ඔන්න ඉතින් ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන එන්න තමා සූදානම. ඊට කලින් සමාව ඉල්ලන්න ඕනෙ, මං මේක බාරගෙන සබ් එක ලබා දෙන්න ගොඩක් කල් ගත්තා. පාසල් වැඩ නිසා තමා ගොඩක්ම වෙලා ගියේ. තාම ඉතින් නවය වසරෙනෙ ඉන්නේ 😀 හරි, දැන් ඉතින් කතාව පැත්තට හැරෙමු. මේක නත්තල වෙනුවෙන් හැදුනු ෆිල්ම් එකක් කිවුවොත් හරි. ඔයාල බලලත් ඇ…

ඔන්න ඉතින් ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන එන්න තමා සූදානම. ඊට කලින් සමාව ඉල්ලන්න ඕනෙ, මං මේක බාරගෙන සබ් එක ලබා දෙන්න ගොඩක් කල් ගත්තා. පාසල් වැඩ නිසා තමා ගොඩක්ම වෙලා ගියේ. තාම ඉතින් නවය වසරෙනෙ ඉන්නේ 😀
හරි, දැන් ඉතින් කතාව පැත්තට හැරෙමු. මේක නත්තල වෙනුවෙන් හැදුනු ෆිල්ම් එකක් කිවුවොත් හරි. ඔයාල බලලත් ඇති මේක, බලපු අයගෙන් ආයෙත් බලන්න කැමති අයටයි, බලල නැති අයටයි ඔන්න ඉතින් ගෙනාවා Jingle All the Way 2. ඒ වගේම කියන්න ඕනෙ, මේකෙ 1996 දිත් තවත් ෆිල්ම් එකක් නිකුත් වෙලා තියෙනවා. පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අවසන් වෙන තෙක්ම බලන කෙනාව සිනහවෙන්ම තබන මේ ෆිල්ම් එක 2014 දී 20th Century Fox කළ නිකුත් කිරීමක්. මේකට IMDB වලින් නම් හොඳ රේටිං ලැබිලා නෑ. ඒත් ඒක මේකෙ කතාවට බලපෑමක් වෙන්නෙත් නෑ.
කතාව ගෙතිලා යන්නෙ ලැරී කියන චරිතය තමන්ගෙ දුව වෙනුවෙන් “Harrison- The Talking Bear” කියන සෙල්ලම් බඩුව හොයන්න කරන දේවල් ගැන. මේකෙ පළවෙනි ෆිල්ම් එකෙත් මීට ආසන්න කතාවක් තිබ්බත් දෙකේ වෙන දේවල් ගොඩක් වෙනස්.
මෙන්න මේ විදිහට තමා චරිත නළු නිලියන් අතර බෙදිල යන්නේ.
Larry- Larry the Cable Guy
Victor- Brian Stepanek
Claude- Anthony Carelli
Noel- Kennedi Clements
Trish- Kristen Robek
Maggie- Rachel Hayword
Comedy, Family විදිහට වෙන මේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alex Zemm විසින්. යන්න කලින් ආයෙත් සමාව ඉල්ලනවා ලබා දෙන්න පරක්කු වුණ එක ගැන. ඒ වගේම කියන්න ඕනෙ මං කලින් කරපු Garfield Pet Force ෆිල්ම් එකේ වගේම මේකෙත් වැරදි ගොඩක් ඇති. ඒකටත් සමාව ඉල්ලනවා. තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුභ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,677 downloadsDownload Jingle-All-the-Way-2-2014.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
19 comments
THE NEW FOLDER
jagath55
Thanks
Thilina Jayarathna
thx malli man mekta sub dena kiyla godak kala apu davasl valamai kive dena kiyla meka patta .meke wwe eke superstar knk inva 3 time vada baluva dan apahu blanva thx malli
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කෞශල්‍ය දුෂ්‍යාන්
ශා පොඩි මලය කෙනෙක්.නියමයි නියමයි.දිගටම අපිට සබ දෙන ගමන් පාඩම් වැඩත් අතපසු කරනොගෙන කරගන්න කියලා ඉල්ලනවා.සදා ජය.උපසිරසට බොහොම තුති. :-) :-)
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!tharu20
Riverdale series ekata sub denawada??
chathura chamod
The Messengers [2007] me film eke sub one brothers ..plz.
gdluck :).Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Himantha
Sub ekata thanx malli. jevethaya jayama labewa kiyala prarthana karanawa.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති මල්ලී උපසිරසට..අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..!
Hiranhiru
ගොඩක් ස්තුතියි පුතේ.. ඔන්න මමත් උපසිරැසිය ගත්තා.. විවේක වෙලාවලට තවත් උපසිරැසි දෙන්න. තෙරුවන් සරණයි..!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!AsithaDilruwan
Ela saho thanks
James DC
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.
ᒹᗗᖺᓱᖇᘴ ᐺᕧᘗᓍᗰ
පැට්ටෝ,
සබ් කලාට පාඩම් වැඩ අතපසු කරගන්න එපා.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
niwanthaka
බොහොම ස්තූති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…