒවා විතරයි. මම හිතන්නේ අනිත් අයත් එකඟයි මේකට. කොච්චර වුණත් Harry Potter කතා මාලාව මේකේ අහලකින්වත් තියන්න බැරි බවයි මගේනම් අදහස!Edgar
thanks bro.
chathurabuddi
macho okae katha 3ma sinhalen hadakawapu cd's tiyenawa. Sirasa tv eken hada kawala tiyenne
amila
ela ela
anith deketh sub title hadala daanna
mama flm tika beluwa samahara then nikam grrreeek wage sub ekka beluwama therei
tnxdumith
meke anith film ekath dunna nam hodai neda? film eka nam ela sinhala upasirasi ekka thanx.......
oshan
maru wadak oya karala tinne
GRT tnx meke anit films tikat danna oyata gdak tnxරත්ගමයා
අනිත් ඒවටත් සබ් දියන්..ඒවත් දවස් දෙකෙන් ගොඩ දාගන්න පුලුවන් වේවි නේ..එල කිරි...මේකෙන් විතරක් නවතින්න එපා හරි
dinesh
එළකිරි වැඩක්. Thanks a lot.
ඉතිරි දෙකත් එනකල් අපි බලන් ඉන්නවා
ඔබට ජය ..!Anonymous
......mma me film 1 4/5 wathawak baluwa.ath thawath balanna asai kOla.....oya krnne loku deyak....meya translate krapu 1ta ....thnx kOla.....ela..kolleknre oya...bs
Advertisement
![The Lord of the Rings: The Fellowship of the Ring (2001) Sinhala Subtitles | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2011/06/The-Lord-of-the-Rings-The-Fellowship-of-the-Ring-2001.jpg)
patta,mamath asma film 1ka meka.sinhala upasirasata thanks