Watch Trailer

Julia’s Eyes Aka Los ojos de Julia (2010) Sinhala Subtitles | දෙනෙත් අඳ කතගේ මරණයේ අභිරහස [සිංහල උපසිරසි සමඟ](18+)

අද නම් අරගෙන ආවේ ටිකක් විතර පරණ ස්පාඤ්ඤ චිත්‍රපටියක්. සමහරු මේ වෙනකොට මේ චිත්‍රපටිය බලලා තියෙන්නෙත් පුළුවන්. කොහොම උනත් මේ චිත්‍රපටියේ සබ් එක සයිට් එකේ නැති එක පොඩි අඩුවක් වගේ දැනුන නිසා මේල් එකක් දාලා මං වැඩේ වෙන් කර ගත්තා. මේ ලිපිය ලියාගෙන යනකොට තමයි මට මතක් උනේ මං මුලින්ම සබ් කරන වැඩේ පටන් ගන්නක…

අද නම් අරගෙන ආවේ ටිකක් විතර පරණ ස්පාඤ්ඤ චිත්‍රපටියක්. සමහරු මේ වෙනකොට මේ චිත්‍රපටිය බලලා තියෙන්නෙත් පුළුවන්. කොහොම උනත් මේ චිත්‍රපටියේ සබ් එක සයිට් එකේ නැති එක පොඩි අඩුවක් වගේ දැනුන නිසා මේල් එකක් දාලා මං වැඩේ වෙන් කර ගත්තා. මේ ලිපිය ලියාගෙන යනකොට තමයි මට මතක් උනේ මං මුලින්ම සබ් කරන වැඩේ පටන් ගන්නකොට, සබ් කරන්න භාර ගත්ත චිත්‍රපටි වලට වඩා හාත්පසින්ම වෙනස් ඒවට තමයි දැන් මං සබ් කරන්නේ. Mystery, Thriller genre එකේ විදෙස් චිත්‍රපටි වලටත් සබ් කරන්න කවුරුහරි ඉන්නත් එපැයි. හරි එහෙනම් දැන් චිත්‍රපටිය දිහාට හැරෙමු.

Julias’s Eyes (Los ojos de Julia) කියන මේ ස්පාඤ්ඤ චිත්‍රපටිය 2010 අවුරුද්දේ රිලීස් උන එකක්. මං කලින් කිව්වා වගේ චිත්‍රපටිය අයත් වෙන්නේ Horror , Mystery , Thriller genre එකට. චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නේ Guillem Morales විසින්. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Belén Rueda, Lluís Homar, Pablo Derqui, Francesc Orella, Julia Gutiérrez Caba ඇතුළු නළු නිළියන් පිරිසක්. චිත්‍රපටියට ලැබිලා තියෙන IMDb අගය 6.7.

මේ චිත්‍රපටියේ කතාව ලියන්න, තවත් සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපටි අධ්‍යක්ශකවරයෙක් දායක වෙලා තියෙනවා. ඔහු තමයි Oriol Paulo. ඒ කවුද කියලා එක පාරටම මීටර් වෙන්නේ නැත්නම්, The Invisible Guest (2016) , The Body (2012) කියන චිත්‍රපටි දෙක අනිවා මතක ඇති. අන්න ඒ චිත්‍රපටි දෙක නිර්මාණය කරේ Oriol Paulo විසින්. තව, Julias’s Eyes කියන මේ චිත්‍රපටියේ නිෂ්පාදනයට තවත් සුපිරි හොලිවුඩ් අධ්‍යක්ශකවරයෙක් වෙන Guillermo del Toro දායක වෙලා තියෙනවා.

මං ඉතින් කවදත් අභිරහස් තේමාවක් ගත්ත චිත්‍රපටි වල කතාව ගැන මහ ලොකුවට කියන්න යන්නේ නෑ නොවැ. මේකටත් ඉතින් එහෙම තමයි. චිත්‍රපටියේ කතාව පටන් ගන්නේ, අකුණු ගසමින් වැස්ස වහින එක රෑක, ඇස් පේන්නේ නැති ගෑණු කෙනෙක්, අන්ධකාරය උතුරන ගෙයක් ඇතුලේ ‘තනියම’ කාත් එක්කද කතා කර කර ඉඳලා එක පාරටම බෙල්ලේ වැල දාගෙන සියදිවි නසා ගන්න දර්ශණ පෙලකින්. ඒ මොහොතෙදිම ඊට සැත්පුම් ගානක් ඈතින් ඉන්න ඒ ගෑණු කෙනාගේ නිවුන් සහෝදරියගේ බෙල්ල තද වෙලා හුස්ම ගන්න බැරි වෙනවා. නිවුන් අයට තමන්ගේ අනිත් සහෝදරයා / සහෝදරියට සිද්ධ වෙන දේවල් ගැන දැනෙනව කියනවනේ. ඉතින් ඒ නිසාම අපේ මේ සහෝදරියටත් එහෙම දෙයක් දැනිලා එනවා….. ඒ ඇති නේ….

හරි එහෙනම් තව අළුත් නිර්මාණයකින් ඉතා ඉක්මනින් නොවුනත් පුළුවන් ඉක්මනින් මුණ ගැහෙමු. ජය වේවා!

“පාරේ රාක්ෂයෙක් ඉන්නවා….
ඒත් කාටවත් ඒකව පේන්නෑ මොකද ඒකා
හැංගෙන්නේ අන්ධකාරයේ නිසා….,
රාක්ෂයො කියලා ජාතියක් නෑ. දැන් ඔය ඇති…
…..මං මේ කියන රාක්ෂයා ඉන්නවා.”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

5,287 downloadsDownload Julias-Eyes-2010.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කල්හාර වික්‍රමසිංහ

Subtitles

5,287 downloadsDownload Subtitles43 KB

25 comments

  1. Isuru minipa

    Thanks supiri film ekak meka puluwannam anukokundu okka roju 2005 teligu film eka denna sipiri mystery thriller film ekak

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Bandaramudiyansi

    Oyaa ganapu අභිරහස් movie okkama balala thiyanawa thank .

  4. Kulanjana Maduranga

    subata thanks,,,

  5. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  6. harshani11112

    ස්තුති සහො

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. raviz

    බොහොම ස්තුතියි....!

  9. Tharaka

    THANKS.........................

  10. kusal lakindu

    ස්තූතියි.

  11. Suranjan

    Thanks machan......jayawewa......!

  12. Udara Damith Dissanayaka

    thanksssssssssssss

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. AsithaDilruwan

    Ela saho thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. MovieMania

    Thank you.

  17. D.Chamara

    aniwa balanna oni ekka bohoma sthuthi saho ... jaya

  18. Lakshansilva18

    බොහොම ස්තුති උපසිරසියට

  19. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  20. Dewadithya

    Thanks for Sub!

  21. Amalka Himeshan

    Thanks sub ekata

  22. Gayan Chathuranga

    Thanks ! saho

  23. EM Nishshanka

    Thanks bn

  24. Anonymous

    තැන්කියු මචං....the invisible ගෙස්ට්..... the body මේ ෆිල්ම් දෙකම බැලුවා කියන්න දෙයක් නෑ පට්ටම ෆිල්ම් දෙක. බලමු මේ ෆිල්ම්එකත් අනිවාර්යෙන් ඒ වගේ ඇති..තෑන්ක්ස් මචන් සබ් එකට එල ජය වේවා

  25. හසිත

    සබ් එක ලබා දීම වෙනුවෙන් ස්තුතියි.