හිතපු නැති වෙලේක තමා ඔන්න මේ මුණ ගැහෙන්න එන්නේ. නොවැම්බර් 17 තිරගත උන චිත්‍රපටයක HC රිප් එකක් මෙච්චර ඉක්මනට ලැබේවි කියල කවුරුත් හිතුවේ නැහැ. නොහිතන දේවල්ම උන මේ චිත්‍රපටයට මේ උන දේ ගැනත් අමුතුවෙන් පුදුම වෙන්න උවමනා නැහැ. එහෙනම් ප්‍රමාද නොකර පොඩි විස්තරයක් එක්ක වැඩේට බහිමු. චිත්‍රපටය ගැන කියනවා නම්…

හිතපු නැති වෙලේක තමා ඔන්න මේ මුණ ගැහෙන්න එන්නේ. නොවැම්බර් 17 තිරගත උන චිත්‍රපටයක HC රිප් එකක් මෙච්චර ඉක්මනට ලැබේවි කියල කවුරුත් හිතුවේ නැහැ. නොහිතන දේවල්ම උන මේ චිත්‍රපටයට මේ උන දේ ගැනත් අමුතුවෙන් පුදුම වෙන්න උවමනා නැහැ. එහෙනම් ප්‍රමාද නොකර පොඩි විස්තරයක් එක්ක වැඩේට බහිමු. චිත්‍රපටය ගැන කියනවා නම් හැමෝම වගේ බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටයක් තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ සුපිරි වීරයන් හත් දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මම මේ ගැන මංසල තුලින් මීට පෙර දැනුවත් කිරීම් කළා. ඉතින් ඒ ගැන විස්තර ඔයාලට මෙතන තියෙන ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.
ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ අනුව ඇක්වාමෑන්, ග්‍රීන් ඇරෝ, සුපර්ගර්ල්, මාෂන් මෑන්හන්ටර් වගේ සාමාජිකයන් එකතු වෙනවා. ජස්ටිස් ලීග් ආරම්භය සිද්ධ වෙන්නේ 1960 වසරේදී. ඒ 1960 මාර්තු වල නිකුත් වූ The Brave and the Bold කියන කොමික් පොත ඇසුරෙන්. එමගින් කලින් තනිව ක්‍රියාකළ සුපිරි වීරයන් එකට එක්වී සතුරන් හා සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හරහා තමයි පළමු වරට සුපිරි වීරයන්ගේ කණ්ඩායමක අවශ්‍යතාව DC කොමික් රචකයන් අත්‍යවශ්‍ය දෙයක් ලෙසට දකින්නේ. පහත තියෙන්නේ ඒ කතාවේ මුල් කවරයේ චායාරූපයක්. පසුව එම වසරේම නොවැම්බර් මස Justice League of America නමින් මෙම ලීගය එලි දක්වනවා. ඒ වගේම එහි නැවත උපතක් සිද්ධ වෙනවා 2016 වසරේදී. DC Rebirth යටතේ. පසු කාලීනව ඇනිමේෂන් කතා මාලාවක් තුලින් පවා අපට මේ කණ්ඩයාම මුණ ගැහුනා. අවිවාදයෙන් කියන්න ඕනේ කොමික් ලෝකයේ ප්‍රසිද්ධම සුපිරිවීර කණ්ඩායම තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ඒක අද ඊයේ කොමික් බලන්න පටන් ගත්ත අයට ඇරෙන්න අනික් හැමෝම වගේ පිළිගන්න කාරණයක්.

එහෙනම් මම මේ කතාවට හැරෙන්නම්. මේ කතාව මීට කලින් මම උපසිරැසි සපයපු Batman V Superman: Dawn of Justice (2016) චිත්‍රපටය හා සම්බන්ධයි. එතනින් නිමා වූ පසු ඊලඟ ආරම්භය සනිටුහන් වන්නේ අද මේ උපසිරැසි ලබාදෙන Justice League (2017) චිත්‍රපටය සමගින්. කලින් චිත්‍රපටය ගැන අමතක නම් එහි සිදුවූ ලොකුම සිදුවීම තමයි සුපර්මෑන්ගේ අභාවය. ඩූම්ස්ඩේ හෙවත් ලෙක්ස් ලූතර් විසින් ක්‍රිප්ටන් ලෝකයෙන් පැමිණි ජෙනරාල් සොඩ්ගේ සිරුර යොදාගෙන නිර්මාණය කල රාක්ෂයාත් සමගම පෘතුවියෙන් ක්ලාක් කෙන්ට් සමු ගනු ලැබුවා. එහි අවසානය එසේ සනිටුහන් වනවිට ඉන් මූලාරම්භයක් ලබා දුන්නා කණ්ඩායමක වැදගත් කමක් ඉස්මතු කරමින්. අපිට දකින්න ලැබුනා වේගයෙන් එහෙ මෙහෙ යන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම මුහුද යට ජිවත් වෙන රණශූරයෙක් සහ රොබෝ සිරුරකට හිමිකම් කියන මිනිසෙක් ගැන. ඒ දේවල් දැනගන්න ලැබුනේ ලෙක්ස් ලූතර්ගේ පරිගණකය හරහා. වොන්ඩර් වුමන් ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. දැනටමත් එයාගේ වෙනම චිත්‍රපටයක් මගින් ලෝකයේම අවධානය දිනාගෙන අවසන්. ඉතින් එහෙම අවසන් උනා වගේම ලෙක්ස් ලූතර් හිරගෙදර ඉඳන් එක කාරණයක් කිව්වා. ඒ තමයි රාක්ෂයන් එන්නේ පොළවෙන් නෙමේ අහසෙන් කියලා. ඒ වගේම ඒ චිත්‍රපටය තුල මුලින් තිබු පසුව මකා දැමු එක දර්ශනයක් තිබුනා එහි සතියේ DC සිනමා විශ්වයේ ඉන්න ප්‍රභලතම සතුරෙක් වන ඩාක්සයිඩ් ගේ ජෙනරාල් කෙනෙක් වන ස්ටෙපන්වුල්ෆ්. මේ චිත්‍රපටයේ ඔබ දකින සතුරා වෙන්නේ එයාම තමයි. ඔහු එනවා පෘතුවියට. ඒත් ඒ එන්නේ මොකටද කියන කාරණේ මම දැන්ම කියන්නේ නැහැ. ඔහු තමයි මේ කණ්ඩායම එකතු කරන්න හේතුව වන පුද්ගලයා වෙන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මුලින් කලේ Zack Snyder විසින් පසු කාලීනව ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Joss Whedon ද සහයට පැමිණියා. සුපුරුදු පරිදි බැට්මෑන් චරිතය Ben Affleck විසිනුත් සුපර්මෑන් චරිතය Henry Cavill විසින් සහ Gal Gadot විසින් වොන්ඩර් වුමන් චරිතය රඟ දක්වනවා. මේ චිත්‍රපටය තුලින් අලුතෙන් තිදෙනෙක් මුණ ගැහෙනවා ඒ තමයි ෆ්ලෑෂ්, සයිබෝග් සහ ඇක්වාමෑන් කියනේ. පිලිවෙලින් ඒ චරිත සඳහා Ezra Miller, Ray Fisher සහ Jason Momoa යන නළුවන් විසින් රංගන දායකත්වය සපයනවා. ආදායම් ගැන දැනට මොකුත් කියන්න බැහැ මොකද මෙය තවතමත් ශාලා වල තිරගත වන චිත්‍රපටයක්.
ඒ වගේම චිත්‍රපටය ගැන ගොඩක් විවේචන එල්ල උනා. එව්වා බොහෝදුරට සාධාරණද නැතිද කියල මේ චිත්‍රපටය බැලුවට පස්සේ ඔයාලම තීරණය කරන්න. මගේ පුද්ගලික මතය සහ මේ චිත්‍රපටය තුල අන්තර්ගත කරන්න මුලින් රූගත කල එහෙත් පසුව ඉන් ඉවත් වූ දර්ශන ගැන මම බයිස්කෝප් මංසල තුලින් තවත් ලිපියකින් විස්තර ලබා දුන්නා. ඒ වගේම මුලින් මෙහි අධ්‍යක්ෂකවරයා වූ Zack Snyder චිත්‍රපටය අවසාන භාගයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් නිසා ඉන් සමුගෙන එහි භාරකාරත්වය ජොස් වේඩන් හට පැවරුනා. ඒ වනවිට අවසන් වී තිබුන මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු නැවත වරක් රූගත කිරීම් සිදු කලා වගේම චිත්‍රපටයේ මූලික කතා වස්තුව තරමක් වෙනස් කර තිබුනා. මුලින් පැය තුනකට ආසන්න කාලයක් තිරගත කරන්න නියමවූ චිත්‍රපටය පැය දෙකක් වගේ අඩු කාලයකට කෙටි කරන්න වෝනර් බ්‍රදර් සමාගමේ මුල් පුටු රත් කරන මොලේ ඇති මහත්වරු සමත් උනා. ඉතින් ඒ හැම දෙයක් සමගින් ජස්ටිස් ලීග් චිත්‍රපටය අද මේ වගේ තත්වයක තිබෙනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය!
වසර තුනක සිට රසිකයන් විසින් ඉල්ලා සිටි Justice League සිනමාපටයෙ Zack Snyder යටතේ නිර්මාණය වෙමින් පැවති සිනමාපටයෙ නිර්මාණ කටයුතු සම්පුර්ණ කර, 2021 වසරේදි HBO Max ස්ට්‍රිමින් සේවාව ඔස්සෙ නිකුත් කරන බවට නිවේදනය කලා.
– 2020-05-20

වසර තුනක සිට රසිකයන් විසින් ඉල්ලා සිටි Zack Snyder’s Justice League (2021) සිනමාපටය 2021 මාර්තු 18වන දින HBO Max ස්ට්‍රිමින් සේවාව ඔස්සෙ නිකුත් කරන ලදි.
– 2021-03-18

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි BR / WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
48,203 downloadsDownload Justice.League.2017.Baiscopelk.com_.zip172 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
298 comments
anuruddha
udara damith
අයියා නියමයි මනන් තව මස ගානක් නෙමෙයි අවුරුද්දක් හරි ඉන්නවා ඉවසගෙන
මේ අලුත් වැඩේ නම් නියමයි
ආයි අරව දෙන්ඩ ගත්තා එක නම් එලSasi
Justice League 2017 PROPER 720p HDRip KORSUB X264 HQ-CPG mekata wada hoda akak awith thiyanawada den
ishu91
thanx hashantha ayya..
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි හසා අයියේ.
හොද කොපියක් ආවම බලනවා.චතුෂ තුෂර කුමාර
ඉවසීමෙන් සැනසීම ලැබේ... ඔන්නොහේ හිත හදාගෙන ඉන්නවා හොඳ කොපියක් එනකල්... :D
Harshana
Sub ekata thanks
Ravindu Rukshan
thx
Malinda
hoda copiyak enakamma innawa. Thanks bro.
Sanjeewa kumara
Thanx bro
Nala
Sub ekata thanks bro.
Helili Hemamali
උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ!
lakshan
thankz bro
Pubudu404
බලන්නම ඕන ෆිල්ම් එකක් :)
Blu Ray එනකම්ම ඔහේ ඉන්නවා :3
පට්ට හසා :*mdlahiru
Mata dan sathiyaka indala sub ganna ba....poddak balannako....
Tharindu Lakmal
niyamai bro imanata dila ohoma karan yan
Dean
එලම අයියේ තෑන්ක්ස්
Kalana liyana arachchi
UpasirAsiyata thanks..... br enakan innawa eth,
11Sanjana
Tnx brother review 1th tnx..
wijenayaka nayana
thanks...sub ekanam ganne ne.BR copyyak enakal innava.tv series walata sub denna theeranaya kala ekanam godak hodai...thanks again..
bgiprasad
Mata sub download karanna be ekakwath. ai a?
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි හසා අයියේ උපසිරැසියට...
මේක ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
බ්ලූ රේ ආපුවාම තමයි ඉතින් මේක නම් බලන්නේ.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Tharindu_Rukshan_Perera
ස්තුතියි අයියා Bluray ආවම බලනවා
anangaya
supiri machn.sab enkn ude idn balan htye
Kasun Widusha
Tnx aiyee
තරිඳු රසාංග
ස්තුතියි හසා අයියේ.බ්ලු රේ එකක් එනකල්ම ඉඳලා බලනවා.ජයවේවා!
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraNuwantha Dulan
බොහොම ස්තූතියි හසන්ත සහෝ..
ජය!!!Lashane
ස්තුතියි සහෝ
Ashanherath
sub ekata thnkz
widuranga
elamaaa brooooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
TharakaWAS
This is good system.Thanks All of you guys.
Also Thanks about the sub bro.KP7
Thanks Bro
sandun
Thanks hasantha saho.... digatama jaragena yamu. Api hamadama oyalath ekka.... obata jaya.
GL Darshana Harsha Kumara
Elama Saho....
viraj harsha
thanksssss....balagena hitya film ekk...bluray aawama balamu..jaya wewa.. aith TV series walata sub dena ekanam niyamai.... api hemadama oyalath ekka innawa...
viraj harsha
peya 2ta adu una ekanam aparade...a unata kathawa lassana athi kiyla hithnawa
yohan
patta wadak tfs bro
kchl
elma machoo. thor ragnarok eke sub ekath diynko bn
Sameera Dias
sub download karanna ba..
denuwan siduranga
Elama Saho….
Randeepa Dias
බොහොම ඉස්තුතී බයිස්කෝප් team එකට ජය!
lahiru sadaruvan
THANK YOU so much aiye.... oya udau kre nethnam account eka hadaganna beri wenawa... thank you aiye...
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........ashan karannagoda
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට..
ජය වේවා..!!!!
බුදුසරණයි..!!!!!Dimuthu Nisansala
Thank you!!!
blackadmin
not page found kiyala vatenawane bn
Avindu Umesh Gunasinghe
Tnx..sub ekata..aiye!!
sajana
පට්ට
Dinesh
Thanks
Isuru
සබට බොහොම ස්තුති, මේක බලලා හොඳ කොපියක් අවම එකත් බලනවා. දිගටම කරගෙන යමු. ජය වේවා !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks Hasantha Ayya .Much Love